‘කොළඹදී බොරු කිව්වේ ආණ්ඩුවේ තර්ජන නිසා’

 

යුද්ධයේ අවසාන භාගයේ මුලතිව්හි සේවය කළ වෛද්‍ය ටී වර්ධරාජා, පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය කළ සමාන්තර රැුස්වීමකට සහභාගිවෙමින්, ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවේ සිටිද්දී තමා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එල්ටීටීඊයේ බලපෑම් ගැන කළ ප‍්‍රකාශ ආණ්ඩුවේ බලකිරීම හා තර්ජන මත ඔවුනට ඇති බිය නිසා කළ ඒවා බව කියා සිටියේය.

යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට ෂෙල් ප‍්‍රහාර එල්ල වීම සහ සාමාන්‍ය වැසියන් තුවාල ලැබීම පිළිබඳව අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන මෙන් කොටි සංවිධානය කිසිදු බලපෑමක් එල්ල තමන්ට නොකළ බව දොස්තර වර්ධරාජා එම සමාන්තර රැුස්වීමෙන් පසුව බීබීසීයට පවසා තිබේ.
‘මම හතරවෙනි තට්ටුවේ හිටපු කාලේ ආණ්ඩුව බලපෑම් කළා, බොරු කිව්වා කියලා කියන්න, නැත්නම් අවුරුදු තුන හතරක් ඔයාලා තියා ගන්නවා කියලා.’යි වෛද්‍යවරයා පවසා තිබේ. යළිත් වරක් රහස් පොලිසියේ පෙනීසිටින මෙන් සිය නිවසට ලිපියක් ලැබී තිබෙන බවද සඳහන් කළ ඔහු, තමාට පැමිණිය නොහැකි නම් තම නැගණියට හෝ පොලිසියට පැමිණෙන මෙන් එයින් දැනුම් දී ඇතැයිද සඳහන් කර තිබේ.

දොස්තර ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මොහොත දක්වාම යුද ගැටුම් කලාපයේ රෝගීන්ට ප‍්‍රතිකාර කළ රජයේ වෛද්‍යවරුන් අතලොස්ස අතරින් කෙනෙකි. ඔහු ඇතුළු වෛද්‍යවරු පස් දෙනෙක් මුලතිව්හි සිට ඒ දිනවල යුද පෙරමුණේ තත්ත්වය පිළිබඳව බීබීසී සංදේශය ඇතුළු ජනමාධ්‍යවලට නිරන්තරයෙන් තොරතුරු හෙළිකළහ.

යුද්ධයෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරු පිරිස මාස ගණනක් මුළුල්ලේ රජයේ භාරයේ රඳවාගනු ලැබූහ. අත්අඩංගුවේ සිටියදී 2009 ජුලි 08 වැනි දින ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය හමුවූ ඔවුහු සියලූ දෙනාම කියා සිටියෝ කොටි සංවිධානයේ තර්ජන හමුවේ ඒ අවස්ථාවේදී යුද පෙරමුණේ තත්ත්වය අතිශයෝක්තියෙන් හුවා දැක් වූ බවයි. ඉන් අනතුරුව ඔවුන්ට යළි සේවය කිරීමට අවසර ලැබිණ.

එහෙත් යුද්ධය සමයේ තමන් කිසිවක් අතිශයෝක්තියෙන් වාර්තා නොකළ බව ජිනීවා සාකච්ඡුාවෙන් අනතුරුව සංදේශයට කියා සිටි වෛද්‍යවරයා, තමන් හෙළිකළ කරුණු සත්‍ය බව එහි සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සේවකයන් පවා සනාථ කොට තිබෙන බවද සඳහන් කළේය.
‘අපිට දවසකට සීයකට වඩා තුවාල වෙච්ච අය එනවා. එල්ටීටීඊය එහෙම වැඩි කරන්න කිව්වේ නෑ. අපි වැඩිපුර කිව්වේත් නෑ. බෙහෙත්, කෑම ඔක්කොම දුන්නේ 80,000කට ඇතිවෙන්න. හැබැයි අර සිහි නැති කරන බෙහෙත්, ලේ දුන්නේම නෑ. ඒ හින්දා ලොකු, ලොකු තුවාල වෙච්ච කට්ටිය බෙහෙත් නැතිව, ප‍්‍රතිකාර නැතිව මැරිලා ගියා.’ යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම තමා සේවය කළ තාවකාලික රෝහල් ගණනාවකටම ෂෙල් ප‍්‍රහාර එල්ල වූ බව අවධාරණය කරන වෛද්‍ය වර්ධරාජා, යුද්ධයේ අවසාන මාස තුන ඇතුළත රතු කුරුසය විසින් බරපතළ තුවාල ලැබූවන් 9000ක් මුල්ලිවයික්කාල් සහ පුදුමාතලන් වැනි ප‍්‍රදේශවල සිට ත‍්‍රිකුණාමලය සහ වවුනියා ඇතුළු ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කළ අන්දමද සිහිපත් කළේය. ලක්ෂ තුනක සාමාන්‍ය වැසියන් පිරිසක් යුද කලාපයේ කොටු වී සිටියදී, එහි සිටින්නේ 80,000ක පිරිසක් පමණක් බව ආණ්ඩුව අවධාරණය කළ අන්දමද වෛද්‍යවරයා නැවතත් මතක් කළේය.

