පාරම්පරික ඉඩම් අහිමි වූ පානම වැසියන්ට කළපුවත් නැතිවෙයිද?

පානම නැගෙනහිර පළාතේ යුද්ධයට සෘජුවම මැදි වූ සිංහල – දෙමළ සහජීවනයේ ගමයි. යුද්ධය දරුණුවට පැවති අවධියේ මේ ගමේ එකුදු හමුදා කඳවුරක් හෝ නොතිබුණේය. තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් සහ සිවිල් ආරක්ෂක බලකා කඳවුරක් පමණි. දැන් තත්ත්වය කෙලෙසකද? පොතුවිල් නගරය පසුකර පානම දෙසට යනවිට විශේෂ බලකා, යුද, ගුවන්, නාවික කඳවුරු දැකිය හැකිය. මෙම අලූතින් ඉදිවූ කඳවුරු යුද ජයග‍්‍රහණයේ සතුට පානම මිනිසුන්ට රැුගෙන ආවේ මෙලෙසය.

‘‘මේ යුද්ධය තිබුණ විදිහටම දිගටම තිබුණා නම් අපිට සතුටුයි. යුද්ධ ඉවර වුණා විතරයි අපිට අපේ ඉඩමුත් නැතිවුණා. අපිව අපේ ඉඩම්වලින් ගහලා පන්නලා දැම්මා. යුද්දේ කාලේ මේ ගම් අල්ලගෙන කොහෙටවත් යන්නැතුව හිටිය අපිට ආණ්ඩුව තෑගි දුන්නේ මෙහෙමයි මහත්තයෝ. යුද්ධය ඉවර වුණා විතරයි රට පැත්තෙන් කැලෑ මහත්තුරු ගල් දාගෙන කැලය ලොකු කරගෙන අපිව යට කරන්න එනවා. අනික් පැත්තෙන්, හමුදාව මුහුදු වෙරළේ ඉඳලා අල්ලාගෙන රට ඇතුළට එනවා. අපිට දැන් ගම් අත ඇරලා යන්න වෙලා තියෙන්නේ. යුද්දේ දිනුවාට දකුණේ මිනිස්සු ඒක සැමරුවාට ඒක අපිට නම් එච්චර දැනෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු පහට යුද්ධය ඉවර වුණා කියලා අපිට වෙච්ච සෙතක් නැහැ. යුද්ධය තිබුණු කාලෙට වැඩිය අපි අද පහළ ඉන්නේ.’’

සින්නතම්බි ධර්මසේන ගෙන් මේ මතුව එන හ`ඩ පානම දුකට පත් ජනතාවගේය. ඔවුන්ට යුද්ධය ජයග‍්‍රහණය කළ රටක් වටින ජනාධිපතිතුමා මෙන්ම ආණ්ඩුවද අද නයාට අඳු කොළ වගේය.

පානම අලූත්ම සෙල්ලම

2010 ජුලි 17 දින මැරයන් පැන රාගම්වෙල ශාස්ත‍්‍රවෙල ගම්මානය ගිනිබත් කර ගම්මුන් මහම`ගට විසි කළාට පසු ඔවුන්ට පැමිණි කරදර මහමෙරක් තරම්ය. අද ද ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් තුළට ගොස් සැනසිල්ලේ වගාවක් කොට ගෙන ජීවිකාව ගෙන යනු බැරිය. මෙතුවක් කල් ඔවුහු තම තමන්ගේ ඉඩම් දෙස හූල්ලමින් බලා සිටියෝය. අද එම ඉඩම්වලට මෑතින් තිබෙන කඩොල් කැලය පසාරු කරගෙන අහසට එසවෙන හෝටල හමුදා සංකීර්ණ ගැන කියන කතාව කුමක්ද? ඔවුන්ට ආයෙත් කවම කවදාවත් ඉඩම් නොලැබෙන බවය. ඒ සත්‍යය විශ්වාස කරන්නට ඔවුන් අකමැතිය. ‘‘බය වෙන්න එපා, ඕවා සදාකාලික නැහැ. දැන් ආණ්ඩුව වැඩිදුරකට යන ගතියක් පේන්නේ නැහැ. හෙට අනිද්දාම ඕක කඩා වැටෙනවා සිකුරුයි. එතකොට අපේ ඉඩම් අපිට ආයෙමත් ලැබෙයි.’’ මේ පානම දුප්පත් ගොවියන් තමන්ගේ ඇස් ඉදිරිපිට සිදුවන ඇත්ත මායාවක් ලෙස සාටෝප කර දකින ක‍්‍රමයය. එය ඔවුන්ගේ මනසට මෙන්ම ශරීරයට ද හොඳ යැයි අපට සිතේ.

