බිග් මැච් උන්මාදය

 

මෙවර පාසල් මහා ක‍්‍රිකට් තරග ගැටුම් ආරම්භ වන්නේ යාපනයේ දී සිදු වූ අවාසනාවන්ත මරණයක් සමගිනි. එය වඩාත් සාහසික වන්නේ සම වයසේ වුන් අතර සිදුවූ ගැටුමක ප‍්‍රතිඵලයක්ව මේ මරණය සිදුවීම ය. මරණයට හේතුව නොතැකිය යුතු තත්ත්වයේ වුවත් එය නිමා වන්නේ ඝාතනයකින් වීම කෙතරම් නම් ඛේදවාචකයක් ද? ඇරත් මරණය සිදුවන්නේ බිග් මැච් ආරවුලක් ලෙස වීම ද සැලකිය යුතු නොවේ ද?

ඒ එක් සිදුවීමකි. ඒ තරමට ම නොවූවත් ගාල්ලේ දී ද ඒ හා සමාන සිදුවීමක් වූයේ, පසුගිය සති අන්තයේ ය. තත්ත්වය මැඩලීමට පොලීසියට ක`දු`ඵ ගෑස් ප‍්‍රහාර පවා එල්ල කිරීමට සිදුවුණි. මෙම සිදුවීම පසුගිය වසරේ දී ද මෙම ක‍්‍රීඩාංගණය ආශ‍්‍රිතව මේ තරගයේ දී සිදුවුණි. වසරක ඇවෑමෙන් ඒ දේ ම මෙවර ද සිදු වන්නේ ඇයි?

අපි මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ශාන් ද සිල්වා මහතාගෙන් විමසුවෙමු. ‘පාසල් මහා ක‍්‍රිකට් තරග පැවැත්වීම සම්බන්ධයෙන් අපේ කිසිදු මැදිහත් වීමක් නැහැ. මෙම තරග අපේ කාලසටහනට අයත් වෙන්නේ ද නැහැ. ඒ වගේ ම මෙම තරගවලදී සිදුවෙන දේවල් සම්බන්ධයෙන් අපේ කිසිදු වගකීමක් ද නැහැ. මාපියන්, ආදි ශිෂ්‍යයන් හෝ ඒ වෙනුවෙන් ම නිර්මාණය වූ කමිටු තමයි මෙම තරග බොහෝ විට සංවිධානය කරන්නේ. යම් සිදුවීමක් වුණා නම් එය පාලනය කරගත යුත්තේ අදාළ සංවිධායකයන් විසින්මයි…’ ද සිල්වා මහතා පවසන්නේ ය.

පාසල් සංගමයේ මතය කුමක් වූවත් සෑම පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ ම සිහිනය වන්නේ විද්‍යාලයේ මහා ක‍්‍රිකට් තරගයකට සහභාගී වීමේ අවස්ථාවක් උදාකර ගැනීම ය. ඊට උත්තේජනය සපයන්නේ පාසල් තරගමාලාවන් ය. ක‍්‍රීඩකයන් ද තම උපරිමයෙන් පාසල් තරගමාලාවන්හිදී දක්ෂතා ගොනු කරන්නේ ඉහත අවස්ථාව ලබා ගැනීමට ය. එහෙත් ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය පාසල් තරගමාලාවන් හි උච්චතමය වන මහා ක‍්‍රිකට් තරග හැර යයි.
මේ සම්බන්ධයෙන් සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු අපට පැවැසුවේ ‘සංගමය මොනදේ කිව්වත් ඔවුන් මහා ක‍්‍රිකට් තරගවලදි එක් එක් පාර්ශ්වයන්වල වාසිය ගන්නවා. ඒ වගේ ම සංගමයේ කොළඹට කිරි- ගමට කැකිරි න්‍යාය ඉතා දැඩිව තියෙනවා. අවාසනාව කොළඹින් පිටත නිලධාරීනුත් මේ ගොඩට වැටීමයි. මහ ක‍්‍රිකට් තරග ගැටුම් බොහොමයක් සිදුවන්නේ පේ‍්‍රක්ෂකයන් අතර. එහෙත් ද`ඩුවම් ලබා දෙන්නේ ක‍්‍රීඩකයන්ට. නැත්නම් ක‍්‍රිකට් භාර ආචාර්යවරුන්ට. නැත්නම් පාසල්වලට. ඒක පසුගිය කාලයේ සිදුවුණා. ඔවුන් නොකළ වැරදිවලට අපි කොහොම ද ඔවුන්ට, ඔවුන්ගේ පාසල්වලට ද`ඩුවම් කරන්නේ. එහෙත් අපේ නිලධාරීන් කන්න ඕනෑ වුණා ම කබරයත් තලගොයා කර ගන්නව වගේ කැකිල්ලේ තීන්දු දුන් අවස්ථා තිබෙනවා. ලොකු ලොකු පාසල්වලට එක් ආකාරයකටත් පොඩි පාසල්වලට තවත් ආකාරයකට සැලකීමත් නිසා මහා ක‍්‍රිකට් තරගවල ගැටුම් තව තවත් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ…’ යනුවෙනි.

