දෙලොවක් අතර මලක්කාව

 

අපි මේ ගමන ජේබ්වලට නොවෙයි මලක්කාවලට යමු. මගේ යාළුවෙක් කියනවා. ජේබ් නැත්නම් ජෙහාර් බහාරු නගරය කියන්නේ මැලේසියාවේ සිංගප්පූරුවේ පිවිසුමට සමීපතම නගරය. අපි හැම මාසෙකම වගේ විශේෂ වැඩක් නොතිබුණා නම් නිවාඩුවට ජෙහාර් බහාරුවලට යනවා. ඒක පුරුද්දක්. ඒ අතපය දිග ඇරලා විනෝද වෙන්න. නැත්නම් මලක් පූජා කරන්න. සිංගප්පූරුවේදී මල් පූජාකරන වැඬේ කරන්න හරිම අමාරුයි. ඒකට හොඳම ක‍්‍රමය දේශ සීමා පැනලා මැලේසියාවේ ජේබ්වලට යන එක. ඒක ආරක්ෂිතයි. ජේබ්වලට යන්නැතුව මලක්කාවට යන්න අපි කතාකර ගත්තේ අපි හැමෝම නිතරම මුණ ගැහෙන තැනදී. ලෝක සිතියමේ මතකයට පස්සේ මලක්කාව ගැන මගේ මතකය අලූතින් ලියවෙන්නේ මේ විදියට.

නිතරම මුණ ගැසෙන තැන

සිංගප්පූරුවට ගිහින් ඉන්න ලංකාවේ ඉන්දියාවේ ගොඩක් ශිෂ්‍යයෝ මෙතනට එනවා. මේ ළ`ගින්ම බෝඩිම් හවුස් කුළියට ගන්නවා. මේ තැන තමයි ජලන් බූකීම් මීරාවල තියෙන මහරාජාගේ සික් පන්සල. සිංගප්පූරුවේ සීක් පන්සල්වලින් ප‍්‍රධාන සහ විශාලම එක මේක කියල තමයි හැමෝම කියන්නේ. ඉන්දියාවේ මහරාජ වරයෙක් එයාගේ මුළු බූදලයම මේකේ කටයුතුවලට හරවලා තියෙන්නේ. ඉතින් මෙයාල මෙතනට එන හැමෝටම තුන්වේල කන්න දෙනවා සතයක්වත් නැතුව. හැබැයි ඉතින් මාංශ ආහාර මොනවත්ම නැහැ. ගොඩක් දවසට තියෙන්නේ බත්, මුං ඇට හොද්ද සමග. නැත්නම් රොටි. හැබැයි සතියේ පූජාව තියෙන දවසට එයාලගේ වාර්ෂික වෙසක් උත්සව කාලෙට හැදෙන මෙනු එක සුපිරි බත්, කිරි වලින් පටන් අරගෙන ඉන්දියාවේ තියෙන සුමියුරු රස කැවිලිවලින් ඒක කෙළවර වෙනවා. ඒ කොහොම වුණත් හැමදාම හැම කෑම වේලකට පස්සෙම එයාල පලතුරක් එක්ක කිරි තේ එකක් දෙනවාමයි. ඉතින් මේ දන්සල නිසා ජලන් බුකිම් මීරා, බුකිම් මිරා පැත්තේ තමයි ගොඩක් ලාංකික ඉන්දියානු ශිෂ්‍යයන් නවාතැන් ගන්නේ. ඔවුන් මෙතනින් තුන්වෙල කාල හම්බ කරන සල්ලි ඉතුරුකර ගන්නවා.

