රාවය

ජවිපෙ සහාය නිර්පාක්ෂිකයකුට

ජවිපෙ සහාය නිර්පාක්ෂිකයකුට

 

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව හා එම අපේක්ෂකයා නිර්පාක්ෂිකයකු වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇතැ’යි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් රාවය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගෙන් කරන ලද විමසීමකදී එම මන්ත‍්‍රීවරයා පැවසුවේ සමස්ත සමාජ ආර්ථික ක‍්‍රමයේම වෙනසක් විය යුතු බවට වූ සාකච්ඡුා තම පක්ෂය රටට ආදරය කරන මිනිසුන් සමග සිදුකරමින් පවතින බවත් ව්‍යවස්ථාව හා ජනාධිපති ක‍්‍රමය වෙනස්කිරීම එම සාකච්ඡුාවල එක් මාතෘකාවක් පමණක් බවත්ය.

එමෙන්ම වෙළෙඳ පොළට ගොස් බඩු ගන්නවා වගේ පොදු අපේක්ෂකයා තීරණය කළ නොහැකි බවද එම පොදු අපේක්ෂකයා කවුද හා ඔහු නිර්පාක්ෂිකද යන්න එම සාකච්ඡුා තීරණය කරනු ඇති බවද එම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම කරුණ සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු නියෝජිත යකුගෙන් කරන ලද විමසීමකදීද ඔහු පැවසුවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා තම පක්ෂයේ අයකු වියයුතුයැ’යි බව නොසිතන බවත් පොදු අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වනවා නම් ඊට සහාය දැක්වීම සඳහා පක්ෂයේ තරුණ මන්තී‍්‍රවරුන් අතර ප‍්‍රවණතාවක් ඇතිවී ඇති බවත්ය. එමෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම අවශ්‍යයි යන මතයේ එම තරුණ මන්ත‍්‍රීවරුන් සිටින බවය.