රාවය

කුඹුක්කන ව්‍යාපාරයට බඩල්කුඹුරේ විරෝධතා

කුඹුක්කන ව්‍යාපාරයට බඩල්කුඹුරේ විරෝධතා

පස්සර ලූණුගලින් ආරම්භවන කුඹුක්කන ඔය බඩල්කුඹුර මීරුල්ල ප‍්‍රදේශයේදී හරස්කර විශාල ජලාශ යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන්නට රජය උනන්දු වන මොහොතක ඒ පිළිබඳව අදාළ ප‍්‍රදේශය තුළින්ම බරපතළ විරෝධයක් ජනිත වෙමින් තිබේ. පසුගිය අපේ‍්‍රල් 2වැනි දින බඩල්කුඹුර නගරයට පැමිණි කරවිල, තැන්නයාය, දුම්මලතැන්න, පල්ලේගම ආදී ප‍්‍රදේශවල පන්දහසකට අධික ජනතාවක් නගරයේ එක් මංතීරුවක් අවහිර කරමින් යෝජිත මෙම ජලාශය වෙනත් ප‍්‍රදේශ යකට ගෙන යන්න යැයි උද්ඝෝෂණයක නිතර වුණෝය. අපි මීට ප‍්‍රථමවද බඩල්කුඹුර ප‍්‍රදේශයේ මෙම විරෝධය පිළිබඳව ලිපියක් පළකළෙමු. බඩල්කුඹුර රබර්, ගම්මිරිස් ආදී නේක ආර්ථික භෝගවලින් සුපෝෂිතය. වියළි උක් වගාවට සමුදී රබර්, ගම්මිරිස් මතින් ජීවිත ජයගත් මේ බිමේ සුවිශාල ප‍්‍රජාවකට අද මානසික කම්පනයකින් ජීවිතය ගැටගසා ගන්නට සිදුවී තිබේ. ඒ තමන් ජීවිත කාලයක් මහන්සි වී ගොඩන`ගාගත් ආර්ථිකය ජලාශයකට යටවෙන්නට ඔන්න මෙන්න නිසාය.

බඩල්කුඹුර, බිබිල – මැදගම, මොනරාගල ආදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අයත් ගම්මාන 29 ක් පමණ අලූත තැනෙන්නට නියමිත මෙම ජලාශයට යටවෙනු ඇතැයි ගම්මු අනුමාන කරති. ඔවුන්ට රාජ්‍ය අංශයෙන් හෝ ඔවුන්ම පත් කළ දේශපාලකයන්ගෙන් හෝ ඇත්ත තොරතුරක් නැත්තේමය. එනිසාම මේ මිනිසුන්ගේ බිය දෙගුණය. තෙගුණය. තමන් මෙතුවක් කල් ගතකර ගොඩන`ගා ගත් ආර්ථිකයට සරිලන වන්දියක් දෙන්නට රජයට බැරි බව ප‍්‍රකාශ කරන ඔවුන් මෙම ජලාශ යෝජනා ක‍්‍රමය නිසා ඔවුන්ගේ නිජ බිම අහිමි වුවහොත් නැවත තම ජීවිතය ගොඩන`ගා ගතනොහැකි යැයිද පුන පුනා ප‍්‍රකාශ කරති. මේසා ව්‍යසනයක් ගෙන එන මේ ව්‍යාපෘතිය කුමක්ද? ජනතාව කිසිත් නොදනී.