ඞී.ජේ කලාව

මෙහෙම සල්ලි ඉතුරු කරන්න, මැලේසියාව පැත්තේ මාසයකට සැරයක් රෝන්දේ ගහන්න, ගෙදරට යවන්න විදෙස් ශිෂ්‍යයන්ට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? නන් යැං පොලි ටෙක්නික්ස් වගේ විශ්වවිද්‍යාල කිහිපයක ඉගෙන ගන්න අයට ඇරෙන්න මෙහෙට එන විදෙස් සිසුන්ට අමතර ජොබ් තහනම්. එහෙම කරලා අහුවුණොත් ශිෂ්‍ය වීසා එක අවලංගු කරනවා. නැත්නම් දීර්ඝ කරන් නැතුව ඉන්නවා. මේ හින්දා අමතර රස්සාව අමතර අවදානමක් ජීවිතයට අරගෙන එනවා. ඒත් ඒ අමතර අවදානම අඩුකරගෙන ජීවිතය ගැටගහ ගන්න ඞී.ජේ කලාව උදව් වෙනවා. මුලින්ම මටත් ඞී.ජේ ගහන්න යන්න කතා කළාම මම දන්නේ නැති නිසා බෑ කිව්වා. පුරුදු වෙමු කිව්වහම හා කිව්වා. මොකද ඞී.ජේ කියන්නේ ලෝකයේ නම ගිය කලාවකට නේ. ඞීජේ ආර්ටිස් කෙනෙක් වෙන්න තියෙනවා නම් මොනතරම් වාසනාවක්ද? හැබැයි සිංගප්පූරුවේදී ශිෂ්‍යයෝ ගහන ඞී.ජේයි අර කිපපු ඞී.ජේයි අහසයි පොළවයි වගේ. ඒක මට තේරුණේ කෙමිකල්වලට අත්ල හම යන්න වුණාම. මෙහෙ ඞී.ජේ කියල කියන්නේ ඩිස්වොෂ් කියන රැුකියාවට සිංහලෙන්ම කියනවානම් පි`ගන් සේදිල්ලට. ඒකත් ලේසි නැහැ. සීයක් විතර රෙස්ටුරන්ට් එකේ එකට වාඩිවෙලා එකට නැගිටලා යනකොට ඩිෂ් වොෂස්ලට තරු පේනවා. එයාල එතකොට ජන්ගල් ගහනවා. ජන්ගල් ගහනවා කියන්නේ පිගානේ ඒ පැත්ත මේ පැත්තට ටැප් එකට අල්ලලා මැෂින් එකට දාන එකට. නැත්නම් ඉතින් හොඳට කෙමිකල් ගාලා සෝදලානේ මැෂිමට දාන්න ඕන. මුලින්ම ශිෂ්‍යයෝ මේ රස්සාවට සෙට් වෙනකොට එයාලට සකේ සුසී වගේ අවන්හලක් හම්බවුණොත් සොරිම තමා. සමහර අය පි`ගානටත් නොකියා පෑල දොරින් පැනලා යනවා. ඒ වේලාවට ජොබ් පන්ගාත්තු කළ ඒජන්ට් ඇවිල්ලා ඩිස් වොෂ් එක ගැහැව්වේ නැත්නම් කොන්ත‍්‍රාත්තුව ඉවරයි. කව්ද මාසෙට ඩොලර් 10000ක් විතර නැතිකර ගන්න කැමති. ඉතින් ටයි කෝට් ගලවලා ඩිස් එක ගහන අයත් ඉන්නවා. ගොඩක් මේ කොන්ත‍්‍රාත්තු ගන්නේ දකුණු ඉන්දීය සම්භවයක් තියෙන අය. එයාල ඕන දේකට ඕකේ තමයි.

ලිට්ල් ඉන්දියා

මම තියම්බාරුවලින් කොළපාට පාරේ ඔට්ටරම් පාක්වලට ඇවිත් එතනින් දම්පාට පාරේ ලිට්ල් ඉන්දියාවලට එනවා. මේ කොළපාට පාර කියලා කියන්නේ ඊස්ට් වෙස්ට් කොම්බිපාරට එතකොට දම්පාට පාර කියලා කියන්නේ නෝර්ත් ඊස්ට් කොම්බිපාරට. එයාල එයාලගේ කෝච්චි පාරවල්වලට එක එක වර්ණ දීලා තමයි ඒව සිතියම් ගත කරලා තියෙන්නේ.

ලිට්ල් ඉන්දියා කියන්නේ සිංගප්පූරුවල තියෙන ඉන්දියාවට. ගොඩක් ඉන්නේ ඉන්දියන් සම්භවයක් තියෙන අය. ඒ අය අතරිනුත් දකුණු ඉන්දියාවේ දෙමළ උදවිය ගොඩක් වැඩියි. යටත්විජිත අවදියේ ඉන්දියන් කට්ටිය ව්‍යාප්ත්තිය වැඩි වුණා කියලත් කියනවා. සිංගප්පූරු කට්ටිය සංවර්ධනයේදී කම්කරුවෝ විදියට වැඩට ආපු අය කියලත් කියනවා. සිංගප්පූරුවේ අනිත් කුඩා නගරත් එක්ක බලනකොට ලිට්ල් ඉන්දියා ගොඩක් වෙනස්. අනික් තැන්වලදී මිනිස්සු පාර පනින්න සුදු ඉරක් සොයාගෙන යනවා. මේ නගරයේ ඒ නීතිය නැහැ වගේ. හරක් වගේ ගාල කඩාගෙන පාර පනිනවා. සිංගප්පූරුවේ තියෙන මාෆියා සේරම කි‍්‍රයාත්මක වෙන්නේ ලිට්ල් ඉන්දියාවල ඉඳල කියල කිව්වොත් ඒක මාර ඇත්ත.

