රාවය

තුන්නාන තනි නොකරනු

තුන්නාන තනි නොකරනු

 

තුන්නාන උද්ඝෝ ෂණයට මසකුත් නික්මෙන්නට ළ`ගය. එහෙත් තුන්නාන ජනයා තවමත් බියෙන් පෙළෙති. ඔවුන් ඉල්ලූවේ පානයට සුදුසු පිරිසිදු ජලයය. එයට පිළියම් ලෙස තම ජල උල්පත් අපවිත‍්‍ර කළ තුන්නාන පිහිටි රබර් කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත්කර දෙන්නැයි හ`ඩ නැ`ගූහ.
තුන්නාන රබර් කර්මාන්ත ශාලාවේ දුම් බටයෙන් න`ගින දුම්රොටු තවමත් තුන්නාන ගම් අවට වාතයට මුසු වෙමින් පැතිර යයි. ඒවායෙන් පෙනහලූ පුරවාගන්නා අවට මිනිස් කැළ රෝ බියෙන් වෙලිි වෙලී දිවි ගෙවති. එහෙත් ඊට එරෙහිවනු තබා කටේ කෙළ බිඳක් නොහෙළන තරමට ඔවුහු හික්මී ඇත්තෝය. කොටින්ම හික්මවා ඇත්තෝය. අවසන්වරට නොවැම්බර් 16 වැනිදා සිදුකළ සාමකාමී උද්ඝෝෂණය පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය එක්ව පහරදී එළවා හැරිණි. උද්ඝෝෂණය අවසන පොලිස් නිලධාරියකු ගසකට යටව මියයෑමත් සමග තත්ත්වය අංශක අසූවක කණපිට හැරුණේ කර්මාන්ත ශාලාව පසෙකලා එය ගම්මුන් සහ පොලීසිය අතර සීතල යුද්ධයක් බවට පෙරළමිනි. අද මේ අවට ගම්වල ජනයා පිටුවහල් වූවෝ වෙති. කර්මාන්ත ශාලාව ආණ්ඩුවේම කර්මාන්ත ශාලාවක් බවට පත්වී ඇත්තේ එය පැය විසිහතර පුරාම පොලිස් හමුදා ට‍්‍රක් මුර කරන තත්ත්වයක් තුළය.

උද්ඝෝෂණයෙහි කි‍්‍රයාකාරී භූමිකාවකට පණ පෙවූවන් අදටත් සිටිනුයේ සිය ගම්බිම් අතහැර සැ`ගවය. පොලිස් නිලධාරියාගේ මරණයට වගකිවයුතුයැ’යි දෙපළක් අත්අඩංගුවට ගෙන ඇත. තව බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මුලදී ගමේ කනින් කන ගිය ආරංචියය. ගමපුරා රහස් පොලිස් මෙහෙයුම්ද කි‍්‍රයාත්මක විය. ඒ මුල් සතියේ දෙකේය. දැන් මෙකී රහස් මෙහෙයුම් ආරම්භ කොට ඇත්තේ ගමේම දෙපළකි. එක් අයෙක් ආණ්ඩුවේ නාගරික මන්තී‍්‍රවරයෙකි. අනෙක් තැනැත්තා භික්ෂුවකි. රතුපස්වල තිබුණු කර්මාන්ත ශාලාවේ සමාගමට ම අයත් වන තුන්නාන රබර් කර්මාන්ත ශාලාව නිසා අවට ගම්බිම් ගණනාවක ජනයා දුක්විඳින බැවින් මෙම කර්මාන්ත ශාලාව රතුපස්වල සේම පන්නා දැමිය යුතු යැයි ජනතාව පෙළගැස්සූ, එයට රතුපස්වල තෙරිපැහැ හිමියන් මෙන්ම පෙරමුණ ගන්නට සියලූ පිඹුරු සැකසූ මෙම හිමියෝ අද කර්මාන්තශාලාව ලබා දෙන පිරිසිදු පානීය ජලය පානය කරමින් ජනතාවට එරෙහි වී සිටිති. කර්මාන්ත ශාලාව එහිම තිබිය යුතු යැයි හ`ඩ අද න`ගනුයේ මේ දෙපළය. එපමණක් නොව සීඅයිඞී එක උද්ඝෝෂණයට සහභාගි වූවන් කුදලාගෙන යෑමට නියමිත බැවින් ඊට පෙර ගොඩින් ප‍්‍රශ්නය බේරා ගැනීමට නම් තමන් සමග ගොස් භාරවන්නැයි මොවුහු ගම්මුන්ට කියති. මුල සිටම විරෝධතාව තුළ සිටි ඔවුහු උද්ඝෝෂකයන් මනාව දන්නා බැවින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඉක්මණින් භාරවෙන්නයැයි පණිවුඩය මේ දිනවල බෙදාහරිමින් සිටිති. මේ ගෝනිබිල්ලන් දෙපළ අත්අඩංගුවට ගන්නා ලැයිස්තුව තමන් අත ඇති බවක් කියමින් නම් කියමින් ගම වටා යන අතර ඔවුන්ට භාර වෙන්නැයි පොලිස් පාට් දාන තැනට අද මේ තුන්නාන සිද්ධිය වර්ධනය වී ඇත. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබාම කපන තැනට අද ආණ්ඩුව පත්ව ඇත. අද ගම්මුන් එකිනෙකා දෙස සැකෙන් බලන තැනට පත්වී තිබේ. කර්මාන්ත ශාලාවක් ඇති බව අද ඔවුන්ට අමතකය. බොහෝ වුන් ගමෙන් පිට සැ`ගවී ඇත. ඉන්නාවුන්ද හුදකලා වී ඇත්තේය.

