මගේ ලිවීම ඇරඹෙන්නේ කාටුන් ඇඳීමෙන් – ගාර්ෂියා මාර්කේස්

සූර්යා

දිවියෙන් සමුගත් ගේ‍්‍රබියෙල් ගාර්ෂියා මාර්කේස් සමග ඔහුගේ දිවියේ සැඳෑ සමයේදී කළ සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරිණි.

ඔබ නව කතාකරණයේ යෙදෙනවා වගේම මාධ්‍යවේදියෙක් හැටියටත් වැඩකරනවා. මේ ක්ෂේත‍්‍ර දෙක ගැන ඔබට තියෙන්නෙ මොන වගේ අදහසක්ද?

මගේ ඇත්තම රැුකියාව විදිහට මගේ කැමැත්ත තියෙන්නෙ මාධ්‍යවේදියා කියන එකටයි. ජනාමාධ්‍යයේදී මම අකමැතිම දේ තමයි වැඩකිරීමේදී සීමා පනවා ගන්න සිද්ධවීම. එතෙන්දී පත්තරේට ඕන විදිහට සිතිවිලි හා අදහස්වලට සීමා පනවා ගන්න මට සිද්ධවෙනවා. ඒත් නව කතාකරුවෙක් හැටියට වැඩකරලා ආර්ථික නිදහසත් ලබාගත්තට පස්සෙ. මම ඇත්තටම කැමති තේමා ගැන මගේම අදහස්වලින් මට ලියන්ඩ පුළුවන්වෙනවා. ඒ කොහොම වුණත් ජනමාධ්‍ය පැත්තෙන් හොඳ වැඩක් කරන්ඩ ලැබෙනවාය කියන එක නම් මට විශාල සතුටක්.

ඔබට හමුවුණු විශිෂ්ටම ජනමාධ්‍ය රචනාව මොකද්ද?

John Hersey Hiroshima කියන්නේ විශේෂ ලියැවිල්ලක්.

ජනමාධ්‍යයේදී කරන්න බැරි සමහරක් දේවල් නවකතාකරණයේදී කරන්න පුළුවන්ය කියලා ඔබ හිතනවද?

නෑ එහෙම දෙයක් නෑ. ඒ දෙකේ කිසිම වෙනසක් නෑ. දෙකේම මූලාශ‍්‍ර එකයි. අමුද්‍රව්‍යයත් සමානයි. යොදාගන්න සම්පත් වගේම භාෂාවන් සමානයි.  Daniel Defoe of The Journal of the plague year කියන්නේ විශිෂ්ට නවකතාවක්. ඒ වගේම Hiroshima  කියන්නේ පුවත්පත් කලාවේ විශිෂ්ටතම ලියැවිල්ලක්.

සත්‍ය හා පරිකල්පනය අතර තුලනයක් ඇති කර ගැනීමේදී පත‍්‍ර කලා වේදියාගෙයි නවකතා කරුවාගෙයි වගකීමේ වෙනසක් තියෙනවද?

පුවත්පත්කලාවේදී සමස්ත කාර්යයේම ව්‍යාජය විසින් පක්ෂපාතිත්වයක් පරස්පරතාවත් ඇතිකරනවා. නවකතාවේදි එක ඇත්ත කාරණයක් සමස්තයටම සාධාරණීකරණය කරනවා. ඒක තමයි මේ දෙක අතර තියෙන එකම වෙනස. නවකතාවෙදි ලේඛකයාගේ හැකියාව උඩ තමයි බොරුව රඳාපවතින්නේ. මේ නිසා නවකතාකරුවකුට පාඨක යාගේ විශ්වාසය රැුකගන්ඩ පුළුවන්තාක්කල් එයාට හිතෙන ඕන දෙයක් කරන්ඩ පුළුවන්කම ලැබෙනවා.
ඔබ මාධ්‍යවේදියෙක් හැටියට හරිම වේගවත්, ගොඩක් දේවල් ලිව්වා.

