මෙවැනි රටක දරුවන්ගේ ඉරණම

පරිවර්තනය හේමන්ත රණවීර

අඩු වයසේ දැරියන් නියත ලෙසින්ම දුෂණය වූ විට ලිංගික කි‍්‍රයාව සිදුවූයේ කැමැත්තෙන් නම් නීතියෙන්ම දූෂකයාට දූෂණයට ලක් වූ තැනැත්තිය ඇගේ කැමැත්තෙන් විවාහ කර ගැනීමට ඉඩ ලැබීම හොඳය’ : ජනාධිපති මහින්ද රාජපක්ෂ

කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවද ජනාධිපතිතුමා පවසයි’ එක්කෝ ජනාධිපතිට ඇත්ත තත්ත්වය මවන ලද දෙයින් වෙනස්ව හඳුනා ගැනීමට නොහැක්කකි’ නැත්නම් අන්තිම ඉහළ බොරුකාරයෙකි’

ගිය දෙසතියේ එරාජ් ප‍්‍රනාන්දු” ගලගොඩඅත්තේ ඥානසාර තෙරුන් ඇතුළු බොදු බලසේනාව මර්වින් සිල්වා කරන ලෙසට ප‍්‍රසිද්ධියේම එළිපිටම නීතිය කැඩුවෝය’ ඔවුන්ගේ මේ සාපරාධී කි‍්‍රයාව සිදුවූයේ දෙනෝදාහක් දෙනාගේ ඇස් ඉදිරිපිට කැමරා රාශියකට යොමු වෙමිනි’ එහෙත් තවමත් ඔවුන් සඳහා නීතිය කි‍්‍රයාත්මක වී නැත’ එහෙත් ජනාධිපති පවසන්නේ ඔහුගේ රටේ කිසිවකුත් නීතියට ඉහළින් නොසිටින බවය’ රාජ්‍ය ආයතනයකට බොදු බලසේනාව මෙලෙසින් කඩා වැදීම ගැන විමසූ විට ජනාධිපති පැවසුවේ තමන් ගැටුම්කාරී පක්ෂ වෙන වෙනම හමුවන බවය’ මෙතන ගැටුම්කාරී පක්ෂ නොමැත’ ඇත්තේ එක ගැටුම්කාරී පක්ෂයක් පමණි’ ඒ බොදු බලසේනාවය’ බොදු බලසේනාව පසුගිය දෙසතිය තුළ අඩුතරමින් දෙවරක් වත් එළිපිටම නීතිය කැඩුවේය’ ආගමික සුළුතරයට සහ බෞද්ධ භික්ෂූන්ට පහර දුන්නේය’ ඔවුන් පේ‍්‍රක්ෂක ජනතාව ඉදිරිපිට රාජ්‍ය පාලකයාගෙන් සම්මාන ලබන්නේද?
ඇමරිකා එක්සත් ජනපදයේ ගලගොඩඅත්තේ ඥානසාර තෙරුන්ට සමාන වැඩකරන මූලධර්මවාදී පූජක ටෙරී ජෝන්ස් කුරානය පුළුස්සා දමන බවට තර්ජනය කළේය’ එහෙත් ඔහුට ධවල මන්දිරයට ආරාධනා කෙරුණේ නැත’ ඔහු පත්වුණේ සිරභාරයටය’ ශුද්ධ වූ ගුරුදින පුද පූජාවලට ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ මුස්ලිම්වරුන් සහ ස්තී‍්‍රන් සහභාගිකර ගැනීමෙන් පෙන්නුම්කරන ලද්දේ බලවත් ආදර්ශයකි’ විශේෂයෙන් සැම තැන අර්බුද ගැටුම් පැතිරෙන මෙම අවස්ථාවේ එයින් සහෝදරත්වය සමගිය හා ඉවසීම පිළිබඳ මහ‘ගු පණිවුඩයක් දුන්නේය’ ජනාධිපති රාජපක්ෂ නිල මට්ටමෙන් බොදු බලසේනා භික්ෂූන්ට ආරාධනා කරන විට ඔහු ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙත වැඳ වැටී සාමීචියේ යෙදෙන අයුරු මාධ්‍යවලින් පෙන්වන විට රටට දෙන්නේ බලගතු සංඥාවකි’ ඉදිරි කාලයේදී ඕනෑම භික්ෂුවක වෙත ආගමික පූජ්‍යස්ථානයකට පහර දී අසුවුවහොත් පොලීසිය කිසිවක් නොකර සිටිනු ඇත’ වැඬේ අවසන් වූ පසු ජනාධිපතිගේ ආරාධනයක් ලැබ ප‍්‍රසිද්ධ සාමීචියක යෙදීමට ලැබෙනු ඇත’ ශී‍්‍ර ලංකාව තුළ මුක්තිය” නීතියට ඉහළින් සිටීම රාජපක්ෂලාට සහ ඔවුන්ගේ හෙංචයියලාට ලැබී ඇති සුවිශේෂි වරප‍්‍රසාදයකි’ මඩු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකට අනුව ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ තොරතුරු ගැනීමට හමුදාව පාසල්වලට යයි’ සමහර සිසුන්ගේ ඡුායාරූප පවා ගෙන ඇත’ කිලිනොච්චියේදී ද හමුදාව එසේ කටයුතු කර ඇතැයි කියවේ’ රාජපක්ෂලාගේ ප‍්‍රධානම ඉත්තෙක් බැවින් හමුදාවට නීතිය කැඩිය හැක’ ඔවුන්ගේ මුක්තිය රැුඳී ඇත්තේ ආයුධ මත නොව රාජපක්ෂලා මතය’