මැලේසියා ගමන ලෑස්තියි

කතා කර ගත්ත විදියටම අපි ටෙකා මාර්කට් එකේදී හමු වුණා. අපේ මුල්ම ගමනාන්තය ජේ.බී නැත්නම් මැලේසියාවේ ප‍්‍රධාන නගරයක් වෙන ජෙහාර් බහාරු. අපි 170 අංක හය තියෙන බස් රථයක් ගත යුතුයි. ශිෂ්‍ය වීසා පත‍්‍රයට මල්ටිපල් වීසා ගන්න එක කිරි කජු වගේ නිසා මැලේසියාවට යන එන එකත් කිරි කජු කනවා වගේ තමයි.

ජොහාර් බහාරු (ජේ.බි)

සිංගප්පූරුවට උතුරින් මැලේසියාවට දකුණින් තියෙන මේ නගරය ගොඩනැගීමේ ඉතිහාසය 1855 වගේ තමයි පටන් ගන්නේ. මේ නගරයත් මුලින් ඉතාමත් කුඩා ධීවර නගරයක් විදිහට තමයි පැවතිලා තියෙන්නේ. සිංගප්පූරුවෙන් පිටවෙලා මැලේසියාවට ආවට පස්සේ මැලේසියාවේදි අපිට මුණ ගැසෙන මුල්ම නගරය. හැමදෙයක්ම තියෙනවා. මැලේසියාවේ රිගිට් එකයි සිංගප්පූරු ඩොලර් එකයි අතර පරතරය ටිකක් වැඩි නිසා සිංගප්පූරු ඩොලර් ටිකක් සාක්කුවට දාගෙන මැලේසියාවට ගොඩ බැස්ස අපිත් ඉතින් සුද්දෝ වගේ තමයි. සිංගප්පූරුවේදි පගා කොමිස් අතයට ගනුදෙනු ඒ මොකවත් නැහැ. ඒව දෙන්න ගියොත් දුන්න එකයි ගත්ත එකයි දෙන්නම කූඩුවේ තමයි බත් කන්න වෙන්නේ. ඒත් මැලේසියාවේ එහෙම නැහැ. මැලේසියාවට ඇතුළු වෙන තැන ආගමන විගමන නිලධාරියා පාර්ස්පෝට් එක අතේ තියාගෙන ටිකක් කැරකැවෙනවා නම් එයාට ඩොලර් 50ක් විතර අතේ තියන්නම වෙනවා. ලංකාව වගේම තමයි මැලේසියාව. දෙවැනි ලෝක යුද්ධය කියන්නේ ජොහාර බහාරු පැරැුන්නන්ට අමිහිරි අත්දැකීමක්. 1942 අවුරුද්දේ වගේ ජපන් හමුදාව ජොහාර්වලට එනවා. කරන විනාශය ගොඩක් වැඩියි. පස්සේ කාලේ මැලේසියාවේ පටන් ගත්ත ජාතික ව්‍යාපාරයක් එක කේන්ද්‍රයක් තමයි මේ ජේ.බී නගරය. ජේබ් නගරය ඉක්මණින් සංවර්ධනය වෙන්නේ සිංගප්පූරුව නිසා තමයි කියලයි කියන්නේ. සිංගප්පූරුවේ වැඩකරන මැලේවරු ගොඩක් ඉන්නේ ජේ.බීවල.

මලක්කාව

දැන් අපි මලක්කවේ ඉන්නේ. පැරණි කුලූනු, කුරුස, පල්ලි අතරින් මලක්කාව සොයමු. මලක්කාවට සෑහෙන්න දුර ඉතිහාසයක් තියෙනවා. මුලින්ම මලක්කාව ගැන අපි දන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය නිසා. ඈත පෙරදිගයි මෑත පෙරදිගයි යා වෙන්නේ මේ මලක්කාවෙන්. මලක්කාවේ ඉතිහාසයේ වැඩි බරක් උස්සගෙන ඉන්නේ යටත්විජිත උරුමය. හරියටම ඉන්දියාවේ ගෝව නගරය වගේ.

