රාවය

ගෝඨාභයට වඩා විමල් ඉදිරියෙන්

ගෝඨාභයට වඩා විමල් ඉදිරියෙන්

 

ඉඩ දෙන්න, ලස්සන ජීවිත යකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළකරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ නාගරික ජනතාවගෙන් මේ දිනවල ඉල්ලීම් කරමින් පවතී.

මේ දැන්වීමේ අර්ථය වන්නේ පැල්පතකින් වඩා හොඳ මහල් නිවාසයකට යෑම සඳහා කරන ඉල්ලීමකි. කොළඹ නාගරික පැල්පත්වාසීන් සිය පැල්පතින් මහල් නිවාසයකට යෑමට අකමැති බවක්, මෙතෙක් අපට අසන්නට ලැබී නැත. තමන්ගේම නොවන බිම්කඩක අවම පොදු පහසුකම් මැද ජීවිතය ගෙවන කොළඹ නාගරික පැල්පත්වාසීන්ට පොදු පහසුකම් සහිත තමන්ගේම වූ නිවසක් ලැබීම වූ කලි ඔවුන් බලාපොරොත්තු වන දෙයකි.
එසේනම් මේ දැන්වීමේ අර්ථය කුමක්දැයි යමෙකුට අනිවාර්යයෙන්ම ප‍්‍රශ්නාර්ථ යක් ඇති වීමට ඉඩ තිබේ. එක්කෝ මේ දැන්වීම ආමන්ත‍්‍රණය කරන්නේ කොළඹ නාගරික පැල්පත් වාසීන්ට නොවන්නට පුළුවන. ආමන්ත‍්‍රණය කරන්නේ කොළඹ නාගරික පැල්පත්වාසීන් නොවන පිරිසට විය යුතුය. සමහර විට ඔවුන්ද ඇතුළුව මුළු රටේම අනෙකුත් ජනතාවට විය යුතුය.

මේ ආකාරයට එම දැන්වීමෙන් ආමන්ත‍්‍රණය කරනු ලබන්නේ කොළඹ නාගරික පැල්පත්වාසී ජනතාව නොවේ නම් එහි අර්ථය ද පැහැදිලිය. එනම් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ නගරය තුළ සිදුකරමින් පවතින කටයුතු සාධරණය කිරීම එහි අර්ථයය. කොළඹ නාගරික පැල්පත්වාසීන්ට වඩා හොඳ මහල් නිවාස ලබාදීමට තමන්ට සැලැස්මක් ඇති බවත් ඒ සඳහා ඉඩ ලබානොදෙන පිරිසක් සිටින බවත් එහි අනෙක් අර්ථයය.
ඇත්ත වශයෙන්ම කොළඹ නාගරික පැල්පත්වාසී ජනතාව ඔවුන් දැන් සිටින තත්ත්වයට වඩා හොඳ මහල් නිවාසයකට යෑමට මුලින් සඳහන් කළාක් මෙන් කවදාවත් විරුද්ධව වූයේ නැත. එහෙත් සිය ගේදොර මුලින් උදුරා දමා තමන් උපන් භූමියෙන් එළවා දැමීමට එරෙහිව හ`ඩ න`ගන පිරිසක් කොළඹ නගරයේ සිටියෝය. ඔවුන් කිසිසේත්ම කොළඹ නාගරික පැල්පත්වාසීහු නොවෙති. මේ බොහෝ පිරිසක් භූමිය පිළිබඳව ඔවුන්ගේම වූ මොනයම් ආකාරයක හිමිකමක් ඇති පොදු පහසුකම්වලින් සමන්විත නිවසක් හිමි පිරිසක් වූහ. ඔවුන් බොහෝ පිරිසකට සිය ගේදොර හැරදමා යන්නට සිදුවූයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මිලිටරි බලයට මුහුණ දීමට නොහැකිවය. ඒ ඔවුන්ට අදට වඩා ලස්සන හෙට දවසක් හිමිකර දීම වෙනුවෙන් නොවේ. විදේශ ආයෝජකයන්ට එම ඉඩම් විකුණා එම ගනුදෙනු කි‍්‍රයාත්මක කරන අයට ලස්සන හෙට දවසක් උදාකර ගැනීම වෙනුවෙන්ය.
තමන් මුලින් උදුරා දැමීමට එරෙහිව මේ පිරිස් හ`ඩ නැ`ගීම සාධාරණය. ඒ ඔවුන් තමන්ගේම වූ නිවසක් ලැබෙන තෙක් කුලී නිවැසියන් බවට පත්වන්නට නියමිතව සිටි හෙයින්ය. කුලී නිවැසි ජීවිතය ස්ථීර නිවසක් බවට පත්වන්නේ කවදාද යන්න පිළිබඳව ස්ථීර පොරොන්දුවක් නැතිකම මතය. ලැබෙනවා යැයි කියන ස්ථීර නිවසද තමන් දිවි ගෙවූ බිම් වපසරියට වඩා අඩු එකක් වූ බැවින්ය. තමන්ගේ හිමිකමට වටිනාකමක් නොලැබී ලැබීමට නියමිත අලූත් ජීවිතය සඳහාද මුදලින් ගෙවීම් කිරීමට ඔවුන්ට සිදුවීම තුළය.

