ජෙයකුමාරි පිළිබඳ අපූරු සිද්ධිය

 

පෙළපාලියකට ගිය පළියට අපිට සල කන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුළුවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලායි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ව මරපු එකක් කියලා. : වැලිවේරියේ පදිංචිකරුවෙක්

පින්තූරයක් ඔසවාගෙන සිටින ජෙයකුමාරි බොහෝ පින්තූරවල දකින්ට ලැබුණි. ලැමිනේට් කළ විශාල ප‍්‍රමාණයේ ඡුායාරූපයේ, ගැටවරයන් පිරිසක් ශාරීරික අභ්‍යාසවල යෙදෙමින් සිටිනු පෙනේ. හිටපු ළමා සොල්දාදුවකු වූ, ජෙයකුමාරිගේ බාලම පුතා එම ඡුායාරූපයේ ඉන්නා බව කියැවේ. මෙය, ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩපිළිවෙල පිළිබඳ ප‍්‍රසිද්ධියක් ලබා දීමට ආණ්ඩුවෙන් පළ කළ ඡුායාරූපයකි.

ජෙයකුමාරිගේ කතාව, ඇගේ දෙමළ ප‍්‍රජාවේ මහ කතාව සාරාංශයෙන් දැක්වීමකි. යුද්ධයෙන් මියගිය ඇගේ වැඩිමහල් පුතුන් දෙන්නා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ ස්වේච්ඡුාවෙනි. දරුස්මාන් වාර්තාවේ ලියා තිබූ පරිදි, ‘‘පැහැදිලිවම පරාජය වෙමින් තිබුණු යුද්ධයක් පවත්වාගෙන යෑමටත්… සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ආරක්ෂා කර ගැනීමටත් ගෙන ගිය යුද්ධයේ’’ අවසාන භාගයේ දී, ඇගේ බාලම පුතා එල්ටීටීඊ සංවිධානයට බඳවාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ඒ අවසාන මිනීමරු ව්‍යායාමයෙන් දිවි ගලවා ගත් ඔහු, ආපසු සිය පවුල වෙත ගොස් තිබේ. ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීමකට කන්දුන් ජෙයකුමාරි, සිය බාලම පුතා හමුදාවට භාර කළාය. ඉහත කී පින්තූරයේ දැක්වෙන පරිදි, ලංකාණ්ඩු වෙන් ‘පුනරුත්ථානය’ කළ එම දරුවා අද අතුරුදහන්ව සිටී.

ජෙයකුමාරි ප‍්‍රසිද්ධියට පැමිණියේත්, ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානයට යොමුවුණේත් එලෙසිනි. ඇය එල්.එල්.ආර්.සී. (උගත් පාඩම් හා සංහිඳියා කොමිසම* ඉදිරියට ගියාය. මහජන විරෝධතා ව්‍යාපාරවලට සහභාගි වූවාය. දේශපාලනඥයන් හමුවූවාය. සම්මුඛ සාකච්ඡුා දුන්නාය. යුද්ධයෙන් පසුව සිය පුතා ජීවත්ව සිටි බවට සාක්ෂි ඈට ඇත. පුතා ආණ්ඩුවට භාර දුන් බවට සාක්ෂි ඈට ඇත. අතුරුදහන් වන අවස්ථාවේ ඔහු සිටියේ රජය භාරයේ බවට සාක්ෂි ඈට ඇත. එම සාක්ෂි, එංගලන්තයේ චැනල් 4 වෙතින් ඈට ලැබුණු සාක්ෂි නොව, ලංකාවේ ආණ්ඩුව විසින්ම සපයන ලද සාක්ෂි ය. එක් වාර්තාවක් පෙන්වා දෙන පරිදි: ‘‘ආණ්ඩුවට එරෙහිව ඈට බරපතළ නඩුවක් තිබේ. මන්ද යත්, සටන්කරුවන් පුනරුත්ථා පනය කිරීමට අදාළව ආණ්ඩුව මගින්ම ප‍්‍රකාශයට පත්කළ එක් ඡුායාරූපයක ඇගේ පුතා ද සිටි බැවිනි’’

