ඇමති අනුහසින් වැනසෙන විල්පත්තු

 

මන්නාරම ගිනි යම්ය. ඒ තවමත් වැසි නැති නිසාය. දැන් දැන් පහළ මන්නාරමේ පුත්තලම සීමාවට ආසන්නව තව තවත් උණුසුම්ය. ‘‘රිෂාඞ් ඇමතිතුමා සලකන්නේ තමන්ගේ මිනිස්සුන්ට විතරයි. යුද්ධයෙන් විනාශ වුණේ අවතැන් වුණේ අපි. ඒත් අපිට එයාගෙන් කිසි වැඩක් නැහැ’’ මේ හ`ඩ මන්නාරම දෙමළ වැසියන්ගෙනි.

‘‘අපේ ඇමතිතුමා නැත්නම් අපිට මේ කිසි දෙයක් නැහැ. එයා අපිට හොඳට බලනවා. සලකනවා. යුද්ධ කාලේ අපිට නැති වෙච්ච හැම දෙයක්ම එයා අරගෙන දෙනවා’’ මේ හ`ඩ මන්නාරම මුස්ලිම් වැසියකුගේය.

මේ දෙදෙනාම කියන්නේ එක ඇමතිවරයකු ගැනය. ඒ රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාය. රිෂාඞ් ඇමතිවරයා මන්නාරමට එහි වෙසෙන මුස්ලිම්වරුන්ට ලොකු අනුග‍්‍රහයක් දක්වමින් සිටින බව බැලූ බැල්මට පෙනෙන කාරණයකි. එය හොඳ දෙයකි. එහෙත් ගැටලූව මතුව එන්නේ ඔහු මුස්ලිම් ජනතාවටයැ’යි කියා ගන්නා සමහර තීන්දු තීරණ රටට එහි නීතියට හානිදායක වීමය. අද පහළ මන්නාරම තව තවත් ගිනියම් වී ජාතිවාදී ගිනි දැල්වලින් දැවී යන්නට ආසන්නව ඇත්තේත් ඒ නිසාය. ඒ ඇයි? සොයා යමු.

විල්පත්තු

මන්නාරම පුත්තලම පැරණි මාර්ගය සහල් නැළිය පසුකර මුරු තණ්ඩිවලින් හැරී සිලාවතුරෙන් නැවත හැරී මුහුදු වෙරළට සමාන්තරව පුත්තලම සොයා දකුණට ඇදී යයි. මාර්ගය යුද්ධයෙන් පසුව නැවත සකසා කාපට් කර ඇත. සිලාවතුරෙන් කිලෝමීටර දෙක තුනක් පහළට ගිය විට මාර්ගයේ මුහුද දෙසට වන්නට ඉන්දියානු ආධාර සහිත අවතැන් නිවාස පද්ධති සමූහ ඉදිවී ඇත. මෙම මාර්ගයේ තව තවත් පුත්තලම දෙසට ගිය විට මුණගැසෙන්නේ විල්පත්තු අභය භූමියයි. විල්පත්තු යන වදනේ අර්ථය විල් දහය යන්නයි. එහෙත් මෝදර ගං ආරු ගණනාවට සිසිල සඳහා මෙම වන විල් පද්ධතිය තුළ ජලය පිරි විල් දහයට බොහෝ වැඩි ප‍්‍රමාණයක් ඇත. විල්පත්තු අභය භූමිය ලංකාවට ආවේණික කොටියාගේ සොඳුරු සැරිසර කලාපයකි. අලි ඇතුන්ගේ රජදහනකි. එනිසාම වන්නට 1938 පෙබරවාරි 25 වැනි දින මෙම සුවිශේෂ භූමි කලාපය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.

