රාවය

මේ රට ආසියාවේ අවනීතියේ කේන්ද්‍රයද?

මේ රට ආසියාවේ අවනීතියේ කේන්ද්‍රයද?

මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම වන්නේ ලංකාව ආසියාවේ ‘පංච කේන්ද්‍රයක්’ කිරීමටය. දැනුම්, වාණිජ, ගුවන්, නාවික, හා බලශක්ති ඒ කේන්ද්‍ර පහය. මේ කේන්ද්‍ර පහ තවමත් හැදුණේ නැතත්, ලංකාවේ මිනිසුන්ට ඇඟට දැනෙන වෙනත් කේන්ද්‍ර නම් ආණ්ඩුව දැන් හොඳින්ම හදා දී තිබේ. එකක් මත්ද්‍රව්‍ය කේන්ද්‍රයයි. දෙවැන්න මත්පැන් කේන්ද්‍රයයි. තුන්වැන්න අපරාධ කේන්ද්‍රයයි. හතරවැන්න මිලිටරි කේන්ද්‍රයයි. පස්වැන්න අල්ලස් හා ¥ෂණ කේන්ද්‍රයයි. මේ සියල්ල එකට ගත්කල ඒ විසින් ලංකාව ආසියාවේ අවනීතියේ කේන්ද්‍රය බවට දැනටමත් ඔසොවා තබා ඇති බව අපට නම් ඇස් පනාපිට පෙනෙයි. ඒ ගෞරවය හිමිවිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත්, ඔහුගේ ඥාති හා සහචර පාලක පක්‍ෂයටත්ය.

මේ අවනීතිය තවදුරටත් තහවුරු කළ මෑත සිදුවීම නම් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට හම්බන්තොටදී එල්ල කළ නින්දාසහගත ප‍්‍රහාරයයි. එය ආණ්ඩුවේ අනුදැනුම මත, ආණ්ඩුවේ මැරයන් විසින් එල්ල කළ ප‍්‍රහාරයක් බවට අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් ඔප්පු කිරීමටවත් දෙයක් ඉතිරි වී නැත. පසුගිය දිනවල පුවත්පත්වල පළවූ ඡුායාරූප, විiුත් මාධ්‍යවල දර්ශන දුටු ඕනෑම සාමාන්‍ය සිහිබුද්ධියක් ඇති කෙනකුට ඒ බව පැහැදිලි වෙයි.
ඕමල්පේ සෝභිත හිමි වැනි සමහර පාර්ශ්ව කියන්නේ මෙය රජතුමා නිදාසිටින විට ඔහුගේ හිසේ වැසූ මැස්සකු ඉවත්කරන්නට පොල්ලකින් ගැසූ අන්තේවාසිකයාගේ වැනි මෝඩ වැඩක් බවය. වරද මෝඩ අන්තේවාසිකයාගේ බවය. මේ වචනාලංකාරයන් මගින් කරන්නේ යහපත් රජතුමකු හා මෝඩ අන්තේවාසිකයන් පිළිබඳ කතාවක් ගොතා පවතින ක‍්‍රමය එහෙමම ආරක්‍ෂාකර ගැනීමට තැත් දැරීමය. එහෙත්, අප මතක තබාගත යුත්තේ රජතුමා ඉන්නේ ඒ කතාවේ මෙන් නිදාගෙන නොවන බවය. එසේම, අන්තේවාසිකයා වැඩ කරන්නේ රජතුමාට වුවමනා විදියට, ඔහු අනුමත කරන විදියට බවය.