පානම ගමට පානමට යාබද මහ කැලය මෙන්ම පානම කළපුවද එක සේ වැදගත්ය. පානමට යාබද කුමන දෙසට දිව යන මහ කැළය මස් මාංශ වාගේම පලතුරුද යහමින් පරිත්‍යාග කළේ ය. ඒ අතීතයේය. පානම කළපුවද පොහොසත් මසුන් අස්වැන්නක් ඈත මෑත කාලයේ පානමට දුන්නේය. පානම මිනිස්සු ගොවිතැනට අමතරව ධීවර රැුකියාවේද නිරත වෙති. ස්ථීරවම පානම කළපුවේ ධීවර රැුකියාව කරන ශ‍්‍රමිකයෝ ද විශාල ප‍්‍රමාණයක් සිටිති. මෙතුවක් පානම කළපුවට කිසිදු ගැටලූවක් නොතිබුණේය. එහෙත් දැන් දැන් තත්ත්වය බරපතළය. නාවික හමුදාවේ ගිනිකොණ දිග විධානය කඳවුරු සංකීර්ණය හෝටල් සංකීර්ණයක් සමග කළපු බිමද තමන්ගේ සන්තකයට අයිතිකර ගනිමින් සිටීම අද මේ බිමේ සත්‍ය තත්ත්වයය.

මේක අපේ ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයක්

‘‘මහත්තයෝ මේක අපේ ජීවිතය, ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නයක්. අපිට ගහලා අපේ ඉඩම් අල්ලා ගත්තා. ඒකට උසාවියේ නඩුවක් යනවා. ඒත් දැනටමත් ඉදිකිරීම් සිද්ධ වෙනවා. දැනටමත් කඩොලාන රක්ෂිතයත් ඉවරයි. මේවා නීති තියෙද්දී කොහොමද සිද්ධ වෙන්නේ. නාවික හමුදා කඳවුර තියෙන්නේ අපි වගා කළ ඉඩම්වල. දැන් හෝටල් හදල විවෘත කරලා ආණ්ඩුව සල්ලි හොයනවා. නාවික හමුදාවේ මේ කඳවුරේ ඉන්න නිලධාරීන්ට කරන්න දෙයක් නැතුව ඇති. මේවා ලොකු ලොක්කෝ කරන වැඩ කියලා අපි දන්නවා. දැන් කළපුවෙත් ජැටි ගහන්න පටන් අරගෙන. දැනට ජැටි පහක් ගහලා තියෙනවා. මේ කළපුවේ මැද තියෙන විශාල ¥පතක් අල්ලගෙන ලොකු කබානා එකක් ගහන්නලූ හදන්නේ. සෘජුවම මේ කළපුවෙන් පවුල් 105ක් ජීවත් වෙනවා. අනික පානම ගමේ හැම ගෙදරකම කවුරුහරි මාළුවෙක් කෑමට ගන්න ඕනෑ වුණාම මේකට ඇවිත් අල්ලගෙන යනවා.’’

මේ හ`ඩ පානම සුරැුකීමේ සංවිධානයේ පුංචිරාළ සෝමසිරි මහතාගේය. වෙරළේ සිට මීටර් 300ක සීමාව තුළ කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි බව මෙන්ම දුර්ලභ කඩොලාන ශාක විනාශ කරන අයවලූන්ට දැඩි ද`ඩුවම් ද පනවන බව වෙරළේ තැනින් තැන සිටවූ බෝඞ් ලෑලි ප‍්‍රදර්ශනය කරයි. එය කියන්නේ ලංකාවේ බොහෝ නීති බෝඞ් ලෑලිවලට පමණක් සීමාවීම ගැනය.

පානම කළපුව හෙක්ටයාර 150ක් පමණ සුවිශාලය. කඩොලාන විශාල ප‍්‍රමාණයකට මෙන්ම මසුන්, ඉස්සන්, කකුළුවන් බොහෝ ප‍්‍රමාණයකට නිවහන සලසන මේ වගුරු පරිසර පද්ධතිය මෙහි මිනිසාට ගෙන එන ධනය සතුට ඉමහත්ය. එනිසාම පානම මිනිසුන් මේ කළපු බිම් තීරයට බොහෝම ළෙන්ගතුය. මහකුඩාවට යන්න දෙන්නේ නැහැ

‘‘අපි පොඩි කාලේ ඉඳල යැපුණේ කළපුවෙන් තමයි. කළපුවේ මහ කුඩාව, මෝය පල්ලම කියන පැතිවල තමයි අපි රස්සාව කළේ. දැන් නාවික හමුදාව කියනවා ඒ පැත්තට එන්න එපා කියලා. ?ට එයලාගේ බෝට්ටු අපේ දැල් කපාගෙන යනවා. මුලින් මුලින් දැල් අරගෙන ගිහිනුත් තිබුණා. පස්සේ ඒ දැල් ධීවරයන්ට දීලා තිබුණා. අපිට ගොවිතැන් කරන්න ඉඩම් නැහැ. අපි මේ රස්සාවෙන් තමයි ජීවිතය ගැටගහ ගන්නේ. මේක අපිට කරන්න එපා කිව්වොත් අපි ජීවත් වෙන්නේ කොහොමද?’’

