ජයග‍්‍රහණයෙන් පසු….

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය නැවත වතාවක් රන් අකුරෙන් ලියැවුණි. 1996 එක්දින ලෝක කුසලානය දිනා වසර 18ක් තිස්සේ මහත් අභිමානයෙන් සැමැරූ ජයග‍්‍රහණයට දැන් තවත් එක් කුසලානයක් එක්වන්නේ ය. ඒ 2014 විස්සයි/20 ලෝක කුසලානයයි. මෙම ජයග‍්‍රහණය ලබාගැනීම ස`දහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මීට ප‍්‍රථම අවස්ථා දෙකක්ම උත්සාහ දැරුවෝය. ඒ 2009 දී සහ 2012 දී ය. පළමුවර පාකිස්තානය විසින් ද දෙවැනි වර බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් ද අපගේ සිහින බි`දදැමිණි. ඊට අමතරව 96 ලෝක ශූරයන් වීමෙන් පසු එක්දින ලෝක කුසලාන තරගමාලාවන්හිදී ද අපි අවස්ථා දෙකක් කුසලානය ආසන්නයට පැමිණියෙමු. එම අවස්ථාවන්වලදී ඔස්ටේ‍්‍රලියාව විසින් 2007දී ද ඉන්දියාව විසින් 2011දී ද අපගේ ජයග‍්‍රහණ වැළැක්විණ.
ඒ සියලූ අපල දුරු කරමින් මෙවර අප 7 වැනි විස්සයි/20 ලෝක කුසලානය දිනා ගන්නේ වසර දෙකක් තිස්සේ ලොව අංක එකේ කණ්ඩායම බවට ශ්‍රේණිගතව සිටිමින් එය වඩාත් නිවැරදි බවට තහවුරු කරමිනි. තරගාවලියේ අපරාජිත ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින් ලැබූ මෙම ජයග‍්‍රහණය වඩාත් වැදගත්වන්නේ ඉන්දීය කණ්ඩායම අවස්ථා ගණනකදීම අපට පරාජයේ පාඩම් කියා දුන් තත්ත්වයක් තුළ ය.

අර්ජුන සහ මාලිංග

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වර්ණවත් කළ ලෝක කුසලාන දිනා දුන් නායකයන් දෙදෙනා ලෙස අර්ජුන රණතුංගත් ලසිත් මාලිංගත් ඉතිහාසයට එක්වෙති. දැන් මොවුන් දෙදෙනාගේ ම නම් ක‍්‍රිකට් වීරයන් ලෙස එක ම පිටුවක ලියැවී තිබේ.

පළමු ටෙස්ට් තරගයේ සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටිය වර්ණවත් කළ අර්ජුන රණතුංග, 1996 එක්දින ලෝක කුසලානය දිනාගැනීම දක්වා වූ වපසරිය මහත් අභිමානයෙන් සැමරිය යුතුය. එමෙන්ම එහි සම්පූර්ණ ගෞරවය අර්ජුනට හිමිවිය යුතුමය. එහි තර්කයක් නැත. එහෙත් ඉන් පසුව අර්ජුන ක‍්‍රිකට් කෙරෙහි දැක්වූ ආකල්පයමය වෙනස කෙරෙහි නම් අපට ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි. මේ ප‍්‍රශ්නාර්ථය මතුවන්නේ එක් අවස්ථාවක දෙකක නොවේ. මෑත ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්වලදී ඔහු ක‍්‍රිකට් සම්බන්ධයෙන් මැදිහත් වෙන්නට වන අවස්ථාවන්වලදී ප‍්‍රකාශ කරනු ලබන බොහෝ දේ ද්වේෂයෙන් කිරීම මගින් ඔහුගේ ප‍්‍රතිරූපය වෙනස් ස්වරූපයක් ගන්නේ ය යන්න අපගේ මතයයි. ඒ සියල්ල දැනට අපි පසෙක තබමු.