රාජපක්‍ෂ ගොදුරු බිම

හම්බන්තොට කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්‍ෂ පවුලේ් දේශපාලන ගොදුරු බිමය. කතානායක චමල් රාජපක්‍ෂගේද දේශපාලන බල ප‍්‍රදේශයය. ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂගේද දේශපාලන පාසල් බිමය. එවැනි ප‍්‍රදේශයක වූ මේ සිදුවීම මේ කාලයේ ලංකාවේ ස්වරූපය ගැන බොහෝ දේ කියයි.
මන්ත‍්‍රීවරුන්ට එරෙහිව පිස්තෝලයක් අරගෙන ආවේ හම්බන්තොට පළමු නගරවැසියා වූ නගරාධිපතිය. එය සෙල්ලම් පිස්තෝලයක්යැ’යි දැන් කියන අසම්බන්ධ බොරු පසෙක තැබූ විට ඔහු කරඇත්තේ ගිනිඅවියක් ළඟ තබාගැනීම, එය පෙන්වා අන් අයට මරණ බිය ඇතිකිරීම, අඩන්තේට්ටම් කිරීම, අපරාධයක් කරන්නට පැමිණි අයුතු ජනරාශියක් මෙහෙයවීම හා එහි සාමාජිකයකු වීම වැනි භයානක අපරාධ කිහිපයකි. එය සුළුකොට තැකිය හැක්කක් නොවේ. රටේ නීතිය අනුව, එවැන්නකු අත්අඩංගුවට ගත්විට ඇප ලබාදිය හැක්කේ ඉහළ උසාවියට පමණෙකි.

හම්බන්තොට නගරාධිපතිවරයා හා ආණ්ඩුවේ හම්බන්තොට ලොක්කන් අතර තිබිය හැකි සම්බන්ධය අලූතෙන් කියන්නට අවශ්‍ය නැත. තමන්ගේ බලප‍්‍රදේශයට පිටතින් ආ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකට ගල්මුල්, කුණු බිත්තර, තක්කාලි හා අසභ්‍ය වචන ප‍්‍රහාරයක් එල්ලකරන්නට මැරයන් මෙහෙයවා, තෙමේද පිස්තෝලයක් රැුගෙන මන්ත‍්‍රීවරුන් හඹාගොස් ඔවුන් බියවැද්දීමට තරම් හයියක් හුදු තනි පුද්ගලයකුට එන්නේ නැත. තමන් කරන්නට යන අපරාධය, පසුව තමන්ගේ දේශපාලන ලොක්කන්ගේ බලවත් දෝෂාරෝපණයට ලක්වන, නීතියෙන් දඬුවම් විඳින්නට සිදුවන දෙයක් බව සිතෙන්නේ නම් කිසිවකු එවැන්නක් කරන්නට ඉදිරිපත් වන්නේ්ද නැත. එහෙත්, හම්බන්තොට නගරාධිපතිවරයාට එවැනි දෙයක් ගැන කිසිදු බියක් සැකයක් ඇතිවූ බවක් නොපෙනෙයි. වෙන විදියකින් කිවහොත් තමා කරන්නේ තමාගේ දේශපාලන ප‍්‍රධානීන්ගේ පැසසුමට, අනුමැතියට ලක්වන ක‍්‍රියාවක් බව ඔහු හොඳින් දනියි. අපරාධයට ඔහුට හයිය ලැබෙන්නේ ඒ දේශපාලන අනුමැතියෙනි.

හම්බන්තොටට එහා මායිමේ තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා, 2011 දෙසැම්බර් 25වැනිදා රාත‍්‍රියේ, ගිනිඅවිද රැුගත් බීමත් කණ්ඩායමක් සමග එක්වී බි‍්‍රතාන්‍ය ජාතික තරුණයකු කපාකොටා මරාදමා, ඔහුගේ පෙම්වතිය රංචුගැසී දූෂණය කළේද මේ දේශපාලන හයිය ගැනම තිබුණු සිතීම හා විශ්වාසය නිසාය. එය එසේම විය. ඔහුට විරුද්ධව නඩු විභාගය ආරම්භ කරන්නට මේ තරම්වත් කාලයක් තුළ හැකිවුණේ මියගිය තරුණයාගේ පවුලේ අයත්, බි‍්‍රතාන්‍ය ආණ්ඩුවත් ඒ ගැන දැක්වූ බලවත් අවධානය හා බලපෑම නිසාය. පසුගිය නොවැම්බරයේදී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට ආ විට බි‍්‍රතාන්‍යයේ චාල්ස් කුමරුද, අගමැතිවරයාද ඒ ගැන විමසන්නට නියමිත බව ආරංචි වීය, තමන්ගේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව ලහි ලහියේ නඩු පවරන තැනකට ආණ්ඩුව ගියේ. ඒ අතර සැකකරු අධිකරණය මඟහැර සිටි ආකාරයද සියල්ලෝ දනිති.

