ආත්ම වර්ණනා, ආවර්ජනා හා උගත හැකි පාඩම්


sarath

මහාචාර්ය සරත් විජේසූරිය

පිරිසක් කෝට්ටේ නාග විහාරයට ගොස් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මුණ ගැසී සමාජ වෙනසකට මුල පුරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟිය යුතු බවට ඉල්ලා සිටියහ. එහෙත් සෝභිත හිමියන්ගේ ආරම්භක ප්‍රතිචාරය එතරම් යහපත් නොවීය. ‘මේ රටේ මිනිස්සුත් එක්කයි, නායකයො එක්කයි දේශපාලනය කරන්න බෑ මහත්තයො. මොනව කියලා බලයට ආවත් අවසානයේ සියල්ල අමතක කර දමනවා’ යනුවෙන් උන්වහන්සේ පැවසූහ….” (මා දුටු ජනවාරි 8, මලිත් ජයතිලක, 247 පිටුව)

අද සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද?
සිවිල් සමාජය
සෝභිත හිමියන් නායකත්වය ලබා දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන අවප්‍රමාණ කිරීමක් මේ දිනවල සංවිධානාත්මකව සිදු වේ. එහ‘දී ඇතැමුන් ලබා දෙන අර්ථකථනයක් වන්නේ, සිවිල් සංවිධානවල සිටින්නේ ‘යූඇන්පීකාරයන්’ යන්නයි. සිරුරේ දුවන්නේ කොළපාට ‘ලේ’ යයි පැවසූ සාම්ප්‍රදායික යූඇන්පී කාරයෝත් ජනවාරි 08 රටේ වෙනස උදෙසා විවරවූ මාවතට අවතීර්ණ වූහ. සිරුරේ දුවන්නේ නිල්පාට ‘ලේ’ යයි පැවසූ ශ්‍රීලංකා කාරයෝ ගතානුගතික දෘෂ්ටිවාදයම කර පින්නා ගත්හ. ජනවාරි 08න් පසුව එම දෘෂ්ටිවාදය හොර පාරකින් පැමිණ ජනවාරි 08 දැල්වුණ ආලෝකය දුබල කිරීමට පියවර ගන්නා අන්දම අවලස්සණය.
තතු කෙසේ වෙතත්, ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ නිරීක්ෂණය සහ විවේචනය ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වුණ සිවිල් සමාජ බලවේග සතු වගකීමක් බව කිව යුතුය. එය එක්තරා සමාජ වගකීමකි. ආණ්ඩුව කරන්නාවූ සියලු කටයුතු අවිචාරයෙන් අගය කිරීම සිවිල් සමාජයෙන් අපේක්ෂා නොකළ යුතුය. ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කරනු දැකීම සිවිල් සමාජයේ පරම අපේක්ෂාවයි. ආණ්ඩුව පෙරළා දමා යළි රාජපක්ෂවරුන්ගේ පාලනයක් සිවිල් සමාජය අපේක්ෂා කරන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයන් සහ රාජපක්ෂවාදීන් සිවිල් සමාජයට පහර දීම සාධාරණය. පොදු අපේක්ෂකයා පරාද කිරීමට කැපවුණ චෞරයන්, වීරයන් වී අවිනීත වහසි බස් fදාඩවන්නේ මන්ද? ඒ වූකලි රාජ්‍ය පාලනයේ පවත්නා ව්‍යාකූල සොබාව පිළිබඳ ඛේදයයි.