බොගාටාවල El Espectator මම වැඩකරද්දී සතියකට අඩුම තරමින් කතා තුනක්වත් ලියන්ඩ පුරුදුවෙලා හිටියා. ඒ වගේම කර්තෘ සටහන් දෙකක් හරි තුනක් හරි ලියනවා. ඒ වගේම චිත‍්‍රපට විචාරයත් කෙරුවා. ඊට පස්සේ ?ට හැමෝම ගෙදර ගියාට පස්සෙත් මම මගේ නවකතා ලියන්ඩ පටන්ගන්නවා. ලිනෝ ටයිප් මැසිමෙන් එන වැස්ස වහිනවා වගේ සද්දෙට මම ගොඩක් ආසයි. ඒ සද්දේ නතර වුණාම මාව නිහ`ඩතාවක ගිලෙනවා. එතකොට මට වැඩකරන්න බෑ. ඒත් දැන් අරකත් එක්ක බැලූවාම මගේ අතින් ලියැවෙන්නේ බොහොම ටිකයි. හොඳටම වැඩකරන දවසක වුණත් උදේ හවස ඉඳලා හවස දෙක තුන වෙනකම් පේලී හතර පහක කෙටි ෙඡ්ද කීපයක් විතරයි. මගේ අතින් ලියවෙන්නේ. එවන් හු`ගක්වෙලාවට පහුවදාම ඉරලා විසිකරලා දානවා.

ඔබේ ලිවීම පටන් ගැනුණේ කොහොමද?

ඇඳීමෙන්. කාටුන් ඇඳීමෙන්. මට කියවන්න හෝ ලියන්ඩ පුළුවන් වෙන්ඩත් කලින්ම ඉස්කෝලෙදිත් ගෙරදරදිත් මම විකට චිත‍්‍ර අඳින්න පුරුදුවෙලා හිටියා. බොගෝටා විශ්වවිද්‍යාලයේදී මම වැඩි වැඩියෙන් යාළු මිත‍්‍රයෝ දැන හඳුන ගත්තා. ඒ අය මට සමකාලීන ලේඛකයන්ව හඳුන්වලා දුන්නා. දවසක් දා රෑ මගේ යාළුවෙක් මට ෆ‍්‍රාන්ස් කෆ්කාගේ කෙටි කතා පොතක් ණයට දුන්නා. මම මගේ නවාතැනට ගිහින් ඒක කියවන්න පටන් ගත්තා. The Metamorphosis ඒකේ පළවෙනි පේළියම මාව ඇඳෙන් එළියට ඇදලා දැම්මා. මට පුදුම හිතුණා. ඒකේ පළවෙනි පේළිය තිබුණේ ‘ජෝර්ජ් සම්සා එදා උදේ නින්දෙන් ඇහැරුණේ කලබලකාර හීනයකින්. එයා එයාගේ ඇඳේම යෝධ කෘමියෙක් වෙලයි හිටියේ. ඒක කියෙව්වට පස්සේ මටම හිතුණා ඒ වගේ දේවල් ලියන්ඩ කවුරුවත් ඉඩ දීලා නෑ කියලා. එහෙම ලියන්ඩ මම දැනගෙන හිටියා නම්, සෑහෙන කාලෙකට කලින් මමත් ලියන්ඩ පටන් අරගෙන. ඒ හින්දා වහාම මම කෙටි කතා ලියන්ඩ පටන් ගත්තා. ඒත් ඒවා එහෙම පිටින්ම බුද්ධිමය කෙටිකතා. ඒක එහෙම වුණේ ඒ කතා මම ඒ වෙනකොට ලබලා තිබ්බ සාහිත්‍ය අත්දැකීම් උඩ ලියපු හින්දයි. ඒ කතාවල ජීවිතයයි සාහිත්‍යයයි අතර කිසිම සම්බන්ධයක් තිබ්බේ නෑ. ඒ කතා බොගෝටාවේ El Espectador පත්තරේ සාහිත්‍ය අතිරේකයේ පළ කෙරුවා. ඒවා ඒ කාලේ හැටියට තරමක් සාර්ථකත් වුණා. මම මගේ පළවෙනි කෙටිකතා ටික ලිව්වම එයාලා කිව්වා මට න්‍දහජැ ගේ ආභාෂය තියෙනවාය කියලා.

ඒ වෙනකොට ඔබ Joyce කියවලා තිබ්බද?

