දකුණු කොරියානු ජනාධිපතිනියට ලිංගික අවමාන

දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ග්වෙන් හ්යෙයි ‘කෛරාටික වෙස`ගනක් යැ’යි උතුරු කොරියානු මාධ්‍ය හඳුන්වා ඇති බව පැවසේ.
උතුරු කොරියාවේ පෞද්ගලික මාධ්‍ය නොමැති නිසා දකුණු කොරියානු ජනාධිපතිනියට එරෙහිව ගෙනයන මේ ස්තී‍්‍ර ද්වේෂී ප‍්‍රහාරය රජයේ නිල මතය ලෙස පිළිගන්නට සිදුවෙයි. ‘කෛරාටික වෙස`ගනක වන ඇය අගේ පිම්පියා වන බරක් ඔබාමාගේ ලිංගික වහලියකි; ඇමරිකාවට ”සැප දෙන ගැහැනියකි.’’

සැපදෙන ගැහැනිය යන්නෙන් හැඳින්වෙන්නේ දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු සෙබලූන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා බලාත්කාරයෙන් එම වහල් සේවයේ යොදවනු ලැබූ නව යොවුන් තරුණියන් ය. මොවුන් බොහෝ විට අල්ලා ගනු ලැබ ඇත්තේ කොරියානු අර්ධද්වීපයෙනි. 200,000 පමණ වන ඔවුන්ගෙන් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ අතළොස්සකි. මෙය ජපානය ලජ්ජාවට පත්විය යුතු කරුණක් බව චීනය පවසයි. මොවුනතුරින් බහුතරයක් දෙනා දැනට උතුරු කොරියාව ලෙස ගැනෙන ප‍්‍රදේශයේ සම්භවයක් ඇත්තියන් ලෙස සැලකේ. මේ නිසා සැපදෙන ගැහැනුන් ගැන සිහිපත් කිරීම දෙකොරියාව ම අපහසුතාවට පත් කරයි.

සිය දකුණු කොරියානු සංචාරයේ දී ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා එම ලිංගික වහල් කටයුත්ත දැඩි සේ හෙළා දකිමින් කතා කළේ ය. උතුරු කොරියාව සලකන්නේ සිය රටට සිතා මතා කැරුණු අවමානයක් ලෙස ය.

මීට පෙර ද ජනාධිපතිනි පාක් ග්වෙන් හ්යෙයි ලිංගික වශයෙන් අයහපත් ගැහැනියක බව හැඳින්වෙන පුවත් උතුරු කොරියානු මාධ්‍ය පළ කොට තිබිණි. දෙරට එක්සත් කිරීම පිළබඳව ඇය විසින් ජර්මනියේ දී පවත්වන ලද කථාවකට ප‍්‍රතිචාර වශයෙන් වල් ගෑනී යන අරුත් ඇති ඉසඑජය යන්නෙන් පසුගිය පෙබරවාරියේ ඇය හඳුන්වනු ලැබිණි. අවිවාහක ඇයට දරුවන් නොමැති හෙයින් උමතු බව ද ඒ නිසා පුංචි කෙල්ලක මෙන් වාචාල කතා කියමින් දඩාවතේ යන බව ද හැ`ග වෙන අරුත් ඇති වැකි උතුරු කොරියාවේ පළ වන රෝදෝ සින්මුන් පත‍්‍රයේ පසුගිය පෙබරවාරි 04දා පළ වූ බව ගාඩියන් වෙබ් අඩවියේ සඳහන් ය. එහි පළවූ එක් ලිපියක උප සිරස වී ඇත්තේ ‘කෙඳිරි ගාන නාකි පූසී’ යනුවෙනි.

