G8 නැවත G7 වෙයි

 

G8 යනු ලොව බලවත් ම කෙසේවෙතත් ධනවත් ම රාජ්‍ය අටේ කණ්ඩායම වන අතර ලොව සමස්ත දළ දේශීය නිශ්පාදිතයෙන් 51% හිමි මේ රටවල් අටට ය. 1966 වසරේ රාජ්‍ය හයක් එනම් ප‍්‍රංශය, බටහිර ජර්මනිය, ඉතාලිය, ජපානය, බි‍්‍රතාන්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය එක් ව පිහිටුවා ගත් හයදෙනාගේ කණ්ඩායමට ඊළ`ග වසරේ කැනඩාව එක්වීමෙන් ඨ7 නිර්මාණය විණි. 1998දී ඊට රුසියාව එක් කරගන්නා ලද අතර එදා මෙදා තුර ඒ සංවිධානය ඨ8 ලෙස එක්ව කටයුතු කළේ ය. වාර්ෂිකව එහි සමුළු පැවැත්වුණු අතර මීළ`ග සමු`ඵව (40 වැනි සමු`ඵව) එළැඹෙන ජුනි මස 4 සහ 5 දෙදින පුරා රුසියාවේ සෝචි වෙරළබඩ නිවාඩු නිකේතනයේ පැවැත්වීමට සියලූ විධිවිධාන යොදා තිබිණි.

එහෙත් රුසියාව සිය සංවිධානයෙන් පළවා හරින්නටත්, සමු`ඵව සෝචිහි නොව වෙනත් රටක වෙනත් නගරයක පවත්වන්නටත් පසුගිය 23 සහ 24 දෙදින පුරා නෙදර්ලන්තයේ හේග් නුවරදී රැුස්වූ අනෙක් රටවල් හතේ රාජ්‍ය නායකයන් විසින් තීරණය කරන ලද බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ සමු`ඵව විශේෂයෙන් පැවැත්වුණේ න්‍යෂ්ටික තර්ජන ගැන සාකච්ඡුා කිරීම සඳහා වුවද ප‍්‍රමුඛත්වය ලැබී ඇත්තේ න්‍යාය පත‍්‍රයේ සඳහන් කාරණයට වඩා යුකේ‍්‍රන අර්බුදයට වීම විශේෂයකි. එයට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහභාගි විය යුතු ව තිබුණ ද ඒ වෙනුවට එරටින් යවා ඇත්තේ විදේශාමාත්‍ය සර්ජි ලැව්රොව් ය.

ඨ8 සත්කාරකත්වය දරන රටට ඉදිරි වසරේ එම කණ්ඩායමේ සභාපතිත්වය හිමිවන හෙයින් කලින් තීරණය කරන ලද පරිදි සමු`ඵව රුසියාවේ පවත්වන ලද හොත් එය රුසියාවට හිමිවීම වැළැක්විය නොහැකි ය. එහෙත් පවත්නා තත්ත්වය යටතේ ඨ8ට සම්බන්ධ සියලූම රටවල් ප‍්‍රතික්‍ෂෙප කරන කි‍්‍රයාමාර්ගයකට රුසියාව අවතීර්ණ වී සමු`ඵවේ එක`ගතාවලට බරපතළ හානි පමුණුවා ඇති බැවින් එරටත් සමග සමු`ඵගත වීම කළ නොහැක්කක් බව අනෙක් රාජ්‍ය නායකයන්ගේ අදහසයි.

පසුගිය 16දා රුසියාව යුකේ‍්‍රනයට අයත්ව මෙතෙක් පැවැති කි‍්‍රමියාව නමැති ස්වයංනිර්ණ පාලන ප‍්‍රදේශය සිය රටට අයත් බැව් ප‍්‍රකාශයට පත්කිරීම මීට හේතුවයි. ඒ අනුව රුසියාවේ භූමි ප‍්‍රදේශය තවත් වර්ග කිලෝමීටර් 27,000කින් වැඩිවෙයි.