රාජ්‍ය පාලනයේ ව්‍යාකූල සොබාවට හේතු කවරේ ද? ඒ හේතු සාධකවල පසුබිම මලිත් ජයතිලකගේ කෘතියෙන් වටහාගත හැකිය. මේ කෘතියෙන් මනාව ගම්‍ය වන්නේ අද පවතින බල අරගලය නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට සමීපව සිටින පුද්ගලයන් කටයුතු කර තිබෙන බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයෙන් පිටතට පැමිණ ජනතාව අමතමින් පැවසූ දේ කිසිවෙකුට අමතක නොවේ. බලය අත්හැරීම සම්බන්ධව එතුමාගේ විග්‍රහයන් පරමාදර්ශීය. තම ධුර කාලය වසර හතරක් ප්‍රමාණවත් බවය එතුමා අවධාරණය කළේ. සැබවින්ම එතුමා පරාර්ථකාමී හා පරමාදර්ශී අන්දමින් ස්වකීය දේශපාලන ජීවිතය නිම කිරීමට පක්ෂයෙන් ඉවතට පැමිණ තීරණය කළා විය යුතුය. විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම පිළිබඳ පැහැදිලි අධිෂ්ඨානයක් එතුමාට තිබුණ බව පැහැදිලිය. තමන්ගේ අනාගත සිහ‘න වෙනුවෙන් පිඹුරුපත් සකස් කරමින් විශාල අර්බුදයකට මලිත් ජයතිලකලා ගොඩ නඟන ලද න්‍යායන් ඔස්සේ ජනාධිපතිවරයා අර්බුදයකට තල්ලු කර ඇදදමා ඇති බව පෙනේ. මතු දැක්වෙන මලිත්ගේ දේශපාලන සිහ‘නය එබැව් සනාථ කරයි.
“……..දේශපාලන වශයෙන් මහ‘න්ද රාජපක්ෂ මහතාගේ පරම දේශපාලන සතුරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාය. අනෙක් අතට පොදු අපේක්ෂක ව්‍යාපාරය තුළින් ගොඩ නැඟුණු සම්මුතිවාදී ආණ්ඩුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මූලික වශයෙන් වසර දෙකක් සඳහා එක්ව කටයුතු කළද දෙදෙනාම රටේ ප්‍රධාන පක්ෂ දෙකෙහ‘ නායකයන්ය. අනාගතයේදී මේ දෙදෙනාටම තම තමන්ගේ පක්ෂ මැතිවරණවලින් ජයග්‍රහණය කරවීම වැනි දේශපාලන බල ව්‍යාපෘති ඇතුළු අභියෝග රැසක් ඉදිරියට පැමිණෙනු ඇත…… රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිධුරය දැරීම රාජපක්ෂ පවුලට දරාගත හැකිය. තමන් අකමැතිම සංසිද්ධිය වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනාධිපතිධුරය අහ‘මි වුවහොත් එතැන් සිට වඩා පහසුවෙන්ම ජනාධිපති ධුරයට ළඟාවිය හැක්කේ රාජපක්ෂවරුන්ට නොව රනිල් වික්‍රමසිංහ මහතාටය. මෙම දේශපාලන යථාර්ථය වෙන කවරෙකුටවත් වඩා හොඳින් රාජපක්ෂවරු දනිති… 2020 දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීම දැකීම රාජපක්ෂවරුන්ට ප්‍රිය දසුනක් විය හැක. මන්ද, එවිට මාවෝ සේතුංගේ ප්‍රකාශය ද සම්පූර්ණ වන බැවිනි. ඒ තුළ තම පවුලේ පරම සතුරාට ජනාධිපතිධුරය අහ‘මි වේ…….. ඉදිරි සැලසුමට අනුව 2020දී ශ්‍රීලනිපය සම්පූර්ණයෙන්ම විපක්ෂයට යා යුතුය. 2020දී ශ්‍රීලනිපය දිනනවා යනු මෛත්‍රී ජනාධි පතිතුමාගේ ජයග්‍රහණයකි. එනම්, මෙම සැලසුමට අනුව 2020දී ශ්‍රීලනිපයේ පරාජය යනු ජනාධි පතිවරයාගේ පරාජයකි. එවිට එහ‘ පළමු පියවර ලෙස යළිත් රාජපක්ෂවරුන් අතට පක්ෂයේ බලය ලැබෙනු ඇත. ඒ අවසරයෙන් එජාපයට ජනාධිපතිධුරය හ‘මිවූවාට කම් නැත. තම පරම සතුරා ගෙදරය. 2020 සඳහා වන මෙම සැලසුම සම්පූර්ණවන්නේ ශ්‍රීලනිපය දෙකඩ කළ විට පමණි……. එසේ දෙකඩ නොවුණහොත් 2020 වන විට මෛත්‍රී ජනාධිපතිතුමා පක්ෂයේ බලය තහවුරු කරගනු ඇත. එවිට 2020 දී ද රටේ නායකයා මෛත්‍රී ජනාධිපතිතුමාය.”
