රාවය

අපිව රවටලා බොරුවක් කරලා තියෙන්නේ – චන්ද්‍රගුප්ත තේනුවර

අපිව රවටලා බොරුවක් කරලා තියෙන්නේ – චන්ද්‍රගුප්ත තේනුවර

ආචාර්යවරු ගෙන ගිය මුල් අරගලය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරියේ දමනය වන ආකාරයක් අපි දුටුවා. අපි එතැනින් කතාව පටන් ගනිමු.

ඕක විවිධ පාර්ශ්ව අපට එල්ල කරන චෝදනාවක්. අපිට වෘත්තීය අරගල කරන්න තියෙන අයිතියම තව කෙනකුට චෝදනා එල්ල කරන්නත් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම මෙතනදි ඉතා වගකීමෙන් කියන්න ඕනෑ ඇයි අපි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විශ්වාස කළේ කියලා. අපි අපේ අරගලය ගෙනගියේ රජයට එරෙහිව. ඒ කියන්නේ මේ දේවල් අපි ලබාගත යුත්තේ රජයෙන්. එතකොට රජය නියෝජනය කරන අපේ විෂයට අදාළ අමාත්‍යවරු අපගේ යෝජනා ඉල්ලීම් ඇතුළත් කඩදාසි ඉරලා විසිකරන කොට, අපිට ඇහුම්කන් නොදී හෑල්ලූවට ලක් කරන කොට අපට සිද්ධ වෙනවා අපිට ඇහුම්කන් දෙන, යමක් තේරුම් ගතහැකි අයකු සමග සාකච්ඡුා කරන්න. එතනදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙරමුණට එනවා. එහෙම එන්න අවශ්‍ය සාධක ඕනතරම් එතුමාට තිබුණා. ප‍්‍රධානතම කාරණය තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු එතුමාගේ අමාත්‍යාංශයේ රාජකාරි කළා. එතකොට මේ ප‍්‍රශ්නය ගැන අමාත්‍යවරයාට අවබෝධයක් තිබුණා. අන්න ඒ හින්දයි ඔහු මැදිහත්කරුවකු ලෙස මේ ප‍්‍රශ්නයට එකතු වෙන්නේ. ඒ වගේම ඔහු මෙය විසඳිය යුතුයි කියන තැන ආචාර්යවරුන් එක්ක හිටියා. ඒක අවංක උත්සාහයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ ඔහු අපෙන් ඉල්ලීමක් කරනවා. ඔහුව විශ්වාස කරලා අරගලය නවත්වන්න කියලා. එතනදි අපි සංගමයක් විදිහට ලොකු වාදවිවාද කරලා පොදු එකඟතාවකට ආවා. මේක පාවාදීමක් කියලා සමහරු කිව්වා. අපි කිසිවක් පාවා දුන්නේ නැහැ. අපි ඔහුට ඇහුම්කන් දුන්නා. ඒවා ඉටුවුණේ නැහැ. දැන් අපි නැවත අපේ අරගලය පටන් ගත්තා.

ආචාර්යවරු මුල් අරගලය පටන් ගත්තේ ‘සියයට හයේ’ සටන් පාඨයත් එක්ක. ඒත් පසුව එය විවිධ හැඩතල ගන්නවා.

අපි මුලින්ම අරගලය ආරම්භ කළේ රජය ඍජුවම පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මැදිහත්වීමත් සමගයි. ඒ වගේම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ පනත වෙනස්කිරීම් ඇතුළු කරුණුත් කතිකාවට ලක්වුණා. විශේෂයෙන්ම අධ්‍යාපනය රැුකගත යුතුයි කියන වැදගත්කම එහිදී අපට පෙනී ගියා. 2010-11 අවධිය වනවිට අපි මේ ගැන සාකච්ඡුා කළා. යුනෙස්කෝ ප‍්‍රකාශනයෙන් සෑම රටකටම නිර්දේශ කරලා තියෙනවා අධ්‍යාපනයට අඩුම ගාණේ සියයට හයක්වත් වෙන් කළ යුතුයි කියලා. ඒ සම්මුතියට ශ‍්‍රී ලංකාවත් අත්සන් කරලා තියෙනවා. ඒ නිසයි සියයට හයේ අදහස අපි මතක් කළේ. එය 2012 වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ ප‍්‍රධාන සටන් පාඨය වුණා.

