රාවය

රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි

රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි

 

2014 මාර්තු මාසයේ දිනෙක කොළඹ නගරයයි.
උදෑසනය. තවම වේලාව නවය වූවා පමණි.

එහෙත් ග‍්‍රීෂ්මය අපායක මෙනි. ඒ ග‍්‍රීෂ්මය උකුය. අචලය. එවන් මොහොතක අමෘතය වන්නේ ගසකි. ගස් හෙවණකි. සෙවණින් ලද සිසිලකි. බෞද්ධාලෝක මාවත දෙපස තුරු වියන ඊට කදිම මගකි. ඒ තරම් නොවූවද කොළඹ සරසවිය දෙපස මායිමේ රූස්ස ගස්ද දෙවනුයේ අමා සිසිලක්මය.
කොළඹ නගර මධ්‍යයේ පිහිටි ලංකාවේ පැරණිම විශ්වවිද්‍යාලය මගේ දෑස් මත ලකුණු වේ.

1924 වසරේ රාජ්‍ය මණ්ඩලය මගින් පිහිටුවා ඇති ලංකා විශ්වවිද්‍යාලය පසුකාලීනව කොළඹ විශ්වවිද්‍යාලය නම් විය.
‘කොලේජ් හවුස්’ ගොඩනැගිල්ල පැවති රෙජිනා වලව්ව සර් එඞ්වඞ් ඩෙන්හැම්ගේ උපදෙස් මත එවකට රජය විසින් මිලදී ගනු ලැබ පසුව 1921 නිල වශයෙන් යුනිවර්සිටි කොලීජිය විවෘත වූ බව සැලය. විශ්වවිද්‍යාලයේ ඉතිහාසය ගැන පොතක තිබ්බේ එහෙමය. මගේ ඇස් අතීතයක සිරවේ. කොලේජ් හවුස් ඉදිරිපිට ඉතිහාසයක පැටලේ. පෝලිමට ඇදෙන වාහන පේළිය මා පසු කොට පාඩුවේ ඉගිලෙති. මට මතක එපමණකි. එහෙත් කොලේජ් හවුස් මතකය ඇවිලෙයි. එබැවින් ඒ ගැන සෙවිය යුතුය. ලිවිය යුතුය. මට අහුවෙන ආකාරයට කිව යුතුය.

දකුණේ ධනවතා

දකුණු ලක ධන කුවේරයකු වූ සයිමන් පෙරේරා අභයවර්ධනට පුතුන් තිදෙනෙකි. එක් දුවකි. මේ පවුලට ඇස ගැසූ තවත් පවුලක් විය. ඒ මහා දානපති ශ‍්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසාය. චාල්ස් හෙන්රි ද සොයිසාට පිරිමි දරුවෝ හතකි. එපමණද නැත. ගැහැනු දරුවන්ද හතකි. දරුවෝ දාහතරකි. ලොකුම ලොකු පවුලකි. මේ නිසා මේ දරුවන්ගේ විවාහයන් වෙනුවෙන් හතර අත විහිදුණු දානපති පවුල්වලට ඇස යොමු කිරීම චාල්ස් හෙන්රිද සොයිසාගේ නිත්‍ය වැඩක් විය.

දකුණේ දානපතියකු වූ සයිමන් පෙරේරා අභයවර්ධනගේ ෆ‍්‍රැන්සිස් නම් පුතා විවාහ වූයේ සී.එච්. ද සොයිසාගේ එක් දියණියක් සමගිනි. ඇය රීටාය. සයිමන් පෙරේරාගේ එකම දියණිය රෙජිනා පෙරේරා විවාහ වූයේ සොයිසාගේ සිව්වැනි පුත‍්‍රයා සමගය. ඒ ආතර් ද සොයිසා හෙවත් ටී.එච්.ඒ. ද සොයිසා සමගය.
මේ පවුල් දෙකම ධනවත්ය. තෙදවත්ය. බලවත්ය. එසේ නම් මඟුලද මහ ඉහළින්ම සැමරීම එකම අදිටන විය. පෙරේරාට මෙම මඟුල දකුණේ ඉතිහාසගත විවාහ මංගල්‍යය කිරීමේ දොළක් ඉපැදිණි. ඒ අනුව එය එයාකාරවම සංවිධානය කළේය. එය එලෙසම සිදුවිය.

මෙන්න මඟුල්

එදා 1879 මාර්තු මස 02 වනදාය. පුවත්පත ‘ලන්ඩන් ඬේලි ග‍්‍රැෆික්’ (LONDON DAILY GRAPHIC) ය. එම පත‍්‍රයේ මෙම මඟුලට විශේෂ තැනක් හිමිකර දෙමින් මංගල ඡුායාරූපය ඇතුළුව විස්තරද පළකොට තිබුණි. මඟුල් විස්තර රැුගත් මංගල ඡුායාරූපයද ඇතුළත් එම ලිපියෙහි ශීර්ෂය අපූරුය. එය ’1899 සිංහල මඟුලක්’(A SINHALESE WEDDING IN 1899) යනුවෙන් පළවිය.

එහි විස්තරය මෙසේය.
‘ද සොයිසා-පෙරේරා විවාහය’ ලක්ෂපති සී.එ.ඒ. ද සොයිසා සහ එම මැතිනියගේ සිව්වෙනි පුත‍්‍රයා වූ ජී.එච්. ආතර් ද සොයිසා සහ රෙජිනා පෙරේරාගේ විවාහ උත්සවය පසුගිය මස කොළඹදී සිදුකරන ලදි. ඇය ප‍්‍රසිද්ධ සයිමන් පෙරේරාගේ දියණියයි. ගාල්ලේ සිට කොළඹ දක්වා මහත් හරසරින් ඔවුන් පිළිගැනීම පිණිස විශාල පිරිසක් මග දෙපස රැුස්ව සිටියහ. ‘‘උපතින්ම රෙජිනා බෞද්ධ වුවද, ආතර් ද සොයිසා ක‍්‍රිස්තියානි ආගමිකයකු නිසා විවාහය සිදුකරන ලද්දේ ගාල්ලේ සියලූ සාන්තුවරුන්ගේ දේවස්ථානයේදීය. ඒ. 1899 පෙබරවාරි මසය.

කෝච්චියේ ගමන

ආතර් ද සොයිසා රෙජිනා රැුගත් අශ්ව කරත්ත පෙරහැරක් සමගින් ගාලූ දුම්රිය ස්ථානයට ළඟාවූ අතර ඥාතීන් සමග විශේෂ මැදිරියකින් යුත් දුම්රියකින් කොළඹට සේන්දු විය. මග දෙපස තොරණය. සැරසිලිය.

අයිස්ක‍්‍රීම් සාදය

ගාල්ලේ පැවති භෝජන සංග‍්‍රහයේදී ගාලූ ඉතිහාසයේ ප‍්‍රථමවරට අයිස්ක‍්‍රීම්වලින් සංග‍්‍රහ කළ බවද එකී අයිස්ක‍්‍රීම් කෙළින්ම නැවකින් ගෙනා බවද නෝරා රොබට්ස් සිය කෘතියෙහි සඳහන් කොට ඇත.

මයිකල් රොබට්ස්ගේ සොයුරියක වූ නෝරා රොබට්ස් ගාල්ලේ මහජන පුස්තකාලයේ අධිපතිනිය ලෙස සේවය කළාය. එකල ඇය ගාලූ පුරවරයේ විත්ති රැුගත් කෘතියක් ලිව්වාය. ‘ගෝල් ඇස් ක්වායට් ඈස් ඒස්ලීප්’’ (GALLE AS QUIET AS ASLEEP) නමින් එය ප‍්‍රකටය. එම පොතෙහි පිටු අංක 397-410 දක්වා ‘ගාලූ පැත්තේ යන්නේ වැදගත් මිනිස්සු බලන්නටා’ යන සිරසින් පෙරේරා අභයවර්ධන පවුල ගැන කදිම විස්තරයක් ගෙන හැර පා ඇත.)

ධනවත්වීමේ රහස

නැවකින් අයිස්ක‍්‍රීම් ගෙනෙන්නට තරම් ලොක්කන් වූ පෙරේරා අභයවර්ධනලාගේ ඉතිහාසය සෙවිය යුතු නැද්ද? ඔවුන් මේ තරම් දානපතියන් වූයේ කෙසේද යන්න සිතිය යුතු නැද්ද? ටී.එස්. ධර්මබන්දු ගාවා ගැනීම වැදගත්වන්නේ එවිටය. ඔහු ලියූ ‘බේලිකන්දේ සොහොයුරෝ’ කෘතිය ඊට කදිම නිදසුනකි. මේ ධර්මබන්දු ලියන දෑය.

‘එකල ලංකාවේ ප‍්‍රධාන වරාය වූයේ ගාලූ නැව්තොටයි. අප රටට අවශ්‍ය සියලූම දේ අපනයනය හා ආනයනය කරනු ලැබුවේ මෙහිදීය. විදේශ සංචාරකයන් ලංකාවට පැමිණියේද ගාලූ වරායෙනි. මෙරට ආර්ථික මධ්‍යස්ථානය දකුණ වූ අතර පී.ඇන්. ඕ. සමාගමේ ලංකා නියෝජිත කැප්ටන් බේලි, සයිමන් පෙරේරා පවුලේ මිතුරෙකි. පී.ඇන් ඕ සමාගමේ සියලූම නැව් සහ අනෙකුත් නැව්වලට අවශ්‍ය ගල්අඟුරු වතුර සහ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීමේ උප කොන්ත‍්‍රාත්තුව රෙජිනාගේ පියාට ලැබිණ. ගාලූ වරායට ඈතින් ගල්පර බෙහෙවින් පිහිටා තිබිණ. ඇතැම් නැව් එම ගල්පරවල හැපී විනාශ වූ අතර සුන්බුන් අස්පස් කිරීමද පෙරේරාගේ රාජකාරියක් විය. සයිමන් පෙරේරාට මෙය තනිවමත් කළහැකි දෙයක් නොවූයෙන් සිනොනි ඇතුළු අනෙක් සොයුරන් එක් කොට පවුලේ සමාගමක් බවට පත් කළේය. 1889දී කැප්ටන් බේලිගේ මන්දිරය සයිමන් පෙරේරා මිලදී ගත්තේය. මෙවැනි ව්‍යාපාරයකට මෙයට පෙර කිසිදු සිංහලයකු අත නොගැසූ අතර මෙමගින් මුළු දකුණේම පොහොසතුන් වීමට ඔවුන්ට හැකිවීම අරුමයක් නොවේ. ඔවුන් ඉංග‍්‍රීසීන් පවා බියගන්වමින් සිටි එඩිතර පිරිසක්’ බව ධර්මබන්දු සිය කෘතියෙහි සඳහන් කරයි.

කෑම වේල

සයිමන් පෙරේරා ගැන තව තතු බොහෝය. ඒ ඔවුන්ගේ වත් පොහොසත්කම් ගැනය. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සහ හෙලේනා පැච්ලොව් බ්ලැවැස්කි මැතිනිය ඇතුළු පිරිසට දුන් කෑම වේලද ඒ අතර ප‍්‍රසිද්ධය. එකී භෝජන සංග‍්‍රහයට ව්‍යංජන 52ක්ද, රසකැවිලි විශාල ගණනක්ද තිබූ බව 1880 මැයි මස 27 වැනි දින ගාලූ වරායෙන් ගොඩ බට ඕල්කට්තුමාගේ දිනපොතෙහි සඳහන්ය.

බගතලේ වලව්ව

සොයිසලා පෑහෙන්නේ එවන් පවුලකටය. මෙරට මහා දානපතියන් වන සොයිසාගේ මහ සොයිසාට කොල්ලූපිටියේ අක්කර 120ක පිහිටි භූමි ප‍්‍රදේශයේ විශාල වලව්වක් විය. එය ‘බගතලේ වලව්ව’ විය. මහ සොයිසා පදිංචිව සිටියේ එහිය. වික්ටෝරියා රැුජිනගේ පුත් ඇල්ෆ‍්‍රඞ් කුමරු ලංකාවට පැමිණි පසු ඔහුගේ අවසරය මත ‘බගතලේ වලව්ව’ ‘ඇල්ෆ‍්‍රඞ් හවුස්’ බවට පත්වී ඇත.

සොයිසාද ඇල්ෆ‍්‍රඞ් කුමරුට වාර්තාගත භෝජන සංග‍්‍රහයක් පිරිනමා ඇත. ඒ 1820 මැයි 27 වැනි දිනය. සියලූම ආහාර ගන්නා භාජන රිදියෙන් සහ හැඳි ගෑරුප්පු රනින් නිමවූ අතර මිට ඇත්දළවලින් සාදන ලද්දකි. පසුව මෙම භාණ්ඩ සොයිසා පෙරේරා අභයවර්ධන පවුලේ අය අතර බෙදාගෙන ඇත.
එවන් ඉතිහාසයක් සපිරි පවුලේ විවාහයෙන් පසු ආතර් ද සොයිසා තම ආදරවන්තිය රෙජිනා වෙනුවෙන් ඉදිකළ දැවැන්ත මන්දිරය අදටත් නිරුපද්‍රිතය. එය සෑහෙන කාලයක් ගතකොට ඉදිකළ එකකි. එහි වැඩ අවසන් කොට ඇත්තේ 1912දීය. එහෙත් සියලූම කතාවල අවසානයේ ඇති දුක්ඛදායකයම පසක් කරමින් එහි වැඩ අවසන් වනවිට එය දැක ගැනීමට රෙජීනා ජීවතුන් අතර නොසිටියාය. මෙම දෙපළට දරුවන් පස්දෙනෙක් විය.

කඩා වැටීම

ආගන්තුක සත්කාරයෙහිද, සමාජ සේවයෙහිද ඉහළම තැනක වැජඹුණද සොයිසා-පෙරේරා අභයවර්ධන පරපුරෙහි අක‍්‍රමවත් ආයෝජන, අවිධිමත් පරිපාලනය සහ තම මව්පිය උරුමයෙන් ලද ධනය අතදිගහැර වියදම් කිරීමත් දෙපක්ෂයේම ඇතැම් සාමාජිකයන්ගේ ගරා වැටීමත් නිසා 1950න් පසු මෙරට නව ධනපති පන්තියක් නිර්මාණය විය.

කුමන හෝ පසුබිමක් මත 1920දී රජය මගින් පවරා ගත් ‘රෙජිනා වලව්ව’ කොළඹ විශ්වවිද්‍යාලයට ලබා දුන්නේය. එතැන් පටන් එය ‘කොලේජ් හවුස්’ නම් විය. අද සැවෝම එය දන්නේ එලෙසය. රෙජිනා නොසිටි රෙජිනා වලව්ව අසලින් හැදූ පාරට – තර්ස්ටන් පාරට පිවිසීම පිණිස ‘රෙජීනා වලව්ව’ අසලින් පාරක් තිබූ හෙයින් එය කටවහරට ‘රෙජිනා පාර’ නම් විය. එහෙත් ඉතිහාසයේ තතු නොදත් කොළඹ නගර සභාවේ ඇතැම්හු ‘රෙජිනා’ ලෙස වහරනුයේ රැුජිනයැ’යි විය යුතුයැ’යි සිතාදෝ එකීපාරට ‘රැුජින පාර’ හෙවත් ක්වීන්ස් රෝඞ් ලෙස නම් තබා ඇත.

කොළඹ, බම්බලපිටියේ ආතර්ස් පෙදෙස නම් කර ඇත්තේ ආතර් ද සොයිසා සිහිවනු වස්ය. ඇල්ෆ‍්‍රඞ් පෙදෙස, ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාඞ්න්ස් යන ප‍්‍රදේශ නම් කර ඇත්තේද සී.එච්. ද සොයිසාගේ මන්දිරය එහි තිබූ හෙයිනි.

රෙජිනා වලව්ව මෙරට මහා දානපති පවුල් දෙකක එකමුතුවේ සංකේතයකි. එය අද ඥාන උල්පතකි. රෙජිනා අත්නොවිඳි වලව්ව අද බොහෝවුන් පරිහරණය කරති. එහෙත් ඒ රෙජිනා වලව්ව අර්ථයෙන් නොව ‘කොලේජ් හවුස්’ අරුතිනි. කඩිමුඩියේ ඉගිලෙන බස් රථ වාහන මේ පසුකොට යන බොහෝ දේ තුළ බොහෝ කතා ඇත. අපි ඒවාද ඒ ක්ෂණයෙන් පසු කොට යන්නෙමු. මොහොතකට ඒ අසල නතර වුවහොත් එහි ඉතිහාසයක් ඇතැ’යි වැටහෙනු ඇත. ඒ පිළිබඳ කැණීම් කළහොත් බොහෝ දේ පාදා ගත හැකිය. එහෙත් ඊට කාට නම් වෙලාවක් ඇත්ද?

මේ තුළද අතහැරුණු මගහැරුණු බොහෝ දේ ඇත. එහෙත් අල්ලා ගත් පොඩි දේ වුව පොඩි දැනුවත්වීමකට අගනේයැ’යි සිතේ. හුදෙක් මේ වලව්ව වලව්වක් පමණක් නොව මේ තුළ දිග හැරුණු ඉතිහාසයක්, ඒ තුළ හැඩවුණු දේශපාලනයක් ගැන නොකිය වෙන්නේද? ඒ කිසිවක් එළිපිට නැත. නැත්තේද නැත. ගිනියම් කාස්ටකයට සරසවිය ඉදිරිපිට ගස් අමා සුවයක් ගෙන දුන්නද? වරුසාවක් මඳ හෝ සුළඟක් හමන කල එහි ලැගීම අනතුරුදායකය. මන්ද මේ රූස්ස ගස් පුංචි සුළඟටත් බිමට පතබාන බැවිනි. දහ දොළොස් දෙනෙකුට වුව බැදිය නොහැකි මේ ගස් පුංචි සුළඟටත් බිම පතබානුයේ ඇයි? මුල ශක්තිමත් නැති නිසාද?

රෙජිනා වලව්ව අතහැර ‘කොලේජ් හවුස්’ එකට ඉඩහැර මේ සටහනට තිත තබමු. කොළඹ සරසවිය පසුකොට බසයක යන මොහොතක රෙජිනා වලව්ව දකින්න. බසයක නොව කුමක ගියද පයින් ගියද ඊට බාධාවක් නැත. ඔබ කොහොම ගියද රෙජිනා වලව්ව වෙනුවට ‘කොලේජ් හවුස්’ එක දකිනවා නියතය. රෙජිනා පාර වෙනුවට රැුජින පාරේ යනවා සහතිකය.