මලක්කා වරාය, අතීතයේ ඉඳලම නාවික ගමනාගමනයේ කේන්ද්‍රයක්. සුල්තාන්වරු මලක්කාව පාලනය කරන කාලේ ඉඳල 1956 ඉංගී‍්‍රසීන්ගෙන් නිදහස ගන්න නම් මැලේසියාවේ ප‍්‍රධාන වරාය නගරය මලක්කාව. අපි පසු කළ ජොහාර් බාහාරු නගරය වගේම මලක්කාවත් අතීතයේදී කුඩා ධීවර ගම්මානයක්. මලක්කාවේ ඉතිහාසය ගැන ලියන විකිපීඩියාව මලක්කා ඉතිහාසය ගැන පවතින මේ ජනප‍්‍රවාදය සනාථ කරනවා.

1400 අවුරුද්දේදී විතර සිංගප්පූරුවේ රජකම් කළ ශී‍්‍ර විජය පරපුරේ පරමේශ්වර කියන රජ, සතුරු ආක‍්‍රමණයක් නිසා මලක්කාවට පැමිණෙනවා. ඔහු එන්නේ සිංගප්පූරුව අතහැරලා. එහෙම ආපු මේ රජතුමා මේ කුඩා ධීවර ගම්මානයේ විඩා නිවමින් ඉන්න කොට පරමේශ්වරගේ ආරක්ෂාවට හිටපු බල්ලෙක් කොහෙදෝ ඉඳලා ආපු මීමින්නෙක් කොටුකර ගත්තාය කියනවානේ. අවසානයේ බල්ලා මීමින්නාට පරාද වෙනවා. දුර්වලයකු ප‍්‍රබලයකු පරදවා ජය ගත්ත මේ තැන රාජධානියකට ගැලපෙනවා කියලා පරමේශ්වර මෙතන එයාගේ රාජ්‍ය ස්ථාපනය කරනවා. පරමේශ්වර මෙලකා ගසක් යට විඩා නිවපු නිසා මෙලකා මලක්කා වුණා කියනවා. එහෙමත් නැත්නම් මාලක්කා කියන දෙමළ වචනයෙන් මලක්කා හැදුණා කියලත් කියනවා. මාලක්කා කියන දෙමළ වදනේ තේරුම තමයි උඩ යට මාරු වීම කියන එක. දුබලයාට ප‍්‍රබලයා යට වීම වගේ තේරුමකුත් ඒකේ තියෙනවා.

පස්සේ පරමේශ්වර මලක්කා ධීවර වරාය වරායක් විදිහට දියුණු කරනවා. ඊටත් පස්සේ පරමේශ්වර පර්සියානු කුමරියක අවාහ කර ගෙන ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා. ඒ විතරක් නොවෙයි පර්සියාවේ පාවිච්චි කරන ආ කියන නාමයත් පාවිච්චි කරනවා. පරමේශ්වර එතන ඉඳලා ආ සුල්තාන්වරයා වෙනවා. ඔහුගේ රාජ්‍යය ඉස්ලාම් වෙනවා. මලක්කාව විතරක් නොවෙයි අද මුළු මැලේසියාවේ බහුතරය ඉස්ලාම්. 1511 පෘතුගීසින් මලක්කාව තමන් සන්තකයට ගන්නකම්ම මලක්කාව පාලනය කළේ සුල්තාන් පරපුරේ රජවරුම තමයි. මෙයාල හැමෝටම චීන්නුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණ. මින් පරපුරේ රජවරු මලක්කාවට යුද ආධාර පවා ලබාදෙනවා. සුල්තාන් මන්සූන් විවාහ වෙන්නෙත් මින්පරපුරේ රාජකුමාරියක් සමග. මේ නිසාම යටත් විජිත ඉතිහාසය පටන් ගන්න කලින් මලක්කාව ගැන ලියවෙන ඉතිහාසයෙන් ලොකුම කොටසක් චීනයට චීන ජනතාවට වෙන් වෙනවා. අද විචිත‍්‍ර මලක්කා සංස්කෘතියට එදා ඉඳලා සංක‍්‍රමණය වෙච්ච මේ චින ජනතාවට ලස්සන පැහැයක් එකතු කරනවා.