මේ විග්‍රහයෙන් විශද වන්නේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමක් සිදු නොවන්නේය යන්න නොවේ ද? අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ද දූෂිතයන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම වැනි රසවත් ප්‍රලාපයක් බවට අවසානයේ දී පරිවර්තනය වන බව නොවේ ද?

පොදු අපේක්ෂකයා
පොදු අපේක්ෂකයා සොයා ගත් අන්දම, ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දී තිබෙන අන්දම මලිත් ජයතිලක සජීවී විස්තර විචාරකයෙකු මෙන් සටහන් කරයි. ඒ කාර්යභාරයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කර තිබෙන්නේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිනියයි. ඇගේ මෙහෙයුමේ බරපතළ වගකීම, එජාපයේ නායකයා පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් එකඟ කර ගැනීමයි. එය සරල කටයුත්තක් නොව අතිශයින් බැරෑරුම් කටයුත්තකි. චන්ද්‍රිකා මැතිනිය, ‘රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට කැඳවා පවසන්නේ, ‘සියතින් ගෙල සිඳ දෙන්න’ වැනි ඉල්ලීමකි. රාජ්‍ය පාලනය සඳහා තමන්ට හ‘මි අවස්ථාව දන් දෙන්න යන ඉල්ලීමකි. චන්ද්‍රිකා මැතිනිය ඒ කටයුත්ත සිදු කර තිබෙන අන්දම මලිත් ජයතිලක වාර්තා කරන්නේ මෙසේය.
“…….මම දැන් කලක ඉඳලම මලික්ට කියල තියනව හේතු ගණනාවක්ම නිසා මට පොදු අපේක්ෂකයා වෙන්න බෑ කියල. මම ඔයාගේ පක්ෂයේ අනෙක් අයටත් මේක කියල තියෙනව. අපි හොඳ දිනන් පුලුවන් පොදු අපේක්ෂකයෙකු තෝරා ගමු…..රනිල් ඔයා මේකට එකඟ වෙනව නම් මම ඡන්දෙ ඉල්ලනව වගේම කැපවීමෙන් වැඩ කරණව….
වික්‍රමසිංහ මහතාගේ ක්ෂණික ප්‍රශ්නය වූයේි ‘then who?’ යන්නය. …..වික්‍රමසිංහ මහතාගේ ඉහත ප්‍රශ්නයට ඉතා සංවිධානාත්මකව හා අධිෂ්ඨානශීලීව පිළිතුරු දුන් කුමාරතුංග මැතිනියි  ‘If you don’t mind i will tell you’ කියා පැවසීය. ඇය දැන් සැරසෙන්නේ මෛත්‍රී ඇමතිතුමා පිළිබඳ අදහස පළමු වරට රනිල් වික්‍රමසිංහ මහතා හට පැවසීමටය. ඒ සමඟම ඇයට ක්ෂණිකව ප්‍රශ්නයක් මතු විය. එනම්, තමා මෛත්‍රී පිළිබඳ යෝජනාව ගෙන එන විටම වික්‍රමසිංහ මහතාගේ සිත අවුල්වනු ඇත….. මෙබඳු සංදර්භයක් තුළ ඇය මෙසේ පැවසුවාය.ි  ‘I had of thinking. I Lookd around every where. In your Party no one other than you.But unfortunately you have one Problem, because you have Lost මෙසේ කියූ ඇය අපේ පැත්තෙ එක් කෙනෙක් ඉන්නව. එය ඇසූ වික්‍රමසිංහ මහතා ඉතා උනන්දුවෙන් විමසා සිටියේ ඒ කවුද යන ප්‍රශ්නයයි. ඊට පිළිතුරු දුන් ඇය යම් අභිමානයකින් යුතුව “මෛත්‍රී” යනුවෙන් පැවසීය. ‘මෛත්‍රී’ යන වචනය කන වැකීමත් සමඟ නැවත එය පුනරුච්චාරණය කරන ආකාරයෙන් වික්‍රමසිංහ මහතාගේ මුවින් කියවුණේ ‘මෛත්‍රී’ යන්න පමණි. එතනින් නොනැවතුණු වික්‍රමසිංහ මහතාගේ මුවින් ඉබේට මෙන් පිටවූ ඊළඟ වචන කිහිපය වූයේි   ‘Is he Willing to come’ ඊට පිළිතුරු දුන් කුමාරතුංඟ මැතිනිය කියා සිටියේ ‘මෛත්‍රීගෙන් මම මේක අහන්න පටන් අරගෙන මාස කීපයක් වෙනව. තව දුරටත් ඉංග්‍රීසි බසින් කථා කළ ඇය ‘Before You yourself announce You as a comman candidate’.මෛත්‍රී මුලින්ම බෑ කිවුව. ඒත් දැන් කැමති වෙලා ඉන්නෙ’

මේ අනුව මෛත්‍රී ඇමතිතුමා පිළිබඳ ඇසීමෙන් වික්ෂිප්ත වූ රනිල් වික්‍රමසිංහ මහතාිය්ි  ‘has he agreed willing to come’ යනුවෙන් විමසද්දීි  ‘It looks like he has agreed යන්න චන්ද්‍රිකා මැතිනියගේ කෙටි පිළිතුර විය. තව ද,ි ‘If you agree, I Will get him to agree’යනුවෙන් ද ඇය ප්‍රකාශ කළාය.
සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා මහ‘න්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහ‘ව ඔහු පරාජය කිරීම වෙනුවෙන් පොදු අපේක්ෂක අභියෝගය බාර ගැනීමට සූදානම් බවට පළමුවරට චන්ද්‍රිකා මැතිනියගෙන් ඇසීමත් සමඟම රනිල් ඳීමලික් දෙදෙනාම මහත් විස්මයට පත්වූවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. දැන් ප්‍රශ්නය සැබවින්ම තීරණාත්මක මොහොතේ දී මෛත්‍රී ඇමතිතුමා මෙම අභියෝගයෙන් පලා යයි ද යන සැකය මුසු ප්‍රශ්නයයි. නැතහොත් තීරණාත්මක මොහොතේ දී මෛත්‍රී ඇමතිතුමා හොබ්සන්ගේ තේරීම තුළ සිරවේද යන ප්‍රශ්නයයි. සැබවින්ම ඔහු මෙම අභියෝගය භාර ගනී ද? නැතහොත් හරි හරි කියමින් සිට පොදු අපේක්ෂකත්වය තමා සතු බව රාජපක්ෂවරුන්ට පෙන්වා ඔවුන් බිය ගන්වා ඒ තුළින් රාජපක්ෂවරුන්ට ඇතිවන පීඩනය මතින් අගමැතිධුරය ලබා ගනිමින් පොදු අපේක්ෂක සමාජ ව්‍යාපාරය සුනුවිසුණු කරයි ද? දැන් රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා මැතිනියට යොමු කරන්නේ එම ප්‍රශ්නයයි.
‘can you trust him’ ඊට ඇගේ පිළිතුර ද සරලය.ි‘if you trust me. trust him’’ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය වෙනස් කළ එම දීර්ඝ සංවාදය නිමවූයේි  ‘if you say so i will accept’යන ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුවින් පිටවීමෙන් අනතුරුවය……” (336 – 338 පිටු)
මහ‘න්ද රාජපක්ෂ පරාජය කිරීමේ අපේක්ෂාවට අවශ්‍ය පදනම ගොඩනැඟෙන්නේ මෙහ‘දී ය. ඒ අපේක්ෂාව මුදුන්පත් කිරීමට අදාළ තවත් වැදගත් සාධකයක් ද මලිත් ජයතිලකගේ සජීවි විස්තර වාර්තාකරණයේ සඳහන්ය. ඒ මෙලෙසිනි.