අභයභූමියක් යනු සතුන්ට අභය දානය දෙන වන සතුන්ට රිසි සේ හැසිරෙන්නට ජීවත්වන්නට ඉඩ සලසන, මිනිසුන්ට ඔවුන් නරඹා සතුටු වෙන්නට නිර්මිත බිමකි. එහි කැලෑ එළිපෙහෙළි කිරීම, සතුන් දඩයම් කිරීම, මාර්ග තැනීම වැනි කුමන කටයුත්තක් වුවත් නීතියෙන් බරපතළ ද`ඩුවම් ලැබිය හැකි වැඩය. එහෙත් දැන් දැන් විල්පත්තුව අභය භූමියේ උතුරු සීමාව තුළ මේ සියලූ ඇවැඩක්ම, නීතියට පටහැනි කාර්යයක්ම සිදුවෙමින් තිබේ. විල්පත්තු අභයභූමිය තුළ සහ එහි පේ‍්‍රරක කලාපය තුළ දැනට ආසන්න වශයෙන් කැලෑව අක්කර 500ක් පමණ සම්පූර්ණයෙන්ම දවා හළුකර එළිපෙහෙළි කර ඇත. ස්ථීර – තාවකාලික ජනාවාස ගොඩන`ගා ඇත.

විල්පත්තුවට ඇයි ජනාවාස?

ජනාවාස ඉඳිකිරීම සඳහා ඇයි අභයභූමිය විනාශ කරනුයේ? වැදගත් ප‍්‍රශ්නයකි. එලෙස වන අරණ විනාශ කර තැනෙන නිවාස ගම්බිම් කා සඳහාද? මේ ප‍්‍රශ්නවලට නැෙ`ගන පිළිතුරු යුද්ධය සමග බැඳී තිබේ. කැලය විනාශ කරන්නේ අවතැන් මුස්ලිම් ප‍්‍රජාවට නිවාස ගම්බිම් තනන්නටය. ඒ එක උත්තරයකි. අනෙක් පිළිතුර මෙලෙස එළි පෙහෙළි කරන භූමිය විල්පත්තු අභයභූමියට අයත් නැති බවය. මෙලෙස එළිපෙහෙළි කරන භූමිය පැරණි ජනාවාස බවය. විල්පත්තු ඉඩම් අර්බුදයත් සමග පැනනැගි මෙම ප‍්‍රශ්න හා පිළිතුරු සිංහල – මුස්ලිම් ජාතිකවාදී ආස්ථානයත් සමග එකට මුසුවීම නිසා මේ වන විට මෙම අර්බුදය නූල් බෝලයක් තරමට පැටළිලි සහගත වී හමාරය. විසඳුමක් පේන මානයක නොමැත්තේය. අභයභූමිය තව තවත් විනාශයට විවෘතය.

පැටළිලි සහගත අවතැන්වූවෝ

එල්ටීටීඊ සංවිධානය 1996 දශකයේ මන්නාරමේ සහ සමස්ත උතුරු පළාතින් මුස්ලිම්වරුන් පිටමං කළේය. එහිදී මන්නාරමින් අවතැන් වූ බොහොමයක් මුස්ලිම්වරුන් තමතමන්ගේ ඡුන්ද අයිතියත් සමගම ගොස් පදිංචි වූයේ පුත්තලමේය. නැතිනම් කල්පිටියේය. එය සත්‍යයකි. දැනට අවුරුදු 20කට වැඩිකලක සිට ඔවුහු පුත්තලමේ සහ කල්පිටියේ පදිංචිව සිටිති. ඒ ඇතැම් නිවාසවල නොව තම තමන්ට ජීවිකා මෙන්ම තම දුවා දරුවන්ගේ පාසල් අවශ්‍යතා පවා පිරි මැසෙන්නේ මන්නාරමින් නොව පුත්තලමිනි. කල්පිටියෙනි.