මේ අතර එජාපය නියෝජනය කළ හිටපු නාගරික මන්තී‍්‍රවරයකුද ෆැක්ටරිය පැත්ත ගෙන ගම්මු තලන පෙළන තත්ත්වයට පත්ව ඇත. දැන් කිසිවකුට මේවාට එරෙහිව හ`ඩක් නැ`ගිය නොහැකිය. තම අවනඩුව ගෙන පොලීසියට යා නොහැකිය. පොලීසිය හිරි අරිමින් සිටිනුයේ තුන්නාන මිනිසුන් පොලීසියට එන තෙක්ය. දැන් මුළු ප‍්‍රශ්නයම ඇතුළතත් පිටතත් අවුල්කොට ඇත්තේය. ඒ අතර කර්මාන්තශාලාව ලබුගමින් ජලය පොම්පකොට තාවකාලිකව බෙදාහරින තැනකටද සූක්ෂ්මව මාරු වී ඇත. අප මුලින් මේ ප‍්‍රශ්නය ගැන කතා කරන විට පණක් කඳක් ඇතිව එදා නිර්නාමිකව හෝ කතා කළවුන් අද අපටම කතාකොට කියනුයේ ‘අපි පඹගාලක සිරවෙලා’ යන්නය. අලූත් අවුරුද්ද තුන්නානට කුඩලූවිලට මහකන්දට ඒ අවට හැමතැනටම ඉලව් ගෙයක් වී ඇතැයි මොවුහු හ`ඩමින් කියති. ‘අවුරුදු කන්න අපේ ළමයි ගෙදර එනකම් බලා ඉන්නවා’ මේ ආරංචි දලූලා වැඩෙමින් තිබේ. තුන්නාන සැබෑ බිය ඇත්තේ දැන්ය. රබර් කර්මාන්ත ශාලාවේ සැබෑ දුම පැතිරෙනුයේ දැන්ය.

රතුපස්වල උද්ඝෝෂණයේදී සාමාන්‍ය මිනිස්සු තිදෙනෙක් මියගියෝය. ඔවුහු උද්ඝෝෂණයට පවා සහභාගි නොවූවෝය. එහෙත් තුන්නාන වූයේ අනෙකකි. එහිදී මියගියේ පොලිස් නිලධාරියෙකි. ඔහු ද මිය ගියේ උද්ඝෝෂණය සම්පූර්ණයෙන් පලවා හැර පොලීසිය එම ප‍්‍රදේශයේ බලය තහවුරුකොට ගෙන සිටි මොහොතකය. ඒ කපා දැමූ ගසක් වයර් මතට බරව තිබියදී එය ඉවත් කරන්නට යෑමේදීය. එහෙත් පොලීසිය මාධ්‍ය නඩයක්ද අල්ලාගෙන මෙම චිත‍්‍රය වෙනස්ම අයුරින් වර්ණ ගැන්විය. ඒ පොලීසිය එන දෙසට උද්ඝෝෂකයන් ගස් කපා දැමූ බව කියමින්ය. පොලිස් කතා ගිරාපෝතකයන් සේ වමාරනවුන් තුන්නාන ජනයා අහකට කොට පොලිස් මරණය කරළියට ගෙන ආවෝය. ඒ අනුව තුන්නාන ජල ප‍්‍රශ්නය පොලිස් කබායට යට විය. රබර් කර්මාන්ත ශාලාව රබර් ගසකින්ම ගොඩගියේය.