“……තමා තරඟ නොකරන බවට ස්ථිර වශයෙන්ම තීරණය කර තිබූ කුමාරතුංග මැතිනිය සැප්තැම්බර් ඔක්තෝබර් වන විට තම හ‘තවතුන් සමඟ කරන සාකච්ඡා අතරතුර තමා නොවන හොඳම පොදු අපේක්ෂකයා පිළිබඳ අන් අයගේ අදහස් උරගා බැලීමට උත්සාහ කළ බව මීට පෙර සඳහන් විය. ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී එතුමියගේ නිවසේ දී ආර් සම්බන්ධන් මුණගැසුණු අවස්ථාවක දී සාකච්ඡාව අවසානයේ තම නිවසින් පිටව යාමට නැඟ‘ට සිටි සම්බන්ධන් මහතා අමතා චන්ද්‍රිකා මැතිනිය මෙසේ කීවාය. Mr, Sambandan, What is Your Viwe about Maithreepala Sirisena? සම්බන්දන් පෙරළා විමසුවේි  ‘Genaral Secretary of S L F P. He is nice man. Can You belive it? එවිට චන්ද්‍රිකා මැතිනිය ප්‍රතිචාර දක්වමින්ි Yes of course’ යනුවෙන් පිළිතුරු දුන්නේය……” (338 පිටුව)

චන්ද්‍රිකා භීතිකාව
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් කවර විවේචන තිබුණත් ජනවාරි 08 වෙනසට ඇගේ මැදිහත්වීම නොවන්නට පොදු අපේක්ෂකයෙක් නැත. රාජපක්ෂ බල ව්‍යුහයේ රකුසු ඇස්වලින් වසංවෙමින් ඇය සියල්ල සැලසුම් කළ අන්දමින් ඉටු කිරීමට සමත් වන්නීය. එහ‘ වාදයක් නැත. ඉක්බිතිව සිදු වන්නේ කුමක් ද? පොදු අපේක්ෂකයා ජනාධිපති පදවියට පත්වුණ පසුව චන්ද්‍රිකා මැතිනිය අවලංගු කාසියක් බවට පත්වන්නේය. එය ඉබේ සිදුවූවක් නොව, සිදුකරන ලද්දකි. අනාගත දේශපාලන සිහ‘න වෙනුවෙන් පිඹුරු පත් අතැති පොඩිත්තෝ, තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගැනීම පිණිස චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති වරයාගෙන් ඈත් කිරීමේ කටයුත්ත සිදු කළහ.
මේ සැහැසි කටයුත්ත කළෝ කවරහු ද? මලිත් ජයතිලිකගේ කෘතියෙන්ම ඔවුන් හඳුනා ගැනීමට සිදුවීම උත්ප්‍රාසනීය වේ. ඔහු මෙවන් අදහසක් දක්වයි.
“සාමාන්‍යයෙන් ලෝකයේ එක් පොදු සිද්ධාන්තයක් වන්නේ ඕනෑම රාජ්‍ය නායකයකු, දේශපාලනඥයකු, ධන වතකු, වැනි යම් ප්‍රබල පුද්ගල චරිතයක් පිටුපස ඔහුට ඉතාමත් විශ්වසනීය එමෙන්ම තම ජීවිතයේ සිතුම් පැතුම් ආකල්ප සමඟ බද්ධවූ ගෝලයකු නැතහොත් බඩියකු සිටීමය….” (537 පිටුව)
මේ අදහසින් ගම්‍ය වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සමීපව බඩියන් හෝ පුංචි මොළකාරයන් සිටින බව ද? තතු එසේ නම්, ජනාධිපතිවරයාට සමීප බඩියන් හෝ පුංචි මොළකාරයන් සිදු කර තිබෙන්නේ බරපතළ වරදකි. සාහසික කටයුත්තකි. එහ‘ ප්‍රතිඵලය කුමක් ද?
ප්‍රතිඵලය වන්නේ පක්ෂය හා බැඳුණ සියලු සම්බන්ධතා ද හැරදමා පැමිණි, රාජ්‍යතාන්ත්‍රික පිරිස් බලයක් ද නොසිටි ජනාධිපතිවරයා රාජ්‍ය බලය ලැබුණ පසු හුදෙකලා වීමය. හුදෙකලා වූ නායකයා වෙත හැල්මේ දුව යන්නේ නීති ගරුක පුරවැසියන් රාජ්‍ය පාලනයේ කිසිම අංශයකට දායක කර නොගත යුතු පුද්ගලයන් ලෙස අවබෝධ කර ගෙන සිටි තක්කඩින්ය. ජනාධිපතිවරයාට ද ළංකර ගන්නට සිද්ධවන්නේ අවස්ථාවාදීන් සහ තක්කඩින්ය. ජනාධිපති වරයාගේ නිරහංකාර බව හෝ අහ‘ංසක බව හෝ දඩමීමා කරගෙන කවුරුත් බොරදියේ මාළු බාන්නට පටන් ගනිති. මගේ අවංක අවබෝධය නම් රනිල් මෛත්‍රී දෙදෙනා මැද චන්ද්‍රිකා සිටියේ නම් අද සිදුවෙන බොහෝ අප්‍රසන්න කටයුතු සිදු නොවන බවයි.