2009 වසරේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවේදී, වෛද්‍යවර්ධරාජාත්, තවත් රජයේ වෛද්‍යරයකුවූ වී සත්‍යමූර්ති මහතාත්, එල්ටීටීඊයේ වෛද්‍යවරුන්යැ’යි හඳුන්වාදුන් තිදෙනකුත් කොළඹදී මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් කියාසිටියේ මියගිය හා තුවාල ලද පුද්ගලයන් ගණන ගැන සහ රජයේ හමුදාවන්ගෙන් ෂෙල් ප‍්‍රහාර එල්ලවූවායැ’යි කියන ස්ථාන ගැන එල්ටීටීඊය දිනපතා තමන්ට සංඛ්‍යාලේඛන ගෙනැවිත් දුන් බවත්, ඒවා අතිශයෝක්තියෙන් යුක්ත වුවද එල්ටීටීඊ බලකිරීම මත විදෙස් මාධ්‍යවලට තමන් එම ගණන් ප‍්‍රකාශකළ බවත්ය. 60 දෙනකු මියගිය විට 1000ක් මියගිය බව කියන්නැ’යි එල්ටීටීඊය තමන්ට කී බවද ඔවුහු එහිදී කියා සිටියහ. 2009 ජනවාරි සිට මැයි දක්වා මියගිය සිවිල් වැසියන් ගණන 600ක්-700ක් පමණක් බවත්, සංඛ්‍යාලේඛන අතිශයෝක්තියට නංවා කීම ගැන තමන් කනගාටුවන බවත්, ආණ්ඩුවේ අත්අඩංගුවේදී පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහු තවදුරටත් කියාසිටියෝ්ය. එහෙත් දැන් වර්ධරාජා මහතා ඒ සියල්ල ආණ්ඩුවේ තර්ජන නිසා කී බව කියයි.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමාන්තර රැස්වීමකදී කිසිවකු නොසිතන පුද්ගලයකු ඉදිරියට විත් ලංකාවේ තත්ත්වය ගැන අදහස් පළකරනු ඇතැ’යි පසුගිය දිනවල ජිනීවා ආශි‍්‍රත ආරංචි මාර්ගවල සඳහන්වී තිබිණි. වෛද්‍යවර්ධරාජා එම කිසිවකු නොසිතන පුද්ගලයා වියහැකියැ’යිද ඒ ආරංචි මාර්ග කියයි.

රුකී- ප‍්‍රවින් ගැන ජිනීවාවලදීත්

රුකී (රුක්‍ෂාන්) ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේසන් පියනම අත්අඩංගුවට ගැනීම හා නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විශාල ආන්දෝලනයක් ලංකාව විසින් ලෝකය පුරා ඇතිකර තිබේ. මේ දිනවල ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදීද මේ සම්බන්ධයෙන් ලංකාවට එරෙහිව විශාල මතයක් ගොඩනැගුණු අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ජිනීවාහි ලංකාවේ නියෝජිතයන්ට සිදුවිය.
රුකී හා ප‍්‍රවීන් පියනම නිදහස් කරන ලද්දේ මාර්තු 18වැනිදා මධ්‍යම රාත‍්‍රියේදීය. ජිනීවාහි ලංකා නියෝජිත කාර්යාලය 18වැනිදා උදේ නිල නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ රුකී හා ප‍්‍රවීන් පියනම අත්අඩංගුවට ගන්නා ලද්දේ එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනගන්නන් සමග ඔවුන්ගේ ඇති සම්බන්ධය ගැන ප‍්‍රශ්න කරන්නට බවය.

ලංකා නියෝජිත කාර්යාලය නිකුත්කළ නිවේදනයේ මෙසේ දැක්වෙයි.

‘කේපී සෙල්වනායගම් හෙවත් ඒක්ඒ ගෝබි නමැත්තෙක් විදේශගතව සිට ලංකාවට පැමිණ පැරණි කාඩරයන් නැවත එකතුකරමින් එල්ටීටීඊය නැවත ගොඩනැගීමේ වෑයමක නිරතව සිටියි.