මෙහිදී සලකා බැලිය යුතු පළමුවන කාරණය නම් මේ අල්ලා ගැනීම නීත්‍යනුකූල ද යන්න බව අනෙක් රටවල මතයයි. රුසියාව පෙන්වා දෙන පරිදි තමන් කි‍්‍රමියාව අල්ලා ගත්තේ නැත. නීත්‍යනුකූල ලෙස පවත්වන ලද ජනමත විචාරණයකදී කි‍්‍රමියානු ජනතාව අතුරින් 4%ක් හැර අන් සැවොම සිය රට රුසියාවේ කොටසක් වනු දැකීමට කැමැති වූහ. ඒ අනුව නම් නීත්‍යනුකූල සෙයක් පෙනෙයි. එහෙත් අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කියන්නේ මෙය යුක්රේන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි. ත්‍24 වාර්තා කරන්නේ රුසියාව හමුදා බලය යොදා කි‍්‍රමියාව අල්ලා ගත් බවයි.
මේ වනවිට යුක් රේනයේ ජනාධිපතිධුරය හිස්ව පවතියි. එරට ජනාධිපතිවරයාව සිටි වික්ටර් යෙනුකොවිච් එරට පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකරනු ලැබ රටින් පලා ගොස් රුසියාවේ රැුකවරණ ලබමින් පසුවෙයි. ඒ අතරවාරයේ යුක්රේන රජයේ එක`ගත්වයක් නොමැති ව කරන ලද මේ කි‍්‍රයාව මු`ඵමනින්ම අනීතික බව පෙන්වා දෙනු ලැබේ.

වික්ටර් යෙනුකොවිච් යනු ව්‍යවස්ථානුකූලව යුක්රේනයේ පවත්වන ලද අවසන් ජනාධිපති වරණයේදී ජනතාවගේ ඡුන්දයෙන් බලයට පැමිණි පුද්ගලයා ය. ඔහු පලවා හැරුණේ ජනතා උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර හේතුවෙනි. මේවාට හේතු බොහෝ ය. ප‍්‍රමුඛ හේතුව වූයේ ජනතාවට සහන ලැබෙතැයි පැවසෙන වෙළෙඳ ගිවිසුමක් යුරෝපා සංගමය සමග අත්සන් කරන්නට යෙනුකොවිච්ගේ වූ පැකිළීමයි. ඊට හේතුව ඔහුගේ රුසියානු පක්ෂපාතිත්වයයි. මේ කරුණු සලකා බලන විට ඔහු බලයෙන් පහකිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන ලද්දේ අමෙරිකාවත් යුරෝපා සංගමයේ සාමාජිකයනුත් බවට චෝදනා නැගීම සම්පූර්ණයෙන් ම යුක්ති යුක්තය.

පසුගිය සෙනසුරාදා කැනඩා අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් යුකේ‍්‍රනයට පැමිණ පැය හයක් එරට ගත කළේය. ඒ කාලය තුළ ඔහු එරට ප‍්‍රමුඛ පෙළේ නායකයන් හමු වූ අතර නික්ම යන්නට මත්තෙන් අන්තර්වාර පාලනයේ අගමැති ආර්සේනි යැට්සෙන්යුක් හා එක් ව මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. එහිදී ඔහු පවසා ඇත්තේ රුසියාව සිය ග‍්‍රහණයෙන් කි‍්‍රමියාව මුදවන තුරු බටහිර බලවත් රටවල් කිසිවක් රුසියාව සමග කිසිදු ආකාරයක සබඳකමක් නොපවත්වනු ඇති බවයි.