අර්ජුනට තරමට ම නොවූවත් යම් ක‍්‍රිකට් ඉතිහාසයක් මාලිංගට ද ඇත්තේය. මේ ඉතිහාසය ලියැවී ඇත්තේ දඩබ්බර, නාහෙට අහන්නැති චරිතයක් ලෙසිනි. මාලිංග පළමුවරට ආරෝවක් ඇතිකර ගනිමින් කරළියේ කසු කුසුවකට ඉඩ තබන්නේ ලෝක පූජිත කැප්ටන් කූල් සමගිනි. ඒ කොණ්ඩය සම්බන්ධයෙන් වූ ගැටලූවකිනි. ඉන්පසුව ‘ඇයි මාව දැකල නැද්ද..? නිකං යනව මිනිහො යන්න…’ යන වදන් ද ඇත්තේ ය.

එසේ ම, මාලිංග යනු බොහෝ අවස්ථාවන්වලදී අසීරූ තීරණ කිසිදු අපහසුවකින් තොරව ගන්නා පුද්ගලයෙකු ලෙසද හැ`දින්විය හැකිය. එවන් එක් තීරණයක් වන්නේ ඔහු ටෙස්ට් තරගවලින් සමුගැනීමට ගත්තා වූ තීරණයයි. එම තීරණය බොහෝ විට ක‍්‍රීඩකයෙකු තමන් ඉන්නා තත්ත්වය තුළ නොගන්නා වූ තීරණයකි. එහෙත් මාලිංග කිසිදු පැකිලීමක් නොමැතිව එකී තීරණය ගන්නේය. එසේ ම ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් ද මාලිංගට ඇත්තේ අන් අයට නොමැති මතයක්ය. එම මතයද නොපැකිළිව ඉදිරිපත් කිරීමට මාලිංග සමත්ය.

ඉහත කරුණු සම්බන්ධයෙන් පසුගිය කාලයේ මාලිංගට මාධ්‍ය මගින් හො`ද-නරක දෙඅන්තයේ සිටම පහර දුන්නේය. වැඩි වශයෙන්ම නරක පැත්තේ සිට එල්ල වූ චෝදනාවන්ය. එහෙත් මාලිංග ඒ අවස්ථාවන්වලට කිසිදු පැකිළීමකින් තොරව මුහණදෙමින් තමන්ගේ ගමන යන්නේය. වරෙක මාධ්‍යයන්හි දැඩිව පහරකෑවෙකු ලෙසද පේ‍්‍රක්ෂකයන් අතර එතරම් ළෙන්ගතු මිතුරෙක් නොවීමෙන් ද කල් ගතකළ මාලිංග අද ඒ සියලූ දෙනාගේම ‘ආදරණීය මාලි’ වී ඇත. එහි කූටප‍්‍රාප්තිය විස්සයි/20 ජයග‍්‍රාහී කණ්ඩායමේ නායකයාගේ භූමිකා ර`ගමින් කළ දක්ෂතාවයි.

‘ ඕනම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න පු`ඵවන්. ජයග‍්‍රහණය සම්බන්ධයෙන් කෙනෙක් කියන්න පු`ඵවන් වාසනාව නිසා දිනුවා කියලා. තවත් කෙනෙක් කියන්න පු`ඵවන් දක්ෂතාව නිසා දිනුවා කියලා. එහෙමත් නැත්නම් මේ දෙකම නිසා දිනුවා කියලා තවත් කෙනෙක් කියන්න පු`ඵවන්. මේ මොනදේ කිවුවත් මම හිතන්නේ අපි ක‍්‍රීඩා කරන්නේ අපේ රට නියෝජනය කරන්න තියෙන කැමැත්ත නිසා. ඒ වගේම අපි ක‍්‍රීඩා කරන රටාවක් තියෙනවා. කවුරු මොනවා කිවුවත් අපි ක‍්‍රීඩා කරන්නේ එම රටාවට අනුව. හෙට දිනේදිත් එහි කිිසිදු වෙනසක් නැහැ. අපි මේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල ලෙස මහන්සි වුණා. අපි දැනගෙන හිටියා අපේ දක්ෂතාවන් සම්බන්ධයෙන්. අවසානයේ අප එය කළා. මම හිතන්නෙ නැහැ ඒක වාසනාව කියලා. මේ ජයග‍්‍රහණය අපි සැමගේම දක්ෂතාවන්වල එකතුවක්…’ මාලිංග ජයග‍්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර කළේය.