බොදු බලසේනාව භුක්ති විඳින මුක්තියද රාජපක්ෂ අනුග‍්‍රහය මත ලැබුණකි’ එම අනුග‍්‍රහය නැතිව ගියදාට පොලීසිය අනිකුත් නීතිය කඩන්නන්ට සලකන විදිහට ඔවුන්ටද සලකනු ඇත’ ආගමික ගැටුම් අවුස්සන්නන්ට ලැබෙන රාජපක්ෂ අනුග‍්‍රහය පවතින තාක් කල් ආගම් භේද වැළැක්වීමට විශේෂ පොලිස් ඒකක ඇතිකිරීමෙන් පලක් නොවනු ඇත’ වර්තමාන තත්ත්වය තුළ එබන්දකින් සිදුවනු ඇත්තේ බොදු බලසේනාවට උදව් කිරීමකි’ බොදු බලසේනා ප‍්‍රධානියාට අනුව එබඳු පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස ඔවුන් 2013 ජනවාරියේදී ජනාධිපතිගෙන් ඉල්ලා ඇත’ එය ඉටුකිරීමට ජනාධිපතිතුමාට ලොකු වුවමනාවක් තිබුණත් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා එය ඉටුවූයේ නැති බව පවසන බොදු බලයේ ලේකම් ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන බෞද්ධයන්ට හා බුද්ධ ශාසනයට වන හානි ගැන පැමිණිලි කරන්නැයි බෞද්ධයන්ගෙන් භික්ෂූන්ගෙන් ඉල්ලා සිටී’ නීතියට ඉහළින් කිසිවකු නොසිටින බව පවසන ජනාධිපති දිගින් දිගටම හම්බන්තොට ප‍්‍රහාරය සාධාරණීකරණය කරයි’ ‘‘මේ දේශපාලනඥයන් හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක් කරන බව වැනි ප‍්‍රකාශ කර ජනතාව කුපිත කළා’’’ ජනාධිපති එවැනි කතා කියද්දී කෙනකුට පොලීසියේ උදාසීනත්වය ගැන දොස් පැවරීමට හැකිද? හම්බන්තොට මැරයන්ද බොදු බලසේනාව සේම තම දේශපාලන හාම්පුතුන්ට සේවය කරන ආරක්ෂිත විශේෂයක් බව පොලීසිය දනිති’ හම්බන්තොට ප‍්‍රහාරකයන් දෙස අනුකම්පා විරහිතව බැලීම ගැන ජනාධිපති මාධ්‍යයන්ට දොස් පවරයි’ ඇමති ජීවත් කුමාරතුංගට මොරටුවේදී පහරදීම සහ මන්තී‍්‍ර දුමින්ද සිල්වාට බොරැුල්ලේදී පහරදීම ඔවුන් දැක ඇත්තේ වෙනස් ඇසකින් බව ජනාධිපති පවසයි’ බොරැුල්ල හා මොරටුව විපක්ෂය සැලසුම් කළ කරන ලද ඒවා නොවන අතර පීඩාවට පත් ජනතාව අතරින් නිස`ගයෙන් පැනනැ`ගුණු ඒවාය’ නීතිය බලවතුන්ගේ කෙළිබඩුවක් වූ විට බලය හෝ මුදල් නැති සාමාන්‍ය ජනයාද තමන්ට ඇති බලය යොදා ගනිති’ බිම් මට්ටමේන් මතුවන භීෂණය මුදුනේ අවනීතියට ප‍්‍රතිචාර ලෙසින් ඇති වන්නකි’ ජනතාව නීතිය අතට ගැනීම ගැන සතුටට පත්වීමට කරුණක් නැත’ එයින් යන්නේ විමුක්තිය කරා නොව අරාජිකත්වය කරා බැවිනි’