ඉන්පසුදා ස්ටීවන් හාපර් හේග්හි පැවැත් වූ නායකයන් හත්දෙනාගේ (යුරෝපා සංගමයේ සභාපති ද සමග අට දෙනෙකි.) සමු`ඵවට සහභාගි විය. රුසියාව එම කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවත් එම රට එළැඹ සිටින අනීතික කි‍්‍රයා පිළිවෙතින් මිදී තමන්ට පිළිගත හැකි තත්ත්වයට නැවත පත් වනතුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක පනවනවා සේ ම සියලූ සබඳතා අත් හළ යුතු බවටත් වේගවත් ලෙස අදහස් පළකොට ඇත්තේ හාපර්ය. අනෙක් නායකයන් සියලූදෙනා ඊට එක`ගත්වය පළ කොට ඇති අතර 40 වන ඨ8 සමු`ඵව යොදා ගත් දිනවලම බ‍්‍රසල්ස්හි පැවැත්වීමටත් තීරණය කොට ඇත.
සමු`ඵව ඇමතූ ජනාධිපති බරක් ඔබාමා රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම සඳහා මෙතෙක් තමන් අනුගමනය කළ කි‍්‍රයාමාර්ග පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කොට සියලූ රටවල් මේ කාරණයේදී අමෙරිකාව සමග අත්වැල් බැඳගනු ඇතැ’යි විශ්වාස කරන බව පැවසීය. ඊටද සියල්ලන්ගේ එක`ගත්වය පළවී ඇත.

සම්බාධක පැනවීම මගින් සහ සමු`ඵවලට සහභාගි නොකරවා ගැනීම මගින් රුසියාවට අච්චු කිරීම මෙලෙස අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇලියේ ආඪ්‍ය රටවල් මෙසේ තීරණය කළද එය එතරම් සාර්ථක ක‍්‍රමයක් වනු ඇතැ’යි ද එමගින් රුසියාව ආපසු හැරවිය හැකි වෙතැ’යිද විශ්ලේෂකයන් සිතන්නේ නැත. බීබීසී රූපවාහිනියේ නිව්ස්නයිට් වැඩසටහන මෙහෙයවන එහි රාජ්‍යතාන්ති‍්‍රක සහ ආරක්ෂක සංස්කාරක මාක් උර්බෙන්ට අනුව මේ දෙවන සීතල යුද්ධයයි.

‘යුකේ‍්‍රනයේ සිදුවීම් පෙළ රුසියාව ගැන බටහිර සංජානනය තවදුරටත් දුරවබෝධ කෙරෙන අතර ව්‍යාපාරික ප‍්‍රජාව කෙරේ ඉන්වන බලපෑමද නුවණින් විමසා බැලීම අසීරු කරුණකි. 2012 ජනවාරි සිට පසුගිය පෙබරවාරි 04 දක්වා මොස්කව්හි අමෙරිකානු තානාපතිව සිටි ආචාර්ය මයිකල් මැක්ෆෝල් පෙන්වා දෙන්නේ ජනාධිපති පුටින් බටහිර සමග ආරෝවක් ඇති කැර උපායමාර්ගික විවර්තනියක් නිර්මාණය කර ඇති බවයි. එහෙත් මේ නැගී සිටීම ක්ෂණභංගුර සේ නොසැලකිය යුතු අතර එමගින් කල් පවත්නා බලපෑම් ඇති කරනු නිසැක ය. ඒ අනුව මෙය දෙවැනි සීතල යුද්ධය වනු ඇත්ද, එසේම ලෝක දේශපාලනයේ දිශානතිය එමගින් වෙනස් කිරීමේ ඇරඹුම එය වනු ඇත්ද යන අදහස් ඒ සමගම ඉදිරිපත් වෙයි. ඒ සියල්ල ඉදිරි දිනවල රුසියාවේ හැසිරීම අනුව තීරණය වනු ඇත. නැගෙනහිර යුකේ‍්‍රනය ආක‍්‍රමණය වාණිජ යුද්ධයක් සඳහා සංඥා වෙඩි මුරය දැල්වීමය. කි‍්‍රමියාව ග‍්‍රහණය කරගනිමින්ම නැගෙනහිර යුකේ‍්‍රනයේ ප‍්‍රධාන විශාල කාර්මික නගර වන ඩොනෙට්ස්ක් හා කාර්කීව්හි සිටින අවිගත් රුසියානු සටන්කාමී කණ්ඩායම්වලට රහසේ උදව් කිරීම ද බටහිරට වටහාගැනීම අපහසු රුසියානු උපක‍්‍රමයි.’