එම වදන්ද තරගකාරීය. විවේචනාත්මකය. බොහෝ දෙනෙකු වාසනාව පසුපස දිවයද්දී මාලිංග දක්ෂතාව මත විශ්වාසය තබයි. ජයග‍්‍රහණයෙන් උදම් වනවාට අමතරව මාලිංග ඊට සහභාගිවූවන්ගේ දහඩිය මහන්සියට ද වටිනාකමක් ලබා දේ. එපමණක් නොව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ යන්ගේ සිට නවකයා දක්වා දක්වන කැපකිරීමද මාලිංග අගය කළේය. මාලිංග වැනි දඩබ්බරයෙකුගෙන් එවැනි මතයක් බලාපොරොත්තු නොවූවද මාලිංග නායකත්වයේ සිටි කෙටි කාලය තූළ මාධ්‍ය තම මිටින් හකුළාගත් අයුරු අපූරුය.

නිමා වූ මෙම තරගාවලියත් සමග මාලිංග විස්සයි/20 ලෝක කුසලාන තරගවලදී වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නා ලෙස ද වාර්තා පොත් අතරට එක් වුණි. ඒ කඩුලූ 38ක් දවා ගනිමිනි. එමෙන් ම ඔහු අඩුම තරග සංඛ්‍යාවක් මෙහෙවයමින් ලෝක කුසලානයක් ජයග‍්‍ර‍්‍රහණය කළ නායකයා ද වන්නේ ය. ඒ ස`දහා ඔහුට වැය වන්නේ තරග 3කි.

මේ දක්ෂතාවන් මාලිංගගේ හෙට දවස වෙනම මානයකින් තීරණය කරනු ඇත යන්න අපිට විශ්වාසය. විශේෂයෙන්ම මාලිංග එළැඹෙන ඉන්දියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට එතෙර යයි. එසේම විස්සයි/20 ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කිරුළ ද දැන් ඔහුගේ අත මානයට පැමිණ ඇත. මේ සියල්ල සමගින් වඩා යහපත් ගමනක් යෑමට මාලිංග තීරණය කළ යුතුය. ඒ පෙර සේ ම දඩබ්බර හෝ නාහෙට අහන්නැති තත්ත්වයේ ගමනක්ද නොමැති නම් ලෝක කුසලානයේ ජයග‍්‍රාහී නායකත්වයෙන් වෙනස්ම මගක් ගත් මිනිසෙකු ලෙසද යන්නය.

සංගා සහ මහේල

නිමා වූ ලෝක කුසලාන ජයග‍්‍රහණයත් සමග කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ද විස්සයි/20 තරගවලට සමුදෙති. එහි කිසිදු වෙනසක් නොවන බැව් මහේල මෙන්ම සංගක්කාරද පසුගියදා ප‍්‍රකාශ කළෝය. එම සමුගැනීම් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පසුගිය කාලයේ විවිධ දේ පළකර තිබුණි. ඒ ඔවුන් දෙදෙනා කෙරෙහි වූ ද්වේෂයෙනි. මෙය මෙහෙයවන්නෝ කවුරුන්ද යන්න අප මීට පෙර කතා කළෙමු. කණ්ඩායමේ ‘ලොකු අයියලා’ ලෙස මොවුන්ගේ භූමිකාව මෙම තරගාවලියේදී කෙතෙක් වැදගත් වී ද යත් නායක මාලිංගම දෙන සහතිකය ප‍්‍රමාණවත් ය.