මුදා නොගත් ප‍්‍රදේශය

පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට සිදුවූයේ කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ නිදහසේ මැතිවරණ වැඩකටයුතු කරන්නට ඔවුන්ට ඉඩ නොලැබීමයි. පළාත් සභා ඡුන්දයට පෙර රජයේ ආධාරකරුවන් සහ දේශපාලකයන් හම්බන්තොට ප‍්‍රදේශයේ අයුක්තිය රජ කරවමින්, නීතිය අවනීතිය බවට පත්කර ගිනිඅවි හා බෝම්බ අතට ගෙන මැර බලයෙන් ජනතාවට හිරිහැර කරමින් සිටි බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවකදී කියා තිබේ. ඔවුන් හම්බන්තොට ඡුන්ද ප‍්‍රචාරක කටයුතුවලින් මුළුමනින්ම වැළකීසිටියේ ඒ ප‍්‍රහාර හේතුවෙනි. එනිසා මේ හම්බන්තොට මැර ප‍්‍රහාරය ගැන තමා පුදුම නොවන බවද ඔහු කීවේය.

නාමයෝජනා දුන් අවස්ථාවේ තම පක්ෂය සැලසුම් කර තිබූ රැුස්වීම් අටකට අවසර නොලැබුණු බවත් පක්ෂයේ සාමාජිකයන් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ පහරකද්දී පොලීසිය බලාසිටි බවත් ඔහු කියා තිබේ. ෆොන්සේකා මහතාට අනුව හම්බන්තොට මුදානොගත් ප‍්‍රදේශයකි.

නායකයන්ට අනුව ගෝලයෝ

ප‍්‍රචණ්ඩත්වය අනුමත නොකරන, මැරකම් කරන්නන්ට දොස් තබන, ඔවුන්ට එරෙහිව හරියට නීතිය ක‍්‍රියාත්මක කරන්නටයැ’යි නියම කරන දේශපාලන ප‍්‍රධානීන් සිටින ප‍්‍රදේශයක නම් මෙවැනි දේ සිදුවිය නොහැකිය. ඒ වෙනුවට තමන් කරන දේට දෝෂාරෝපණය එල්ලනොවන බවත්, නීතියෙන් දඬුවම් නොලබා ඉන්නට හැකි ඉහළම ආරක්‍ෂාව ලැබෙන බවත් සහතික නිසාම මේ ප‍්‍රාදේශීය මැරයන් බිය සැක නැතිව පිස්තෝල, කුණු බිත්තර, ගල්මුල් ගෙන වීදි බැස තිබේ. අප තේරුම්ගත යුතු රෝග නිදානය එතැනය.

මේ මැරයන්ද, ජනාධිපතිවරයාද දෙතැනකදී නමුත් කීවේ එකම කතාවකි. ‘මේවා අපේ ගමේ අපිට අයිති සංවර්ධන ව්‍යාපෘති. ඒවායේ ප‍්‍රතිලාභ අපිටයි. ඒවා විවේචනය කරන්න එන්න එපා.’යි එදින මැරයෝ මන්ත‍්‍රීවරුන්ට කීහ. ‘විපක්‍ෂය ආණ්ඩුවේ දැවැන්ත සංවර්ධන ක‍්‍රියා විවේචනය කරන බව’ ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ රැුස්වීමකදී කීවේය. මේ ප‍්‍රකාශ දෙකෙන්ම කියන්නේ, මේවා ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති බවත්, ඒවා විවේචනය නොකළයුතු බවත් ය. එහෙත් අප දන්නා පරිදි ආණ්ඩුවේ වත්, ආණ්ඩුවට අයිති වත් කියන, රාජපක්‍ෂ පෙළපතේ මුදල් යොදා කරන වෙනම සංවර්ධන ව්‍යාපෘති වර්ගයක් ඇත්තේ නැත. ආණ්ඩුව මේ ව්‍යාපෘති සඳහා චීනයෙන් ගිනිපොලියට දැවැන්ත ණය ලබාගෙන ඇත්තේ ලංකාවේ ඉපදෙන්නට සිටින දරුවන් පවා ණයකාරයන් කරමිනි. දැනට ලංකාවේ ජීවත්වන ලොකු කුඩා සෑම කෙනකුම රුපියල් තුන්ලක්‍ෂ තිස්දහස් ගණනක් බැගින් විදේශයන්ට ණයය. රටේ මහජනතාව පාන්ගෙඩියක් මිලදී ගන්නට වියදම් කරන සෑම රුපියලකින් සත හැත්තෑ ගණනකට වැඩියෙන් කරන්නේ ඒ ණය හා පොලිය සඳහා බදු ගෙවීමය. ඉතින් මේ ව්‍යාපෘති අපේ නොවන්නේ කෙසේද?