පෙරනකන්

පෙරනකන් කියල කියන්නේ මලක්කාවේ ඉන්න ආදී චීන සංක‍්‍රමණික ප‍්‍රජාවගෙන් පැවතගෙන එන කට්ටියට. අතීතයේ මුලින් කියපු විදියට චීන අධිරාජ්‍යයට මලයාව,ජාවා වගේ මේ රාජ්‍යයන් සමග තිබුණ ළ`ග බැඳීම නිසා ජන සංක‍්‍රමණයන් ලොකුවටම සිද්ධ වුණා. මෙහෙම චීනෙන් ඇවිල්ල මැලේ අයත් එක්ක මිශ‍්‍රවෙලා හැදිච්ච නව පරම්පරාවට කියන්නේ බබා න්‍යොන්යා කියලා. එයාලා දැන් මැලේ වුණාට එයාලගේ ආගම ගොඩක් වෙලාවට බුදුදහම. ඒ විතරක් නොවෙයි තා ඕ, කොම්ෆියුසස් වගේ සත්‍ය මුල්කරගෙන ඇදහිලි විශ්වාස රකිනවා. එයාල චීන දින දර්ශනයට අනුව අලූත් අවුරුද්ද මහ ඉහළින් සමරනවා. මේ නිසාම අද මැලේසියාවේ මලක්කා කියල කියන්නේ විචිත‍්‍ර ජන විවිධත්වයක් ආරක්ෂා වෙන ලස්සන තැනක්. චීන, මැලේ, පර්සියානු, පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි සංස්කෘතින් ලෙස ද මිශ‍්‍රණයක් වගේ මිශ‍්‍රවෙලා අලූත් රසයක් අපිට අරගෙන එනවා. මලක්කාවේ ලක්ෂ 8කට අධික ජනගහණය ආගම් ඇදහීම් විදියට විසිරිලා ඉන්න පරිමාව බැලූවොත් මුස්ලිම් 66.1%ක් බුද්ධාගම 24.2%ක් හින්දු 5.7% කි‍්‍රස්තියානි 3% විදිහට ගණන් කරන්න පුළුවන්.

මලක්කා උරුමය

1511 පස්සේ පෘතුගීසින් ගොඩනැගීම ආරම්භ කරල ලන්දේසීන් ඉංගී‍්‍රසින් ගොඩනැගූ මේ වරාය නගරය අද යුනෙස්කෝ ලෝක උරුමයක්. ශාන්ත ජෝන් වරාය, 1710 දී ගොඩනැගූ ශාන්ත පීතර දේවස්ථානය, ශාන්ත පෝල් දේවස්ථානය, ඩෙන් හුන් ටැන්ග් පන්සල, ඇන්ටික් බඩු පිරුණු ජොන්කර් වීදිය මේ ගොඩක් දේවල් මලක්කා උරුමය ලෝකයට පෙන්වනවා. මලක්කා ආහාර සංස්කෘතියත් එහෙමයි. මේ ගොඩනැගිලි අතරින් ඇවිදින කොට පේන වෙනස් එම විචිත‍්‍රත්වය ආහාර රටාව තුළත් තියෙනවා. එදා බටහිර ඉඳලා නැගෙනහිරට යාත‍්‍රා කළ නාවිකයන් මොන්සූන් සුළං ප‍්‍රවාහයේ වෙනස් වීම නිසාම මලක්කාවේ කලින් කලට ළැ`ගුම් ගත්තා, මලයාව පුරාම ඇවිදලා වෙළෙඳාම් කළා. ඒ වෙළෙඳපොළේද ප‍්‍රතිඵල අද විචිත‍්‍ර පෞරාණික ගොඩනැගිලි විදිහට කැටි ගැසිලා අපි ඒ අතරින් ඇවිද යනවා. ළ`ගම තියෙන හෝටලයකින් වහනය වන සුවඳ රෝස් කරපු තාරාවෙක් ගිලදාන්න ඇරයුම් කරනවා.

චිකන් රයිස් බොල්

චිකන් රයිස් බොල් එකකින් පටන් ගම්මු. මේ ආහාරයෙත් මූලය තියෙන්නේ චීනයේ. මෙහෙ තියෙන ගොඩක් කෑම ජාති චීනයට ජපානයට ගැට ගැහෙනවා. චිකන් රයිස් බොල් එකක් ඔයාට හිතට මදිනම් ඩක් නූඞ්ල්ස් එකක් ඇණවුම් කළ හැකියි. නැත්නම් නාසි ලෙමොක් එකක් නැත්නම් ජනපි‍්‍රය ඉන්දියානු ක‍්‍රමයට හදපු තන්ඩූරි චිකන් එකක් අන්තිමට සෙන්ඩොලි ඩෙ‍්‍රස්ට් එකක්. නැත්නම් ඕන ආරට හදපු ගෙඹි කකුල් සුප් එකක්. දෙළොවක් අතරට මමත් වැටුණා. බොමු. ඇත්තටම ගෙඹි සුප් රසයි. මලක්කාව මතක තබා ගන්න එය හොඳටම ඇති.