නෑ. මම කිසිම දවසක කියවලා තිබුණේ නෑ. ඒ හින්දා මම ඹකහිිැි කියවන්ඩ ගත්තා. ඒකත් මම කියෙව්වේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඊට පස්සේ මම ඒකෙම ඉංගී‍්‍රසි වගේම ඉතා හොඳ ප‍්‍රංශ පරිවර්තනයත් කියෙව්වම ස්පාඤ්ඤ පරිවර්තනය අන්තිම අසාර්ථක විත්තිය මට තේරුණා. ඒත් ඒකෙන් මම මගේ අනාගත ලියවිල්ලට ප‍්‍රයෝජනවත් වෙන්ඩ පුළුවන් තාක්ෂණය ඉගෙන ගත්තා. පස්සෙ කාලෙකදී මම මේක Virginia Woolf  ගේ ලියවිලිවලත් දැක්කා. Joyce  වඩා හොඳින් වර්ජිනියා ඒක යොදාගෙන තිබුණා. ඒක පස්සේ කාලෙක මම තේරුම් ගත්තා. මේ පිටිසර බස්වහර හඳුන්වලා දුන්නු ලේඛකයා Lazarillo De Tormes කියන කාරණය.

ඔබේ ලේඛනයට මුල්කාලීනව බලපෑවේ කවුද කියල කියන්න පුළුවන්ද?

මගේ ලේඛනය වෙනස්වෙන්ඩ බලපෑව වැදගත්ම සිද්ධියක් තමයි 1948 අපේ‍්‍රල් 9 වැනිදා බොගොටාවලදී Gaitan වෙඩි තිබ්බ සිද්ධිය. ඒකට බොගොටාවේ මිනිස්සු පාරට බැහැලා විරෝධය පෑවා. ඒ ප‍්‍රවෘත්තිය මට අහන්ඩ හම්බවුණේ මගේ නවාතැනේ ඉඳන් මම දවල්කෑම කන්ඩ ලෑස්තිවෙද්දී. මමත් සිද්ධිය වුණු තැනට දුවගෙන ගියා. ඒත් ඒ වෙනකොටත් Gaitan ඉස්පිරිතාලෙට ගෙනියලා. මම ආපහු මගේ නවාතැනට එද්දී මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. කඩවල්කොල්ල කනවා. ගොඩනැගිලිවලට ගිනි තියනවා. මමත් ඒ අයට එකතු වුණා. එදා තමයි මට තේරුණේ මම මොනවගේ රටකද ජීවත්වෙන්නේ. ඒ වගේ මිනිස්සු අතරට මගේ කතා මොනතරම් නම් අඩුවෙන් ද යන්නේ කියලා.

ඊළ`ගට නවසිය 50-51 දී මගේ සාහිත්‍ය නැඹුරුවේ යම් බලපෑමක් වෙන සිද්ධියක් වුණා. මගේ අම්මා මට අ`ඩගැහුවා. එයත් එක්ක මම ඉපදුණු Aracataca වලට යන්ඩ එන්ඩය කියලා. ඒ මම මගේ පළවෙනි අවුරුද්ද ජීවත් වුණු ගේ විකුණලා දාන්ඩ.