මේ සිදුවූ ගැටුම් සියල්ලට ම ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය ද වගකිව යුතුය යන චෝදනාවේ අප නිමග්නව නොමැත. එහෙත් මේ ගැටුම් සම්බන්ධයෙන් පසු වගකීමේ සහ තීරණ ගැනීමේ තත්ත්වයේ පාසල් ක‍්‍රිකට් සංගමය සිටින්නේ නම් ඒවා සිදුවීමට ප‍්‍රථම මේ වෙනුවෙන් මැදිහත් නොවන්නේ ඇයි දැයි යන කුකුස අප තුළ ඇත. විශේෂයෙන් ම අදාළ පාසල් දෙක අතර තරගයේදී යම් ගැටුම්කාරී තත්ත්වයන් මතු වේ යැයි සැක සිතෙන්නේ නම් ඊට මැදිහත් වීමේ වගකීම පාසල් සංගමයට දැරිය නොහැකි ද? එසේ අප යෝජනා කරන්නේ තරගයෙන් අනතුරුව යම් යම් දේ සම්බන්ධයෙන් ඔවුන් සෘජුවම මැදිහත් වෙන තත්ත්වය තුළ සහ බොහෝ නගරවල මෙම තරග එම නගරවල ප‍්‍රධාන සැණකෙළි බවට පත්ව තිබෙන තත්ත්වයක් තුළ ය. කොළඹ නගරයේ මහා ක‍්‍රිකට් තරගවලට මේ තත්ත්වය විශේෂ නොවූවත් මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, ක`ඵතර, පානදුර, හොරණ, කුරුණෑගල, හලාවත ආදි නගරවල සහ තවත් නගර කිහිපයකම මේ තත්ත්වය පවතී.

ඒ අනුව මෙම තරග නිරුපද්‍රිතව පැවැත්වීම සම්බන්ධයෙන් පාසල් සංගමයට වගකීමක් දැරීමට නොහැකි දැ යි අප කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ශාන් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ මෙවැන්නකි. ‘අපි ක‍්‍රීඩකයන්ගේ යම් යම් විනය සම්බන්ධයෙන් තීරණ ගත් අවස්ථා තියෙනවා. එහෙත් අපි නිතරම කියන්නේ බිග් මැච් එකකදි එම පාර්ශ්වයන් දෙක එකතු වෙලා ප‍්‍රශ්න නිරාකරණය කර ගන්න කියලායි. ගෙදර ප‍්‍රශ්න විස`දන්න තෙවැනි පාර්ශ්වයක් අවශ්‍ය නැහැ. ඔවුන් අද ගැටුම් ඇති කර ගනීවි. ඒත් එය ලබන වසර වනවිට ඉවරයි. අපි යම් මැදිහත් වීමකට ගියොත් සිදුවෙන්නේ වැරදිකාරයො අපි වෙන එකයි…’

කෙසේ වෙතත් මෙවර ගාල්ලේ ඇති වූ සිද්ධියේ දී ප‍්‍රතිවාදී පේ‍්‍රක්ෂකයන්ගේ ප‍්‍රහාරයන්ට ලක් වූ ක‍්‍රීඩකයෝ වෙති. මේ අතරට ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ නිලධාරියෙකුගේ පුතෙක් ද වේ. ඔහු ගැටුම මැදට ගොස් තම පුතා බේරා නොගන්නට සිද්ධිය කොතැනින් කෙළවර වේ දැයි කාට නම් පැවැසිය හැකි ද? එසේ ම මහනුවර මහා ක‍්‍රිකට් තරගකදී ප‍්‍රහාරයට ලක් වූ ක‍්‍රීඩකයෙකු රෝහල් ගත කිරීමට ද සිදුවුණි. ඇතැම් විට මේ සියලූ දේවල් සිදුවන්නේ පෙර සූදානමකින් නොවීමට ද පු`ඵවන.

එහෙත් ඊට පෙර සිට සූදානම් වීම වඩාත් කාලෝචිත ය. එය මෙවර ගාල්ල මහා ක‍්‍රිකට් තරගයේදී අපි දුටුවෙමු. ඒ අනුව තරගයට තරග තීරකවරයෙකුගේ සේවය ලබා තිබුණි. ‘තරග තීරකවරයෙකුගේ සේවය තරගයකට අදාළ වන්නේ එම තරගය නිසි පරිදි පවත්වාගෙන යාම ස`දහායි. ක‍්‍රීඩකයන් සහ විනිසුරුවන් තරගය තුළ දී කාලය කළමනාකරණය කරමින් පවත්වාගෙන යෑමේ වගකීමෙන් යුතු වෙනවා. ඒ වගේ ම තරගයේ වන සෑම සිදුවීමක් ම තරග තීරකවරයා විසින් තරගයට අදාළ කර ගන්නවා. ගාල්ලේ තරගයේ දී සිදුවුණෙත් ඒක. තරග තීරකවරයා ලෙස මම අදාළ තත්ත්වය මත තරගයේ ජයග‍්‍රහණය රිච්මන්ඞ් විද්‍යාලය සතු කළා. මේ සම්බන්ධයෙන් අදාළ සෑම පාර්ශ්වයක් වෙතම මගේ තීරණයන් දැනුම් දුන්නා. ඔවුන් සියලූම දෙනා එම තීරණය පිළිගත්තා. පේ‍්‍රක්ෂයන් සු`ඵ පිරිසකගේ නොමනා හැසිරීම් නිසා තරගයට හෝ ක‍්‍රීඩකයන්ට අසාධාරණයක් වීම වළක්වා ගන්නයි මම සෑම විටම උත්සාහ කළේ. මම හිතනවා මට ඒ දේ කරන්න පු`ඵවන් වුණා කියලා…’ රිච්මන්ඞ්- මහින්ද තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ බැසිල් පෙරේරා මහතා අප සමග පැවැසුවේ ය. ඔහුගේ එම තීරණයෙන් අනතුරුව ඊට පසුදාම ප‍්‍රතිවාදී ආදි සිසුන් තමන්ගේ සගයෙකුගෙන් වූ වරදට සමාව ගනිමින් කුසලානය ද ලබා දීම සිදුවුණි. සිදුවිය යුතු යහපත් දේ වන්නේ එය ය.