ඔබාමාගේ ආසියානු සංචාරය ආසියාවට අපලයි

ඇමරිකානු ජනාධි පති බරක් ඔබාමා පසුගිය 23 බදාදා සවස් භාගයේ ජපානයේ ටෝකියෝ නුවරට ළ`ගා වූයේ සිය දීර්ඝ ආසියානු සංචාරය අරඹමිනි. ජපානයෙන් පසු දකුණු කොරියාව, මැලේසියාව සහ පිලිපීනය යන රටවල සංචාරය කළ ඔහු පෙරළා සිය රට සැපත් වූයේ 30දා ය.

මේ සංචාරයේ අරමුණ ආසියාව ‘යළි තුලනය’ කිරීම බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. ඇමරිකා එක්සත් ජනපදය ආසියාවේ කේන්ද්‍රය බවට පත් කිරීම සිය අභිප‍්‍රාය බව ජනාධිපති ඔබාමා අවධාරණයෙන් පවසා ඇත. ඉන් අදහස් කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය ආසියාවේ ආර්ථික, මිලිටරිමය හා දේශපාලනික අවශ්‍යතා සහ ප‍්‍රතිපත්ති සම්පාදනයේ ලා කැපවුණු සහකරු බවයි. මෙහි අරමුණ චීනයේ බලය සීමා කිරීම බව පෙර ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් නොකළ ද මෙවර එය ප‍්‍රථමවරට හෙළිදරව් කෙරිණි. චීනයේ සංවර්ධනය තමන් අගය කරන බව පවසන ඔබාමාගේ වදන් ජපන් යොමියුරි පත‍්‍රයේ වාර්තා වී ඇත්තේ මෙලෙසිනි.: ‘වෙනස් ආකාරයකින් කිවහොත් අපි ස්ථායී, සෞභාග්‍යවත්, සාමකාමි සහ ගෝලීය තලයේ දී වගකිවයුතු කාර්යභාරයක් ඉටු කෙරෙනු ඇති චීනයේ නැග්ම සාදරයෙන් පිළිගනිමු. එහෙත් කිවයුත්තක් නම් චීනය සමග අපගේ සබැඳියාව නිසා ජපානය ඇතු`ඵ ආසියාතික අපගේ මිතුරු ඇලියේ රටවලට හානියක් සිදු නොවිය යුතු බවයි.’

ජපාන හමුදාව ‘සංග‍්‍රාමගාමී නොවන’ තත්ත්වයෙන් වෙනස් කොට සන්නද්ධ මිලිටරියක් බවට පත් කිරීම ද ඔබාමා – අබෙ සාකච්ඡුාවල අන්තර්ගත වූ බව වාර්තා වෙයි.

මේ 1996න් පසු ඇමරිකානු ජනාධිපති වරයකු ජපානයට පැමිණි ප‍්‍රථම අවස්ථාවයි. එලෙස ඇමරිකානු ජනාධිපතිවරුන් ජපානයට නොපැමිණිම සිය රටේ ආරක්‍ෂක තත්ත්ව පිළිබඳ අඳුරු චිත‍්‍රයක් මැවූ බව ජපාන අග‍්‍රාමාත්‍ය වරයාගේ අදහසයි.