මේ රටේ සෑම පුරවැසියකුටම තමන්ට තිබෙන විවේචන තබාගෙන මේ සෑම දෙයක්ම බැලීමට, සොයාබැලීමට අයිතියක් තිබේ. තමන් පරම්පරා ගණනකට ණයකාරයන් කොට ආණ්ඩුව ලබාගත් මුදල් යොදවන්නේ කෙසේද යන්න දැනගැනීමට අයිතියක් නැත්තේ කාටද?
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඊටත් එහා ගිය වගකීමක් තිබේ. රටේ මූල්‍ය පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට නිසාය.

තොරතුරු දැනගැනීමට ඇති අයිතිය

රටේ තොරතුරු දැනගැනීමට නීතියෙන් අයිතියක් නැත. ඒ සඳහා විපක්‍ෂයේ කරු ජයසූරිය මන්ත‍්‍රීවරයා කිහිපවරක් උත්සාහ කොට ගෙනෙන්නට හැදූ තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත, වැඩි ඡුන්දයෙන් පැරැුදූ ආණ්ඩුව කීවේ තමන් වඩා හොඳ එකක් ගෙනෙන බවය. දැන් අවුරුදු ගණනක් ඉක්ම ගොස්ය. ගෙනා එකක් නැත. දකුණු ආසියාවේ තොරතුරු දැනගැනීමට නීතිමය අයිතියක් නැති එකම රට ලංකාවය.

එදා මන්ත‍්‍රීවරුන් සමග මත්තල ගුවන්තොටුපොලට මාධ්‍යවේදීන්ද ඇතුළු වෙන්නට ගිය විට එහි ආරක්‍ෂක බලධාරීන් මාධ්‍යවේදීන්ට ඇතුළු වෙන්නට ඉඩදුන්නේ නැත. මීට පෙර ඇමතිවරයකු සමග ආ විට ඇතුළු වෙන්නට ඉඩ දුන්නා නේදැ’යි මතක් කළ විට, ඒ නිල සංචාරයක් නිසායැ’යි පිළිතුරු ලැබී තිබේ. එහෙත්, මාධ්‍යවේදීන්ට ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් දෙන නිල හැඳුනුම්පතේ තිබෙන්නේ ‘මොවුන්ගේ වෘත්තීය රාජකාරිය බාධාවකින් තොරව කරගෙන යන්නට හැමෝ ම සහාය දෙන ලෙස’ය. ආණ්ඩුවේම එක් අතක නියෝග ආණ්ඩුවේම තවත් අතකින් කඩන්නේ එසේය. එක් අවස්ථාවකදී එක් නීතියකුත් තවත් අවස්ථාවකදී තවත් නීතියකුත් ය.

සිදුවීමෙන් දින හතක් ගතවීත් මේ වනතුරු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිසිවෙක් නැත. සිදුවීම වන අවස්ථාවේදී පොලිසිය නිකං බලා සිටියා පමණක් නොව තාමත් ඉන්නේ එහෙමය. අත්අඩංගුවට ගන්නවා වෙනුවට ප‍්‍රකාශ සටහන්කර ගැනීම පමණක් වෙයි. පොලිසිය වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත්කළ හැක්කේ මාධ්‍ය ප‍්‍රකාශකට පමණක් බවට රීතියක් තියෙද්දී, හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අරුණ චන්ද්‍රපාල දිවයින පුවත්පතට ප‍්‍රකාශයක් දෙමින් කියා ඇත්තේ, කුණු බිත්තර ගසා ඇත්තේ මාධ්‍යවේදියකුට බවත්, මන්ත‍්‍රීවරුන්ට නොවන බවත්, කියන තරම් කලබලයක් එහි සිදු නොවූ බවත්ය. පොලිසියේ නීති පොලිසියම කඩන ආකාරයයි ඒ. හම්බන්තොට පොලිසියට අනුව යකා කියන තරම් කළු නැත.

