හොලිෆීල්ඞ්ගේ ජීවිතයේ අවවාදාත්මක කී‍්‍රඩා අන්දරය

මේ සුවිසල් වීදියකි.

එකිනෙකා නාඳු නන මිනිස්සු එහා මෙහා වෙති. කවුරු කාව හඳුනන්නද? මේ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරය. බැදපු කුකුල් මස් එල්ලූ පෙරදිග බොජුන් හලකි. බොජුන් හල මැදින් ඇති පටු උළුවස්සකි. උළුවස්සෙන් රිංගවන දේහධාරී සිරුරකි. උස අඩි හයයි අ`ගල් හතරකි. බොජුන් හලේ ඇස් ඇලෙනුයේ මේ පළල් උරහිස් සහිත කාලවර්ණ මිනිසා දෙසටය.

‘‘එයා නේද අර කන කාපු මිනිහා’’ එකෙක් තවකකුගෙන් අසයි. ‘නැහැ. නැහැ. එයාගේ කන තමයි මයික් ටයිසන් කෑවේ.’ පිළිතුර ප‍්‍රශ්නය ද නිවැරදි කරයි. තවත් නම් රහසක් නැත. මේ උළුවස්සෙන් රිංගුවේ එවාන්ඩර් ෆොලිෆීල්ඞ්ය.

හොලිෆීල්ඞ් කලක් බොක්සිං වළල්ලේ කීර්තිමත් නාමයකි. ඒත් ඕනෑම මතකයක් කාලයත් සමග බොඳව යන්නේය. එය ෆොලිෆීල්ඞ්ටත් එහෙම්මය.
බොක්සිං වළල්ලේ පෙරළිකාරයා වූ මයික් ටයිසන් දෙවතාවක්ම පැරද වූ හොලිෆීල්ඞ්ගේ ජීවිතය එතැන් සිට එළිය වන්නට පටන් ගත්තේ බොක්සිං වළල්ල වටා ඇති විදුලි ආලෝකයටත් වඩා දීප්තියෙනි. එහෙත් ඒ එළියෙන් ෆොලිෆීල්ඞ්ගේ ඇස් නිලංකාර විය. ඔහු ලෝකය එතැන් සිට දැක්කේ බොඳවූ චිත‍්‍රයක් ලෙසිනි. අලෝකය නිවී ගොස්ය. සියල්ල පියවි සිහියට එළැඹ ඇත. විදුලිඑළි මෙන්ම හොලිෆීල්ඞ්ගේ ජීවිතයද නිවී ගොස්ය. එය දැන් අඳුරේය. සුදු කෙළීම, අධික වියදම් සහිත දික්කසාද තුනක් සහ දරුවන් එකොළොස් දෙනකුගේ නඩත්තුවට මුදල් ගෙවීම නිසා හොලිෆීල්ඞ් බොක්සිං වළල්ලේදී ප‍්‍රතිවාදීන්ට පහරදී ඉපැයූ ස්ටර්ලිං පවුම් මිලියන 150ක මුදලම වතුරේ ගොස්ය.

හොලිෆීල්ඞ් එංගලන්ත යේ මැන්චෙස්ටර් නුවර වීථි බසින්නේ හිස් අතිනි. හිස් හිතිනි. එංගලන්තය පුරා ඇති උන්හිටිතැන් අහිමිවූවන්ගේ මධ්‍යස්ථාන හා සුප් සාදන කුස්සිවල හොලිෆීල්ඞ් සැරිසරයි. එයට හේතුව හොලිෆීල්ඞ් කියනුයේ ‘‘මගේ පුංචි කාලයේදී මට කන්න දෙන්න මගේ මවට උදව් කළ අයට ආපහු දෙන්න’’ හොලිෆීල්ඞ් මේ ස්වේච්ඡුා සේවයේ යෙදුණු බවය. මේ අතරතුර ඔහු හෝටල්වල හා රැුස්වීම් ශාලාවල ‘‘එවැන්ඩර් හොලිෆීල්ඞ් සමග සන්ධ්‍යාවක්’’ පවත්වයි. ඒ ඔහුගේ වියදමට මුදල් සොයා ගන්නටය.

දැන් හොලිෆීල්ඞ් සීයා කෙනෙකි. අවුරුදු පනහක් වන සීයා කෙනෙකි. තමාගේ ශක්තියෙන් ඉපැයූ ධනයෙන් කොටසක් තමා මුළාකොට පරපෝෂිත කූඩැල්ලන් ඩැහැගත් බව ඔහු අද පවසයි.
ටයිසන්ටත් ගහපු හොලිෆීල්ඞ්ට එහෙම වෙන්න පුළුවන්ද?

