වර්ගවාදී සාමයක අසහනය

 පරිවර්තනය: හේමන්ත රණවීර

එල්ටීටීඊය පරදවා ලබාගත් ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව විසින් දිගින් දිගටම නොසැමරීමට සිහිබුද්ධිය, සංවේදිතාව, බුද්ධිමත්භාවය සහ විනීතභාවයට අමතරව සාධක සහිත හේතු ඇත. දිගුකාලීන ඊලාම් යුද්ධය රටවල් දෙකක් අතර යුද්ධයක් නොවීය. විදේශීය සතුරකුට එරෙහිව කළ යුද්ධයක්ද නොවීය. ඊට සහභාගිවූවන් සියලූදෙනා වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ද ඇතුළුව ශී‍්‍ර ලාංකිකයෝය. එය ඇත්තටම සිවිල් යුද්ධයකි. යුද්ධයේ ජයග‍්‍රාහකයන් ශී‍්‍ර ලාංකිකයන් වනවිට ඉන් වැනසුණෝද ලාංකිකයෝමය. ඉන් පීඩාවින්දෝද දිවි රැුකගත්තෝද ලාංකිකයෝමය. එසේ නම් එය සැමරුම? ඔව්. එය සිහියට නගාගැනීම වැදගත්ය. එහෙත් උත්සව නොකළ යුතුය. සිවිල් යුද්ධයක ජයග‍්‍රහණය අවුරුද්දක් ගානේ උත්සවකාරයෙන් සැමරීම පහත් දේශපාලනයකි. එයින් පැරණි තුවාල සුවවීම වැළකීයයි. දේශපාලන දේහය තුළ අලූත් තුවාල හටගනී. මේ සරල සත්‍යය පාලක කල්ලියට තවත් වැටහී නැත. කැනඩාව විජයග‍්‍රහණ රැුළියට සහභාගි වීමෙන් වැළකීම ගැන හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය පෙන්වාදුන්නේ කැනඩාව නාසිවාදයට එරෙහි යුද්ධ ජයග‍්‍රහණය සමරන බවය. එය ලෝක යුද්ධයකි. එය ස්වාධීන රාජ්‍ය ගණනාවක් දෙපසට බෙදී කළ ලෝක යුද්ධයක් මිස එක රාජ්‍යයක් තුළ වූ සිවිල් යුද්ධයක් නොවීය. නාසිවාදයේ පරාජය සමරන සෝවියට්, ඇමරිකන්, ප‍්‍රංශ හා බි‍්‍රතාන්‍ය ජනතාවට ජර්මන් ජනතාව හා එක්ව අනාගතය ගොඩනැගීමේ කාර්යභාරයක් නැත. විදේශීය සතුරකුට එරෙහිව කරන යුද්ධය සහ සිවිල් යුද්ධයක වෙනස තේරුම් ගැනීමට පාලක කල්ලිය දිගින් දිගටම අසමත් වන්නේ ඔවුන් ‘ලංකාව තුළ හිමිකරුවන් හා පිටස්තරයන්’ සංකල්පයේ මුල් බැසගෙන සිටින බැවිනි.
මහාවංසයට අනුව ලංකාව පිරිසිදු බුද්ධාගම රැුකගන්නා එකම රට වන අතර සිංහලයෝ එහි එකම පොල්මඃකාර හිමිකරුවෝය. දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල කි‍්‍රස්තියානි අන්සියලූ දෙනා සම හිමිකරුවන් නොව ආක‍්‍රමණිකයන් හෝ වෙළෙන්දන්ගෙන් පැවත එන්නෝය. ඔවුන් සැබෑ ලාංකිකයන් නොවන අතර ආගන්තුකයන් හා සතුරන් විය හැකි අයය. මේ මහාවංස දර්ශනයට අනුව ඊළාම් යුද්ධය සිවිල් යුද්ධයක් නොව ආගන්තුක සතුරන්ට එරෙහිව කරන ලද්දකි. භාෂා ප‍්‍රශ්නයද පැන නැගුණේ මේ ‘හිමිකරුවන් – අමුත්තන්’ සංකල්පය අනුව දෙමළ විදේශ භාෂාවක් ලෙසින් සැලකූ බැවිනි. වාර්ගික අර්බුදය හා දිගුකාලීන ඊළාම් යුද්ධයද එසේමය. යුද්ධයෙන් පසු අවධියේදී දමිළයන්ට සලකන ආකාරය දෙස බලනවිට ද මේ සංකල්පය කෙළින්ම යෙදවෙන බව පෙනේ. එල්ටීටීඊය මුළුමනින් පරාජය කළ පසුවද ලක්ෂ 3ක දෙමළ සිවිල් ජනතාව විවෘත හිරකඳවුරුවල රඳවා තබන ලදහ. උතුරු හා නැගෙනහිර හමුදා පාලනයක් පැවැත්වීම, එහි ජන සංයුතිය වෙනස් කිරීමට උත්සාහ කිරීම, 13 සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රතික්ෂේප කිිරීම එහි සිටින්නන් සහෝදර වැසියන් වශයෙන් නොව සතුරන් ලෙසට සැලකීම නිසා සිදුවන්නකි. 2005දී සිංහල බෞද්ධ උත්තමවාදීන්ට සුදුසු දේශපාලන ව්‍යාපාරයක් ද රාජපක්ෂලාට සුදුසු මතවාදයක් ද අවශ්‍යව තිබුණි. මේ දෙක මනාව පෑහුණු අතර පවුල් පාලනය ගෙනයෑමට සිංහල බෞද්ධ උත්තමවාදය යොදා ගැනිණ. උමතු අන්තවාදීන්ට බලවතුන්ගේ දොරකඩ ඉඩක් ලැබිණ. 4වන ඊළාම් යුද්ධය නවීන අවිආයුධ යොදා කරන ලද මහාවංශ යුද්ධයකි. ‘සිංහල බෞද්ධ භූමිය’ සහ ‘පාපයෙන් තොර යුද්ධය’ යන මිථ්‍යාවන් පවා යෙදාගන්නා ලදි. මෙබඳු වාර්ගික ආගමික යුද්ධයකින් ජාතික සමගියක් ගොඩනැගිය නොහැකි අතර යුද්ධය ඇතිකරන අයට සාමය බිහිකළ නොහැකිය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට කොටි දෙමළ ඊළමක් ගොඩනැගිය හැකිව තිබුණ ද ප‍්‍රජාතාන්ත‍්‍රික බහුත්වවාදී සමාජවාදී ඊළමක් ගොඩනැගීමේ හැකියාවක් තිබුණේ නැත.