‘අපිට අවශ්‍ය වුණේ මහේලට සහ සංගට වටිනා යමක් දෙන්න. ඔවුන් දෙදෙනා ක‍්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කළා. ඊට ලබා දිය යුතු උපරිම ගෞරවය අපි පිරිනැමුවා කියා මම හිතනවා…’

එමෙන්ම අවසන් පූර්ව තරගයෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ඩැරන් සැමි කළ ප‍්‍රකාශයද ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප කෙතරම් අගය කළ යුතුද? ‘ශ‍්‍රී ලංකා කණ්ඩායමට විතරක් නොවේ පොදුවේ ක‍්‍රීඩාවටම මහත් සේවයක් කළ ඒ මහත්වරුන් දෙදෙනාට තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම තැනකට ඔසවා තබන්න දෙවියන් අදහස් කරන්නට ඇති. දෙවියන් මෙවර අපේ යාඥාවන්ට කන් නොදුන්නේ මේ නිසා වෙන්න ඇති…’

කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යනු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයන් සේ ම ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ හසල අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් දෙදෙනාය. ඔවුන් දෙදෙනාටද මේ තරගාවලිය වටිනාම සැමරුම වන්නේය. එහෙත් එවැන්නක් නොසිතූ ඇතැම් පාපතර මාධ්‍ය මොවුන් දෙදෙනාගේ මේ සමුගැනීමේ කතාව කටගැස්මක් කරගත්තෝ ඉතාමත් කෲර ලෙසිනි. අඩුම තරමින් මොවුන් දෙදෙනා මේ ක‍්‍රීඩා කරන්නේ අවසන් විස්සයි/20 ජාත්‍යන්තර තරගය බවවත් ඔවුන් සිතුවේ නැත. අවාසනාව වන්නේ මේ පිටුපස ඇතැම් ක‍්‍රිකට් බලධාරීන් ද සිටීම ය.

කෙසේ වෙතත් සංගක්කාර සහ මහේල තමන්ගේ විස්සයි/20 භූමිකාවට සමුදෙන්නේ මේ පාපතරයන්ට කනේ පහරක්ද ගසමිනි. සංගක්කාර අවසන් තරගයේ වීරයා වෙමින්ද මහේල විස්සයි/20 ලෝක කුසලාන තරගවලදී ලකුණු දහසක් ලැබූ පළමුවැන්නා බවට පත්වෙමින්ද පෙන්නුම් කළ දක්ෂතාව කවුරු අමතක කිරීමට උත්සාහ කළත් අපට නම් අමතකව නොයේ.

‘අපේ වගකීම වන්නේ අපිට හැකි පුළුවන් තරම් හො`දින් ක‍්‍රීඩා කරලා යන්න. අපි විශ්වාස කරනවා අපි ඒ දේ කළා කියලා. ඇතැම් අය කොතරම් විවේචන කළත් අපිට ඒ සතුට තියෙනවා. අපි කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් යමක් කළා කියන යහපත් හැ`ගීමක් දැනෙනවා. එය අපිට ප‍්‍රමාණවත්…’ සංගක්කාර පවසන්නේ ය.

‘කණ්ඩායමේ හැම දෙනාට ම කළයුතු යම් යම් කාර්යයන් තිබුණා. ඒ අතුරින් අපි දෙදෙනාව වැඩිපුර පෙනෙන්න ගත්තේ මෙම තරගය අපි දෙන්නගේ අවසන් තරගය වූ නිසා. තරගාවලියට සහභාගිවීමේදී සිට ඇතැම් දෙනා නිර්මාණය කළ මාතෘකා අපගේ සිත් රිදීම්වලට හේතු වුණා. ඇතැම් දෙනා අපිව දැඩි සේ විවේචනය කළා. ඒ නිවැරදි තත්ත්වයන්හි සිට නොවෙයි. මෙය සිදු නොවිය යුතුව තිබුණා…’ මහේල පවසන්නේ ය.