මේ ප‍්‍රශ්න කිරීම පානම රාමචන්ද්‍රන් මහතාගෙන්ය. සිංහලූන් මෙන්ම දෙමළ පවුල් 25ක් පමණ ද පානම කළපු තීරයේ රැුකියාව කරති. නාවික හමුදාව තහනම් කලාපයක් කළ මෝය පල්ලම සහ මහකුඩාව යන ප‍්‍රදේශවල ධීවර රැුකියාවේ නිරත වන බොහෝ ප‍්‍රමාණයක් දමිළ ධීවරයෝ වෙති.

අපිට අපේ කළපුව ඕනෑ

‘‘මමත් දැනට මේ කළපුවේ අවුරුදු 15ක විතර ඉඳලා රස්සාව කරනවා. බිලී බානවා. විසි දැල් දානවා. තන්ගුස්දානවා. ඉස්සෝ කකුළුවෝ අල්ලනවා. ඒත් දැන් මේ කළපුවේ මුහුද පැත්තට සීමාවේ නාවික හමුදාව කියනවා යන්න එපා කියලා. ඔය මහකුඩාව කියන පැත්තේ තමයි මහත්තයෝ වැස්ස කාලෙට රස්සාව තියෙන්නේ. ඒ කොහොම කළත් අපිට කියන්න තියෙන්නේ අපේ කළපුව අපිට ඕනෑ කියලා. අපි මේක බලා කියා ගත්තේ ආරක්ෂා කළේ අපේම දෙයක් වගේ. ඒක ඉස්සරහටත් එහෙමයි.’’

පානම අනුරගේ හ`ඩ පානම කළපුවේ ධීවර රැුකියාව කරන සැමගේ හ`ඩය. ආණ්ඩුව වහාම මැදිහත් වී මෙම ගැටලූව විසඳීමට කටයුතු කළ යුතුය. පානම කළපු තීරය කලාප වශයෙන් නාවික හමුදාව විසින් තහනම් කරමින් ඇති අතර අද ඔවුන් කළපුවේ මාළුවන්, ඉස්සන් සහ කකුළුවන් ඇල්ලීමේ නිතර වී සිටින බවත් ප‍්‍රකාශ කරන්නේ ගම්මුන්ය. හමුදාවට ධීවර රැුකියාව කරන්නට මෙන්ම හෝටල් සංකීර්ණ තැනීමට ද අයිතියක් ඇත. එහෙත් එම අයිතිය පොදු මිනිසාගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගන්නේ නම් එය ගැටලූවකි. 

නිවාඩු නිකේතනයෙන් ප‍්‍රදේශයේ ධීවරයන්ට කිසිදු ගැටලූවක් නැහැ  | කෝසල වර්ණසූරිය – නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක

අපි මෙතන කළපුවේ ලැන්ගුන් කබානාස් කියලා නාවික හමුදා නිවාඩු නිකේතනයක් හදල තියෙනවා ඒකෙන් කළපුවේ ධීවරයන්ට කිසිදු ගැටලූවක් නැහැ. ධීවර කටයුතු කරන්න දෙන්නේ නැහැ කියන එක පිළිගන්න අමාරුයි. අනික මේක රජයෙන් නාවික හමුදාවට කඳවුරක් පිහිටුවන්න නීතියට අනුව දීපු ඉඩමක්. මෙතන කිසිම කෙනෙකුගේ පුද්ගලික ඉඩම් නැහැ. 

ශාස්ත‍්‍රවෙල පීනට් ෆාම් මෙහෙයුම

2010 ජුලි 17 රාති‍්‍ර 12ට රාගම්වෙල – ශාස්ත‍්‍රවෙල ගම්මානවලට තුවක්කු අතින් ගත් මැරයන් ඇතුළු වන අතර ඔවුහු ගම්මානය ගිනිබත් කරමින් ගම්මුන්ට පහර දෙමින් ගම්මානය තුළින් එහි වැසියන් එළවා දමති. එදිනම ගම්මානයේ මිනිසුන් පොලීසියට පැමිණිලි කරන අතර එලෙස පැමිණි මැරයන් එස්.ටී.එෆ් සාමාජිකයන් බවට ඔවුහු සැක කරති. එහෙත් පොලීසියේ ප‍්‍රතිචාරයක් නැත