අවසානයේ එකී සටන් පාඨය ඉදිරියට දමා ආචාර්යවරු තමන්ගේ අයිතීන් දිනාගත්තා.

එහෙම කියන එක වැරදියි. ඕනෑම වෘත්තීය අරගලයක ස්වභාවය තම වෘත්තියේ ගැටලූ ජයගැනීම. ඒක එහෙම නෙවෙයි නම් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගතයුතු නැහැ. අධ්‍යාපනයත් අපේ අරගලයේම කොටසක්. එතකොට මේ රටේ අධ්‍යාපනයට සියයට හයක් වෙන් කිරීම අපේ පෞද්ගලික ජයක්ද? නැහැ. ඒක සමස්තයක් විදිහට මේ රටම ලබන ජයක්. එතකොට ඒ ඉල්ලීම ඉටු නොවීම රට ලබන පරාජයක්. එතනදී ඒක ඉල්ලා හිටපු අපිට චෝදනා කිරීම වැරදියි. මේක මුළු ජනතාවම හඬ නැගිය යුතු ප‍්‍රශ්නයක්. අපිව විතරක් ලඝු කිරීමයි මෙතන ගැටලූව.

ඔබගේ ප‍්‍රශ්නයට එනවා නම් අපේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය කොටස් දෙකකින් සමන්විත වුණා. අපේ වැටුප් වැඩිවීම සමහර චක‍්‍රලේඛයකින් ඉවත් කිරීම ආදී වෘත්තියට අදාළ ප‍්‍රශ්න එක කොටසකට අයත් වුණා.

එතනදී අපි කල්පනා කළා රටේ මුළු අධ්‍යාපනයම අර්බුදයක තියෙන වෙලාවක අපේ අරමුණු විතරක් හුදෙකලා නොකොට රජයේ අවධානය, අනෙකුත් වෘත්තිකයන්ගේ අවධානය මුවහත් කරන්න. අන්න ඒ සඳහා තමයි අපි දෙවන කොටස විදිහට සියයට හයේ සටන් පාඨයත් ගෙනාවේ. එතනදි ඒකේ ඇති පොදු ස්වභාවය නිසා ඒක ආකර්ෂණය වුණා.

එහෙත් අවසාන ප‍්‍රතිඵලයේදීත් ඒ කෑල්ල හැලූණා.

ඒ ක‍්‍රියාවලිය යද්දී තමයි රජය අපිට පොරොන්දු වුණේ. සියයට හයේ සංඛ්‍යාව කෙසේ වෙතත් ක‍්‍රමානුකූලව එය වැඩි කළයුතු බව ඔවුන් පිළිගත්තා. අප දන්නවා විවිධ ආර්ථික හේතූන් නිසා. එකවර එය වෙන් කරන්න බැරිවුණා. අපි කිව්වේත් නැහැ එකවර වෙන් කරන්න කියලා. අපි කිව්වේ ක‍්‍රමානුකූූලව අදියර කිහිපයකින් හෝ ඒ තැනට එන්න කියලා. ඒ පිළිබඳ ඔවුන් කැපවීම පෙන්නුම් කළා. අනාගත ප‍්‍රතිසංස්කරණවලදී අපේ වෘත්තීය සමිතිය ඇතුළු පාර්ශ්ව සමග සාකච්ඡුා කරන බව කිව්වා. ඔවුන් හා අප අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට ඒ පොරොන්දුවත් එකතු කරලා තියෙනවා. ඒ නිසා ඒ කෑල්ල හැලිලා නැහැ. මෙතනදි අපේ වැටුප ගැනත් කිව යුතුයි. පවතින වැටුප් ක‍්‍රමය තුළ මූලික වැටුප සම්පූර්ණයෙන් සකස් කරන්න බෑ කිව්වා. ඒකත් කියන්න ඕනෑ, අපි වැටුප් වැඩිවීමක් ඉල්ලූවේ මහා වැටුපක් ගෙන යෑමට නෙමෙයි විශ්වවිද්‍යාල රැුකගැනීම සඳහා ඉදිරියේදී ආචාර්යවරුන් බැඳීමේ උනන්දුව ඇති කිරීම සඳහායි. මොකද විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න සමහරු අකමැතියි. සියලූම පාර්ශ්වයන් එම කරුණු පිළිගත්තා. 2011 අයවැය වාර්තාවෙන් පර්යේෂණ දීමනාව ගෙවන බවට ජනාධිපතිවරයාත් එකඟවෙලා තිබුණා.