‘‘මට එහෙම වුණේ ඇයි කියලා මම අද දන්නවා. ඒ මගේ ඉගැනීමේ අඩුව නිසයි. මම සල්ලි ගොඩාක් හම්බ කළා. ඒක ඇත්තයි. ඒත් මම ඒකෙන් වැඩ ගන්න හැටි දැනගෙන හිටියේ නෑ. කොටින්ම ගණන් බලන්න මම දන්නේ නැහැ. මම හැම තිස්සේම දියයුතු ප‍්‍රමාණයට වඩා ඕනෑවටත් වඩා දුන්නා. අත දිග ඇරලා දුන්නා. කොටින්ම නැත්තටම නැති වෙනකම් දුන්නා. එතනදි මට ඉතිරි වුණේ එක දෙයයි. ඒකෙන් මට වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔය ගොල්ලන්ට වැඩක් වෙයි. මම ටක්කෙටම කියන්නම් සාමාන්‍යයෙන් නොකරන දේවල් කරන්න මිනිස්සු ඔබව පොළඹවාවි’’

‘‘මගේ අම්මාට අකුරු බෑ. තාත්තාට අකුරු බෑ. මොනවා හරි කරන්න කිව්වොත් ඒ අය කරනවා. මා ප‍්‍රශ්න කළ යුතු යැයි එකවර දෙයක් පිළිනොගත යුතු යැයි කවුරුත් මට ඉගැන්නුවේ නෑ.’’ හොලිෆීල්ඞ් තමාගේ කතාව අතොරක් නැතිව කියවයි. ඒත් ඒ නිකං නොවේ. මේ කතාව අසන්න අද කෙනෙකු පවුම් 70ක් වියදම් කළ යුතුයි. බොක්සිං වළල්ලේ ප‍්‍රතිවාදීන්ට බැට දී ධන කුවේරයෙකු වූ හොලිෆීල්ඞ් නැත්තටම නැති වූ කල තම අතීතය වමාරා විකුණයි. ජීවත්වීමට කුස පුරවාගැනීම සඳහා ඒ අතීතය අද ඔහුට පිහිට වී ඇත.

හොලිෆීල්ඞ් හැදී වැඩුණේ ඇලබාමා ප‍්‍රදේශයේය. වර්ගවාදය හා දුප්පත්කම මේ ප‍්‍රදේශය වෙලා ගෙන තිබුණි. මෝඩ පියකුගේ සහ ආබාධිත මවකගේ දරුවන් නවදෙනා අතර හොලිෆීල්ඞ් බඩපිස්සා විය. මොවුන්ගේ කුස පිරවීමට මාපියන් කළේ අත්පති‍්‍රකා බෙදා හැරීමය. කොටින්ම හි`ගා නොකා හි`ගා කෑමය. එකී කටුක ජීවිතය තුළ දරාගැනීම සේම ඕනෑම අයකු මරාගෙන කෑ හැකි ශක්තියක් හොලිෆීල්ඞ් උප්පතියෙන්ම ලද්දේ ය. ඒ නිසාම ඔහු ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ සිව් වතාවක්ම දින්නේය. ඇදහිය නොහැකි ලෙස ඔහුට පොහොසතකු ද වන්නට හැකි විය. එහෙත් වළල්ලෙන් පිටට ඒ තත්ත්වය දිග නොහැරෙයි. වේගයෙන් හම්බ කළ මුදල් අධිවේගයෙන් ඔහු වියදම් කළේය. මිලදී ගත් සියල්ල විකුණන තැනට පත්විය. ඇට්ලන්ටාභි ඔහුගේ කාමර 109ක මන්දිරය පවුම් මිලියන 7.5කට ඔහු වික්කේය. ඒ මුදල් මෙන් දෙගුණයක් මන්දිරයක් මිලදී ගන්ට වැයකොට තිබුණි. ණය පිට ණය කර මත වැටෙන විට හොලිෆීල්ඞ් තම ස්වර්ණාභරණ, ගෘහභාණ්ඩ පමණක් නොව ඔහු ලද ලෝක ශූරතා බෙල්ට් ද වෙන්දේසි කරන තැනට පත්විය.
‘‘ජීවිතේදී අපි යමක් ලබා ගන්න කොච්චර වෙහෙසෙනවාද? ඒ වගේම ඒ දේ අපෙන් ලබා ගන්නත් තව කෙනෙක් කොච්චර වෙහෙසෙනවාද?’’ හොලිෆීල්ඞ් අසන පැනයකි.
ජීවිතවල සියලූ පැතිකඩ මොළයෙන් නොව ශරීරයෙන් ඉගෙනගත් මේ මිනිසා දිග හරිනුයේ අපූරු කතාන්දරයක් කියමිනි.

‘‘මයික් ටයිසන්ට තියෙන්නෙත් මට වගේම නරක පසුබිමක්. ඒක අපිට උපතින් ආපු දෙය. අපි ගෙනාපු දෙයක් නෙමෙයි. එයා නිව්යෝක්වලින්. මම දකුණෙන්. අපි දෙන්නම හැදුණේ එකට. අපි ඉතා වෙහෙස වෙලා වැඩකළා. එකම වෙනස ආබාධිත වුණත් මගේ අම්මා මට නොසෑහෙන්න ආදරය කළා. මට දෙවියන් ගැන ඉගැන්නුවා. ටයිසන්ට ඒ දේ ලැබුණෙත් නැහැ. මයික් කවදාවත් මගේ ප‍්‍රතිවාදියා නෙමෙයි. ඔහුට එරෙහි වෙන්නට බැහැ. මට ඕනෑ වුණේ ඔහුව පරද්දන්න නෙමෙයි. මට ඕන වුණේ ලෝක හෙවිවේට් ශූරයා වෙන්න විතරයි. මම පන්නාගෙන ගියේ ටයිසන්ව නෙමෙයි. මම පන්නාගෙන ගියේ ලෝක කිරුළ පස්සේ.’’