ඇත්තෙන්ම එහෙ ඒ හැටි දේවල් වෙනස්වෙලා තිබුණේ නෑ. ඒත් මම ගම හරියට බලලා නෑ කියන හැ`ගීම ඇතිවුණා. ඒත් ගම ගැන කියවීමෙන් මම ඒ අත්දැකීම ලැබුවා. ඒ වෙනකොටත් ලියලා තිබ්බ විදිහට තමයි මම ඒ දේවල් දැක්කේ. ඒ හින්දා මට තිබුණේ පැත්තක වාඩිවෙලා මම ගම ගැන කියවලා තිබ්බ ඒවයි. එහෙ තිබ්බ ඒවයි සසඳන්නයි. ගෙවල්, මිනිස්සු, මතකයන් මේ හැමදේම සාහිත්‍ය බවට පත්වෙලයි තිබ්බේ. ඒ වෙනකොටත් මම Faulkner කියවලද නැද්ද කියලා නම් නිච්චියක් නෑ. ඒත් මම දැනගෙන හිටියා මම දැක්ක දේ ලියවිල්ලක් කරන්ඩ පුළුවන්කම තියෙන්නේ Faulkner ගේ තාක්ෂණයට විතරයි කියලා. Faulkner කියවද්දී මම විඳපු ගමේ වාතාවරණය, උණුහුම පිරිහීම කියන හැමදේම Faulkner  එකේ විදිහමයි. ඒක කෙසෙල්වතු යායක් එසේ පලතුරු සමාගම්වලට ඇමරිකානුවන් විශාල වශයෙන් සේවයට එකතුවෙලා හිටියා. දකුණේ ලේඛකයන් ගේ නිර්මාණවල කියවපු දේවල් ඒ විදිහටම මෙහේ දකින්න ලැබුණා. විචාරකයෝ මගේ සාහිත්‍ය ලේඛනවල Faulkner ආභාෂයක් ගැන කතා කළා. ඒත් මම ඒක දකින්නේ එකකට එකක් සම්බන්ධ නැති කාරණාවක් විදිහටයි. එතනදි වුණේ Faulkner ට හම්බවුණු අමුද්‍රව්‍යම මටත් හම්බවීමයි. එයා ඒ අමුද්‍රව්‍ය එක්ක ගනුදෙනු කරපු විදිහටම මටත් ගනුදෙනු කරන්න සිද්ධවෙච්ච එකයි.

ගමට ගිය ඒ ගමනෙන් පස්සේ මම ආපහු ආවේ මගේ පළමුවෙනි නවකතාව Leaf Storm ලියන්ඩ ලෑස්තිවෙලයි. ඇමරිකාවට ගිය ඒ ගමනෙන් වුණේ මගේ පුංචි කාලෙදි මට අත්විඳින්න වුණු, අද මම අගය කරන හැම අත්දැකීමකම සාහිත්‍ය වටිනාකමක් තියෙනවාය කියන එක මට තේරුම් යාමයි. Leaf Storm ලියපු මොහොතේ ඉඳලම මම තේරුම් ගත්තා මට ඕන කරන්නේ ලේඛකයෙක් වෙන්ඩය. ලෝකයේ හොඳම ලේඛකයා වෙන්ඩම. උත්සාහ කරන එකයි මට කරන්ඩ තියන්නේ. මම යන ඒ ගමන වළක්වන්න කාටවත්ම බැරිය කියන දේ. ඒ 1953 ඒත් ඒක 1967 වෙනකම්ම යථාර්ථයක් වුණේ නෑ. හේතුව ඒ අවුරුද්දේ තමයි මම ඒ වෙනකම් ලියපු මගේ පොත් පහෙත් පළමුවෙනි කර්තෘභාගය ලැබුණේ.

ඔබේම ලේඛන රටාවක් හොයාගෙන ගිය ගමන මොනවගේ එකක්ද?