කුඹුක්කන් ඔය යෝජනා ක‍්‍රමය

මොනරාගල බඩල්කුඹුර ප‍්‍රදේශයේ උද්ඝෝෂණයට තුඩුදී තිබෙන මෙම ව්‍යාපෘතිය පිළිබඳව කුඹුක්කන ඔය ජලාශ යෝජනා ක‍්‍රමය නමින් යෝජනා වාර්තාවක් මොනරාගල දිස්ති‍්‍රක් වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය විසින් සම්පාදනයකර ඇත. වාර්තාවේ පරිදි ගොවිතැනට ජලය, පානීය ජලය, ජලවිදුලිබලය මෙම ව්‍යාපෘතිය තුළින් ජනනය කිරීමට යෝජිතය. ජලාශයේ යෝජිත නිර්මාණ ධාරිතාව අක්කර අඩි 156,951.5කි. මෙමගින් බුත්තල, මොනරාගල, සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශවල ජන ජීවිතය දියුණු කරන්නට යෝජිතය. ප‍්‍රදේශය තුළ කෘෂි අස්වැන්න ඉහළ දැමීම, පානීය ජල අවශ්‍යතා පිරිමැසීම, ජල විදුලිබල ජනනය සහ ධීවර කර්මාන්තය නැංවීම යෝජනාවෙන් අපේක්ෂිතය.

ප‍්‍රතිලාභ: අක්කර 10315 අලූතින් වගාකිරීම, දැනට වගාකටයුතු සිදුකරන අක්කර 300කට හිඟයකින් තොරව ජල සම්පාදනය කිරීම, වාර්ෂිකව ගිගාවොට් පැය 16ක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීම, පානීය සහ කර්මාන්තවලට අවශ්‍ය ජල සම්පාදනය, ධීවර කර්මාන්තය දියුණු කිරීම, මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය නැංවීම

ඉහත යෝජනාවෙන් ප‍්‍රතිලාභ ලැබෙන ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ ලෙස පස්සර, මැදගම, මඩුල්ල, බඩල්කුඹුර, මොනරාගල, බුත්තල, සියඹලාණ්ඩුව යන ප‍්‍රදේශ එම ලේඛනය තුළ දක්වා ඇත. මෙම ජලාශ යෝජනා ක‍්‍රමය සඳහා යෝජිත මුදල වනුයේ රුපියල් මිලියන 31 දහසකි.

යෝජනාව ගැන තවදුරටත්

කුඹුක්කන යෝජිත ජලාශය තුළින් වගාවන් සඳහා ක‍්‍රම දෙකකට ජලය දෙන්නට යෝජිත අතර ප‍්‍රධාන ජල ප‍්‍රවාහය කිලෝමීටර 5.8ක උම`ගක් මගින් ජල විදුලි බලය නිපදවීම සඳහා ගෙන යන අතර පසුව එම ජලය හුලන්දා ඔයට නිදහස් කරනු ලැබේ. පසුව එම ජලය තෙනගල ලන්ද වැව, ඉත්තෑකඩුව වැව, ඇතිමලේ වැව කොටියාගල වැව, වට්ටාරම වැව ආදී වැව් සඳහා දියවර සපයන අතර එමගින් නව බිම් අක්කර 9000කට ආසන්න ප‍්‍රමාණයක් අස්වැද්දීමට යෝජිතය. අනෙක් ප‍්‍රධාන ජල ප‍්‍රවාහය කුඹුක්කන් ඔය තුළින් පහළට ගලන අතර එම ජලය පසුව යෝජිත නුගමන්දෙණිය අමුණ හරහා හෙබෙස්ස වැව සහ බිඳුණු වැව යන වැව් පිරවීම සඳහා උපකාර කර ගනු ලැබේ. මෙමගින් අලූතින් අක්කර 1350ක් පමණ වගාවට එකතු කර ගැනුමට යෝජිතය.
මෙවැනි ව්‍යාපෘති යෝජනා බැලූ බැල්මට හොඳය. එහෙත් ගැටලූව වනුයේ මෙවැනි ලියවිලි අදාළ ප‍්‍රදේශයේ ජනතාව හමුවේ නොතිබීමය. අදාළ ප‍්‍රදේශයේ ජනතාව ව්‍යාපෘතිය පිළිබඳව කිසිවක් නොදැන සිටී. ජනතාව දැනුවත් කිරීම අවැසි නැතැයි චණ්ඩි දේශපාලකයෝ සිතති. කුඹුක්කන යෝජනා ක‍්‍රමයේ දිග පළල කිසිවක් බඩල්කුඹුර ආදී ප‍්‍රදේශවල ජනතාව නොදන්නාකමින් අද ඔවුන් බරපතළ මානසික ව්‍යසනයක කල් ගෙවමින් සිටිති. එවැනි මානසික කම්පනයන් උද්ඝෝ ෂණයන්, විරෝධතාවන් ලෙස එළියට පැමිණීම සාධාරණය.