කිලිනොච්චි ධර්මපුරම්හිදී ඔහු අල්ලාගැනීමට කළ උත්සාහයකදී ගෝබි අත්අඩංගුවට පත්නොවී පොලිසියට වෙඩි තබා පලාගියේය. වැඩිදුරටත් පරීක්‍ෂාකිරීමේදී ත‍්‍රස්තක‍්‍රියා විමර්ශන ඒකකය (ටීඅයිඞී), ආයුධ සැඟවූ ස්ථානයක් සොයාගත්තේය. මෙම ආයුධ සම්බන්ධයෙන් හා ගෝබිගේ සැඟවීම සම්බන්ධයෙන් කරුණු සොයන පොලිසිය කිලිනොච්චියේ බාලේන්ද්‍රන් ජයකුමාරිගේ නිවසට ගියේය.

දියණිය ගත්තේ ආරක්‍ෂාවට

මේ නිවසේ බාලේන්ද්‍ර ජයකුමාරි හා ඇගේ 13 හැවිරිදි දියණිය විභූෂිකා සිටියහ. ගෝබි ආයුධ සහිතව පැනයෑමෙන් පසු මෙම නිවස පරීක්‍ෂාවට ලක්විය. එහි තිබී එෆ්3 වර්ගයේ බිම්බෝම්බ හඳුනාගන්නා උපකරණයක් හමුවිය. ඒ අනුව ගෝබිට අනුබල හා සහාය දීම පිළිබඳ සැකකොට ජෙයකුමාරි අත්අඩංගුවට ගන්නා ලදි. ඇගේ 13 හැවිරිදි දියණියට අවශ්‍ය රැුකවරණය සැපයීම සඳහා සුදුසු ඥාතියකු නොසිටි බැවින් දියණියද ඇය සමග රැුගෙන යන ලද අතර කිලිනොච්චි මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත්කරන ලදි. මහේස්ත‍්‍රාත් නියමය අනුව විභූෂිකා පරිවාස හා ළමාරක්‍ෂක භාරයට පමුණුවන ලදි.

16වැනිදා රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් පියනම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම, එල්ටීටීඊ ක‍්‍රියාකාරීන් එකතුකිරීම, ආයුධ සොයාගැනීම හා ගෝබි පොලිසියට වෙඩිතබා පැනයෑම යන ඉහත සිදුවීම්වලට සම්බන්ධ වන අතර, රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් පියනම කිලිනොච්චියේ සිටිමින් ගෝබිට සම්බන්ධ පුද්ගලයන් සමග සම්බන්ධකම් පැවැත්වූ බව පරීක්‍ෂණයන්ගෙන් හෙළිවී තිබේ. මේ වනවිට ගෝබි හා අනෙක් පුද්ගලයන් සොයාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරගෙන යනු ලැබේ. ඉහත කටයුතු ලංකාවේ පිළිගත් නීතිමය රාමුව තුළ නිසි ක‍්‍රියාදාමයට අනුව සිදුවෙයි.’
මේ නිවේදනය නිකුත්කළ දා රාත‍්‍රියේ රුකී හා ප‍්‍රවීන් පියනම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කිසිදු කොන්දේසියකට යටත් නොකොට මුළුමනින්ම නිදහස් කරන ලදි.

විදේශ අමාත්‍යාංශයේ බොරුව

නිදහස් කිරීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත්කරන ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ඔවුන් දෙදෙනා නිදහස් කරන ලද්දේ ඇප පිට බව ජාත්‍යන්තරයට කීවේය. කිසිවකු ඇප පිට නිදහස් කිරීම යනු තවදුරටත් නීති කෘත්‍යය සඳහා ඔවුන් කැඳවාගැනීම සහතික කිරීමට සුදුසු ඇපයක් මත නිදහස් කිරීමයි. එහෙත් අධිකරණය විසින් මේ දෙදෙන නිදහස් කළේ කිසිම ඇපයක්, කොන්දේසියක්. නැවත අධිකරණයට ඉදිරිපත්විය යුතුය යන සීමාවක් මත නොවේ. එවැන්නක් සඳහා ත‍්‍රස්තක‍්‍රියා විමර්ශන ඒකකයද අධිකරණයෙන් කිසිම ඉල්ලීමක් නොකළ බවද පරීක්‍ෂණ සියල්ල අවසන් බව ඔවුන් අධිකරණයට කී බවද දැනගන්නට තිබේ. එසේ තිබියදී විදේශ අමාත්‍යාංශය ලෝකයට බොරු කරමින් නිකුත් කළ නිවේදනය මෙසේය.