2009න් අවුරුදු පහකට පසුවත් රට අර්බුදයෙන් අනවශ්‍ය අර්බුද කරා ඇදෙමින් පවතී. දමිළ ජනතාවට සංහිඳියාවක් නොලැබුණු අතර මුස්ලිම්හු හා කි‍්‍රස්ති‍්‍රයානීහුද ඈත්වෙමින් සිිටිති. හමුදාව දේශපාලනිකකරණය කැරෙන අතර සිවිල් සමාජය හමුදාකරණය කෙරේ. විදේශීය අරමුදල් යොදා පලක් නැති යටිතල පහසුකම් ගොඩනගන අතර එකම සංවර්ධන උපාය වී ඇත්තේ දිවයින චීන හා මැදපෙරදිග කෝටි පතියන්ගේ කෙළිම`ඩලක් කිරීමයි. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම, හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවයක් හා ගමනාගමන පහසුකම් ඇතිකිරීම වැනි පොදුජනයාට අවශ්‍ය දේ නොතකා හැරෙමින් ඇත. නීතියේ පාලනය ඉවත දමා, පාලකයන්ගේ නීතිය ඇතිකර තිබේ. ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාව 1987 තිබුණාට වඩා කොන්වීමට ලක්ව ඇත. අනවශ්‍ය ලෙස චීනයෙන් යැපීම නිසා ඉන්දියාව විසින් අවිශ්වාසදායක පාලනයක් ලෙසට සලකනු ලැබ ඇත. අසම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් ජනපීඩක පවුල් පාලනයක් කරා යොමුකර තිබේ. රට අමානුෂික තත්ත්වයකට වෙනස් කිරීම සඳහා කඩුව, පලිහ හා මතවාදය ලබාගන්නේ මහාවංස මිථ්‍යාව තුළින්ය.
මහාවංසයේදී ගැමුණු කුමරුගෙන් වකුටුවී නිදාසිටින්නේ මන්දැයි සිය මව විමසූ විට ඔහු පවසා ඇත්තේ ‘උතුරෙන් හැඩි දෙමළුය. දකුණින් ගොළු මුහුදය. මම කෙසේද අත් පා දිගහැර නිදාගන්නේ’ කියාය. ශිෂ්ටාචාර ගැටුම පිළිබඳ සිංහල බෞද්ධ විවරණය, රට රැුකගැනීම සහ පාපයෙන් තොර යුද්ධය සමග ගොඩනැගෙන්නේ මේ අයුරිනි. මේ අනුව ලංකාවේ ඉතිහාසය යනු හින්දු කි‍්‍රස්තියානි ඉස්ලාමික ලෝකයෙන් පිරිසිදු බුද්ධාගම රැුකගැනීමේ අරගලයයි. රාජපක්ෂලා මේ මානසික දර්ශනය තුළින් රට හා සාමය හැඩගසන්නට උත්සාහ කරති.