23දා ජපානයට ළ`ගා වී පැය කිහිපයකින් පසු ජනාධිපති ඔබාමා ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සො අබෙගේ පෞද්ගලික රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකට සහභාගි විය. පසුදා ද්විපාර්ශ්වික සාකච්ඡුා ඇරඹිණි. එදින රාති‍්‍රයේ භෝජන සංග‍්‍රහය හිරෝහිතෝ අධිරාජයාගේ ආරාධනයෙන් අධිරාජ මැදුරේ දී පැවැත්විණි.
28දා ඇමරිකානු ජනාධිපතිවරයාගේ පිලිපීන ආගමනය සිදු විය. දෙරටේ ජනාධිපතිවරු එදින ඉදිරි දහ වසර සඳහා වැඩිදියුණු කරන ලද ආරක්‍ෂක සහයෝගිතා එක`ගතාවට අත්සන් තැබූහ. අනෙක් රටවල් තුනේ දී මෙන් ම එහි දී ද චීනය ගැන සඳහන් කරන්නට ජනාධිපති ඔබාමා අමතක නොකළේ ය. ‘අපි චීනයේ සාමකාමී නැග්ම සාදරයෙන් පිළිගනිමු. චීනය සමග අපගේ සබඳතාව නිර්මාණාත්මක ය. අප අතර මහා පරිමාණ වාණිජ සහ වෙළෙඳ ගනුදෙනු ඇත.’ පෙර පරිදි ම කියමින් ඔහු ඒ සමග ම පැවසුවේ මේ ගිවිසුමට චීනය ඇතුළත් කරගන්නට තමන් අදහස් නොකරන බවයි.
එම ගිවිසුම අනුව පිලිපීනයේ සාමුද්‍රක මිලිටරි බලය ඉහළ නැංවෙන අතර එක්සත් ජනපදයට ඒ අනුව අනෙක් රටවල සම්බන්ධී කරණය පහසුවනු ඇතැ’යි ජනාධිපති ඔබාමා පැවසීය. ගිවිසුම අනුව පිලිපීිනයේ සියලූම මිලිටරි පාදම් ඇමරිකානු හමුදාවට ඕනෑම අවස්ථාවක සිය ප‍්‍රයෝජනය සඳහා ඉල්ලා සිටිය හැකි ය.

දකුණු කොරියාවේ දී ජනාධිපති ඔබාමා එරට ජනාධිපතිනි පාක් ග්වෙන් හ්යෙයි සමග තවත් මිලිටරිමය ගිවිසුමක් අත්සන් තැබී ය. දැනට දකුණු කොරියාවේ ස්ථානගත කොට සිටින ඇමරිකානු සේනාංක ආපසු භාරදීම 2015 අග දක්වා කල් තබා ගැනීම සඳහා වන ගිවිසුමකි ඒ. ද්විපාර්ශ්වික මාධ්‍ය හමුවක දී ජනාධිපතිනි පාර්ක් ‘කඩ ඇණයට’ තමාගේ පක්‍ෂපාතීත්වය බලවත් උද්‍යෝගයෙන් තහවුරු කළා ය. චීනයෙන් වෙතැයි සැලකෙන බැලස්ටික් මිසයිල් ප‍්‍රහාරයකට එරෙහිව ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති පද්ධතියක් සිය රටට ලබා දීම පිළිබඳව ඕ ඇමරිකාවට මුව නොසෑහෙන සේ ස්තුති කළා ය.

ඉන්පසු ජනාධිපති ඔබාමා ගියේ මැලේසියාවට ය. ඇත්ත වශයෙන් ම එරට ඇමරිකානු කඳවුරට අයත් රටක් නොවේ. වසර 50කට පෙර ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිවරයාට පසු ඇමරිකානු ජනාධිපත ිවරයකු එරටට පැමිණි ප‍්‍රථම අවස්ථාව ඒ ය. එහි දී ගිවිසුම් කිසිවක් අත්සන් නොකෙරුණු නමුත් ඉදිරියේ දී හමුදාමය එක`ගතාවලට අත්සන් තැබීමක් සිදුවන්නට බොහෝ ඉඩ තිබේ. ආරම්භක වශයෙන් මැලේසියාවේ හමුදාවලට ඇමරිකාවේ යුදමය පුහුණුව ලබා දීමට ඇමරිකානු ජනාධිපතිවරයා යෝජනා කළ අතර මැලේසියා අග‍්‍රාමාත්‍ය නජිබ් රසාක් ද කේන්ද්‍රයට සිය ප‍්‍රසාදය පළ කොට යළි තුලනයට සිය රටේ උපරිම සහාය ලබා දෙන බව ප‍්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත් ජනාධිපති ඔබාමා මැලේසියාවේ මානව හිමිකම් බල ගන්වන ලෙස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිබල ගන්වන ලෙස අග‍්‍රාමාත්‍ය රසාක්ට උපදෙස් දී තිබේ. එසේ ම එරට විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රාහිම් හමුවීම ද ජනාධිපති ඔබාමා විසින් මග හරින ලද බව වාර්තා වෙයි.