ආඩම්බරකාර තාත්තා

පසුගිය නොවැම්බරයේදී අට හැවිරිදි දැරියක අපයෝජනය කිරීම පිළිබඳව හමුදා භටයෙක් අත්අඩංගුවට ගන්නා ලදි’ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ දියණියක වූ ඇය කොළඹ මහනගර සභාවේදී පොදුරද ම‘ඩලූ සමුළුව ගැන පියා සාකච්ඡුාවක යෙදෙන අතර බරාඳයක සිටියාය’ හමුදා මාමා කෙනෙකු තමාට කළ දෙය ඇය පැවසුවේ ගෙදර ගියාට පසුවය’ ඇය අපයෝජන අවස්ථාවේ නොහැ‘ඩුවේ මන්දැයි ඕනෑම සිහිබුද්ධිය තියෙන කෙනකුට තේරෙනු ඇත’ ඇය ගෙදර ගොස් බිය පහවන තුරු නිහ‘ඩව සිටියාය’ ඇගේ නිහ‘ඩකමට හේතුව බියවීම හා නොදන්නාකමයි’ එහෙත් යෝජිත දූෂණ විවාහ පනත කි‍්‍රයාත්මක වී තිබුණා නම් දැරිය අපයෝජනය වූයේ ඇගේ කැමැත්තෙන්යැ’යි භටයාට කරුණු කීමට හැකිවනු ඇත’ ඇය ඊට විරුද්ධත්වයක් නොපෙන්වූ නිසාය’ ජනාධිපති සිතන ආකාරයට ළදැරියන්ට දූෂණයට එක‘ග වීමට හැකිය’ දැරිය කියන ලෙස දුෂණය වූයේ ඇගේ කැමැත්ත ඇතිව නම් දූෂකයාට ඇගේ කැමැත්ත අනුව ඇය විවාහ කර ගැනීමට හැකිවීම හොඳකි’ ලාංකිකයන්ට ඡුන්දය දීමට” රිය පැදවීමට” දුම්බීමට හා මත්පැන් පානය කිරීමට වයස 18 සම්පූර්ණ විය යුතුය’ ගෝලීයව එබඳු සීමා පනවා ඇත්තේ යම් වයසක් සම්පූර්ණ වනතුරු වැදගත් කරුණු ගැන දැනුම් තේරුම් සහිත තීරණ ගැනීමට නොහැකි බැවිනි’ ව්‍යවස්ථාපිත දූෂණය කිරීමද අයත් වන්නේ එබඳු ගණයටය’ වැඩිහිටියන් විසින් දරු දැරියන්ගේ නොදන්නාකම” විශ්වාසය” අත්දැකීම් නොමැතිකම හා බිය යොදාගැනීම වැළැක්වීමට මෙබඳු සීමා යොදු තිබේ’

ජනාධිපති රාජපක්ෂ සිතන්නේ වෙනස් විදිහකටය’ ඔහු පවසන්නේ ළමයින්ට ලිංගික කි‍්‍රයාවන්ට කැමැත්ත දීමේ හැකියාව ඇති බවය’ වැඩිහිටි පිරිමියකුට ළාබාල දැරියක දූෂණය කර ව්‍යාකූලත්වයට” බියට හා කම්පනයට පත් ඇය ඊට කැමැත්ත දැක්වූයේයැ’යි පවසා ද‘ඩුවමින් ගැලවී ඇය 18 පසු කළ විට විවාහ කර ගන්නා බවට පොරොන්දු විය හැකිය’ වර්තමානයේ ව්‍යවස්ථාපිත දූෂණය යන්න ළමුන් සඳහා යෙදෙන්නේ 16 අඩු ළමයින් සඳහාය’ ජනාධිපති සිතන ලෙසට දැරියකට ලිංගික කි‍්‍රයාවකට කැමැත්ත දැක්වීමේ හැකියාව ඇති වයස අවු 14ද” 12ද නැත්නම් ඊටත් අඩුද?

හමුදා පාලනය පවතින උතුරු නැගෙනහිර දැරියන් මේ අතින් කෙතරම් අසරණ දැයි ඉහත සඳහන් සිද්ධි කියාපායි’ ළමා අපයෝජනය හා දූෂණය ලාංකික මාපියන්ට හා දරුවන්ට කෙතරම් ලොකු ගැටලූවක් වී ඇද්ද යන්නද ඉන් කියැවේ’ ළාබාල දැරියන්ට දූෂණයට කැමැත්ත පළකළ හැකියැ’යිද දූෂකයන්ට දූෂණයට ලක්වූ දැරිය විවාහකර ගැනීමට ඉඩදිය යුතුයැයි’ද සිතන ජනාධිපති තාත්තා කෙනකු සිටින විට ඔවුන් කාගේ පිහිටක් පතන්නද?