සාමයට ම`ගපෙන්වන මතවාදය තුළ සිංහල බෞද්ධ නොවන සියලූදෙනා සතුරන් ලෙසම සැලකෙන විට කෙසේ දිගුකාලීන සාමයක් ඇතිකළ හැකිද? ඉදිරියේ බිහිවන පරපුරේ සිත් සතන් තුළට මෙබඳු මතවාදයක් කවනු ලැබූ විට කෙබඳු හානියක් සිදුවිය හැකිදැයි සිතාගත හැකිද? එකිනෙකා වෙන්කර තබන පාසල් පද්ධතිය ලාංකික ජාතියක් බිහිකිරීමට ව්‍යුහාත්මකව අසමත් වී ඇත. බොහෝ පාසල් වාර්ගිකව හා ආගමිකව ඒකීය වේ. එක එක ප‍්‍රජා තුළ ඇතිවන ඊර්ෂ්‍යාව සමග අපගේ ආදිකල්පික අනන්‍යතා ශක්තිමත්ව ගොඩනැගෙන්නේය. බොහෝ දරුදැරියන් තමාගේ ප‍්‍රාථමික වසර ගතකරන්නේ රටේ වෙනත් ආගමික ජාතික දරුවන් හා එක්වීමෙන් තොරවය. අනෙක් ජාති ආගම් ගැන නොදැනීම මත වැඩිහිටි වියේදී අගතිගාමී වීම සිදුවේ. ඉතිහාසය සිංහල බෞද්ධයන්ගේ කතාවක් ලෙස ඉගැන්වීම හේතුවෙන් මේ රට සහ ශිෂ්ටාචාරය ගොඩනැංවීමට හා රැුකගැනීමට බෞද්ධ නොවන අය දුන් දායකත්වය මුළුමනින් මකා දැමේ. දෙනු ලබන ඒකීය ආගමික අධ්‍යාපනය හේතුවෙන් අනික් පුද්ගලයන්ගේ ඇදහීම් පිළිබඳ මූලික කරුණුවත් දැනගැනීමට ඉඩ නොලැබේ. මෙවැනි නොදැනුමෙන් සහ අගතියෙන් පිරි සමාජ පසුබිමක කෙසේ ලාංකික අනන්‍යතාවක් ගොඩනැ`ගිය හැකිද? ලාංකික අනන්‍යතාවක් නොමැති තැන ලාංකීය සමගියක් කෙසේ ගොඩනගන්නද? හමුදා බලය යෙදවීමෙන් පමණක් මිනිසුන් එකට බැඳතබාලිය හැකිද? යුද්ධය ඇතිවීමට හේතු වූ දේශපාලන මූල බීජ ඇතුළුව යුද්ධය ගැන කළ මහා තක්සේරුවක් සහිත අවබෝධ කර ගැනීමකින් තොරව අව්‍යාජ සංහිඳියාවක් බිහිකළ හැක්කේද? සැමවිටම හැමතැනම සතුරන් ඇතැයි බියෙන් සැලෙන මානසිකත්වය ඇති සමාජයක සාමය ගොඩනැගිය හැකිවේද?

උතුරේ සමාජ ආර්ථික ගැටලූ නැගීඒමට සමගාමීව දකුණේ වාර්ගික ආගමික අසහනයක් බුරබුරා නැගෙමින් පවතී. යුද්ධය ජයගෙන වසර පහකට පසුව උතුරේ පාසල්වලින් වඩවඩා දරුවෝ ඉවතට වැටෙත්. දුප්පත් පවුල්වල ළමයින්ගේ පාසල් ගමන මෙසේ නවතින්නේ මානුෂීය ආධාර අඩුවීම නිසා ජීවත්වීමට ම`ගක් නොමැති වන බැවිනි. රැුකියා අවස්ථා නොමැතිවීම සහ ජීවන වියදම ඉහළ නැගීම හේතුවෙන් මේ තත්ත්වය වඩ වඩා උග‍්‍රවේ. යුද්ධයෙන් බෙලහීන වූ, නූගත්, රැුකියා විරහිත, රැුකියා ලබාගත නොහැකි තරුණ පෙළක් තුළින් සාමය හෝ සංවර්ධනය ඇති කළ නොහැකිය.

මෙවන් ලෝකයක් තුළ විජයග‍්‍රහණ සැමරිය හැක්කේ අන්ධයන්ට පමණි.