ඒ සිද්්ධිය පදනම් කොට ගෙන පහත්ගම තුන්නාන අවට ගම් පීරමින් පොලිසිය උද්ඝෝෂකයන් සෙව්වේ මිනීමැරුම් හා පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේය. එහෙත් මේ වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් පවසනුයේ මේ ජනයාට මිනීමැරුම් චෝදනා කෙසේවත් එල්ලකළ නොහැකි බවය. මෙම ගස් කපා ඇත්තේ උදෑසන හයටත් පසුව බවය. එවිට මුළු ප‍්‍රදේශයේම පාලනයට යටත්ව පැවතියේ පොලීසිය භාරයේය. ඒ සිද්ධිය වනවිටත් පොලීසිය උද්ඝෝෂකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ද අහවරය. අනෙක් අයට නිවෙස්වලටද පන්සලටද පැන පහරදී මෙල්ලකොට අවසන්ය. කොටින්ම මුළු ප‍්‍රදේශයම මුළුමනින්ම නිහ`ඩකොට අවසන්ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනුයේ හදිසි අනතුරකින් බොරැුල්ල ස්ථානාධිපතිවරයා මිය ගිය බවය. ඒ පිළිබඳ සිද්ධිය ඇසින් දුටු පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි ද ඇතුළත්ය.

සැබෑ තත්ත්වය එසේ වුවත් ආණ්ඩුව උත්සාහ කරනුයේ පොලිස් නිලධාරියාගේ මරණය ඉදිරියට දමමින් මිනිසුන් දඩයම්කොට කර්මාන්තශාලාව ආරක්ෂා කර ගැනීමය.

රතුපස්වලදී විධිමත් සංවිධාන යන්ත‍්‍රයක් කි‍්‍රයාත්මක වූ අතර නීතිඥ සංවිධාන, මානව හිමිකම් සංවිධාන, දේශපාලන සංවිධාන සහ වෙනත් සිවිල් සංවිධාන එම අරගලයට සම්බන්ධ විය. එහෙත් තුන්නානේ පැවතියේ හුදකලා අරගලයකි. මේ තරම් පහසුවට මේ ජනයා බිය වැද්දීමට හැකිවූයේ එබැවිනි. එහෙත් දැන් ඊට නීතිඥයන්ගේ සහය ලැබී ඇත. ඔවුහු මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටින්නෝ නොමිලේය. එහෙත් ප‍්‍රාදේශීය මන්තී‍්‍රවරුන් පතුරුවන්නේ නීතිඥයන් අහිංසක මිනිසුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් ගෙන, පෙනී සිටින බවය. කිසිත් නොදන්නා ගම්මු මේ මුදල්වලට තමන්ටද සම්මාදම් වන්නට සිදුවෙතැයි බියෙන් පසුවේ. කොටින්ම අද මේ ගම්වල අහිංසක මිනිසුන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටිනුයේ නීතිඥයන් බව එම ගමේ ප‍්‍රබලයෝ් කිහිපදෙනෙක් කීහ. එසේනම් මේ නීතිඥයන්ට සහාය දියයුතු තව පිරිස් ඇතැයි අපගේ හැ`ගීමය. එයට පරිසර සංවිධාන එකතු විය යුතුය. මානව හිමිකම් කි‍්‍රයාකාරීන් අත්වැල් බැඳගත යුතුය. සිවිල් සංවිධාන සේම දේශපාලකයන්ද එයට අත්වැල් සැපයිය යුතුය. මන්ද මේ අවැඩක් නොව සැබෑ ගැටලූවක් වන බැවිනි. මේ අරගල හුදකලා කිරීම හරහා ජනයා බෙහෙවින් පීඩාවිඳින බැවින්ය.

මධ්‍යම පරිසර අධිකාරිය පුන පුනා මේ ප‍්‍රදේශයේ ජලය කර්මාන්තශාලාව නිසා අපිරිසිදු වී නැතැයි කියන්නේ නම් මේ ජලය අපිරිසිදු වූයේ කෙසේද යන්න ජනයාට ඔප්පු කිරීම වටිනේය.

