ෆාබ්‍රේස්ට යන්නට ඉඩදී ඇඩම්ස්ට දොළ පිදේනි දීම

 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් යන්නට ගියේය. විස්සයි/20 ලෝක කුසලාන ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස විශාල කර්තව්‍යයක් කළ පෝල් ෆාබ්‍රේස් මෙරට ධුරයට සමුදෙන්නේ ලෝක කුසලානයෙන් පසුව තමන් වෙත ලැබූ කීර්තිනාමය හා සමග ආ ඉල්ලූමට මුල්තැන දෙමිනි.

”මේ ආරාධනාව මට ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. අපිට අසීරු අවස්ථාවන්වල අසීරු තීරණ ගන්න සිද්ධ වෙනවා. මම එ් තීරණය ගත්තා. ශ‍්‍රී ලංකාවේ සිටියත් මගේ රටේ සිටියත් මට කරන්න තියෙන්නේ එකම දේ. පුහුණුකරුවෙක් ලෙස මම ඒ වෙනුවෙන් කැපවෙනවා” ෆාබ්‍රේස් මෙරට පුහුණුකරු ධුරයෙන් ඉවත් ව යෑම සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණි.

කුමන මතයක සිට වුවද ෆාබ්‍රේස් ගත් තීරණය ඔහු ගන්නේ ඔහුට වාසි පැත්තේ සිටය. කවුරුන් කළත් කරන්නේ ඒ ටිකම මිස අන් දෙයක් නොවන බැව් විශ්වාසය. ෆාබ්‍රේස් තම මිනුම් ද`ඩු ලෙස මුදලත්, මවුරටත් තෝරා ගැනීම සම්බන්ධයෙන් කුමන මතයක් දැරුව ද දැන් සියල්ල සිදුව අවසන් ය.
ෆාබ්‍රේස් මෑත කාලයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ප‍්‍රථම ද අප කණ්ඩායම හා එක්ව කටයුතු කළේය. ලාහෝර් ප‍්‍රහාරය වන අවස්ථාව වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු වූයේ ෆාබ්‍රේස්ය. බොහෝ දක්ෂ පුහුණුකරුවන්ට සේ ම ෆාබ්‍රේස්ට ද කතා කළ යුතු තරම් වටිනා ක‍්‍රිකට් ක‍්‍රීඩක අතීතයක් නොමැත. ඔහු මෑත කාලයේ වඩාත් ප‍්‍රකටවන්නේ දක්ෂ පුහුණුකරුවකුට වඩා දක්ෂ පුහුණු කළමනාකරුවකු ලෙසිනි.
මේ සියල්ල ෆාබ්‍රේස් මෙරටට ප‍්‍රථමවරට එන විට රැුගෙන ආවේ නැති බව ඔහුගේම මතයයි. ”මම බොහෝ අත්දැකීම් ලබාගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමෙන්. ක‍්‍රීඩකයන්, නිලධාරීන් සහ පාලකයන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව වැඩ කිරීම මට ඉතා පහසුවක් වුණා. සංගක්කාර, මහේල වැනි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කණ්ඩායමේ සිටීම මගේ තීරණවලට වඩාත් වාසිසහගත වුණා. ඇතැම් ක`ඵ තැන් නොතිබුණා නොවේ. ඒ කිසිවක් නැවත නැවත සිහිපත් කිරීම අවශ්‍ය නැහැ. මම මගේ සීමාවේ සිට ඔවුන්ට හො`ද තත්ත්වයක් ලබා දුන්නා” ෆාබ්‍රේස් විදෙස් මාධ්‍යයන්ට ප‍්‍රකාශ කර තිබුණි.

ෆාබ්‍රේස් යනු විශ්වකර්මයකු නොවන බැව් ඔහුම පැවැසූ ඉහත දේ ඉතාම ප‍්‍රමාණවත්ය. ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කරළියට පිවිසෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේදී ඉහළ අගයන් ලබා සිටිය දී ය. ඒ වන විට ඔහුට අමුතුවෙන් කරන්නට දෙයක් නොතිබුණි.
ෆාබ්‍රේස් ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සමග එක්වන්නේ එංගලන්ත යෝක්ෂයර් ප‍්‍රාන්ත දෙවැනි පෙළ කණ්ඩායමේ පුහුණුකරුවකුව සිටියදීය. ඔහු එමගින් නිදහස්ව මෙරට සේවයට එක්වන්නේ නම් ගිවිසුම් ප‍්‍රකාර ගෙවිය යුතු මුදල මිලියන ගණනක් වූ බැව් පැවැසේ. අප ක‍්‍රිකට් පාලකයන් ඊට හිලව් ලෙස තරගමාලාවක් ලබාදෙමින් ඔහු මෙරට සේවයට කැඳවයි. ඒ එවකට ඔහුගේ සේවය අත්‍යවශ්‍ය ම බැව් ක‍්‍රිකට් පාලකයන් තීරණයට එළැඹ තිබීම මගිනි.
එසේ ගෙන්වූ පුද්ගලයා නැවත සියරට යන විට අප ක‍්‍රිකට් බලධාරීන් පවසන්නේ ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හැකියාවන් සහ දුර්වලතාවන් ඉතා හො`දින් හ`දුනන්නකු බැවින් මේ පිටව යාම ඉදිරි තරගමාලාවන්හිදී නපුරක් වියහැකි බවයි. එය ප‍්‍රලාපයකි. අප එසේ පවසන්නේ ඬේව් වට්මෝර්ගේ සිට අප කණ්ඩායම සමග සිටි සෑම පුහුණුකරුවකු ම අප කණ්ඩායමේ සියලූ තොරතුරුත් අනෙකුත් රටවලට ලබාදීමේ අවදානම නොතිබුණිද යන ප‍්‍රශ්නය මතුවන නිසාය. එසේම අනෙකුත් රටවල පුහුණුකරුවනුත් ඒ ආකාරයෙන්ම කටයුතු නොකරනු ඇතැ’යි යන මතය මතුවනු වැළැක්විය නොහැකි ද වන නිසා ය.
කෙසේ වෙතත් මෙම ප‍්‍රශ්නය අපේ පාලකයන්ට නම් වනයක් වන තරමට ම උවදුරක් වූ අයුරක් දිස්වේ. එම තත්ත්වයෙන් මිදීම ස`දහා අප ක‍්‍රිකට් පාලකයන් මහදැනමුතු අපූරු උපක‍්‍රමයක් යොදා තිබේ. ඒ එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයකු ලෙස එංගලන්ත සරේ ප‍්‍රාන්ත පුහුණුකරු ක‍්‍රිස් ඇඩම්ස් නම් කිරීමෙනි. 44 හැවිරිදි ඇඩම්ස්ගෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයන් බලාපොරොත්තුවන්නේ ෆාබ්‍රේස්ගේ අඩුව පිරවීම විය යුතුය. ෆාබ්‍රේස් රැුගෙන යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දුර්වලතාවලට නව මානයක් ලබාදීමට විය යුතු ය. මේ වෙනුවෙන් ගෙවීමට යෝජිතව ඇති මුදල මිලියන ගණනක් බැව් පැවැසේ.

මීට අමතරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිත්‍ය සේවයේ යෙදෙන උපදේශකවරු ද රාශියකි. පුහුණුකරුවන්, කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජිකයෝ ද මේ තත්ත්වයේ ම කටයුතු කරති. එවැනි බලඇණියක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සතුව පැවැතියත් ඇඩම්ස්ට දොළ පිදේනි ලබාදෙමින් ඔහුගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන උපදේශනය කුමක්දැ’යි අපට නම් නොතේරේ.