හමුදා භාරයට පත්කළ ඇගේ පුතා දැන් මියගොසින් නම්, යුද්ධයෙන් පසුවත් යුද අපරාධ සිදු වී ඇති බවට එයම සාක්ෂියකි.
මේ නිසා ජෙයකුමාරි ගැනත්, ඇගේ නැති වූ පුතා ගැන ඈ ගෙන යන ප‍්‍රසිද්ධ උද්ඝෝෂණ ගැනත් කලබල වීමට සෑම හේතුවක්ම ආණ්ඩුවට තිබේ.
යුක්තිය පතා මහා සටනක් කළ, පසුගිය සතියේ මියගිය, ටෝනි බෙන් වරක් මෙසේ කීවේය: ‘‘මිනිසුන් පාලනය කරන ක‍්‍රම දෙකක් තියෙනවා කියලා මං හිතනවා. මුලින්ම, මිනිසුන්ව බිය ගැන්වීම. ඊළඟට, ඔවුන්ගේ ධෛර්ය බිඳීම.’’ මේ ක‍්‍රමවේද දෙක, බොහෝ විට, එකිනෙකට සහසම්බන්ධී ය. බියට පත් මිනිස්සු, බොහෝ විට, චිත්ත ධෛර්යයෙන් වෑරෙති. ප‍්‍රසිද්ධ අරගලවලින් ඈත් වී, තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නට ඔවුන් තුළ ඇති වන නැමියාව වැඩි ය. ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීම, ඇය වැනිම සිය නෑසියන් නැති වූ තවත් පවුල්, අරගල මාවතින් ඈත් කර තැබීමට පාලකයන්ට ප‍්‍රයෝජනවත් වනු ඇත.
ඇය කොටි හිතවාදී සැකකරුවකුට රැුකවරණය සැපයූ බවත්, බිම් බෝම්බ අනාවරකයක් (මයින් ඩිටෙක්ටර්* තබාගෙන සිටි බවත්, ආණ්ඩුව කියයි. වැලිවේරියේ සාමකාමී හමුදාවට සාහසික විරෝධතාකරුවන් පහර දුන් බව කීවේත් එම ආණ්ඩුවම ය: ‘‘එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසේකර ප‍්‍රකාශ කොට සිටියේ, හමුදාව සහ පොලීසියට මුගුරුවලින්, වැලි බෝතල්වලින් සහ පෙට‍්‍රල් බෝම්බවලින් මුලින් පහර දුන්නේ ගම්මුන් මිස, පොලිසිය හෝ හමුදාව නොවන බවයි.’’

වැලිවේරියේ විරෝධතා කරුවන් ත‍්‍රස්තවාදීන් වශයෙන් හංවඩු ගැසීමට ආණ්ඩුව ගත් ප‍්‍රයත්නය සාර්ථක නොවුණේ, වැලිවේරිය පිහිටියේ සිංහල දකුණේ වන නිසා ය. එහි දී ආණ්ඩුවේ පදේට නටන්නට මාධ්‍ය කැමති නොවුණු නිසා ය. එවැනි සක්සුදක් සේ පෙනෙන සාක්ෂි ඉදිරියේ පවා, පිරිසුදු පානීය ජලය ඉල්ලා සාධාරණ උද්ඝෝෂණයකට පිළිපන් එම ජනතාව, ජාතිවිරෝධී කුමන්ත‍්‍රණකරුවන් සේ පින්තාරු කිරීම ආණ්ඩුව නතර කෙළේ නැත. මේ මැතිවරණ සමය ආරම්භයේ ජනාධිපතිවරයාමත් එම මහ බොරුව ප‍්‍රතිරාව කෙළේය: ‘‘කර්මාන්ත ශාලා ඉවත් කරවන්න මිනිස්සුන්ව උසිගන්නලා, රටේ ආර්ථිකය විනාශ කරවන්න ඇතැම් කොටස් සූක්ෂ්ම ව්‍යාපාරයක් ගෙනිච්චා’’

එවැනි ආණ්ඩුවක් දෙමළ විරෝධතාකාරියක අත්අඩංගුවට ගෙන, ඇයට ත‍්‍රස්තවාදී ලේබලය ඇලවීමට පස්ස ගහයි ද?