රාජ්‍ය පාලනය හුදෙකලාව සිදු කළ නොහැකිය. පස මිතුරු පක්ෂයක් සමඟ පිහ‘ටුවා ගන්නා ලද ආණ්ඩුවකට නායකත්වය දීම අතිසංකීර්ණ කටයුත්තකි. එහ‘දී හුදෙකලාව අතිශයින් බැරෑරුම්ය.

චන්ද්‍රිකා දුරස්ථ කිරීමට හේතුව කුමක් ද?
චන්ද්‍රිකා භීතිකාවක් ගැන මහ‘න්ද රාජපක්ෂ විවේචනය කිරීම සඳහා මලිත් ජයතිලක ගෙනහැර දක්වයි. ඔහු ඒ විග්‍රහය ඉදිරිපත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරයාත් එල්ල කරගෙන නොවිය හැකිය. එනමුත් රාජ්‍ය පාලනයේ අනුප්‍රාප්තිකයා මුහුණ දෙන ප්‍රශ්නයක් හෝ අනුප්‍රාප්තිකයා භ්‍රාන්තියට පත් කිරීමට වන්දිභට්ටයන් සිදු කරන කටයුතු නිසා ඇතිවන තත්වයක් ඉන් ගම්‍ය වේ. ඒ විග්‍රහය මෙසේය.
“මහ‘න්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විධායක ජනාධිපති වුව ද, 2009 මැයි 19 වැනිදායින් පසුව මහරජාටත්, ඊටත් පසුව දුටුගැමුණුටත් ඇන්දද එතුමා දිවා රෑ දෙකෙහ‘ම බියකරු සිහ‘නයක වෙළී සිටියේය. එම බියකරු සිහ‘නය එතුමාගේම මනසේ විකාරයක් වූ අතරම එම බියකරු සිහිනය එතුමා වෙත ගෙන එන්නියගේ ඡායාරූපයක් වත් දැකීමට මහ‘න්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිය විය. පුරා වසර එකොළහක් සතියකට වරක් කැබිනට් මණ්ඩලයේ ද, මසකට වරක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ද, තවත් වරෙක රැස්වීම් හා උත්සව සභාවන්වල ද ඇය පැමිණෙන හැම මොහොතේම නැඟිට එකත්පස්ව සිට මැඩම් කියමින් ආචාර සමාචාර කිරීමෙන් අනතුරුව සරල මනෝවිiාවට අනුව එතුමාගේ මනස තුළ ගොඩනැඟුණු ෆෝබියාව හෙවත් භීතිකාව ‘චන්ද්‍රිකා භීතිකාව‘යි. මහ‘න්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා සිටි දේශපාලන කේවට්ටයන් කිහ‘ප දෙනා ද එතුමා උපරිම අයුරින් සතුටු කරනු වස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නියමිත දිනට විශ්‍රාම ගොස් සිටි චන්ද්‍රිකා මැතිනියට අපහාස උපහාස කරමින් පරිභව කිරීමට ක්‍රියා කළහ.