61 වියැති ජනාධිපතිනි පාර්ක්ට මෙසේ අපහාස කිරීමට එක් හේතුවක් විය හැක්කේ කිම් ජොං උන්ගේ යොවුන් මදය විය හැකි බව ගාඩියන් පෙන්වා දෙයි. ජනාධිපතිනියගේ රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයා පවා ලිංගික අරුත් ජනිත වන පරිදි අසැබි බසින් මුද්‍රිත මාධ්‍යවල පළවන බව ද එහි සඳහන් ය.
පසුගිය සතියේ ඇමරිකාවේ සහ දකුණු කොරියාවේ ජනාධිපති හමුව ද එවැනි ව සඳහන් වන බව පැවසේ. න්‍යෂ්ටික කටයුතු අත් නොහැරියහොත් බලා ගන්නැයි දෙරටේ ම ජනාධිපතිවරු උතුරු කොරියාවට අනතුරු හැ`ගවූහ. ඒ ගැන රෝදෝ සින්මුන් කියන්නේ ඒ පාර්ක් නමැති වෙස`ගන අල්ලපු ගෙදර මිනිහාට පහර දෙන්නට ය කියා සිය අනියම් පුරුෂයාට පැවරූ ආකාරය බවයි.

නොසරුප් වදන් එපා

මේ දිනවල පැවැත්වෙන ඉන්දිය මහ මැතිවරණයේ දී විරුද්ධවාදීන්ට එරෙහි ව නොසරුප් වදන් භාවිතයෙන් වැළකී සිටින ලෙස ඉන්දීය ජනමාධ්‍ය සියලූ දේශපාලන වේදිකා කථිකයන්ගෙන් ඉල්ලා සිටියි. මාධ්‍යවලට මෙබඳු ඉල්ලීමක් කරන්නට සිදුව ඇත්තේ වේදිකාවල වාග් ප‍්‍රහාර එන්න එන්නම අසෝබන, අශික්‍ෂිත සහ ඇතැම් විට නින්දනීය ද වන හෙයිනි. පසුගිය 07දා ඇරැුඹි ඉන්දීය මහ මැතිවරණයේ අවසාන අදියර එළැඹෙන 12දා අවසන් වෙයි. ඡුන්ද ගණන් කිරීම 16 දා ඇරඹෙයි.

එබැවින් ඡුන්ද උණුසුම ක‍්‍රමයෙන් වැඩි වී ඇති සෙයක් දක්නා ලැබේ. ඒ නිසා කථා පැවැත්වීමේ දී දෙපාර්ශ්වයේම ගෞරවනීය බව කථිකයන්ට අමතක වෙමින් පවතියි.

‘ලෝක් සභා ඡුන්දයේ අවසන් අදියරට එළැෙඹින් පවතින මේ අවස්ථාවේ දැනටමත් ජයග‍්‍රහණය කළැයි අධිමානයෙන් සිටිනා කථිකයන්ගේ මුවට එන්නේ ම රොස් පරොස් අක්‍රොශ පරිභව ම ය. අසා ඉන්නටත් අපි‍්‍රයකර ය. එහෙත් කිසිවකු ඒවා ගණන් ගන්නා බවක් නොපෙනේ’ යි හින්දුස්තාන් ටයිම්ස් පෙන්වා දෙයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පත‍්‍රයට අනුව ‘මේ කථා හරියට මුඩුක්කුවල ගෑනුන්ගේ සණ්ඩුවල භාවිත ඒවා මෙනි. උග‍්‍ර කර්කශ ය.’
මැතිවරණයේ ප‍්‍රතිඵලයක් ලෙස අඹ මිල බොහෝ පහළ බැස ඇතැ’යි වාර්තා වෙයි.

ඉන්දියාව නිදහස ලබා ගත් පසු පැවැත් වූ සෑම මැතිවරණයක දී ම ඡුන්දය ප‍්‍රකාශ කළ එළැඹෙන 07 දා මෙවර ද ඡුන්දය දෙන්නට බලා හිඳින උතුරේ හිමාචාල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ 97 හැවිරිදි ශ්‍යාම් සරන් නාගි නමැති පුද්ගලයාට සම්මානයක් පිරි නමන්නට ඉන්දීය මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බව වාර්තාවෙයි.