වැලිවේරිය සහ කිලිනොච්චිය

වැලිවේරියේ දී ඝාතනය කෙරුණු, 17 වියැති, අකිල දිනේෂ්, ‘හමුදාව ඔහු පස්සෙන් පන්නා වෙඩි තබන විට සිටියේ මහ පාරෙන් මීටර් 200 ක් පමණ ඈතිනි… අකිල පස්සෙන් පන්නන අතරේ, තමන්ගේ ‘වීර’ ක‍්‍රියා සටහන් වෙතැ යි සැකෙන්, ඒ අසල නිවෙසක සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවක් ද හමුදාවෙන් කුඩුපට්ටම් කෙරුණි… පාරේ ලයිට්වලටත් වෙඩි තැබූ ඔවුහු, හතර වටේට වෙඩි තබමින් මිනිසුන්ව පළවා හැරියෝය.’ කෙසේ වෙතත්, දේශද්‍රෝහී ලේබලය අකිලට ඇලවුණේ නැත. මන්ද යත්, ඔහු සිංහලයෙකු වූ බැවිනි. වෙඩි තැබීම සිදුවුණේ කොළඹට සැතපුම් කිහිපයක් ආසන්නයේ වූ බැවිනි.

ජෙයකුමාරි මහත්මිය, ජන්මෙන් දෙමළ ය. ජීවත් වන්නේ, කොළඹින් බොහෝ ඈතිනි. තත්ත්වාකාරයෙන් ගත් විට, හමුදාව වාඩිලා ගත් ප‍්‍රදේශයක් වන නිසා, දකුණේ/ජාත්‍යන්තරයේ මාධ්‍යයට එහි කටයුතු ආවරණය කිරීම දුෂ්කර ය. එවැනි බාධක සහිත පරිසරයක, ඇත්ත සහ බොරුව ඉතා පහසුවෙන් එකිනෙකට හුවමාරු වෙයි. හමුදා ක‍්‍රියාන්විතයක දී සේ ඇගේ ගම හතරවටින් වටලෑමට හමුදාවට සහ පොලීසියට පහසුවෙන්ම පුළුවන. ඇය සහ ඇගේ කුඩා දියණියගෙන් පැය ගණන් ප‍්‍රශ්න කරන්නට පුළුවන. මහ රෑම මහේස්ත‍්‍රාත්වරයෙකු ළඟට ඉදිරිපත් කොට, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ අත්අඩංගුවට ගන්නට පුළුවන. බාහිර ලෝකයාට අවතීර්ණ විය නොහැකි බූස්ස කඳවුරේ ඇය ගාල් කරන්නට පුළුවන. ඇය ගැන හෝ ඇගේ කුඩා දියණිය ගැන, ආරක්ෂක බලධාරීන් ඈට කී දෙයකට වැඩි දෙයක්, දැනගන්නට ක‍්‍රමයක් අද ලෝකයාට නැත.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය සහ එම රාජ්‍යය අරක්ගෙන සිටින චණ්ඩි හමුදාවට නිභයව මුහුණදුන්නේ, ජෙයකුමාරි නැමැති එම මාතාවයි. එම මාතෘ පේ‍්‍රමයම, ඇය නිහඬ කැරැුවීමටත් පාවිච්චි කළ හැකිය. ඇගේ පුතා ‘අතුරුදහන්’ කැරැුවූ හමුදා භාරයටම, දැන් ජීවතුන් අතර සිටින (ඉතා මෑතක දී වැඩිවිය පත්) ඇගේ එකම දියණියත් පත්ව සිටීම ඊට හේතුවයි. (බියට පත් එම දියණිය අම්මා ඉල්ලා යාදින්නී යැයි වාර්තා වෙයි). සමහර විට, දුවගේ ආරක්ෂාවට හිලව්වක් සේ, අම්මා ලවා තමාමත්, තමාගේ අනිකුත් උද්ඝෝෂකයනුත් මොකකට හෝ පටලැවීමට, යමෙකු කල්පනා කළා විය හැකිය.

