රාවය

විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

කැසිනෝ ව්‍යාපෘති ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡුන්ද විමසීමේදී ඒ සඳහා සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කර එම අදහස අවසානයේ අත්හැර දැමීමට සිදුවී ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා නිසා බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සමග ෆයිව් නේෂන් රගර් තරගාවලිය සඳහා මන්ත‍්‍රීවරු දසදෙනකු කොරියාව බලා පිටවීම මේ සඳහා හේතුවී ඇත.

එම ගැසට් නිවේදන සම්මත කරගත් පසුගිය අපේ‍්‍රල් 24 හා 25 දිනවල ආණ්ඩු පක්ෂයේ සියලූම මැති ඇමතිවරුන් සියලූ විදේශ සංචාර හා අනෙකුත් කටයුතු අහෝසි කර පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට ජනාධිපතිවරයා නියෝග කර තිබූ අතර එහෙත් එම ගැසට් පත‍්‍රවලට විරෝධය දක්වමින් ආණ්ඩුවේ සෙසු පක්ෂවල මෙන්ම ශ‍්‍රීලනිප සාමාජිකයන්ද බොහෝ පිරිසක් ඡුන්ද විමසීමට සහභාගි වූයේ නැත.

ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට නොපැමිණි ආණ්ඩු පක්ෂ සාමාජිකයන්ගේ නාම ලේඛනයක් තමාට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාට නියෝග කර තිබූ අතර පසුව සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කළේ ඡුන්ද ප‍්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට නොපැමිණි ආණ්ඩු පක්ෂ සා මා ජි ක ය න් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග නොගන්නා බවයි.