‘‘1999 දී මයික් ආපුවාම මම එයාව පැරැුද්දුවා. ඊළ`ගට ආයේ අපි වළල්ලේ හමුවෙනකොට මයික් ආවේ වෙහෙසකාරී පුහුණුවකින් මාව පරද්දන්නමයි. ඒත් තරගය එයාට ඕනෑ විදියට ගලා නොයනකොට මයික්ගේ නොඉවසිල්ල පිටාර ගැලූවා. ඒ හින්දා එයා මගේ කන හැපුවා.’’
මයික් ටයිසන් ඩැහැගත් හොලිෆීල්ඞ්ගේ දකුණු කනේ කෑල්ල නැති අඩුවට වඩා එය හොලිෆීල්ඞ්ගේ බොක්සිං දිවියේ ඉතිරි වූ නොමැකෙන මතකයක් විය. ඒ කන පෙන්වීමත් අද හොලිෆීල්ඞ්ගේ කෑම පැකට් එක ලබාගන්නා තරම් ආදායම් මාර්ගයක් බවට පතවී අවසන්ය. ‘මගේ කන ගැන කතා කරනවාට අද මට මුදල් ලැබෙනවා. මයික් කාපු කන පෙන්වනවාට අද මට මුදල් ලැබෙනවා. මට දැන් ඒකේ අඩුවක් දැනෙන්නේ නැහැ. කොටින්ම දැන් මම නිදහස් මිනිහෙක්. මට දැන් දහඩිය දාන්නේ නැහැ. මට පහරවල් දැනෙන්නේ නැහැ. මම ජනතාවත් එක්ක ඔහේ ජීවත් වෙනවා.’’

එක්දහස් නවසිය හැට ගණන්වල පොප් සංගීතඥයකුව සිට ගීත පටිගත කර අලෙවි කිරීමෙන් පොහොසතකු වූ කැනේඩියානු ජාතිකයකු වන යෑන්ක් බැරී හොලිෆීල්ඞ්ට යළි දෙපයින් නැගිටවීමේ කාර්යයන්ට අත දී තිබේ. හිටපු ලෝක වෙල්ටර්වේට් බොක්සිං ශූරයකු වන රිකී හැටන් සමග හොලිෆීල්ඞ් නිවසක් නොමැති අනාථ වී සිටින පුද්ගලයන් වෙනුවෙන් සමාජ සත්කාරයක නියැළෙනවා.

ටයිසන් විසින් බොක්සිං වළල්ලේදී කඩා ගත් හොලිෆීල්ඞ්ගේ දකුණු කනේ කෑල්ල එම වළල්ලේ දීම ටයිසන් කෙළ ගසා බිමට දමන මුත් ඒ කොටස අදටත් අතුරුදන්ය. එය අයිස් තුළ බහාලීමෙන් පසුව අත් බෑගයක දමා හොලිෆීල්ඞ්ගේ ඇඳුම් අඳින කාමරයේ තබා තිබුණත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා පැමිණ විවෘත කොට බලන කල ඉතිරිව තිබී ඇත්තේ හම් කෑල්ලක් පමණි. ටයිසන් නොලද තමා ලද ලොකුම දායාදය සිය ආබාධිත මවගෙන් ලද පරිපූර්ණ ආදරය බව හොලිෆීල්ඞ් කියයි. එසේම මව ඉගැන්වූ දෙවියන් පිළිබඳ මතකයන් හොලිෆීල්ඞ්ගේ දිවියෙහි තදින් සනිටුහන් වී ඇති මතකයකි. කොපමණ ඇද වැටුණත් මේ යෝධයා අවසානයේ විශ්වාසය තබනුයේ දෙවියන් කෙරෙහි ය. ඔහුගේ මෝඩකමින් අනෙකුන් ප‍්‍රයෝජනය ගත්තද ඒ සියලූදෙනාට සමාව දීමට තමාට හැකිවූයේ දෙවියන් වහන්සේ යැයි හොලිෆීල්ඞ් කියයි. ‘‘මම හැමදෙනාටම සමාව දුන්නේ දෙවියන් වහන්සේ මට කතා කරලා දෙයක් කියපු නිසයි.’’ දෙවියන් වහන්සේ ෆොලිෆීල්ඞ්ට කීව දේ නොකිව්වොත් අඩුවකි. ඒ නිසා එතැනින්ම නවතිමු.

‘‘ඔබ ආධුනිකයෙක් විදියට දොළොස් වසරක් නිකම් සටන් කළා. දැන් ඔබ වට තුනක් ගහගෙන ඩොලර් මිලියන 35ක් හම්බ කළා. ඕනෑම කෙනකුට සමාව දෙන්න ඒ මුදල ප‍්‍රමාණවත්.’’