විරෝධය

‘අපි මේ ප‍්‍රදේශයේ ජනතාව විදිහට මේ කිසිදෙයක් දන්නේ නැහැ. මැනුම් නිලධාරීන් ගෙවල් මිදුල් උඩින් යනකොට තමයි අපිට මේකේ දිග පළල හිතාගන්න පුළුවන් වුණේ. දේශපාලකයෝ හිතනවා අපිව දැනුවත් කළ යුතු නැහැ කියලා. රජයේ නිලධාරීන් කියනවා දේශපාලකයෝ ජනතාව දැනුවත් කරනවාට විරුද්ධයි කියලා. ඇයි මේ? අපි ඉපදුණු හැදුණ වැඩුණු තැන ජලයෙන් යට වෙනවානම් අපිට අපේ ගෙවල් දොරවල් නැති වෙනවා නම් ඒක අපිට දැනගන්න අයිතියක් නැද්ද?’

මේ හ`ඩ කුඹුක්කන නිජබිම සුරැුකීමේ ව්‍යාපාරයේ උපදේශක නාරද හිමියන්ගේය. මේ විරෝධතාවටත් මූලිකම හේතුව ජනතාව නිසි පරිදි දැනුවත් නොකිරීමය. යම් සංවර්ධන යෝජනා ක‍්‍රමයක් රජය කි‍්‍රයාත්මක කරන විට ඒ ආශි‍්‍රත තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම යුතුකමය. එම තොරතුරු දැනගැනීම ජනතාව සතු අයිතියකි. එහෙත් එම අයිතිය පසෙකලා රජය කටයුතු කරනුයේ යෝජිත මෙවැනි ව්‍යාපාර ඇතුළත තව තවත් සැ`ගවුණ අරමුණු තිබිය හැකි බැවිනි.

කොටියාගල, කළුදියඇල්ල

කොටියාගල. කළුදිය ඇල්ල වැනි ගම්මාන මොනරාගල දිස්ති‍්‍රක්කයේ කෙළවර යාල කැලයට මායිම් වූ ප‍්‍රදේශය. මෙම ප‍්‍රදේශ අතිශය වියළිය. කර්කශය. මෙවැනි ප‍්‍රදේශ තුළ යම් යෝජනා ක‍්‍රමයක් මගින් ජලය හරවනවා නම් එය හොඳය. අගය කළ යුතුය. යෝජිත මෙම ජලාශය නිසා ප‍්‍රතිලාභ ලැබෙන ප‍්‍රදේශ දෙස බලන විට කොටියාගල ප‍්‍රදේශය ප‍්‍රමුඛ වෙයි. එහි අක්කර 10000ක් නැවත වගාවට යෝජිතය. වාරිමාර්ග අංශය මෙවැනි යෝජනා ගෙන ආවත් අද දවසේ කොටියාගල යථාර්ථය වෙන එකක් වීම ප‍්‍රශ්නයකි. දැන් දැන් කොටියාගල ප‍්‍රදේශයේ සාම්ප‍්‍රදායික හේන් ගොවිතැන් එම ප‍්‍රදේශවලින් පලවාහරිමින් තිබේ. වන රක්ෂණය එම ඉඩම් ළහි ළහියේ කැලයට ඈ`දාගනිමින් ඇත. වාරිමාර්ග දෙපාර්ත මේන්තුව තමන්ගේ අලූත් ව්‍යාපෘතිය මගින් අලූතින් අක්කර දසදහසක් වගාකරන්නට කතාකරන විට එම ප‍්‍රදේශවල දැනටත් වැඩි ප‍්‍රමාණයක් වගා කටයුතු කරගෙන යන ගොවියන් පළවා හැරීම තේරුම් ගන්නේ කෙලෙසකද?