ජිනීවාට ගැළපෙන තොවිලයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, ශ‍්‍රී ලංකාව පිළිබඳ ඇගේ අලූත්ම වාර්තාවෙන් මෙසේ කියයි: ‘‘..සිදුවී යැයි කියන යුද අපරාධ හෝ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධ යෙන් දැනට අත්අඩංගුවේ පසුවන කිසි එල්ටීටීඊ සැකකරුවෙකුට විරුද්ධව ආණ්ඩුව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන නැත.’’ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැන් ජෙයකුමාරි අත්අඩංගුවේ තබාගන්නා රාජපක්ෂ ආණ්ඩුව, මේ තාක් අත්අඩංගුවේ පසුවන එකම කොටි සාමාජිකයකුට එරෙහිව හෝ නඩු පවරා නැත. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගෙන් පසු අනුප‍්‍රාප්තික නායකයා වීමට සිටි පුද්ගලයා නිදහස් කෙළේ ද එම ආණ්ඩුවමයි. ඒ වෙන කිසිවක් නිසා නොව, ‘හිරු දෙවියන්ට’ පෑ පක්ෂපාතීත්වය, දැන් සිංහල ‘මහරජාණන්ට’ දැක්වීමට ඔහු කැමැත්ත පළ කිරීම නිසා ය.
2010 ජනවාරි මාසයේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ගණන් කෙරෙමින් තිබියදීම, ජෙනරාල් සරත් පොන්සේකා සහ විපක්ෂ නායකයන් සිටි කොළඹ හෝටලයක්, හමුදා ශෛලියෙන්ම වට කෙරුණි. එම දීර්ඝ වටලෑමෙන් පසු, ජනාධිපති අපේක්ෂකයාගේ ආරක්ෂාව සඳහා නීතියෙන්ම පත්කොට සිටි හමුදා සෙබළුන්ගේ දෑත්වලට මාංචු දමා, මහපාරේ දණගස්සවා, හිරේට දක්කන් ගියේ, ‘ත‍්‍රස්තවාදීන්’ පිරිසක් මෙනි. යුද්ධයක් ජයගත් හමුදාපතිවරයකුට යුද්ධාව සානයෙන් සති කිහිපයක් තුළ එවැන්නක් කළ පාලන තන්ත‍්‍රයකට, වෙනස් අදහස් දරන දෙමළ කාන්තාවක අත්අඩංගුවට ගෙන, ඇගේම කුඩා දියණියගේ ආරක්ෂාවේ පරදුව පෙන්නා ඇගේ චිත්ත ධෛර්ය සිඳලීමට කොහොමත් පුළුවන.

දැයට කිරුළේ තිබූ හමුදාපතිවරුන්ගේ නාම ලේඛනයෙන් සරත් පොන්සේකාගේ නම ඉවත් කළ පිරිසකට, දෙමළ කාන්තාවකට ත‍්‍රස්තවාදී ලේබලය ඇලවීමත් මහ කජ්ජක් ද?

‘මානව ක‍්‍රියාන්විතයේ’ පුංචි රසයක්, දකුණේ සිංහලයාට වැලිවේරියේ දී ලැබුණි: ඒ ආකාරයෙන්ම, ජෙයකුමාරිට අද පමුණුවන තාඩනපීඩන, දකුණේ විසම්මුතිකයන්ගේ (වෙනස් මත දරන්නන්ගේ) අනාගත දෛවය කියාපාන්නකි.

වික‍්‍රමයක් නොවූ අවසානයකින් කෙළවර වූ ඊලාම් යුද්ධය, කොටි නායකයන් සිය අනුගාමිකයන්ට සහ සිය ප‍්‍රජාවට ද්‍රෝහී වීම සනිටුහන් කෙළේය. රාජපක්ෂලා අද කරන්නේත්, ස්වකීය බලකාමයට ශ‍්‍රී ලංකාව කැප කිරීමකි. ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇගේ දියණියගේ වර්තමාන අබග්ගය, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අසාර්ථක අරගලයේ සහ රාජපක්ෂලාගේ අසාර්ථක සාමයේ සංකේතයකි.)

(පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)