කොළඹ නගරය ලස්සන නගරයක් කිරීම සඳහා වූ සිය සිහිනය ප‍්‍රකාශයට පත්කරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කීවේ පර්ච් එකක් දෙකක් වැනි කුඩා බිම්කඩවල ජීවිතය ගෙවන කොළඹ පැල්පත්වාසීන්ට පහසුකම් සහිත වඩා හොඳ මහල් නිවාස ලබාදෙන බවය. අරමුණ ඉතා හොඳය. පුවත්පතක් වශයෙන් අප දිගින්දිගටම පෙන්වා දුන්නේද කොළඹ ලස්සන නගරයක් කිරීම ආරම්භ කළ යුත්තේ පොදු පහසුකම් සහිත මධ්‍යම පාන්තික ජීවිතයක් ගෙවන ජනතාවගෙන් නොවන බවය. මුලින්ම කොළඹ නාගරික පැල්පත්වාසී ජනයාට මහල් නිවාස ලබාදීම මගින් බවය. සිදුවුයේ මහල් නිවාස ඉදිකරන්නටත් පෙර මධ්‍යම පාන්තික ජීවිත ගෙවූ ජනතාව මිලිටරි බලය යොදා බලහත්කාරයෙන් ඉවත් කිරීමය. ‘ඉඩ දෙන්න’ යැයි කියන්නේ බොහෝපිරිසක් බලහත් කාරයෙන් ඉවත් කිරීමෙන් පසුය. පැල්පත්වාසීන් නොවන තව පිරිසක් ඉවත් කිරීමට අවශ්‍ය බව තවදුරටත් ඉ`ගි කරමින්ය.

එහිදී පැනන`ගින ප‍්‍රධානම ප‍්‍රශ්නය වන්නේ මේ ජනයාට නැවත වරක් ලබාදෙන්නේ පර්චස් එකක් දෙකක් වැනි කුඩා මහල් නිවාස ද යන්නය. මන්ද කොළඹ නාගරික ජනයා වෙනුවෙන් විවෘත වූ දෙමටගොඩ මිහිඳු සෙන්පුර මහල් නිවාසවල නිවසක වපසරිය වූයේ වර්ග අඩි 450ක් නිසාය. බොරැුල්ල වනාතමුල්ලේ ඉදිකර ඇති මහල් නිවාසවල වර්ග ප‍්‍රමාණය ඊටත් වඩා අඩුවී ඇතැයි කියන නිසාය. පර්චසයක වපසරිය වර්ග අඩි 272ක් වන නිසාම නාගරික ජනයාට සිදුවන්නේ පර්චසයක දෙකක නිවසක නැවතත් සිරවන්නටය. එහෙත් ඊට වඩා වැඩි වපසරියක ජීවත් වූ මධ්‍ය පාන්තික ජනයා මේ ඉඩ ප‍්‍රමාණයට විරුද්ධය. ඔවුන් බොහෝදෙනා ඔවුන්ගේ නිවාස තට්ටු කිහිපයකට ගොඩනංවා වඩා වැඩි වර්ග අඩි ප‍්‍රමාණයක ජීවත් වූ අයය. ඔවුන් ඔවුන්ගේ ජීවිත වපසරිය තවදුරටත් කුඩා කරගන්නට කැමති නැත.