‘විමර්ශන පැවැත්වෙමින් තිබෙන එල්ටීටීය නැවත ගොඩනැගීමට සම්බන්ධ අපරාධ ස්ථානයක ගැවසීම නිසා 16වැනිදා අත්අඩංගුවට ගත් රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් පියනම 18වැනිදා මහෙස්ත‍්‍රාත්වරියට ඉදිරිපත්කිරීමෙන් පසු ඇප මත නිදහස් කරන ලදි. පරීක්‍ෂණ තවදුරටත් පැවැත්වෙයි. මෙම ක‍්‍රියාදාමයෙන් පැහැදිලි වන්නේ ත‍්‍රස්තවාදය නැවත හිසඑසවීම වැළැක්වීමට ආණ්ඩුව අවශ්‍ය සියලූ පියවර ගන්නා බවත්, රට තුළ නීතිය සහ විධානය සාධාරණව හා විනිවිද පෙනෙනසුලූ ආකාරයෙන් පවතින බවත්ය.’

විදේශ අමාත්‍යාංශ නිවේදනයක බොරු අඩංගුව තිබේ නම්, එය ලංකාව පමණක් නොව ලෝකයාම රැුවටීමකි. මේ විදේශ අමාත්‍යාංශ නිල නිවේදනයේ, ඇප මත නිදහස් කිරීම, පරීක්‍ෂණ තවදුරටත් පැවැත්වෙන බව, රට තුළ නීතිය හා විධානය සාධාරණව හා විනිවිද පෙනෙසුලූ ආකාරයෙන් පවතින බව කියන සියලූ වචන හා අදහස් සම්පූර්ණයෙන්ම බොරුය. පැය 48ක ?ඳවුම් නියෝගයක් යටතේ කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ දෙවැනි තට්ටුවේ ත‍්‍රස්තක‍්‍රියා විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන සිටි අත්අඩංගුවට ගත් දෙදෙන නිදහස් කරන තුරු ඔහුගේ නීතිඥයන්ටවත්, පවුලේ අයටවත් ඔවුන් හමුවන්නට අවස්ථාවක් ටීඅයිඩිය ලබාදුන්නේ නැත. මානව හිමිකම් කොමිසමට හා පියතුමන් දෙදෙනකුට පමණක් ඔවුන් හමුවීමට ලැබිණ.

මා ගැන ඔත්තු බලනවා

ඔත්තුකරුවන් ලවා තමාට හිරිහැර කරවමින් ව්‍යවස්ථා විරෝධීව තමාගේ මූලික අයිතිවාසිකම් ආණ්ඩුව විසින් උල්ලංඝනය කරනු ලැබ ඇතැ’යි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් කියයි. ‘ඔබ යටතේ සහ ඔබගේ සහෝදරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ යටතේ ඇති බුද්ධි සේවය විසින් දිගටම සිදුකරන ක‍්‍රියා අනුව නිරන්තරයෙන් මාගේ සියලූ දුරකථන සහ ඊමේල් පණිවුඩ හුවමාරු පිළිබඳ ඔත්තු බලයි. මාගේ හොරගොල්ල සහ කොළඹ නිවාස පිළිබඳවද නිරන්තරයෙන් ඔත්තු බලයි. මා හමුවීමට නිවසට පැමිණෙන මගේ මිතුරන් පසුපස ලූහුබැඳ මාගේ නිවසේදී කතා කෙළේ මොනවාද, හමුවූයේ කවුරුන්ද කියා විමසමින් ජාතික රහස් ඔත්තු සේවයේයැයි කියාගන්නා පුද්ගලයෝ මාගේ මිතුරන් අපහසුතාවට පත් කරති. මාගේ පුද්ගලික වැඩසටහනකට කිසියම් හෝටලයකට ගියද ඔත්තුකාරයන් එහි කළමනාකාරිත්වය හමුවී මා එහි ආවේ කුමටද, හමුවූයේ කවුරුන්ද, පැවැති වැඩ සටහන කුමක්දැයි විමසමින් හෝටල් කාර්ය මණ්ඩලය බියට පත් කරන නිසා මට හෝටලයක මගේ පුද්ගලික වැඩ සටහනක් හෝ සංවිධානය කර ගැනීමට පවා නොහැකි වී ඇත.මෙය මාගේ සම්භාෂණයේ සහ සංචරණයේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය මගේ මිතුරන්ට සහ මට දරුණු මානසික ආතතියක් ගෙනදීමට ඔබගේ ආණ්ඩුව සිතාමතා කරනු ලබන උපක‍්‍රමයකි. අපගේ ආණ්ඩුවේ සහ අපගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසකට මා හමුවීමටත් කතාකිරීමටත් එපා යැයි ඔබගේ වසර 8ක පාලන කාලය තුල ඔබ විසින්ම පුද්ගලිකව දන්වා ඇති නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇත්තේ ඔබගේ අනුදැනුම මතය. හිටපු ජනාධිපතිනිය වන මා වටකර ඇති ඔත්තු බැලීම නීති විරෝධී වේ. මේ නීති විරෝධී ඔත්තු බැලීම් වහාම නතර කරන ලෙස ඔබගේ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිමි.’’: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග