රාවය

ආණ්ඩුට දැල්වූ රතු එළිය හා රාජපක්‍ෂ විරෝධය

ආණ්ඩුට දැල්වූ රතු එළිය හා රාජපක්‍ෂ විරෝධය

 

ආණ්ඩුවේ සාමාජිකයන් හා ඊට හිතැ’ති විචාරකයන් කවරක් කීවද, දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලවලින් ආණ්ඩුවට රතු එළියක් දැල්වී ඇති බව රහසක් නොවේ. මේ පළාත් සභා දෙක දිනාගැනීම සඳහා ආණ්ඩුව යොදාගත්තේ තමන්ට හැකි උපරිම සටන්පාඨ දෙකය. තමන්ගේ අනුත්තර නායකයා බටහිර අධිරාජ්‍යවාදීන් විසින් විදුලි පුටුවේ තබන්නට යන බවත්, එයින් ගලවාගන්නට ඊට විරුද්ධව ආණ්ඩුවට පක්‍ෂව ඡුන්දය දෙන ලෙස කීම පළමුවැන්නය. දකුණේ හා කොළඹ මහා සංවර්ධනය ගැන බලා ඡුන්දය දෙන ලෙස කීම දෙවැන්නය.

විදුලි පුටුවේ සටන් පාඨය

පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ ජිනීවා පරාජය ලංකාවේදී ජයග‍්‍ර‍්‍රහණයක් බවට හරවාගැනීමේ පරම වුවමනාව ඇතිව බව ද රහසක් නොවේ. පළාත් සභා දෙකටම තවත් මාස ගණනක ධුර කාලයක් තිබුණේය. සභා දෙකම විසුරුවන ලද්දේ, මාර්තු 29 වැනිදාම ඡුන්දය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියම කිරීමට සිදුවන අන්දමට නූලට ගණන් බලාය. ජනාධිපතිවරයා විදුලි පුටුවේ තබන්නට යන කතාව මේ මැතිවරණයේ ප‍්‍රමුඛ සටන් පාඨය ලෙස යොදාගත යුතුයැ’යි ශ‍්‍රීලනිප මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂයේ සියලූ ආසන සංවිධායකයන්ට හා අපේක්‍ෂකයන්ට ලිඛිත උපදෙස් කට්ටල සපයා දැනුම් දෙනු ලැබූ බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි. එතෙකින් නොනැවතී ජනාධිපතිවරයා තෙමේ ම ඒ සටන්පාඨය වේදිකාවේදී නැවත නැවත කියමින් රට වෙනුවෙන් විදුලි පුටුවට වුවද යන්නට තමාගේ ඇති කැමැත්ත අවධාරණය කළේය. මේ තත්ත්වය මත සිදුවිය යුතුව තිබුණේ තමන්ට ත‍්‍රස්තවාදීන්ගෙන් තොර ලොවක් තනාදීම සඳහා වෙහෙසවීමේ ‘පාපය’ හේතුවෙන් අධිරාජ්‍ය වාදීන්ගේ විදුලි පුටුවේ හිඳගෙන ඝාතනය වීමට සිදුවී ඇති තමන්ගේ අනුහස් සහිත නායකයා වෙනුවෙන් වහා ඉදිරියට පැමිණ ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානයේ සියලූ ඡුන්දදායකයන් පමණක් නොව, ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා සෑහීමට පත්ව සිටින අනෙක් පක්‍ෂවල ඡුන්දදායකයන්ද වැලනොකැඞී ඡුන්දපොලට ගොස් ජනාධිපතිවරයා ගලවාගැනීමේ අදහසින් වත් ඡුන්දය ආණ්ඩුවට පක්‍ෂව පාවිච්චි කිරීමය. එහෙත් අවසානයේ ආණ්ඩුවේ ඡුන්ද දායකයෝ පවා විදුලිපුටු කතාවට පිටුපස හැරවූහ. ඡුන්දපොළට නොයෑමෙන් හා විරුද්ධව ඡුන්දය දීමෙනි.

ආණ්ඩුවේ අනෙක් තුරුම්පුව වූයේ සංවර්ධනයයි. දකුණ හා බස්නාහිර ලංකාවේ පසුගිය කාලයේ වේගයෙන්ම කෘත‍්‍රිම සංවර්ධනයකට ලක්කළ පළාත් දෙකයි. වරාය, ගුවන්තොටුපොල වැනි යෝධ ව්‍යාපෘති පසෙක තිබියේවා, රටේ අනෙක් ප‍්‍රදේශ හා සලකා බලන විට මාර්ගවල අඩුම වාහන ඝනත්වයක් (කිසියම් නිශ්චිත කාල පරාසයක් තුළ මාර්ගයක ගමන්කරන වාහන සංඛ්‍යාව) තිබෙන දකුණේ, මාර්ග පද්ධතිය මහා පරිමාණයෙන් සංවර්ධනයට වැයකර ඇති සුවිසල් මුදල වුවද දකුණට මේ ආණ්ඩුව දක්වා ඇති සංවර්ධන සැලකිල්ල කියාපායි. කෙටියෙන් කිවහොත්, පසුගිය කාලයේ නිමවන ලද විවිධ උiාන, ගොඩනැගිලි පරිශ‍්‍රවල තණනිල්ල හා මල් ගස් වියලී යා නොදී තබාගැනීමට රාත‍්‍රී කාලයේදී හෙලිකොප්ටර් අහසට නංවා ඒවායින් වැසි වස්සන තරමේ සංවර්ධනයක් පසුගිය කාලයේ ආණ්ඩුවෙන් දකුණට ලැබිණි. කොළඹට මුළුමනින්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා යටතේ ක‍්‍රියාත්මක වූ සංවර්ධනයක් ලැබිණි. එහි තරම නැවත කීම අනවශ්‍යය.

එහෙත් මැතිවරණ ප‍්‍රතිඵල කියන්නේ මේ සංවර්ධන ව්‍යාපෘති දෙකද මහජනතාව විසින් ප‍්‍රතික්‍ෂෙප කරමින් තිබෙන බවය. කොළඹ නගරය හා තදාසන්නව මධ්‍යම පන්තියේ ආකර්ෂණය දිනාගැනීම සඳහා තනන ලද ව්‍යායාම මංතීරු හා කොළඹ අලංකරණ ව්‍යාපෘතියවත් ඒසා පල දරා නැත.

රාජපක්‍ෂ පවුලට විරෝධය

සංඛ්‍යා ලේඛනවලින් ඔබ්බට ගොස් බැලූවහොත් ආණ්ඩුව ලබා ඇති පරාජය ප‍්‍රකාශවන ආකාර කිහිපයකි. පළමුවැන්න රාජපක්‍ෂ පවුල කෙරෙහි ඡුන්දදායකයා දක්වා ඇති නොරිස්සුම් සහගත ආකල්පයයි. ජනාධිපතිවරයා ගැන මෙතෙක් තිබී ඇති නිරපේක්‍ෂ කැමැත්ත දැන් බලවත් ලෙස දියවී යන බවක් ප‍්‍රතිඵලයෙන් පෙනෙයි. අවුරුදු 12ක් වන ජනාධිපති වරයාගේ ධුරකාලයෙන් අවුරුදු 9ක් ඉක්ම යන විටත් විට එවැනි පරිහානියක් පෙනෙන්නට තිබීම වැදගත් කාරණයකි. තුන්වැනි ධුරකාලයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අපේක්‍ෂා එමගින් බලවත් සෙලවීමකට බඳුන්කෙරෙන බව පැහැදිලිය. අනෙක් වැදගත් කරුණ, රටේ නිලනොවන නායකයකු ලෙස සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රැුස්වළල්ල දියවී යෑම ඇරඹීමයි. මුලින් එය ඇරැුඹුණේ කොළඹ සාමාන්‍ය ජනතාවගේ කැරැුල්ලකිනි. දැන්, ඡුන්ද ප‍්‍රතිඵලවලින් රාජපක්‍ෂ මහතා අත්තනෝමතිකව ගෙන යන කොළඹ හා අනෙක් ප‍්‍රදේශවල ඊනියා බැරැුක්ක සංවර්ධන වැඩපිළිවෙල ජනතාව විසින් ප‍්‍රතික්‍ෂෙප කරමින් තිබෙන බව පැහැදිලිව පෙනෙයි. ප‍්‍රතික්‍ෂෙපය කෙතරම් ද යත්, තමන්ගේ තට්ටු නිවාස යෝජනා ක‍්‍රමයට ‘ඉඩ දෙන’ ලෙස මහජන මුදල් වැයකර මහා ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පටන්ගන්නට පවා රාජපක්‍ෂ මහතාට සිදුවිය. ගම්පහ භාරව සිටි රාජපක්‍ෂ පවුලේ අනෙක් සාමාජිකයා වන බැසිල් රාජපක්‍ෂ මහතාට ලැබුණු ප‍්‍රතිචාරයද පසුබෑම පෙන්වන එකකි. එසේම, ජනාධිපති පුත්, අනාගත රටේ ජනාධිපතිවරයා ලෙස මැතිවරණ වේදිකාවලදී සැලසුම්සහගතව හඳුන්වා දෙනු ලැබූ මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මේ මැතිවරණයේදී වැඩිම රැුස්වීම් ගණනක් ඇමතූ වැඩිම කැපවීමක් පෙන්නුම්කළ පුද්ගලයා ලෙස ඇමති ඩලස් අලහප්පෙරුමගේ වන්දනයටද පාත‍්‍රවිය. එය එසේ නම්, මේ ප‍්‍රතිඵලවලින් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාද ප‍්‍රතික්‍ෂෙපවී තිබෙන බව සිතන්නට සිදුවෙයි. උදාහරණයක් හැටියට, ඔහු තිලංග සුමතිපාල මහතාගේ ආරාධනයෙන් වනාතමුල්ලේ ජනතාව පෞද්ගලිකවම හමුවී ඔවුන්ට ලැබෙන්නට යන මහත්වූ නිවාස ප‍්‍රතිලාභය ගැන කරුණු කියා දුන්නේය. එහෙත් බොරැුල්ල ආසනය ආණ්ඩුව පරාජය විය.

හිරුනිකාගේ දිනුම

ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා කණ්ඩායම් නායකයා ලෙස කොළඹට තරග කළේ රාජපක්‍ෂවරුන්ගේ කැමැත්තෙනි. ප‍්‍රසන්න රණතුංග මීළඟ ප‍්‍රධාන ඇමැතිවරයායැ’යි ගම්පහදී කියූ ඇමති බැසිල් රාජපක්‍ෂ කොළඹ ගම්මන්පිලගේ රැුස්වීමකදී එය වෙනස් කර ගම්මන්පිලට සහාය ලැබෙන කතාවක් කීවේය. ගම්මන්පිල මහතා තමාගේ දේශපාලන සදාචාර ප‍්‍රමිති කුණුකූඩයට දමමින් හා රටේ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ආරක්‍ෂක ලේකම්වරයා මැතිවරණ වේදිකාවට කැඳවාගත්තේය. මේ පසුබිම මත, ගම්මන්පිලට එරෙහිව ආණ්ඩුවේ බලවේග තුළින්ම ප‍්‍රතිරෝධයක් එන බව මුල සිටම දක්නට ලැබිණි. වයඹදී ජනාධිපතිවරයාගේද, ජනාධිපති ජ්‍යොතිෂ්‍යකාරයාගේද ආශිර් වාදය ලැබූ, එජාපයෙන් පැමිණ සිටි ඇමති ජොන්ස්ටන්ගේ පුත‍්‍රයාට එරෙහිව ශ‍්‍රීලනිපයේ සාම්ප‍්‍රදායික නායකයන් හා ඡුන්දදායකයන් තුළින්ම මතුවූ බලවේගය කූටප‍්‍රාප්ත වූයේ දයාසිරි ජයසේකර මහතා වාර්තාගත මනාප ප‍්‍රමාණයක් ලබා ජයගැනීමෙනි. එය පැහැදිලිවම රාජපක්‍ෂවරුන්ගේ කැමැත්ත එම පක්‍ෂයේ සාම්ප‍්‍රදායික බලවේග විසින්ම පරාජය කරනු ලැබීමකි. බස්නාහිරදීද එයම සිදුවිය. කොළඹ නායකත්වය ශ‍්‍රීලනිපය නොවන පුද්ගලයකුට දීමේ තීරණයට විරුද්ධව වයඹ වූවා වැනි දෙයක් බස්නාහිරදී ද සිදුවන බවට ඉඟි මුලදීම පළවිය. පමණක් නොව, එය එසේම සිදුවිය. හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය, වසර පහකට ආසන්න කාලයක් පළාත් සභා ඇමතිවරයකු වශයෙන්ද, රාජපක්‍ෂ පවුලට වන්දනාමාන කරන්නකු වශයෙන්ද සිටි උදය ගම්මන්පිලට වඩා මනාප ලැබුවේ ශ‍්‍රීලනිප සාම්ප‍්‍රදායික ජ්‍යෙෂ්ඨයන් සංවිධානාත්මකව ඈ වෙනුවෙන් කළ මෙහෙය නිසාය. කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡුන්දවලින් 40,000ක පමණ ප‍්‍රමාණයක අන් කිසිවකුට නැතිව හිරුනිකාට පමණක් මනාපය ලකුණු කොට තිබූ බව සමහර තහවුරු නොකරන ලද ආරංචි කියයි. එක් පැත්තකින් ඇගේ ජයග‍්‍රහණය, පක්‍ෂයේම මන්ත‍්‍රීවරයකු විසින් ඇගේ පියා ඝාතනය කළායැ’යි කියන අපරාධයට පාක්‍ෂිකයන් විසින්ම කරන ලද වන්දි ගෙවීමක් සංකේතවත් කරයි. ඇගේ පියාගේ ඝාතනයට සැකකෙරෙන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා ජනාධිපති වරයාගේත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත් නොමඳ ආදරයට ලක්වූවකු බව ප‍්‍රසිද්ධ දෙයකි. ඒ අනුව, හිරුනිකාගේ ජයග‍්‍රහණයේ යටිපෙළ රාජපක්‍ෂවරුන් ප‍්‍රතික්‍ෂෙපකිරීමක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඊට අමතරව රාජපක්‍ෂ පවුලේ ප‍්‍රවේණිගත පළාත වූ දකුණේ ආණ්ඩුව ලද පරාජයද සැලකිය යුතු එකකි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් ඞීවී උපුල් හිටපු ඇමතිවරයකු වුවද රාජපක්‍ෂවරුන්ගේ මනාපයට හේතුවූවකු නොවන බව දකුණේ ප‍්‍රසිද්ධ කාරණයකි.

මේ සියල්ලෙන් පෙනෙන්නේ රාජපක්‍ෂවරුන්ගේ ආධිපත්‍යය පක්‍ෂය තුළ මෙන්ම ඉන් පරිබාහිරව මහජනතාව තුළද ක‍්‍රමයෙන් දියාරුවෙමින් පවතින බවයි. එය මේ තරම් ගැටගසාගෙන සිටින්නේ විධායක ජනාධිපතිධුරයේ බලමහිමයෙන් බව හොඳින් පෙනෙයි.

සංවර්ධන සුදුඅලි

රටේ සංවර්ධනය ගැන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කුමන පුරාජේරු කීවද, ඒ සංවර්ධන ව්‍යාපෘතිවලින් බහුතරයක් සුදු අලි බවත්, එමගින් රට සදාකාලික ණය උගුලක සිරකොට ඇති බවත්, එම සංවර්ධනයේ ප‍්‍රතිලාභයෙන් සැලකිය යුතු කොටසක් කොමිස් හා අල්ලස් ලෙස ඒ දේශපාලක යන්ගේම ඉදිරි පරම්පරා සුඛිත මුදිත කිරීම සඳහා වැයවන බවත් රටේ පිළිගත් පොදු සත්‍යයක් බවට පත්වී ඇත. ණය ලෙස ඉහළ පොලියකට චීනය වැනි රටවලින් ලබාගන්නා මුදල්වලින් කෙරෙන මහාපරිමාණ ව්‍යාපෘති සඳහා වුවද ටෙන්ඩර් පටිපාටි අනුගමනය කෙරෙන්නේ නැති බව රජයම පිළිගනියි. සංවර්ධනය ගැන රටේ දැනුවත් මහජනතාව තුළ තිබෙන්නේ ‘මිස්ටර් ටෙන් පර්සෙන්ට්, ට්වෙන්ටි පර්සෙන්ට්, රාජපක්‍ෂ කොම්පැනි ප්‍රොජෙක්ට්’ වැනි දැඩිතර හාස්‍යය මුසු අදහස්ය. 2005න් පසු ඉතා ශීඝ‍්‍රයෙන් ගමන්කොට මේ වනවිට රට මුළුමනින්ම චෞර රාජ්‍යයක තත්ත්වයට පත්ව ඇති බව කිසිවකුට රහසක් නොවේ. අල්ලස, දූෂණය, කොමිස් මෙන්ම නාස්තිකාර වියදම්ද අහස උසටය. පළාත් සභාවල මන්ත‍්‍රීවරුන්ට රජයේ වියදම්වලින් විදේශ සංචාර තහනම් කොට ලකුණු දමාගන්නට හදන ආණ්ඩුව ජනාධිපතිවරයාගේත් ඔහුගේ මැති ඇමතිවරුන් ඇතුළු සහචරයන්ගේත් තේරුමක් නැති විදේශ සංචාර සඳහා වැයකරන මුදල් ගැනත්, අරලියගහ මන්දිරයට එකවර දහස් ගණන් කැඳවා කරන විවිධාකාර නාස්තිකාර වියදම් ගැනත් කරදරවන්නේ නැත. දැන් ජනාධිපතිවරයා කියන්නේ, රටේ සංවර්ධනය සැලසුම් කොට ඇත්තේ 2050 වසර සලකා බවය. ඉතා දිගු සැලසුම් අනුව සංවර්ධන ප‍්‍රතිපත්ති හැදීම හොඳ දෙයකි. එහෙත් තව දශක හතරකටත් එහා ඉලක්කයක් සඳහා වර්තමාන පරම්පරා දෙක තුනක් උගසට තැබීමත් ඔවුන්ගේ මහජන දේපළ ගසාකෑමත් වනාහි මහා අපරාධයකි.

කාලය එළැඹ ඇත

විරුද්ධ පක්‍ෂය කෙතරම් උත්සාහ කළද, ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පරාජය කිරීමට උදව්වන දේශපාලන පසුබිමක් තවමත් ගොඩනැගී නැතැ’යි යනුවෙන් පසුගිය කාලයේ ආණ්ඩු විරෝධී බලවේග අතර තැන තැන කියැවුණු අදහස්ද මේ ප‍්‍රතිඵලයෙන් අවලංගු වී තිබේ. ආණ්ඩුවේ දියැවී යන ඡුන්ද එකතුකර ගන්නට එක්සත් ජාතික පක්‍ෂය ඒ සා සමත්කමක් දක්වා නැතිවූවත්, අඩු ගණනේ කිසියම් ස්ථාවරභාවයක් පෙන්වන්නටත්. සුළු ජාතික ඡුන්ද තමන් වෙත රඳවාගන්නටත් එය සමත්වී තිබෙන බව කැපී පෙනෙන ඇත්තකි. එය වඩාත් වැදගත් වන්නේ, බස්නාහිර පළාතේ සුළු ජාතික ඡුන්දවලින් ආණ්ඩුව බලවත් ලෙස දුරස්වී ඇති බව සලකන විටය. කිසිදු මුස්ලිම් හෝ දෙමළ අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය නොකළ තත්ත්වය මත අවසානයේ ප‍්‍රසාද ආසනයක් හරහා බස්නාහිර පළාතට මුස්ලිම් නියෝජනයක් ලබාදෙන්නට වන තරම් අසරණ තත්ත්වයකට ආණ්ඩුව පත්වූයේය. විශේෂයෙන් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ආණ්ඩුවේ ආශිර්වාදය ලබන බොදු බල සේනා වැනි රස්තියාදුකාර ආගමික ව්‍යාපෘති විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයන්ගේ ප‍්‍රතිඵලයක් හැටියට සුළු ජාතිකයන්ගේ මේ ආණ්ඩු ප‍්‍රතික්‍ෂෙපය පිළිගන්නට සිදුවෙයි. එජාපයට රිදවන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් නව වර්ධනයන් ආණ්ඩුවට හිතැ’ති විචාරකයන් විසින් උපුටා දැක්වූවද, එම පක්‍ෂ දෙකේ නැගීම පැහැදිලිව සටහන් කරන්නේ කොන්දේසි විරහිත ආණ්ඩු විරෝධයකි. සරත් ෆොන්සේකා මහතා ආණ්ඩු විරෝධියකු පමණක් නොව උග‍්‍ර රාජපක්‍ෂ විරෝධියෙක්ද වෙයි. කවර හේතුවක් නිසා ඔහු වෙත මහජනතාව ඒකරාශි වුවද, එම ශක්තිය කේන්ද්‍රගත වන්නේ රාජපක්‍ෂ විරෝධී බලවේගය තුළ බව පැහැදිලිය.

විවේචනය

ජනතා විමුක්ති පෙරමුණේ නැගීම සැලකිය යුතු තරමකට නව නායකයා කෙරෙහි වන ආකර්ෂණයේ ප‍්‍රතිඵලයක් බව පෙනෙයි. පක්‍ෂයේ ජයග‍්‍රහණය පුද්ගල සාධකයකට ඌනනය නොකොට සැලකුවහොත්, අනුර දිසානායක මහතා පසුගිය කාලයේම කළ දේ සැලකිල්ලට ගැනීම වටියි. ඔහු පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව සිටි හොඳම විවේචකයා බවට විවාදයක් නැත. ඔහුගේ සංයුක්ත හා පදනම් සහිත විවේචනය විශේෂයෙන් මධ්‍යම පාන්තික ජනතාවගේ සැලකිල්ලට භාජනය විය. ඒ විවේචනයේ වැදගත් ලක්‍ෂණයක් වන්නේ, බොහෝ පිරිස් වුවමනාවෙන්ම මඟහැර සිටින, රාජපක්‍ෂ ජනාධිපතිවරයා, ඔහුගේ පවුල හා එහි ක‍්‍රියාන්විතයන් විවේචනය කෙරෙහි දක්වන නැමියාවයි. ඒ අර්ථයෙන්, දිසානායක මහතා හෝ ඔහුගේ නායකත්වය කෙරෙහි ඡුන්දදායකයන්ගේ කිසියම් ආකර්ෂණයක් වීද එයින් වැඩිකොටසක් රාජපක්‍ෂ ආධිපත්‍යයට එරෙහිව ඔහුගේ සංයුක්ත වැඩපිළිවෙල අනුමත කිරීමක් ලෙසද සැලකිය හැකිය.

වඩා වැදගත් වන්නේ, මේ මැතිවරණ ප‍්‍රතිඵලය හරහා ආණ්ඩුව පරිහානිය කරා යන බවට වූ හැඟීමක් ආණ්ඩුව තුළමද, ඉන් පිටතද ඇතිවී තිබීමයි. අනෙක් පිරිස නිහඬව සිටිද්දී නිමල් සිරිපාල ඇමතිවරයා මේ යථාර්ථය ප‍්‍රසිද්ධියේ කියන්නට ගොස් ජනාධිපතිවරයාගේ කෝපයටද ලක්විය. මේ ඡුන්ද ප‍්‍රතිඵලය විසින් රටේ මහජන විඥානය තුළ ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ආපසු ගමන ගැන නිශ්චිත සංඥාවක් ඇතිකර තිබේ. ඒ ගැන ආණ්ඩුව සසල වී තිබෙන බවද දැන් රහසක් නොවේ. ආණ්ඩු පෙරළන්නට හාවර්ඞ් යන්නට වුවමනා නැති බවත්, මැදමුලනට ආවොත් පෙන්වන්නට තමාට හැකි බවත්, ‘වසන්තය’ ආකාරයේ ආණ්ඩු පෙරළීම්වලට කිසිසේත් ඉඩ තියන්නේ නැති බවත් ජනාධිපතිවරයා කියන්නේ මේ සසලවීමේ ප‍්‍රකාශනයක් ලෙසය. වැදගත් වන්නේ, ඒ සංඥාව ක‍්‍රියාදාමයක් බවට පත්කර ගැනීමට බලවේග කෙතරම් සමත්වන්නේද යන්නය.