නාමල්ට සමුදෙමුද?

 

ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නාමල් රාජපක්ෂට හිමිව ඇත. මේ බව කී‍්‍රඩා පිටු සංස්කාරකයෝ පැල් බැඳගෙන ලියති. මේක අරුමයක්ද?

කොරියාව බලා යන රග්බි කණ්ඩායමේ නායකත්වය කාට දිය යුතුද යන්නට තේරීම් කමිටුව විශාල තරගකාරීත්වයකට මුහුණ දී ඇතැයිද එහිදී නියම සුදුස්සා ඒ තැන ගනු නියතයැයිද මුලදී මාධ්‍ය පෙන්වා දුන්නේය. මේ හතර කොනම හිනස්සන කිසිදු විලි ලැජ්ජාවක් නැති ලියවිලිය. රාජපක්ෂ පුතුන් සිටින රග්බි පිලේ ඔවුන්ගෙන් තොර නායකත්වය මෑතකදී කවුරු හිමිකර ගත්තේද? විටෙක නාමල්, විටෙක යෝෂිත, තවත් වරෙක රෝහිතය. මේ ලංකාවේ රග්බි කෙරුවාවේ තරමය. මේ නායකයන් හැර තවත් නායකයෝ සිටිත්ද? සිටිය හැක. ඒ මොවුන් තිදෙනාම විවේක ගත් විටය.
පසුගියදා ක්ලබ් තරගාවලියෙන් නාමල් රාජපක්ෂ සමුගත්තේ කේක් කපාය. නාමල් වන් තරුණයකු රග්බි කී‍්‍රඩාවට සමුදීම දරාගත නොහැකි බව කී‍්‍රඩා ලියන්නෝ හොටු පෙරාගෙන අකුරු කළහ. ඇතැම්හු අනේ නාමල් ඉන්නකෝ වැනි පිස්සෙන්ඩුවීම්ද ලියූහ. මේ මෙරට මාධ්‍ය නඩයය. මේ ලංකාවේ හැටිය.

අද සැවොම දන්නා රගර් කී‍්‍රඩකයෝ රාජපක්ෂවරුය. ඒ මෙරටය. රගර් ගැන මෙලෝ මළදානයක් නොදත් අයය. රගර් ගැන නිසි අවබෝධයක් ඇත්තවුන්ට මේ තිදෙනාම මහා රග්බි කී‍්‍රඩකයෝ නොවෙති. ඇත්ත එයමුත් අද එකහෙළාම පිළිගන්නේ බොරුවය. මේ මාධ්‍ය පුම්බන පිම්බිල්ලය.

ලංකාවේ රග්බි යනු රාජපක්ෂලාය. රග්බි ඇත්තේ නාවික හමුදාව තුළ පමණය. මෙවර කොරියාව බලා යන පිලේ විසිතුන් දෙනාගෙන් දහදෙනෙක්ම නාවිකයෝය. නාමල් මෙන්ම යෝෂිතත් කණ්ඩායමේ සිටින අතර රෝහිත සමූහ ඡුායාරූපයේ සිටියි. මේ කණ්ඩායමට මෙරට සිටින අතිදක්ෂ රග්බි කී‍්‍රඩක ෆසිල් මරීජා නැතිය. ඔහු මෙරට සත් සාමාජික රග්බි පිලේ නායකයාද වේ. ඔහු නොයන්නේ මන්දයැයි විමසූ විට රග්බි සංගමය කප්පරක් කෙප්ප ඇදබායි. අවසානයේ ඔහු පළමු තරගයට කී‍්‍රඩා නොකළද දෙවන තරගයට කී‍්‍රඩා කරන බව අසංග සෙනවිරත්න මාධ්‍යයට පවසා තිබුණි. තේරීම් කමිටුව කොරියාව බලා යාමට තේරූ විසිතුන්දෙනාගේ කණ්ඩායමට නැති ෆසීල් මරීජා දෙවැනි තරගයට කී‍්‍රඩා කරන්නේ කෙසේද? තෝරාගත් පිළට නැති මරීජා පසුව රැුගෙන යන්නේ කෙසේද? මේ විගඩම් මාධ්‍යයට ප‍්‍රශ්න නොවන අතර ඔවුන් දකිනුයේ නාමල් රාජපක්ෂ පමණි.

රග්බි තේරීම් කමිටුවේ පොලිස්කාරයන් නාමල් රාජපක්ෂ නායකයා ලෙස පත්කොට ඒඑස්පී ලා වන රටක් වේ නම් ඒ මෙරටය. පුතුන්ගේ රගර් පුහුණුකරුවෙකු වූ පිනට රග්බි සංගමයේ සභාපති වී මහා ධනපතියෙකු විය හැක්කේ මේ රටේය. කි‍්‍රකට් කී‍්‍රඩකයන් සද්දෙට කිවිසුමක් ගියද පාර්ලිමේන්තුවේ කතා කරන මැති ඇමැත්තෝ රගර් කී‍්‍රඩාව අරබයා අග්ගලා කෑ ගොලූවන්ය. ඔවුන් දන්නා එකම කී‍්‍රඩකයා නාමල් රාජපක්ෂය. මෙරට තරගාවලින්හිදී ආණ්ඩුවේ ඇමැත්තන් බලන එකම කී‍්‍රඩාව රගර්ය. ඒ පුතුන් සතුටු කරන්නටය. ඒ හරහා තමන් සතුටු වන්නටය. ලංකාවේ රග්බි යනු රාජපක්ෂලාගේ තවත් ව්‍යාපාරයකි. එහි සියලූ කොටස් රාජපක්ෂලාගේමය.

මෙරට ක්ලබ් තරගාවලියෙන් සමුගත් බව පවසමින් කේක් කැපූ නාමල් ඒෂියන් ෆයිව් නේෂන් තරගාවලියෙන් පසු එයටද සමුදී කේක් කපනු ඇතිය. ඉන් අනතුරුව ජාතික තරගාවලියෙන්ද කේක් කපා සමුදෙනු ඇතිය. මේ විගඩම් මෙහෙට මරුය. මද්දුම බණ්ඩාර තියරියට අනුව අයියණ්ඩිය බිය නොවන්න ඒ තැන අපි ගන්නා හැටි පෙන්වමු කියන්නට තව දෙපළක් ඇත. ඒ අනුව මෙරට රග්බි කී‍්‍රඩාවේ අනාගතය පැහැදිලිය. ලංකාවේ රග්බි යනු රාජපක්ෂලාගේ සෙල්ලමය. එහි මැවුම්කරුවෝද හිමිකරුවෝද, කෙරුම්කරුවෝද අද දවසේ ඔවුන්මය. නාමල් රාජපක්ෂ නොව හෙට මහින්ද රාජපක්ෂ රග්බි කණ්ඩායමේ නායකයා වුවද අපට අරුමයක් නොවේ. එහෙත් මෙරට මාධ්‍ය නම් මේ තරම් දක්ෂ කී‍්‍රඩකයකු කෙසේ මෙතරම් කලක් සිටියාදැයි කියා ලියනවානම් සිකුරුය. රග්බි කී‍්‍රඩාවට මෙන්ම එකී සියල්ලටම ද සුබ අනාගතයක් පැතිය යුතුය. මේ ආශ්චර්යයට අධිවේගි මාර්ගය හරහා යන පාරය. සැබවින්ම මාර පාරය.