කෙසේ හෝ කොළඹ වැසියන් ඔවුන්ගේ ඉඩම්වලින් ඉවත් කර ඒවා ආයෝජකයන්ට විකිණීම හැර මේ මිනිසුන් පිළිබඳව හා ඔවුන්ගේ සාධාරණ හා අත්‍යවශ්‍ය ඉල්ලීම් පිළිබඳව සිතා බලන්නට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට වුවමනාවක් හෝ ඉස්පාසුවක් තිබුණේ නැත. මන්ද එය රජයේ අමාත්‍යාංශයේ වූවාට, ඒවාහි සේවකයන් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් වූවාට ඔවුන් පිළිගත් රජයේ නීතිරීතිවලට බැහැරව කටයුතු කළ නිසාය.

දැන් ‘ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණන් වැයකර ඉල්ලීම් කරන්නේ මේ මිලිටරි බලහත්කාරයට අණදුන් පිරිසමය. එහිදී ‘ඉඩදෙන්න’ කියනවා සමගම ඔවුන් මතකයට තබාගත යුතු පෙර සඳහන් කළාක් මෙන් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ඇත. ඒ මේ මහල් නිවාසයක ඉඩ ප‍්‍රමාණය පිළිබඳවය.
ඊට හොඳම උදාහරණයක් අපට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ යෙන්ම ලබාගත හැකිය. නාගරික සංවර්ධන අධිකාරිය මේ වනවිටත් දැන්වීම් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත්තේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට කොළඹ 14 මාදම්පිටියේ ප‍්‍රදේශයේ හා බොරැුල්ල ඕවල් කී‍්‍රඩාංගණය අසල තට්ටු නිවාස ඉදිකරන බව හා ඒවා පහසු ගෙවීමේ ක‍්‍රමයට මිලදී ගත හැකි බවය. විශේෂත්වය වන්නේ මේ එක් නිවසක බිම් ප‍්‍රමාණය වර්ග අඩි 600 – 800 අතර වන බවය.

ඒ මගින් කියන්නේ කුඩා ප‍්‍රමාණයේ සාමාන්‍ය පවුලක් සඳහා වුවද පර්චස් දෙකකට වඩා වැඩිවූ වපසරියකින් යුත් මහල් නිවාසයක් සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම සඳහා වුවද අවශ්‍ය බවය. එය ඉවත්කිරීමට නියමිත කොළඹ නාගරික ජනයා සම්බන්ධයෙන්ද වෙනස් විය නොහැකිය.

කොළඹ නාගරික ජනයා සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සිතූ ආකාරය පෙර කී ලෙස වුවද ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශ්‍ය යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය අඩු ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස ඉදිකිරීමේදී ඊට වඩා යමක් සිතා ඇති බව පෙනී යයි. ඔවුන් නිවාස 288කින් යුතුව මොරටුව ප‍්‍රදේශයේ ඉදිකර ඇති මහල් නිවාසයක වර්ග ප‍්‍රමාණය වර්ග අඩි 508කි. එක් එක් නිවසකට හිමි කොරිඩෝවද සමග නිවසක මුළු වර්ග ප‍්‍රමාණය වර්ග අඩි 532කි. ඒ අනුව පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට වඩා විමල් වීරවංශ යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය අඩු ආදායම්ලාභීන්ගේ නිවසක බිම් ප‍්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින බවය.