පොදු අපේක්ෂකයා විග්නේස්වරන් විපක්ෂයට අභියෝගයක්

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ කවදා ඔහුගේ තෙවන ජනාධිපති ධුරය සඳහා ජනාධිපතිවරණයක් පවත්වනු ඇති ද යන්න අවිනිශ්චිත ය. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය හැකි නීතිමය අවසරය ගැන මත භේද ඇතග කෙනෙකු තර්ක කරන ආකාරයට ජනාධිපති ධුර කාලය අවුරුදු 4ක් ඉක්ම ගිය පසු ධුරයේ ඉන්නා ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය තීන්දු කළ හැක්කේ පළමු වාරයේ මිස දෙවන වරට පත් වූ ධුර කාලයේ දී නොවේග දෙවන වර ඔහු හෝ ඇය නියමිත කාලය අවසන් කර යා යුතුයග ඒ නීතිමය සීමාව 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලියන විටල මහාචාර්ය පීරිස් විසින් ඉතිරි කර ඇති හෙයින්ල ජනාධිපති රාජපක්ෂට ඔහුගේ මේ දෙවන ධුර කාලයේ අවුරුදු 4 කින් පසු යළි ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි යැයි තර්ක කෙරේ.

ඒ අතරල ජනාධිපතිවරණයෙන් පසු අවුරුදු 4 ගණන් හැදීම ගැනත් තර්ක ඇතග ඇතැමකු කියන්නේල පසුගිය 2010 ජනවාරි සිට අවුරුදු 4 ගණන් හැදීමෙන් මේ අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු දැන් ඕනෑම විටෙක ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. තවත් තර්කයකට අනුවල අවුරුදු 4 ගණන් ගැනෙන්නේ දිවුරුම් දුන් දින සිට යග එනිසා ඊළ`ග ජනාධිපතිවරණය පැවැත් විය හැක්කේ මේ වසරේ නොවැම්බර මාසයෙන් පසුව ය. 

ඒ කවරක් වූවත් අවසන් අර්ථකතනය තීන්දු කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහිදී යග අගවිනිසුරු විසින් ඒ වෙනුවෙන් විනිසුරු ම`ඩුල්ලක් නම් කළ යුතුවේ නම්ල දැන් ජනාධිපතිට අවශ්‍ය විනිසුරු ම`ඩුල්ලක් නම් කර ගැනීමේ සියලූ ඉඩකඩ ඇතග පසුගිය සති කිහිපයේ පුරප්පාඩු වූ විනිසුරු තනතුරු 03 ටල පත් කෙරෙන විනිසුරුවන් තීන්දු කෙරෙන්නේ ජනාධිපතිගේ අභිමතය අනුව හෙයිනිග එනිසා ඊළ`ග ජනාධිපතිවරණය අවසන් වශයෙන් තීන්දු වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආසන්නම කිහිපදෙනාගේ කැමැත්ත අකමැත්ත මත පමණිග ඊට අමතරව යමක් එකතු වන්නේ නම්ල ඒ ජනාධිපති ජ්‍යොතිෂ්‍ය උපදේශකයන්ගෙනි.

එවැනි රටකල විපක්ෂයේ හැමෝම දැනටමත් ජනාධිපති පොදු අපේක්ෂකයකු සොයතිග මීට අවුරුද්දකටත් ඉහතින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එකම කාරණාව ලෙස තර්ක කරමින් ඒ සඳහා විශ්වාසවන්තම අපේක්ෂකයා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියැයි පිරිසක් ගෝසා කළහ. ඉන් සෝභිත හිමියන් සඳහා කැමැත්ත සම්පූර්ණ නොවුණත් විධායක ජනාධිපති ධුරය අහිමි කිරීමල පොදු අපේක්ෂකයෙකු සෙවීමේ ප‍්‍රධාන කොන්දේසියක් බවට පත් වියග එක්සත් ජාතික පක්ෂය ද ඊට එක`ග වන්නේ ය. එහෙත් විපක්ෂයේ සැමට හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් හවුල් වන්නට කැමති සියල්ලන්ට පොදු අපේක්ෂකයෙකු සොයාගැනීම හැමවිට බරපතළ ගැටලූවකි.

ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයෙකු ගැන කතා කරන්නේ විපක්ෂයේ අනෙකුන්ට ඊට හවුල් වන්නට ඇති ඉඩ සැලකිය අයුරින් අසුරා තබා යග ඔවුන්ගේ කොන්දේසිය ඉංගී‍්‍රසියෙන් හා සිංහලෙන් ඉදිරිපත් කර ඇත්තේ සංකල්පමය වශයෙන් දෙආකාරයකට යග සිංහලෙන් ඔවුන්ගේ පොදු අපේක්ෂකයාිනිර්පාක්ෂික’ විය යුතු ය. ඉංගී‍්‍රසියෙන් ඒ පුද්ගලයාිඅ-දේශපාලනික’ (a-political) විය යුතු යග අවසන් වශයෙන් ඔවුන් කියන්නේ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතිල ඔහුගේයැයි දේශපාලන මතයක් ඉදිරිපත් නොකරනල ජවිපෙ ඉදිරිපත් කරන සටන් පාඨ හා එක`ග වන අපේක්ෂකයාල පොදු අපේක්ෂකයකු බවය. 

එක්සත් ජාතික පක්ෂයේ එක කණ්ඩායමක් මෙවර ඔවුන්ගේ පොදු අපේක්ෂකයා ගණන් හදන්නට උත්සාහ දරන්නේ ශී‍්‍රලනිපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග යෝජනා කිරීමෙනිග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොදු අපේක්ෂිකාව ලෙස ඇය යෝජනා කිරීමම විහිළුවකි. විධායක ජනාධිපති ධුරයට තමන් තේරී පත් වී සය මසකින් ධුරය අහෝසි කරන්නට 1994 දී ලිඛිතව පොරොන්දුවූ ඇය ඒ විධායක ජනාධිපති ධුරයේ අවුරුදු 11 ක් රැුඳී සිටියා ය.

මේ අතරල ඊළඟ ජනාධිපති පොදු අපේක්ෂකත්වය එජාපයේ අපේක්ෂකයෙකුට හිමි විය යුතු යැයි ද ඒ වෙනුවෙන් රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් විය යුතු යැයි ද තර්කයක් ඇත. එසේ නොමැති නම්ල අපේක්ෂකයා විය යුත්තේ සජිත් පේ‍්‍රමදාසයැයි ඔවුහු කියති. තවම එනමුත් සරත් ෆොන්සේකා කතා කරන්නේ රනිල් වික‍්‍රමසිංහ ගැන පමණි. පසුගිය පළාත් සභා ඡුන්දවලින් සුළු වාසියක් ලැබූ ඔහුට දැන් පෙනෙන්නේ රනිල් නැතිනම් තමා ය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා සෙවීමල ඉතාම පැහැදිලි සිංහල බෞද්ධ ව්‍යාපෘතියකිග එය ස්ථිරවම දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුගේ සිට බෞද්ධ භික්ෂුවක දක්වා පමණක් වලංගු කෙරුණකිග ඔවුන් පොදුයැ’යි කියන්නේ දකුණේ සිංහල සමාජයට පොදුවන්නෙකිග විශේෂයෙන් සහ පළමුව බහුතර සිංහල ඡුන්දදායකයන්ගේ එක`ගත්වයක් ලබාගත හැකි අපේක්ෂකයෙකිග එබැවින් ඔවුන් ද රාජපක්ෂ දේශපාලනයෙන් වෙනස් කිසිවක් කතා කරන්නේ නැතග ඇත්ත ප‍්‍රශ්නය ඇත්තේ එහි ය. එනිසා ඒ ප‍්‍රශ්නය මෙලෙස ඉදිරිපත් කළ හැකියග මේ රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ ඇයි? මේ රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ එය මෙතෙක් ඉතිහාසයේ අප අත්විඳි ඉතාම දූෂිත පාලනය නිසායැයි ඔවුන්ගේ ප‍්‍රධාන හා ජනපි‍්‍රය පැහැදිලි කිරීම ය. එහි වැදගත් හේතු දැක්වීමක් ඇත.

මෙවැනි දූෂිත පාලනයකින් රටේ ජනතාවට සමාජ සංවර්ධනයක් ලබාගත නොහැකග එය සැබෑ ය. එහෙත් නව ලිබරල් ආර්ථික කි‍්‍රයාවලිය හැමවිටම දූෂිත යග හැමවිටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යග විවෘත කෙරුණු වෙළඳපලෙහි පෞද්ගලික ව්‍යාපාරිකයන් තම ලාභය සඳහා හැම විටම නැතිනම් බොහෝ විට තරග වදින්නේ රාජ්‍ය බලය හා ගැටගැසීමෙනිග එබැවින් මේ නව ලිබරල් ආර්ථිකයේ කළමනාකරුවන් ලෙස පත්වන සියලූ ආණ්ඩුල දූෂණයද තමන්ගේ පාලනයේ එක විශාල පංගුවක් ලෙස බාර ගනු ඇතග පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකි තරම් හකුලා දමන්නට උත්සුක වන්නේ ය.

ඉන්දීය ආර්ථිකයේ මන්මෝහන් සිං යුගය විශාල ආර්ථික වර්ධනයකට හේතු වියග දසලක්ෂ ගණනින් අලූත් නාගරික මධ්‍යම පංතියක් හා වේගවත් පාරිභෝගික සංස්කෘතියක් එහි බිහි වියග ඒ සියලූ වර්ධන ගැන වූ කතා යටල එරට පෞද්ගලික සමාගම් හා දේශපාලන නායකයන්ගේ අන්ත දූෂිත කෝටි ගණන් වංචා කතා අපමණය. ආම් ආද්මි පක්ෂය වැනි දූෂණ විරෝධි රැුල්ලක් බිහිවන්නේ එබැවින් ය. එවගේමල එවැනි ආර්ථික වෙනුවෙන් පැහැදිලි දේශපාලන විකල්පයක් ඉදිරිපත් නොවන විට, විකල්පය දූෂණයට එරෙහි කතාවට පමණක් සීමා කෙරෙන විට, ජනපි‍්‍රය රැුල්ලක් ලෙස බිහි වන්නේ අන්තවාදී ම්ලේච්ඡු ව්‍යාපාරයන් ය. ආගම්වාදී නව නට්සි වර්ගයේ බිහිසුණු බලහත්කාර කණ්ඩායම් ය. නරේන්ද්‍ර මෝඩි පෙරටු කර ගෙන පාරට බැස ඇති හින්දුත්වා අන්තවාදයත් අපේ බොදු බැලයනුත් එවැනි ය. මේවා අතිශය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, සාහසික ඉස්මතුවීම් ය.

අද අප පැමිණ ඇත්තේ එතැනට ය. මේ රාජපක්ෂ පාලනය පරාජය කර දූෂණයෙන් තොර ආණ්ඩුවක් හැදීම සඳහා ඉල්ලූම සමග බිහිව ඇත්තේ අන්‍ය ආගම් විරෝධී, සිංහල බෞද්ධ ම්ලේච්ඡුත්වයකි. රාජපක්ෂ පාලනය පරාජය කළ යුත්තේ දූෂණය නිසාම නොවේ. එය අවසන් කළ යුත්තේ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ආගම්වාදී, වාර්ගික බලහත්කාරයක් ද අවසන් කිරීමට ය. දූෂණය පිළිබඳ කතාව ඇත්තෙන්ම එහි එක පංගුවක් පමණි. ඒ කාර්යය දකුණේ සිංහල බෞද්ධ ඡුන්ද වෙනුවෙන් දූෂණය ගැන කතාවට පමණක් සීමා කෙරෙන, රාජපක්ෂ දේශපාලනයෙන් ඉටු කරගත හැක්කක් නොවේ. සිංහල බෞද්ධ ඡුන්ද සමගින් රාජපක්ෂ පාලනය පරාජය කෙරෙන්නේ නම්, එසේ කළ හැකි වන්නේ රාජපක්ෂ පාලනය විසින් ලිහා දමා ඇති මේ ආර්ථික ආකෘතියෙහි විකාරරූපි පලයක් වන සිංහල බෞද්ධ අන්තවාදය සමග සම්මුති ගැසීමෙන් පමණි. එනිසා එකවර බැලූබැල්මට මෙතරම් විශාල දූෂණයක් ආරම්භයේ දී නොපෙනිය හැකි ආණ්ඩුවක් බලයට පැමිණිය ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ජාතික රාජ්‍යයකට අත්‍යවශ්‍ය රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා එවැනි ආණ්ඩුවකට අත තැබිය නොහැක.