ජනාධිපති ඔබාමාගේ ප‍්‍රකාශවලට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස ඍජුව ම සඳහන් නොවුණත් චීන විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු උපුටා දක්වන ෂින්හුආ වෙබ් අඩවිය මෙසේ සටහන් තබයි. ‘චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට ආසියා ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් අති විශාල ප‍්‍රමාණයක් පොදු අවශ්‍යතා ඇත. ඒ අනුව කලාපයේ අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම එක්සත් ජනපදය පාර්ශ්වයෙන් වැඩිදියුණු කිරීම අවශ්‍යතාවකි. එසේම එරට කලාපයේ අනෙක් රටවල් සමග කලාපීය සාමය, ස්ථාවරභාවය සහ සෞභාග්‍යය වර්ධනය කරන්නට කටයුතු කළ යුතු ය. එක්සත් ජනපදය 28වන සඳුදා පිලිපීනය සමග ඉදිරි දස වසර සඳහා වැඩිදියුණු කරන ලද ආරක්‍ෂක සහයෝගිතා එක`ගතාවකට අත්සන් තබන ලද අතර, ජනාධිපති ඔබාමා පවසා ඇත්තේ චීනය ඊට ඇතුළුකර නොගන්නා බවයි. එක්සත් ජනපද නිලධාරීන්ගේ මෙවැනි ප‍්‍රකාශ නිකුත් කිරීම් විවිධ අවස්ථාවල සිදු කෙරේ. චීනය ඔවුන්ගේ මෙබඳු කියුම් කෙරුම් ගැන නිරන්තර අවදියෙන් සිටියි. එක්සත් ජනපදය සහ කලාපයේ අදාළ රටවල් ඓතිහාසික නැඹුරුතා සහ සාමකාමී සංවර්ධනය උදෙසා ජනතා අභිලාෂ ද එකිනෙකා අභිභවා නොයන සහ යෝගිතාව ද පිළිපැදිය යුතු බව චීනයේ අදහසයි.’

ජනාධිපති ඔබාමාගේ ආසියා සංචාරය පිළිබඳ විත්ති කතා මැනැවින් අධ්‍යයනය කරන්නකුට ප‍්‍රකට කාරණයක් නම් මෙය හුදෙක් ම චීනය ආසියා කලාපයේ බලවතා ලෙස පිළිගැනීමට ලක් වෙමින් පවතින නිසා ඊට එරෙහිව පැමිණි ගමනක් බවයි. ජපානය, දකුණු කොරියාව සහ පිලිපීනය චීනයට ආසන්නයේ පිහිටා ඇති රාජ්‍යයන් වන අතර චීනය සමග එතරම් ඇයි හොඳයියක් නැත. විශේෂයෙන් ම ජපානය සෙන්කෝකු නමින් හඳුන්වන සහ චීනය දියාඔයු නමින් හඳුන්වන දෙරට ම අයිතිවාසිකම් කියන ජනාවාස නැති දූපත් නිසා ඒ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පවතී. මෙහි දී ඇමරිකාව ගන්නේ ජපාන පාර්ශ්වය බව මේ චාරිකාවේදී ඇමරිකානු ජනාධිපතිවරයා ඒවා සෙන්කෝකු ලෙස හැඳින් වීමෙන් පැහැදිලි වෙයි.

චීනය සමග ඇති අමනාපය ඍජුව ම ප‍්‍රකට නොකළත් උතුරු කොරියාව සමග ඇති කෝපය ස`ගවන්නට ජනාධිපති ඔබාමාට නොහැකි විය. උතුරු කොරියාව යනු තමන්ගේ ජනතාවට කන්න දෙන්නවත් බැරි පරයන්ගේ දේශයක් බව ඔහු දකුණු කොරියාවේ දී පවසා ඇත. ඊට ප‍්‍රතිචාර වශයෙන් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන් පවසා ඇත්තේ තමන් සිය හමුදා යුද්ධයකට සූදානම් කොට තබන බවයි.

කෙසේවෙතත් ආසියාවේ කේන්ද්‍රය වන්නට නම් ඇමරිකාවට මෙලෙස සිය කඳවුරේ හමුදා බලය තර කිරීමට අමතර ව තව බොහෝ දෑ කරන්නට සිදුවෙයි. මන්ද යත් රුසියාව සහ යුකේ‍්‍රනය වැනි රටවල් ද ආසියාතික ගණයට ගැනෙන හෙයිනි.