ඊට අමතරව අපේ වැටුපේ දීමනා වැඩි කරන බවට පොරොන්දු වුණා. ඒ දීමනාවලින් එකක් වූ මූලික වැටුපෙන් සියයට තිස්පහක් වූ පර්යේෂණ දීමනාව දිය යුතු වුණා. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ සිට ආධුනික කථිකාචාර්යවරයා දක්වා විවිධ ප‍්‍රමාණයන්ගෙන් එයට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් සිදුවුණා.
එය 2014 චක‍්‍රලේඛයක් මගින් අවලංගු කර තිබෙනවා. අලූතෙන් ක‍්‍රමවේදයක් සහිතව පර්යේෂණ කිරීමේ ක‍්‍රියාවලියට අලූත් යෝජනාවලියක් ගෙනවිත් තියෙනවා. මීට කලිනුත් අපි මේකට විරුද්ධ වෙලා තිබුණේ.

පර්යේෂණ දීමනාව අපි පිළිගත්තේ කොන්දේසි සහිතවයි. කොන්දේසි පිළිගැනීම ඒ වෙලාවේ අවශ්‍ය වෙලා තිබුණා. පසුව ඒවා නිවැරදිව කරවමින් අවුරුදු පහක කාලයක් තුළ මධ්‍යකාලීන ඉමක් යොදාගෙන ක‍්‍රමයෙන් වැටුප සකස් කරන්න පොරොන්දු වෙලයි පී.බී. ජයසුන්දර මහත්තයා අපිට ලිපි නිකුත් කළේ. ඒ ලිපි, පොරොන්දු අපි ගාව තියනවා. ඒ සියල්ලත් එක්කයි අපි අරගලය නැවැත්තුවේ. බැසිල් රාජපක්ෂ කියන තනි කාරණය නිසාම නෙමෙයි.

මුල් වෘත්තීය ක‍්‍රියාමාර්ගයට පසු දිගු කාලයක් නිහඬ වුණේ ඇයි?

අපි පසුගිය වසර එකහමාරට වැඩි කාලයක් ගත කළේ වෘත්තීය අරගල කාලය තුළ අතපසු වු අධ්‍යාපන කටයුතු ලබාදීමටයි. ඒ වෙනුවෙන් ආචාර්යවරු කාර්යබහුල වුණා. දීමනාවලින් යම් තරමකට සතුටුවෙන්න හැකිවෙලා තිබුණා. ඒ සියල්ල වැටුප්වලට එල්ලලා තිබුණාට නිශ්චිත වැටුපක් ලැබිලා තිබුණේ නැහැ. අවුරුදු පහක් ඇතුළත ඒ පොරොන්දු ඉටු කරන බව කියලා තිබුණා.

අවුරුදු පහක් නම් තව කල් තිබෙනවා. ඇයි ඔබලා නැවත පාරට බහින්නේ.