‘‘සිලාවතුරේ මුස්ලිම් අය 90 ගණන්වල කොටි කපනකොට කල්පිටියේ. අපි අපේ බෝට්ටු අරගෙන ගිහින් එක්කරගෙන ආවා. එදා ඉඳලා මේ මිනිස්සු මෙහෙ තමයි ඉන්නේ. අපිට සිංහල – මුස්ලිම් භේදයක් එදා තිබුණෙත් නැහැ අදත් නැහැ. එයාලා තාමත් කල්පිටියට කැමතියි. එයාලාගේ ඉඩම් දැන් මෙහෙ තියෙන්නේ. ඒත් රිෂාඞ් ඇමතිතුමාට මේ අයයි මෙයාලාගේ දරුවනුයි මන්නාරමට ගෙන්න ගන්න ඕනෑ. ඒ එයාගේ ඡුන්ද ගොඩවැඩිකර ගන්න.’’
මේ කල්පිටියේ සිංහලයකුගේ හ`ඩය. ප‍්‍රශ්නය දලූ ලා වැඩෙන්නේ මෙතැනින්ය. මීට ප‍්‍රථම රිෂාඞ් ඇමතිවරයා තමන්ගේ ඡුන්ද පදනම වැඩිකර ගැනීම සඳහා මන්නාරම නගරයට සමීපව වගුරු බිමක අවතැන් ජනතාව පදිංචි කළේය. ඔවුන් අදටත් ජීවත් වෙන්නේ ජලයට යට වෙමින්ය. මෙවර ඔහු ඒ සඳහා තෝරාගෙන ඇත්තේ විල්පත්තුවය. සිලාවතුරට පහළින් පුත්තලම සීමාවට ළංව පිහිටි පැරණි ගම්මානයක් වන මුල්ලිකුළම පෙන්වමින් ඔහු දැන් විල්පත්තුවේ මිනිසුන් පදිංචි කරවයි.

මුල්ලිකුළම

මුල්ලිකුළම පැරණි ගම්මානයක්ය. එහි තවමත් මුස්ලිම් පල්ලියක නටබුන් දැකිය හැකිය. දැන් එහි නාවික හමුදා කඳවුරක් පවතී. යුද්ධයට ප‍්‍රථම මෙම ගම්මානයේ බහුතරයක් දමිළයෝ වූහ. පසුව යුද්ධයත් සමග ඔවුහු ගම්මානය හැර ගියෝය. යුද්ධයට පසුව මුල්ලිකුළම ගම්මානයේ පැරණියන්ද විල්පත්තුව උතුරු අභයභූමියට ළංව පදිංචි කළේය. එහිත් මූලිකත්වය ගෙන කි‍්‍රයාකළේ රිෂාඞ් ඇමතිය. ඒ ගමට දැන් කියන්නේ කායික්කුලි කියාය. මීට මාස 5ක පමණ පෙර අප එහි යනවිට එහි මිනිස්සු කූඩාරම් අටවාගෙන ඉන්දියානු නිවාස ආධාරය ලැබෙන තුරු බලා සිටියෝය. එලෙස සිටි බහුතරය දමිළ මිනිසුන් වූ අතර ඔවුන් ආගමින් කතෝලිකය. ඔවුන්ට ද පුත්තලම සහ කල්පිටියේ ස්ථීර නිවාස ඇති බව සැලය. මෙලෙස ඉන්දියානු ආධාර මත තැනුණු නිවාස බොහොමයක් අද හිස්ය. ඔවුන් නැවත පුත්තලමට – කල්පිටියට ගොසිනි. ඒ මේ ප‍්‍රදේශයේ ජීවිකාවක් නැති නිසාය. මෙලෙස මීට මාස 8කට හෝ 10කට ප‍්‍රථම කායික්කුලි ජනතාව පදිංචි කරන විට ඊට ආසන්නව දැවැන්ත ලෙස ගස් කපා දමමින් ඉන්දියානු නිවාස ආධාර යටතේ ඉදිවන ගම්මාන සඳහා ඉඩ සලසා දෙන්නේයැ’යි කියමින් කැලය ආක‍්‍රමණය කරමින් තිබුණු අතර අද එම ආක‍්‍රමණය විල්පත්තු උතුරු සීමාවෙන් කැලය තුළට ඇතුළු වී හමාරය. මෙනිසා මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි මෙම කලාපය තුළ කැලය ඇතුළට වන්නට අනවසර නිවාස 44ක් පමණ ඉදිකර ඇති බව වනජීවි සංරක්ෂණ අධිකාරිය දැන් දැන් ප‍්‍රකාශකරමින් සිටී. මේ සියලූ අනවසර නිවාස ඉදිකරන්නේ මුල්ලිකුළමේ මිනිසුන්ට යැයි කියමින්ය. කායික්කුලි පදිංචි කළ පසු තවත් විල්පත්තු දේශ සීමා තුළ මුල්ලිකුළම් වැසියෝ සිටිත්ද? ප‍්‍රශ්නයකි.
විල්පත්තු දේශසීමා
බොහෝ පරිසර සංරක්ෂණ රාජ්‍ය නොවන ආයතන ප‍්‍රකාශ කරනුයේ විල්පත්තු අභයභූමියේ නිවැරදි දේශසීමා වනජීවි සංරක්ෂණ අධිකාරිය සහ එහි නිලධාරීන් නොදන්නා බවය. එය සත්‍යයක් විය හැකිය. බොදු බලසේනා වැනි සංවිධාන මෙම ප‍්‍රශ්නයට මැදිහත් වී ප‍්‍රශ්නය නූල් බෝලයක් කරන තුරු අදාළ රාජ්‍ය සේවා අංශය වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුව මෙන්ම වනජීවි සංරක්ෂණ අධිකාරියද නොදැක්කා සේ සිටියේය. එය නොදැක සිටියා ද මෙම නීති විරෝධි පදිංචි කිරීම් පිටුපස සිටින ප‍්‍රබල ඇමතිවරයාගේ අනුහසින් එලෙස වුණා දැයි දන්නේ දෙවියන් පමණි. එහෙත් එක් එක් සංවිධාන මෙම අර්බුදයට මැදිහත් වීම සහ රාජ්‍ය අංශය මෙම අර්බුදය සම්බන්ධයෙන් කි‍්‍රයාකරන ආකාරය නිසා මෙම කි‍්‍රයාවලිය දැන් දැන් සම්පූර්ණයෙන්ම ජාතිවාදී කණ්ඩායම් දමා බලන ඒ ඒ කණ්ණාඩි අනුව විස්තර වෙන තීන්දු තීරණ ගන්නා ප‍්‍රශ්නයක් බවට ව්‍යාකූල වී ඇත. මේ නිසා විසඳුම් දුරස්ථය. ජාතිවාදී ධ‍්‍රැවීකරණයන් බහුලය.