ක‍්‍රිකට් පිටියේ වමත්-දකුණත් පිතිකරණයේ සහයෝගිතාව මත ජයගත් තරග අපමණ බැව් ඉතිහාසය සාක්කි දෙයි. අවසන් තරගය ද එවැන්නකි. හිටපු නායකයන් දෙදෙනෙක් ලෙස ලෝක කුසලාන අවසන් තරග දෙක බැගින් නායකත්වය දුන් මොවුන් දෙදෙනාට ජයග‍්‍රහණයේ නියමුවන් වීමට අවස්ථාවක් නොලැබුණ ද මෙවර ලැබූ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් නිහතමානී වීමට ද ඔවුහු පසුබට නොවෙති.

විස්සයි/20 ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදුන්න ද මහේල සහ සංගා තව දුරටත් ටෙස්ට් සහ එක්දින අන්තර් ජාතික පිටියේ දී අපට දැකගත හැකි ය. ඒ කොපමණ කාලයකට ද යන්න දැනට නිශ්චිත නොවුවත් 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන්ගේ දක්ෂතා දැක බලා ගත හැකිය යන විශ්වාසය සංගක්කාර ලබා දී ඇත.

දිනේෂ් චන්දිමාල්

ලෝක කුසලාන විස්සයි/20 තරගාවලිය ස`දහා ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටත්වන්නේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ වූවත් අවසන් තරග තුනේදී චන්දිමාල්ට සිදුවන්නේ බංකුවේ සිට තරග නරඹන්නෙකු ව සිටීමටය. මේ තත්ත්වය ඇතැම් අය දුටුවෝ චන්දිමාල්ගේ නායකත්වයේ අවසන් භූමිකාව ලෙසිනි. එහෙත් තිරය පිටුපස කතාව ඊට වෙනස් බැව් දැන් ප‍්‍රකාශ ව තිබේ.

ස්ථීර නායකයා ලෙස චන්දිමාල් තම ස්ථානය අවසන් තරග දෙකේ දී ප‍්‍රදානය කරන්නේ තරගාවලියේ ජයග‍්‍රහණය උදෙසා ගතයුතු හො`දම තීරණය ලෙසිනි. තම නායකත්වයේ බලය යොදවමින් කණ්ඩායමට නැවත පැමිණීමට චන්දිමාල්ට හො`දටම අවකාශ තිබියදීත් කණ්ඩායමේ ජයග‍්‍රහණය උදෙසා ඔහු කළ කැපකිරීම තවත් කාලයක් වනතුරු අමතක නොවනු ඇත. ඇතැම්විට ඇතැමුන් බලාපොරොත්තු වූ විලසින් මෙය චන්දිමාල්ගේ නායකත්වයේ අවසන් සංචාරය වීමටද ඉඩ තිබේ. ඒ චන්දිමාල්ට වඩා මාලිංග කණ්ඩායම ගොනුකර ගැනීමේ දක්ෂතාවෙන් පරිපූර්ණ බැව් පෙන්වීම හේතුවෙනි.
නායකත්වයේ කිරුළ ගිලිහුණද චන්දිමාල්ට මෙම තරගාවලිය බොහෝ දේ ඉගෙන ගැනීමට ලත් අවස්ථාවක් කරගත හැකිය යන්න අපගේ මතයයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ චන්දිමාල්ගේ පිතිකරු භූමිකාවේ වූ අඩුපාඩු වහා නිවැරදි කරගත යුතුය යන අවදානම් සංඥාව ලැබී ඇති බැව් තේරුම් ගෙන චන්දිමාල් හෙට දවස නිර්මාණය කළ යුතු ය.