අපිත් අහන්නේ ඔය ප‍්‍රශ්නයම තමයි. පොරොන්දු පොරොන්දු විදිහට ඉටුවෙනවා නම් අපිට පාරට බහින්න වුවමනාවක් නැහැ. ඔවුන් එකඟ වූ ක‍්‍රියාදාමයට මැදිහත් වනවා තබා ඔවුන් දශමයකින්වත් එය ක‍්‍රියාත්මක කළේ නැහැ. අපේ නියෝජිතයන් ලෙස මහාචාර්ය නවරත්න බණ්ඩාර සහ මහාචාර්ය ජයතිස්සව අප පත් කළා. විශේෂ සේවාවක් හැටියට ස්ථාපිත කිරීමේ අදහසින්. අපේ අදහසකට වඩා එස්.බී. දිසානායක ඇමතිවරයාමයි එවකට කියා සිටියේ මෙවැනි ගැටලූ විසඳුමට ඇති හොඳම ක‍්‍රමය මෙය බව. අනිත් වැටුප් ක‍්‍රමයත් සමග ගළපන්න ගියාම වැටුප් වැඩි කළ නොහැකි බව ඔහු පැවසුවා. රජයේ අර්බුදයෙන් බේරෙන්න තමයි ඔවුන් එවැනි ක‍්‍රමයක් ඉදිරිපත් කළේ. ලංකාව තුළ විවිධ සංස්ථා, වෘත්තිකයන්ට ඒ ආකාරයට විවිධ සේවාවන්ට විශේෂිත වැටුප් ක‍්‍රම හැදූ අවස්ථා තියෙනවා. මේ මගින් කිසියම් විසඳුමක් ලැබෙන බව ප‍්‍රකාශ කළ නිසායි අපි එකඟ වුණේ. ඒ මාවත ආරම්භ කරන්නවත් ඔවුන් සූදානම් වුණේ නෑ. තාම අපි පත් කළ මහාචාර්යවරුන් දෙන්නාගේ පත්කිරීම් විතරක් තියෙනවා. රැුස්වීමක් කැඳවේවේ නැහැ. ඒක හරියට කළා නම් මේ වගේ විටින් විට පාරට බැහලා සටන් කරන්න අවශ්‍ය නැහැ. අපි එහෙම පාරට බැහැලා වෘත්තීය සටන් කළ යුතුයි කියන වෘත්තීය සමිතියක් නෙමෙයි. අපේ කාර්යය ඉගැන්වීමයි. ඒ නිසයි මේ යාන්ත‍්‍රණය නිවැරදි කරන්න කියලා අපි ඉල්ලන්නේ.

මේ වනවිට රජය ආචාර්යවරුන්ව රැවටීමකට ලක් කරලා කියලා තහවුරුයි.

පැහැදිලිවම. එහෙම නොවුණා නම් වැටුප් අඩුවන්නේ කොහොමද? පර්යේෂණ දීමනාව වැටුපේ කොටසක් විදිහට දුන්නා නම් වෙනත් චක‍්‍රලේඛයක් මගින් අහෝසි කරන්න විදිහක් නැහැ. එහෙනම් පැහැදිලිවම කියන්න ඕනෑ. අපිව රවටලා බොරුවක් කරලා තියෙන්නේ. අවුරුදු දෙකක් තිස්සේ ඒ රැුවටීම කරලා තියාගෙන ඉඳලා තියෙනවා.
ජනාධිපතිතුමා තමයි මේවට මූලික වුණේ. ආචාර්යවරුන්ට තමයි පර්යේෂණ කරන්න පුළුවන් කිව්වේ එතුමායි. අපට දීමනා දුන්නාට වෙනත් අය විරුද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වේ එතුමායි.

ඒ අනුව ආචාර්යවරු නැවතත් වෘත්තීය සමිති අරගලයකට සූදානම්?

ඔව්! හැබැයි අපි අලූතින් කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ. මේ සෑම ඉල්ලීමක්ම අප මුලින් කළ ඉල්ලීම් මයි. සියයට හයක ප‍්‍රතිශතය වැඩි කළා නම් එය සමස්ත අධ්‍යාපනයටම බලපානවා. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට විතරක් නෙමෙයි එය පාසලේ ආචාර්යවරයාටත් බලපානවා.

අපි හිතනවා නැවතත් බොරුවට පොරොන්දු දෙන්නේ නැතිව අපේ ඉල්ලීම්වලට සාවධානව කන්දීලා අදාළ නිලධාරීන් පැහැදිලි සක‍්‍රිය ක‍්‍රියාමාර්ගවලට යයි කියලා. එය ඉක්මනින් ඉටු නොකළහොත් ඉදිරියේදී ගතයුතු පියවර අපි ගන්නවා. ඒ දේවල් ඒ වෙලාවට බලාගන්න පුළුවන්.