විල්පත්තුවෙන් පොහොර වැටෙන ජාතිවාදය

‘‘අපි මුස්ලිම්වරු නිසා ද අපිට වෙන නීතියක්. අපිට අපි මුලින් හිටිය ගම්බිම්වලට යන්න අයිතියක් නැද්ද? ඇයි මුස්ලිම්වරු පදිංචි කරනකොට විතරක් මෙහෙම කෑගහන්නේ’’ මෙලෙස අසන්නේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාය. අනෙක් පසින් බොදු බලසේනා සංවිධානය වැනි සංවිධාන ප‍්‍රශ්න කරමින් සිටින්නේ මුස්ලිම්වරුන්ට රටේ නීතිය අදාළ නැති ද යන්නය. සාමාන්‍යයෙන් කැලයක ලීයක් කැපුවත් අත්අඩංගුවට ගෙන දඩ ගසා කුඩුකරන වන සංරක්ෂණ නිලධාරීන් විල්පත්තු වන සංහාරයේදී ඉවත බලාගෙන සිටින්නේ ඔවුන් මුස්ලිම් නිසාදැයි ඔවුහු නැවත නැවතත් ප‍්‍රශ්න කරති.
මෙවැනි ප‍්‍රශ්න කිරීම් කෙලෙසක වුවත් මේ බිමට ගිය විට වැටහෙන්නේ මේ භූමිය තුළ අතීතයේ ගම්බිම් නොපැවතුණු බවය. එලෙස පැවතුණා නම් ගොවිතැනට සුදුසු බිම් තිබිය යුතුය. මුහුදට බැස ධීවර කටයුතු කිරීමට තැන් තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් මේ ශුෂ්ක බිම් කඩ තුළ නොමැත්තේය. එනිසා වගා ඉඩම් තව තවත් කැලය කපා සදා ගත යුතුය. ධීවර වරායන් නැවත ගොඩනැගිය යුතුය. පානීය ජල අවශ්‍යතා සඳහා ක‍්‍රම සම්පාදනය කළ යුතුය. ඒ කිසිදු සාධකයක් නොමැතිව කූඩාරම් අටවා මිනිසුන් පදිංචි කරවීම ජාතිවාදී ආගම්වාදී ස්වරූපයකින් තොරව ඡුන්ද පදනම වැඩිකර ගැනීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස අප දැකිය යුතුය. ලංකාවේ සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා කවරෙකු වුවත් ඉඩමක් සමග ගෙදරක් දෙනවා නම් අපායට වුණත් යන්නට සූදානම්ය. එය මේ බිමට ගිය විට පළමුව වැටහෙන සත්‍යයකි. එනිසාම මෙලෙස ගොස් කැලය කපා පදිංචි වන බොහෝ දෙනෙක් ස්ථීර වාසස්ථානයක් නිමවා නැවත පුත්තලමට හෝ කල්පිටියට වී දිවි ගෙවති. එය මේ බිමේ සත්‍ය තත්ත්වයයි. එහෙත් මෙම කි‍්‍රයාවලිය තුළින් සමාජය මත පතිත ගැටලූ දීර්ඝකාලීන විපාක ජනිත කිරීම ගැන ඔවුන් පුද්ගලිකව නැවත නැවතත් සිතාබැලිය යුතුය.

රටට නීතියක් නැහැ

තම තමන්ගේ ඡුන්ද පදනම වැඩිකර ගැනීම සඳහා හිතුමනාපයට අභය භූමියක් විනාශ කර ජනාවාස ඇතිකිරීම සහ එම කි‍්‍රයාවලිය නැවැත්වීම සඳහා පවත්නා නීතිය කි‍්‍රයාත්මක නොවීම අප දැකිය යුත්තේ විග‍්‍රහ කර ගත යුත්තේ කෙලෙසකද? එය ලංකාවට ආවේණික නීතියක් නැතිකමද? විමසිය යුතුය. මෙම ඡුන්ද ක‍්‍රමය එක් ඒකාධිපතියකු වෙනුවට ඒකාධිපතින් රංචුවක්ම ප‍්‍රාදේශීයව බිහිකර හමාරය. ඔවුන්ට තම බල ප‍්‍රදේශය තුළ ඕනෑම දෙයක් රිසි සේ කළ හැකිය. ඔවුන්ට තම ප‍්‍රදේශයට අදාළව වෙනමම නීතියක් පවතී.

විල්පත්තු අභයභූමිය විනාශකර ගම්බිම් ඇටවීම නිසා 1995 පෙබරවාරී 23 අංක 859/11 ගැසට් නිවේදනය, 1993 ජූනි 24 දින අංක 772/22 ගැසට් නිවේදනය වැනි ජාතික පාරිසරික පනතට අදාළ නීතිමය තත්ත්වයට අදාළ නීති බොහෝ ප‍්‍රමාණයක් කඩා බිඳ වැටී ඇත. පාලකයෝ බලධාරීහු නිහ`ඩය. මේ නිහ`ඩබව කියන්නේ මන්නාරමට මෙම නීති අදාළ නොවන බවද? මේ සියලූ දේ තුළින් පෙනෙන්නේ ලංකාවේ පවත්නා නීතියද ප‍්‍රාදේශීයව ඒ ඒ දේශපාලකයන් විසින් අර්ථගන්වාගෙන ඇති බවය. එයින් කියන්නේ රටෙන් නීතියේ පාලනය ගිලිහී ඇති බවය. මේ කාරණය බුද්ධිමත් සිංහල මුස්ලිම් දමිළ සියල්ලන්ම සිතට ගත යුතුය.