මේ මුළු සිදුවීමේදීම පොලිසිය සිටියේ මැරයන්ට නිහඬව සහාය දෙමිනි. දැන් සිටින්නේද එහෙමය. 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීමේ අවශ්‍යතාව ගැන කතාකරමින් වරෙක ජනාධිපතිවරයා අසා තිබුණේ, මගේ බල ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් මට ඕනෑ විදියට මාරුකරගන්න බැරිනම් ජනාධිපතිකමෙන් ඇති වැඬේ මොකක්ද කියලාය. රාජපක්‍ෂ ආණ්ඩුවට අවශ්‍ය කවරාකාරයේ පොලිසියක්ද යන්න එයින් පැහැදිලි වෙයි. හම්බන්තොට පමණක් නොව, අනෙක් සෑම පොලිසියකම නිලධාරීහුද, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද, පොලිස්පතිවරයාද ඒ ‘අවශ්‍ය ආකාරය’ දනිති. ඒ අනුව තමන්ගේ නිල කාලය ගෙවති. දැනට සේවා දිගුවක් ලබා සිටින පොලිස්පතිවරයාට ඊළඟට තානාපති ධුරයක් ලැබෙන්නට නියමිත බව දැනටමත් වාර්තා වී තිබේ. ඉතින්, රටේ නීතිය හරියට රැුකීම වෙනුවෙන් තානාපතිධුරයක් අහිමිකරගන්නේ කවර මෝඩයෙක්ද? අන් සෑම අවස්ථාවකදීම මෙන් මෙහිදීද පොලිසිය ඉන්නේ නීතිය රැුකගැනීම වෙනුවට අවනීතිය රැුකගනිමිනි.

ආණ්ඩුවේ හැඟවුම පැහැදිලිය. ‘නුඹලා සිතිය යුත්තේ අප සිතන ආකාරයටම පමණි. වෙනස් අදහස් විවේචන තිබිය නොහැකිය. වෙනස් ලෙස සිතන්නන්ට උරුම මැර ප‍්‍රහාරයන්ට මුහුණදීමය. ප‍්‍රහාරකයන් අපි සදා රැුකගන්නෙමු. නීතිය අපට වැදගත් නැත.’ එවැනි පාලකයන් පිරිසක් හා ඔවුන් රකින, ඔවුන්ගෙන් රැුකෙන මැරයන් පිරිසක් රජකරන මේ රට අවනීතියේ කේන්ද්‍රයක් මිස අන් කුමක්ද?

හම්බන්තොට සිහිනය

‘හම්බන්තොට වරාය තිබෙන්නේ ලෝකයේ විශාලතම සේද මාවත නාවික මාර්ගයේ සිට නාවික සැතපුම් දහයක් දුරිනි. එනිසා හම්බන්තොට පසුකරමින් දිනකට නැව් 200ක් පමණ ගමන්කරයි. වසරකට එය 70,000-80,000ක් වෙයි. හම්බන්තොට වරාය හැදූ පසු වසරකට නැව් 10000ක් අනිවාර්යයෙන්ම එනු ඇත. එයින් වසරකට ඩොලර් බිලියන 50ක විදේශ විනිමයක් ලැබෙයි. වරාය නිදහස් වරායක් ලෙස ක‍්‍රියාත්මක වනු ඇති නිසා මේ ආදායම දෙගුණ වනු ඇත.’ මහින්ද චින්තනයේ හම්බන්තොට වරාය ගැන කියන්නේ එහෙමය. මත්තල ගුවන්තොටුපොලෙන් වසරකට මෙහෙයවන්නට සිටි ගුවන් මගීන් සංඛ්‍යාව ලක්‍ෂ දහයකි. ඉතින්, ඒවා එසේම සිදුවන්නේදැ’යි සොයාබැලීමට අයිතියක් නැත්තේ කාටද?