Leaf Storm ලිව්වට පස්සෙ. මම තීරණය කෙරුවා ගම ගැනයි. මගේ ළමාවිය ගැනයි ලියන එකෙන් මම කරන්නේ රටේ තත්කාලීන දේශපාලන යථාර්ථයෙන් පැනලා යන එකය කියලා. ඒ වගේම මම අතීතකාමයට මුවාවෙලා කාලීන දේශපාලනයත් එක්ක ගැටෙන එකෙන් පිට පනිනවාය කියන වැරැුදි හැ`ගීමත් මට තිබුණා. මේ කාලෙදි තමයි සාහිත්‍යයයි දේශපාලනයයි අතර සබඳකම් ගැන වැඩි වැඩියෙන් සාකච්ඡුාවෙන්ඩ ගන්නේ. ඒත් මම උත්සාහ කළා මේ දෙක අතර පරතරය පුළුවන්තරම් අඩුකරන්ඩ. මුලදී මට බලපෑව අභාසය Faulkner ඒත් ඒක දැන් දැන් Hemingway ට මාරුවෙන්ඩ ගත්තා. ඒ ආහාසයෙන් මම No one writes to the colonel In Evil Hour සහ Big Mama’s Funeral කියන පොත් ලිව්වේ බොහෝදුරට එකම කාලෙක වගේ ඒවායේ සාකච්ඡුා වුණු කරුණු කාරණාත් හු`ගක්දුරට සමානයි. මේ නිර්මාණවලට මගේ ඊට කලින් නිර්මාණවලට පදනම් වුණ ගම්වලට වඩා වෙනස් ගම් පසුබිම් කර ගත්තා. ඒ ගමේ මැජික් තිබුණේ නෑ. ඒකට පත‍්‍රකලා සාහිත්‍යය කියලා කියන්න පුළුවන්. ඒත් මම In Evil Hour ලියලා ඉවර වෙද්දී. මට තේරුණා මේ නිර්මාණවලට පාදක වුණු මගේ දැක්ම වැරදිය කියන එක. ඒ වගේම මට තේරුණා මට මගේ ළමා කාලය පසුබිම් කරගෙන ලියපුවා මගේ රටේ දේශපාලනයට යථාර්ථයට ගොඩක් කිට්ටුය කියන කාරණය. මේ හින්දම EvilHour වලට පස්සේ අවුරුදු පහක් තිස්සේ මම කිසිම දෙයක් නොලියා හිටියා. නිතරම වගේ කරන්න ඕන මොකද්ද කියන එක ගැන මට මගේම අදහසක් තිබුණත් මොකක්දෝ එකත් ම`ගඇරිලා කියලා මට දැනුණා. එක දවසක් ඒ මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්නකම්ම ඔය ගන්ධබ්බ තත්ත්වය තිබුණා. ඒ නියම දේ. නියම රිද්මය තමයි මම මගේ one handred years of Solitude  එකට යොදාගන්නේ. ඒක ලියන්න මම යොදාගන්නේ මගේ ආච්චි කතා කියන්න පුරුදු වෙලා හිටිය විදිහයි. ආච්චි දේවල් කිව්වේ අස්වාභාවිකවාදී හා මායාකාරී විදිහටයි. ඒත් ඇය ඒවා කිව්වේ සම්පූර්ණයෙන්ම ස්වභාවික විදිහටයි. අවසානේ මෙන්න මේ රිද්මේ අවබෝධ කරගත්තට පස්සේ මම එකදිගටම මාසදහ අටක් හැමදාම වැඩකෙරුවා.

ඇය මායාකාරී දේවල් ස්වභාවික විදිහට කිව්වේ කොහොමද?

එතනදි වැදගත්ම දේ ඇගේ මුහුණෙන් පළවෙන හැ`ගීමයි. ඇගේ කතාව කියවගෙන යද්දී ඇගේ මුණෙන් පළකරන හැ`ගීම් එකපාරටම වෙනස් කෙරුවේ නෑ. ඇගේ කතාවට හැමෝම පුදුම වුණා. one handred years of Solitude මුලින් මම ලියන්ඩ උත්සාහ කරද්දී මමවත් මම ලියන කතාව විශ්වාස නොකර ලියන්න උත්සාහ කෙරුවා. ඒත් පස්සේ මට අවබෝධ වුණා මම ලියන්න දේවල් මුලින්ම මම විශ්වාස කරන්න ඕනය. ඊට පස්සේ ආච්චි කතා කියනකොට පළ කළ හැ`ගීම්වලට සමාන හැ`ගීම් බැ?රුම් මූණක් ඇතිව ලියන්න ඕනය කියලා.

ඔබේ රචනා තාක්ෂණයේ සුවිශේ ෂත්වයට පුවත්පත් කලාවෙන් එකතු කර ගන්න දේවලූත් තියෙනවා?