2010 ජනාධිපතිවරණයට පූර්වයෙහ‘ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වූ ශ්‍රී.ල.නි.ප සමුළුව සඳහා මහ‘න්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අසූරියන් කටවුට් එකක් ගැසූ අතර ඊට ප්‍රමාණයෙන් කුඩාවට බණ්ඩාරනායක අගමැතිතුමාගේ හා මැතිනියගේ කටවුට් දෙකක් අනුපිළිවෙළින් සවි කරන ලදි. නමුත් චන්ද්‍රිකා මැතිනියගේ රූපය එහ‘ නැත. වසර 17කට පසුව ශ්‍රීලනිපය බලයට ගෙන ආවේ ද, පක්ෂයටත් රටටත් වසර 11ක් නායකත්වය දුන්නේද ඇයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චන්ද්‍රිකා මැතිනිය බියකරු සිහ‘නයක් විය හැකිය. එය එතුමාගේ මනස් විකාරයකි. එහෙත් රටක, පක්ෂයක ඉතිහාසය එසේ මැකිය හැකි ද? එම අවස්ථාවේදී පමණක් නොව ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡා සඳහා යොදාගත් පසුබිම් පුවරුවේ ද බණ්ඩාරනායක අගමැතිතුමාගේ හා මැතිනියගේ කුඩා පරිමාණ ඡායාරූප දෙකක් සඳහා අවසර ලැබුණ ද චන්ද්‍රිකා මැතිනියගේ රූපය තහනම්ය….” (550, 551 පිටු)
මලිත් ජයතිලක පවසන අන්දමට ලංකාවේ සෑම රාජ්‍ය නායකයෙකුටම ‘බඩියෙකු’ සිටීම ඛේදයකි. වන්දිභට්ටයන් හානියකි. ‘බඩියන්’ හා ‘වන්දිභට්ටයන්’ රාජ්‍ය නායකයෙකු ළඟ බලවත් වන්නේ කෙසේ ද? ඊට මුල් වන්නේ, මහජන වරමක් ලබා රාජ්‍ය පාලනය භාර ගන්නා නායකයෙකු රාජ්‍ය පාලනයේ දී හුදෙකලා වන බැවිනි. එදා මහින්ද රාජපක්ෂගේ මනස තුළ ගොඩ නැඟුණු ෆෝබියාව හෙවත් භීතිකාව ‘චන්ද්‍රිකා භීතිකාවයි’ එවන් භීතිකාවක් වැළඳීමට මහ‘න්ද රාජපක්ෂට අදාළ සාධක ද තිබුණා විය හැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එබඳු භීතිකාවක් වැළඳෙන්නට සාධක නැත.
මෛත්‍රීපාල සිරිසේන මහතාට දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇතත්, එතුමාට පක්ෂයේ නායකත්වය, රාජ්‍ය පාලන බලය ලැබෙන්නට පෙර නොතිබුණි. එතුමාට රාජ්‍ය පාලනය කිරීමට සිදු වන්නේ ඉතිහාසය පුරා පසමිතුරු පක්ෂය සමඟ‘නි. එබැවින් ජනාධිපතිතුමාගේ භූමිකාව අතිශයින් සංකීර්ණය. හුදෙකලාවී සිටින පාලකයෙකුට පටු න්‍යාය පත්‍ර අතැති අවස්ථාවාදීන් සමඟ ද රාජ්‍ය පාලනය ශක්තිමත්ව නිරූපණය කළ නොහැකිය.

රටේ හෙට දවස
අද දවසේ වැදගත් වන්නේ ප්‍රධාන පක්ෂ දෙක යම් අරමුණක් වෙනුවෙන් තීරණාත්මක එකඟත්වයකට පැමිණියේ ද, ඒ අරමුණ ජයග්‍රහණය කරවීමය. අරමුණ වන්නේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි. විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, බලය බෙදීම, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මඟ‘න් සිදු කොට ජාතික සංහ‘ඳියාව ඇති කළ යුතුය. රටේ අනාගතය ගොඩ නැඟීම හා රටේ දියුණුව ඇති කිරීම උදෙසා එය අවශ්‍යම සාධකයකි.
රටේ සෑම පුරවැසියෙකුටම එකඟ විය හැකි ව්‍යවස්ථාවක් මොනම අන්දමකින්වත් නිර්මාණය කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව, බහුතරයකගේ අනුමැතිය ලබා ගත හැකි ව්‍යවස්ථාවකි, නිර්මාණය කළ හැක්කේ. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයන් කැපවිය යුත්තේ පෞද්ගලික න්‍යාය පත්‍ර පෙරටු කරගෙන නොවේ. රටේ සියලු මහජන නියෝජිතයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට මේ සඳහා විවෘත මනසකින් සහයෝගය ලබා දෙන ලෙසයි.
ජනවාරි 08 වෙනිදා දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලබා දුන් ප්‍රතිඥා අසාර්ථක වුවහොත් රටට අත්වන ඉරණම කුමක් ද? බරපතළ මෙන්ම වැදගත්ම ප්‍රශ්නය එයයි. නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යය බිහ‘ කිරීම සඳහා මාවත වැසී ග‘යහොත් ලංකාව නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවගේ fදා්ෂ දර්ශනයට ලක් වන්නේය. එසේ වුවහොත් ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට සිදු විය හැකිය. එහ‘ ඵලවිපාක විඳින්නට සිදු වන්නේ රටේ පොදු ජනතාවටයි.■