පානම දී කි‍්‍රයාත්මක කළ හමුදාවේ මානුෂීය මෙහෙයුම

අම්පාර දිස්ති‍්‍රක්කයේ ලාහුගල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ පානම රාගම්වෙල අක්කර 264ක් ද, ශාස්ත‍්‍රවෙල අක්කර 115ක්ද රජයේ ඉඩම් අක්කර 240ක්ද උල්පස්ස ගිනිකොණදිග නාවික විධානය සඳහා අක්කර 800ක් ද යුද – ගුවන් – නාවික සහ පොලිස් විශේෂ බලකාය යන හමුදා විසින් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් එහි මුල් පදිංචිකරුවන්ට ගොවීන්ට තවම නිදහස් කර නොමැත.

පානම ඉඩම් අල්ලා ගැනීම සම්බන්ධ නඩු

මුල්ම නඩුව පානම පොලීසිය විසින් පානම ගම්වාසීන්ට විරුද්ධව අංක 5584 යටතේ පොතුවිල් අධිකරණයේ පවරනු ලැබේ. මෙම නඩු විභාගයේදී ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ස්ථාවරය වන්නේ මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවකි. අධිකරණයට වාර්තා කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ඉඩම් තම දෙපාර්තමේන්තුවට අයත් නොවන බව කියා සිටී. 2011 නොවැම්බර් 15 වැනි දින අම්පාර මානව හිමිකම් කාර්යාලයේ පැමිණිලි අංක HRC/AM/71/11/B/ G7 යටතේ පානම ගම්වාසීන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන අතර කොමිසම විභාගයක් පවත්වා මෙම ඉඩම් ගම්මුන්ට අයිති ඉඩම් බවට නිර්දේශ ඉදිරිපත් කරයි.

හමුදාව විසින් අල්ලාගත් ඉඩම් තුළ කි‍්‍රයාත්මක ඉදිකිරීම් නවත්වා ගැනීම සඳහා තහනම් නියෝගයක් ලබා ගැනීමට ලාහුගල ප‍්‍රාදේශීය සභාව පොතුවිල් අධිකරණයේ නඩු අංක 15460$GD යටතේ නඩු පැවරීය. වාරණ නියෝගය අධිකරණයෙන් ලැබෙන නමුත් ඉදිකිරීම් දිගටම කි‍්‍රයාත්මක වෙයි.

මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශ කි‍්‍රයාත්මක කර ගැනීම සඳහා ගම්මුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර එය දැනට ද විභාග වෙමින් තිබේ.

පානම මිනිසුන්ගෙන් අල්ලාගත් ඉඩම් තුළ ඉදි වූ හෝටලය – පානම ලැගුන් කබානා (Panama Lagoon Cabanas)

නාවික හමුදාවේ ගිනිකොණ දිග විධානය නමැති හමුදා කඳවුර තුළ සුවිශාල හෝටල් සංකීර්ණයක් ඉදිකර ඇතැයි පානම ගම්වාසීන් කරන චෝදනාවේ සත්‍ය – අසත්‍යභාවය නාවික හමුදා වෙබ් අඩවියට පිවිසීමෙන් සොයාගත හැකිය.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවට අයත් වෙබ් අඩවියට පිවිස එහි ඇති රෙස්ටුරන්ට් ඇන්ඞ් රිසෝට් යන මාතෘකාව ස්පර්ශ කිරීමෙන් මාලිමා හොස්පිටැලිටි සර්විස් යන අනු වෙබ් අඩවියට පිවිසිය හැකි අතර එහි රෙස්ටුරන්ට් සහ රිසෝට් නාමාවලිය තුළ පානම ලැගුන් කබානා සොයාගැනීම අමාරු නැත. ඕනෑම දෙස් විදෙස් පාරිභෝගිකයකුට එහි ඡුායාරූප නැරඹිය හැකි අතර අවශ්‍ය නම් තනි කාමර කබානාවක් රුපියල් 8000කට ද ද්විත්ව කාමර කබානාවක් රුපියල් 12000කටද වෙන්කර ගත හැකිය. එයින් ද නොනැවතී පානම කළපුවේ සුන්දරත්වය සමගින් කුමන සහ ලාහුගල අලි බැලීමට යා හැකිය. පසුව ඊට ළ`ගම පානම ගම්මානයට පැමිණ සිංහල – දෙමළ සංස්කෘතික විචිත‍්‍රත්වය නරඹන ගමන්ම හෝටලය ඉදිවී ඇති භූමිය ගැනද වැඩිදුර තොරතුරු දත හැකිය.