කර්මාන්තශාලාව අවට ජනතාව මුහුණපා ඇති සෞඛ්‍ය ගැටලූ වෙත යළි යළිත් අවධානය යොමුකළ යුතුය. මේ ගම් අවට මෑත කාලයේදී පිළිකාවලට ගොදුරුව, වකුගඩු රෝගයට ගොදුරුව මිය ගිය පිරිසක් සිටිති. එම ජනතාව රෝගවලට ගොදුරු වීමත් අඩු වයසින් මියයෑම ගැනත් සොයා බැලිය යුතුය.
මීට වසර කිහිපයකට පෙර කුඩලූවිල ගමේ පුද්ගලයකු තම ළිඳේ වතුර ඇඹුල් රස වීම නිසා පෞද්ගලිකව වතුර පරීක්ෂාකර තිබේ. එහි පීඑච් අගය වෙනස් වී ඇත. ඒ නිසා ළිඳේ වතුර පානය නොකරන ලෙස උපදෙස් ලැබී ඇත. ඉන්පසු තවත් තැන්වලින් ජල සාම්පල් ගැනීමේදීද ඒ බව තහවුරු වී ඇත. බස්නාහිර පළාතේ ජලය කොහොමත් ආම්ලිකයි වැනි පිළිතුරු පරිසර අධිකාරියෙන් ලැබුණද මේ ජලය ඔවුන් පානය නොකරන නිසාම මේ ජලය තම දරුවන්ට බොන්නට දෙන්නට හිත හදාගත නොහැකි නිසා ගම්මු උද්ඝෝෂණය කළහ. රතුපස්වල ප‍්‍රශ්නය කරළියට එන විට තුන්නාන ෆැක්ටරිය මිනිසුන්ට පානීය ජලය බෙදාහරින තැනට හදිසි විය. දියඅගලවල ඇළවල සිටි මසුන් මියගිය කල මිනිසුන් ලෙඩවලින් පීඩා විඳින කල පානීය ජලය බෙදාහරින තැනට ෆැක්ටරිය තල්ලූ විය. රතුපස්වල කර්මාන්ත ශාලාවේ විෂ නිසා ඒ අවට වූ ගම්වල ජනයා විඳි ප‍්‍රශ්නය තුන්නාන ජනයාත් විඳිති. මේ ඒ ෆැක්ටරියේ අනෙකය. එසේනම් එහෙත් මෙහෙත් ගැටලූ එක සමාන වන්නේ කෙසේද යන ප‍්‍රශ්නය පරිසර අධිකාරිය ම`ගහැර ඇත. හෙට මේ ගැටලූව කොට්ටාවේ ජනයාද අත්විඳිනු ඇත. මේ කර්මාන්ත ශාලාවේ ඉතිරි ශාඛාව ඇත්තේ එහිය.

මුල් කාලීනව අහක දමන විෂ ද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කරන මුත් ඒ සඳහා වැය වන විශාල මුදල් හේතුවෙන් කල්යත්ම එය හිතුමතේ පරිසරයට මුදාහරින තැනකට මෙම කර්මාන්තශාලාව පත්විය. එහි අතුරු ඵල වනුයේ වසර කිහිපයක් ගොස්ය. රතුපස්වල සහ තුන්නාන මිනිසුන් අත්විඳිනුයේ එහි ප‍්‍රතිඵලය. ඒ කර්මාන්තශාලා වසාදැමීමේ පහත් මානසිකත්වයේ මේ ජනතාව නැතිමුත් ජීවත්වීමේ ආශාවෙන් නම් මොවුහු පෙළෙති. ඒ නිසා මියයන්නට වුව ඊට එරෙහි වෙති. රතුපස්වල ජයගත් ප‍්‍රශ්නය තුන්නාන තුළ පරාජය කරන්නට ආණ්ඩුව දත කන්නේද මේ කර්මාන්ත ශාලා පිටුපස ලොකු රහසක කොටස්කරුවන් ලෙස තමන්ද සිටින බැවින්ය.

ජනතාවගේ සැබෑ ප‍්‍රශ්න වෙනුවෙන් උරදෙන යාන්ත‍්‍රණයක් අවැසිය. එය රතුපස්වලට, වනාතට මෙන්ම තුන්නානට ද හෙට තව තැනකටද අවැසිය. එසේ නොවුණොත් තුන්නාන ජනයාට ගමෙන් පැන සැ`ගවී සිටින අයුරින් බොහෝ අයට රටින්ද පැන සැ`ගවී සිටින්නට සිදුවනවා නියතය. අද තුන්නානට මානව කි‍්‍රයාධරයන් පැමිණි කල රතුපස්වල ප‍්‍රශ්නයත් ජිනීවා ගෙනිච්චා තුන්නාන ප‍්‍රශ්නයත් ජිනීවා ගෙනියන්න ඇවිත් යැයි කියන නරුම ආණ්ඩු දේශපාලකයෝ අමුතු රැු`ගුම්පාති. මේ සියල්ල අතරතුර තුන්නාන මිනිසුන් අතරමං කරනවාද යන්න සැබෑ මිනිසුන් සිතිය යුතුය.

රබර් කර්මාන්ත ශාලාවේ ව්‍යසනයෙන් තම ගම්බිම් ජීවිත රැුකදෙන්නයි උපවාස කළ ජීවිත රබර් ගසක් කඩා වැටුණු පසු අතහැර දමනවාද යන්න වෙනම සිතිය යුතුය. සැබැවින්ම අවුරුද්දෙන් පසුව හෝ සැවොම තුන්නානට නෑගම් යා යුතුය. මන්ද? තුන්නාන ප‍්‍රශ්නය රබර් ගසකින් හරස් කොට ඇති බැවිනි.