කුඹුක්කන ව්‍යාපාරය කෙසෙල් වගාවටද?

‘‘දැන් මහත්තයෝ වන සංරක්ෂණ නිලධාරීන් අපිට හේන් කරන්න දෙන්නේ නැහැ. අපේ අක්කර 10, 5ට සීමා කරලා. මේ අක්කර 5 වුණත් එයාලාට ඕනම වෙලාවක ගන්න පුළුවන් කියලා කියන්නේ. දැන් ඔය කුඹුක්කන හරවන ජලාශයෙන් මෙහාටත් වතුර දෙනවාලූ. ඒකට ගොවියෝ එළවනවා. එතකොට කාටද මේ වතුර දෙන්නේ අපිට ඒක ප‍්‍රශ්නයක්. ඉස්සර අපේ සාම්ප‍්‍රදායික ගොවිබිම් උක් වගාවට දුන්නා වගේ කෙසෙල් වගාවට දෙන්නද මේ හදන්නේ’’
මේ අදහස කොටියාගල ගොවියකුගේය. එක් පසෙකින් ආණ්ඩුව කොටියාගලට වතුර හැරවීමට අදහස් කරන විට අනෙක් පසින් ගොවියා තම නිජ බිමෙන් පිටමං කරනුයේ ඇයි? ප‍්‍රශ්නය නවතින්නේ මෙතනය.

සැගවුණු අරමුණු

හම්බන්තොට නගරයට වතුර සැපයීම, ඩෝන්ලංකා වැනි බහුජාතික කෙසෙල් වගාකරුවන්ට ජලය සහ ඉඩම් ලබාදීම වැනි සැ`ගවුණු අරමුණු මෙම ව්‍යාපෘතිය තුළ පවතින්නේ දැයි ගොවීහු ප‍්‍රශ්න කරති. සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව විනිවිද පෙනෙන සුලූ කතිකාවතක් අදාළ ප‍්‍රදේශය තුළ ගොඩ නොනැගෙන තාක් එවැනි සැක සංකාවන් මිනිසුන් තුළ ජනිත වීම සාධාරණය.

මෙනිසා නැ`ග එන ජනතා උද්ඝෝෂණයට රජය සහ අදාළ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් වහා පිළිතුරු සැපයිය යුතුය. ජීවිත කාලයක් හරි හම්බ කළ තමන්ගේ පරම ධනය ලෙහෙසියෙන් වතුරේ ගසා ගෙන යන තුරු ජනතාව බලා සිටිවී යැයි දේශ පාලකයෝ සිතනවා නම් එය තරම් අනුවණකමක් තවත් නැත.

විකල්පය

යෝජිත ව්‍යාපෘතිය කොතරම් හොඳ එකක් වුවත් ඒ තුළින් කොතරම් ප‍්‍රතිලාභ ලැබුණත් එය ඉටුකිරීම තමන්ගේ මළගමින් පමණක් කෙළවර වෙන ව්‍යායාමක් බව රජය දැනගත යුතු යැයි බඩල්කුඹුර, කරවිල ආදී ප‍්‍රදේශවල ජනතාව ප‍්‍රකාශ කරති. තමන්ගේ ප‍්‍රදේශ තුළ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට තමන් කිසිවිටෙකත් අනුග‍්‍රහය නොදෙන බව ප‍්‍රකාශ කරන ඔවුන් කියනුයේ තමන් ජීවිත කාලයක් හරි හම්බකළ තම ධනය ආරක්ෂා වන ව්‍යාපෘති පමණක් තමන්ගේ කතිරයෙන් බලයට පත්වූවන් කි‍්‍රයාත්මක කිරීම ඔවුන්ගේ පරම යුතුකම බවය. එනිසා බඩල්කුඹුර තවත් රතුපස්වලක් නොකර මෙම ව්‍යාපෘතිය සුදුසු විකල්ප බිමකට ගෙන යන්න යැයි උද්ඝෝෂකයෝ අවධාරණය කරති.