පාලකයන්ගේ ‘දිනුවොත් දෙඤ්ඤං’ තියරිය

විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේ අතරමග දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කළේ තරගාවලිය ජයගන්නේ නම් ඩොලර් මිලියන එකහමාරක මුදලක් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ලබා දෙන බවයි. ජයග‍්‍රහණය කෙසේ වෙතත් මේ පාලකයන් ගණනය කර තිබුණේ ඔවුන්ට මේ වෙනුවෙන් ලැබෙන මුදල පිළිබ`ද ව ය. ඇතැම් මාධ්‍ය ද ජයග‍්‍රහණයට වඩා ඔවුන්ට ලැබෙන මුදල සම්බන්ධයෙන් ලොකු කර පළකර තිබෙනු ද දක්නට ලැබුණි. මේ කෑදරකම අන් අයගේ පොකැට්ටුවේ මුදලට බිල්පත් සකසනවා හා සමාන ක‍්‍රියාවකි. එහෙත් මේ ක‍්‍රීඩකයන් මේ දක්ෂතාවන් කරන්නට කරනා කැපකිරීම් සම්බන්ධයෙන් කිසිවෙක් කිසිවක් ම නොකියති. හෙළනා මහන්සිය සම්බන්ධයෙන් වගේ වගක් නැත.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් මෙම තරගාවලිය ස`දහා පිටත්වන්නේ ද ක‍්‍රිකට් ආයතනය සමග වාර්ෂිකව අත්සන් තැබිය යුතු ගිවිසුමට එක`ග නොවෙමින් අත්සන් නොතබමිනි. එය තමන් වෙත ලැබිය යුතු මුදල හා ඇතිවූ ප‍්‍රශ්නයක් හේතුවෙනි. එහිදී ක‍්‍රීඩකයන් යම් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළද පාලකයන් එවැන්නක් කළේ නැත. එවන් තත්ත්වයකදීත් පාලකයෝ ‘දිනුවොත් දෙඤ්ඤං’ යැයි ක‍්‍රීඩකයන්ට පවසති. දිනුවොත් දෙඤ්ඤං යැයි පවසමින් ක‍්‍රීඩකයන් සූදුවේ යොදවති. පාලකයන්ගේ මේ ප‍්‍රකාශය අනියමින් ඔවුන් වෙත කළ ප‍්‍රහාරයක් වැන්න.

පාලකයන් වසර ගණනාවක සිට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මුදල් මතම කටයුතු කරන ෂයිලොක් පරපුරේ අය බවයි. එයම ඒත්තු ගන්වන්නට ඇවැසි බැවින් මෙම දිනුවොත් දෙඤ්ඤං කොන්දේසියේ යෙදෙන්නට ඇතැ’යි අපට සිතේ. කෙසේ වෙතත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තම යුතුකම ඉටුකර ඇත. දැන් ඉතිං පාලකයන්ට තමන් ඔවුන් ගැන දැරූ ෂයිලොක් කතන්දර ඉවත් කර ගැනීමට සිදුවනු නොඅනුමානය.
ක‍්‍රිකට් අනාගතය යහපත් කිරීමට නම් පාලකයන් අලූතෙන් පටන් ගත යුත්තේ ක‍්‍රීඩකයන් මේ දිනා දුන් කුසලානයෙන් නැවැති තැන සිට ය. 2014 විස්සයි/20 ක‍්‍රිකට් ලෝක කුසලානයේ ජයග‍්‍රහණය වඩාත් සාධනීය වන්නේ එවිට ය.

එවැන්නකට යන්නට සංගක්කාර ද පාර පෙන්වා දී තිබේ. ඒ කෙසේ ද යත්..,
‘කණ්ඩායමට මේ තරගය දිනන්න ඕනෑ කරලා තිබුණේ අපි දෙදෙනා වෙනුවෙන්. ඒ වගේම තවත් මිලියන විස්සක පිරිසක් වෙනුවෙන් ද මේ තරගය ජයගත යුතු වුණා. මා සහ මහේල වෙනුවෙන් පමණක් නොවේ. අප වෙනුවෙන්, අප පිටුපස සිටින අය වෙනුවෙන් ද මේ තරගය ජයගත යුතු වුණා. අපි ඒ දේ කළා. මේ පිටුපස තිබෙන්නේ නියමිත වෙලාවේදී සහ නියමිත ස්ථානයේදී ගත් නිවැරදි තීරණ. සැලසුමක් සාර්ථකවන්නේ ඒ දේ නියත ලෙසම කරන්න පුළුවන් නම් පමණයි…’