ඔව්, පත‍්‍රකලා උපක‍්‍රම සාහිත්‍යකරණයෙදිත් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයට ඔබේ නවකතාවෙදි ඔබ කිව්වොත් අලි අහසේ පියඹනවා කියලා මිනිස්සු ඕක විශ්වාස කරන්නේ නෑ. ඔබ කිව්වොත් අලි හාරසිය විසිපහක් අහසේ පියාඹනවා කියලා සමහරවිට මිනිස්සු ඔබ කියන දේ විශ්වාස කරාවි. මගේ one hundred years of Solitude මේ වගේ දේවල්වලින් පිරිලා තියෙන්නේ. හරියටම අන්න ඒ තාක්ෂණය තමයි මගේ ආච්චිත් යොදා ගත්තේ. මට මතකයි එයාගේ කතාවක එන චරිතයත් කහ සමනල්ලූ වටකරන අවස්ථාව මම බොහොම පුංචි සන්ධියේ අපේ ගෙදරට විදුලි කාර්මිකයෙක් ආවා. මට එයා ගැන ලොකු කුතුහලයක් ඇතිවුණා. හේතුව එයා ළ`ග තිබුණා ලයිට් කණුවල එල්ලිලා ඉන්නකොට ඉණ වටේට දාගන්න ආධාරක රැුඳවුම් පටියක්. මේ මනුස්සයා අපේ ගෙදරට එන හැමවෙලාවකම වගේ. මෙයා මේ ගේ සමනල්ලූන්ගෙන් පුරවාවි කියලා කියන්ඩ පුරුදුවෙලා හිටියා. ඒත් ඒක මම මගේ ලියැවිල්ලෙදි ගත්තේ කහා සමනල්ලූ කියලා. එහෙම නොකළා නම් මිනිස්සු ඒක විශ්වාස කරන එකක් නෑ. මගේ අතින් Remedies ලියැවෙද්දී ස්වර්ගෙට යන වර්ණනාව විශ්වසනීය එකක් කරන්න සෑහෙන කාලයක් මිඩංගු කරන්ඩ සිද්ධ වුණා. දවසක් දා මම වත්ත පහළට යද්දී දැක්කා ගෙදර රෙදි හෝදන්ඩ එන ගෑනු කෙනා රෙදි වේලෙන්ඩ දානවා. එතකොට තද සුළ`ගකුත් තිබ්බා. එයා සුළ`ගට කියනවා රෙදි ටික ගහගෙන යන්න එපාය කියලා. ඒකෙන් තමයි Remedies එකේ Beauty පලසක නැ`ගලා පාවෙන එක ගත්තේ. ඔය විදිහට තමයි මම ලියන දේවල්වල විශ්වසනීයත්වය තහවුරු කරගත්තේ. ඕන කෙනකුට ඕන දෙයක් ඕන තරම් දිගට ලියන්ඩ පුළුවන් ඒකේ විශ්වාසවන්ත බව රැුකෙනකම්. 

ලිවීම කෘතිම උත්තේජනයක් ඇති කර ගැනීම ගැන මොකක්ද හිතන්නේ.

මට මේ වෙලාවේ මතක් වෙන්නේ Heming wayලියපු මට තදින්ම දැනුණූ දෙයක්. එයාට ලියනවයි කියන එක හරියට බොක්සිං වගේය කියන කාරණය. එයා එයාගේ සෞඛ්‍ය ගැනයි යහපැවැත්ම ගැනයි හරියට සැලකිලිමත් වුණා. Faulkner බේබද්දෙක් හරියට ප‍්‍රසිද්ධවෙලා හිටියත් එයාගේ හැම සාකච්ඡුාවකදීම එයා කියලා තියෙනවා බීලා ඉන්න වෙලාවක හරියට ලියන්න බැහැයි කියලා. හෙමිංග්වේත් මේකම කියලා තියෙනවා. සමහර නගරයක පාඨකයෝ මගෙන් අහලා තියෙනවා මම ලියපු සමහරක් දේවල් මම ලියලා තියෙන්නේ මත්වෙලා ඉද්දිද කියලා. එහෙම අහන්නේ සාහිත්‍යගැනවත් මත්ද්‍රව්‍ය ගැනවත් කිසිම දෙයක් දන්නේ නැති අයයි. ඔබට හොඳ ලේඛකයෙක් වෙන්න ඕන නම්, ඔබ ලියන හැම මොහොතකම ඔබ පැහැදිලි සිහිබුද්ධියෙන් වගේම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ඕන. ඒ වගේම ලේඛනය කියන්නේ කැපකිරීමක්ය කියන රොමෑන්තික අදහසටත් මම තදින්ම විරුද්ධයි. මම හිතනවා ලියන මොහොතේ හොඳ කායික මානසික තත්ත්වයක ඉන්නම ඕනෑ කියලා.