අද එජාපයේ නායකයන් තමන් වෙත ආණ්ඩු බලය ලබා ගැනීමට උත්සාහ කරන්නේ රාජපක්ෂ පාලනය විසින් ලිහා දමා ඇති අසික්කිත සිංහල බෞද්ධ අන්තවාදය සමග කිසියම් හෝ සම්මුතියක් ගැසීමෙනි. එනිසා එජාපයේ සුදු පිරුවට හැඳි නායකයන් කිසිම අයුරකින් බොදු බල සේනාවේ පාදඩකම් කිසිවක් ගැන හුස්ම හෙලන්නේවත් නැත. ඒ නිවට දේශපාලනය ඔවුන් වසා ගැනීමට උත්සාහ දරන්නේ රාජපක්ෂ පාලනයේ දූෂණ මතින් ය. එනිසා දූෂණ සෙවීමට ගොසින් හම්බන්තොට දී පහර කෑම රාජපක්ෂලාගේ විශාලම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාව ලෙස ඔවුහු රටටත් ජාත්‍යන්තරයටත් ඉදිරිපත් කරති. හම්බන්තොට සෙල්ලම් පිස්තෝල ප‍්‍රහාරය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, මැර දේශපාලනයක් නොවේ යැයි කාටවත් කිව නොහැකිය. ඒ වාසිය ඔවුන් බොදු බල සේනාවේ පාදඩකම් හමුවේ ගොලූ වත රකින්නට තබා ගන්නේ ය.

බොදු බල සේනා වැනි බෞද්ධ අන්තවාදයේ පාදඩකම්වලට විරුද්ධ නොවන එක්සත් ජාතික පක්ෂ නායකත්වය, තමන්ට එල්ල වූ හම්බන්තොට මැර ප‍්‍රහාරය ගැන පමණක් කතා කිරීමෙන් මේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නීතිගරුක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් තමන් සමාජය හමුවේ පෙනී නොසිටින බව ඔප්පු කරන්නේ ය. එවැනි නිවට නායකයන් ආණ්ඩු බලයට පැමිණියත් ඔවුන්ට මේ අන්තවාදය මෙල්ල කළ නොහැක. එනිසා ඔවුන්ට බලහත්කාරයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යළි තහවුරු කිරීමට නොහැක. බලහත්කාරයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විනීත පාලනයක් සඳහා අද සියලූ වාර්ගික හා ආගමික අන්තවාදයන්ට විරුද්ධ විය යුතු ය. එබැවින්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම හවුරු කිරීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතු ය. දුර දිග යන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක අවශ්‍යතාව ඇත්තේ එහි ය. එනිසා එය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා එකට තබා ගැනීමට ද හැකි ය.

එවැනි කාරණාවක දී දකුණේ සිංහල දේශපාලන නායකයන් ගැන විශ්වාසයක් තැබීමට මෙතෙක් අපේ ඉතිහාසය ඉඩ දෙන්නේ නැත. එබැවින් අප සෙවිය යුත්තේ විපක්ෂය සොයන, සිංහල බෞද්ධ ඡුන්ද සඳහා වන පොදු අපේක්ෂකයෙකු නොව රටටම පොදු අපේක්ෂකයකු ය. දැනට ඒ වෙනුවෙන් විශ්වාස කළ හැකි වැදගත්ම උගතා උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී. විග්නේස්වරන් ය. දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සෘජුව පෙනීසිටින හෙයින් ඔහු නියෝජනය කරන දේශපාලනයට විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් වැදගත් ප‍්‍රතිසංස්කරණයකි. එවැනි ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් නොපමාව ආරම්භ කර එය ශීඝ‍්‍රයෙන් නිමා කිරීමට ද එනිසා ඔහු බෙහෙවින් කැමති වනු ඇත. දකුණේ දේශපාලනය එබැවින් විග්නේස්වරන් පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ සම්මුතියට එළැඹිය යුත්තේ,

01. විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් සඳහාත්
ඒ වෙනුවෙනුත්,

02. ජනාධිපතිවරණය අවසන් කෙරුණු වහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ සියලූ දේශපාලන පක්ෂ නියෝජනයෙන් පිහිටුවන්නා වූ අන්තර් වාර සභාවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහාත්,

03. එම මැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුව තම පළමු කාර්යය ලෙස, සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මගින් අවසන් වාර්තාව ලෙස සකස් කර, ජනාධිපති වෙත බාර දී ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලෙස පූර්ණ කිරීමේ කාර්ය මාස 03 ක් ඇතුළත අවසන් කිරීම සඳහාත් වූ පොදු දේශපාලන වේදිකාවක් වෙනුවෙනි. එවැනි ජාතික එක`ගත්වයක් ඇති පොදු අපේක්ෂකයෙකුට විපක්ෂයේ කවරෙකු හෝ විරුද්ධ වන්නේ නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයටද විරුද්ධ වන්නක්යැ’යි මම කියමි. එනිසා විග්නේස්වරන් පොදු අපේක්ෂකයා ලෙස පිළිගැනීමට විරෝධතාවක් විපක්ෂයට තිබේ නම් එය ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නට මම අභියෝග කරමි.

 

About the Author

කුසල් පෙරේරා
Journalist and political commentator