රාවය

වචන, මතකය සහ ඉතිහාසය

වචන, මතකය සහ ඉතිහාසය

 

දේශ පා ල නි ක අ යි තී න් රැුකගෙන තිබෙන්නේ ද්‍රෝහීන් විසිනි… චින්තනයේ නිදහස, මිසදිටුවන් විසිනි’’ : රොබට් ජී. ඉන්ගර්සොල් (මහා මිසදිටුවෝෙ)

වැලිවේරිය ක‍්‍රියාන්විතය මෙහෙයැවූ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට අලූත් රැුකියාවක් ලැබී තිබේ. ඒ, තුර්කියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘හමුදා සහායක’ තනතුරයි.
වැලිවේරියේ ඝාතනයට පැටලූණු බි‍්‍රගේඩියර් ගුණවර්ධන සහ තවත් ලූතිනන් කර්නල්වරු තිදෙනෙකු, 2013 අගෝස්තු අවසානයේ දී, අඬබෙර ගසා වැඩ තහනමට ලක්කෙරුණි. ඊට මාස අටකට පසු, නොකර සද්දෙන්ම, ඔවුන් නැවත සේවයේ ස්ථාපිත කෙරුණි. අද නීති විරෝධී අන්දමින් වාරණයට ලක්කොට ඇති ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය කියන පරිදි, ලෝකය පුරා ලංකාවේ තානාපති කාර්යාල සරසන හමුදා නිලධාරීන් අතරට බි‍්‍රගේඩියර් ගුණවර්ධන ද එක් වනු ඇත.

බි‍්‍රගේඩියර් ගුණවර්ධන ‘යුද විරුවෙකි’. හතරවැනි ඊලාම් යුද ජයග‍්‍රහණයේ රාජපක්ෂ ඉතිහාසය තුළ අද්විතීය ස්ථානයක් ගන්නා එක් හමුදා ඛණ්ඩයක ලූතිනන් කර්නල්වරයෙකු වශයෙන් ඔහු සේවය කෙළේය.

නීති විරෝධීව වාරණයට ලක්කොට ඇති තවත් වෙබ් අඩවියක් වන ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’හි, හතරවැනි ඊලාම් යුද්ධයේ අතිශය අපකීර්තිමත් තවත් සිදුවීම් දෙකක් ගැන ගිය සතියේ වාර්තා කොට තිබුණි. එකක්, ‘සුදු කොඩි සිද්ධියට’ සම්බන්ධ විස්තරාත්මක වාර්තාවකි. අනික, එල්.ටී.ටී.ඊ. රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදිකාවක වූ ඉසිප‍්‍රියාගේ ජීවිතේ අවසාන පැය කිහිපය දක්වන අලූත් ඡුායාරූප පෙළකි. මේ කියන වාචික සහ රූපමය වාර්තා සැබෑවක් නම්, යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ලංකාවේ හමුදාවේ යම් කොටසක් මොන තරම් පහත් සහ බිහිසුණු අඩියකට පත්ව සිටියේ ද යන්න සිතාගත හැකිය.

මේ කිසි සිද්ධියක්, ඉහළ නිල ධුරාවලියකට යටත් නැති, නාහෙට නාහන සෙබළුන්ගේ හිතුවක්කාර හැසිරීමක් සේ පෙනෙන්නේ නැත. වාර්තා දෙකෙන්ම පෙන්නුම් කරන්නේ, ඉහළින් එන නියෝග පරිදි, යුද සිරකරුවන් විධිමත්ව ඝාතනය කළ බවකි.

දෙමළ මුස්ලිම් සහ සිංහල සිවිල් වැසියන්ට එරෙහිව කොටි සාමාජිකයන් අමානුෂික අපරාධයන්හි නියැලූණේ ඉහළින් ලැබුණු නියෝග ප‍්‍රකාරව මිස කොටි සාමාජිකයන් එකිනෙකාගේ හිතුමතේට නොවේ. එයාකාරයෙන්ම, ලංකා හමුදාවේ අමානුෂික ක‍්‍රියා සිදුවුණේ ද, විනයක් නැති කම නිසා නොව, (ඉහළින් ලැබෙන නියෝගයන්ට ගරු කරන) විනයක් තිබීම නිසා ය.

නියෝග යටතේ වේවා, නොවේවා, එවැනි බිහිසුණු අපරාධ කළ නිල ඇඳුම් ලාගත් පිරිස් සිටිය යුත්තේ හිරේ ය. ඔවුන් රටට නින්දාවකි. ජාතියට නින්දාවකි. හමුදාවට නින්දාවකි. එසේම ලාංකීය සමාජයට ද ඔවුන් අනතුරකි. සිංහල දකුණත් ඒ අනතුරට යටත් ය. වැලිවේරිය පැහැදිලිවම ඊට දෙස් දෙයි.

‘සුදු කොඩි සිද්ධියට’ සම්බන්ධ වන්නේ 58 වැනි බලඇණියයි. එම බලඇණියම, සංග‍්‍රාම ශෛලියෙන්, වැලිවේරියට ද පිටත් කර හැරියේ අහම්බෙකින් විය නොහැක. රතුපස්වල ජනතාව සිතන්ට ඇත්තේ තමන් සාමාන්‍ය කර්මාන්ත ශාලා හිමියෙකුට එරෙහිව නැගී සිටිනවා කියා ය. එහෙත් සත්තකින්ම ඔවුන්ගේ විරෝධය වැදුණේ, රාජපක්ෂගේ ආර්ථික අග‍්‍රපුරෝහිත ධම්මික පෙරේරාටයි. ඒ ආකාරයෙන් එම විරෝධතාවෙන් අභියෝගයට ලක්කෙරුණේ, රාජපක්ෂගේ ව්‍යාපාරික/ මූල්‍ය අභිමතාර්ථයි. එසේ හැසිරෙන ‘ද්‍රෝහීන්ට’ අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ රාජකාරිය පැවරීමට 58 වැනි බලකායේ ‘යුද විරුවන්ට’ වඩා සුදුස්සන් තවත් සිටිය හැකි ද?

ජීව උණ්ඩ වෙනුවට රබර් උණ්ඩ පාවිච්චි නොකෙළේ මන්දැ යි, ඝාතනයෙන් අනතුරුව එක් ගැමියෙක් සොල්දාදු වෙකුගෙන් ප‍්‍රශ්න කෙළේය. ‘රබර් බුලට්වලින් මිනිස්සුන්ව හුරතල් කර කර ඉන්න අපිට බැහැ’ සොල්දාදුවාගේ පිළිතුර විය.

රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ ‘යුද විරුවන්ගේ’ සැබෑ මුහුණුවර එයයි.

උතුරේ රාජකාරිය නිම කිරීමට රාජපක්ෂ සහෝදරයන්ට අවශ්‍ය කෙළේ, හිතක් පපුවක් නැති, තිරිසන්, ඝාතක යන්ත‍්‍රයන් ය. එවැනි හිතක් පපුවක් නැති ඝාතක යන්ත‍්‍ර, සිංහල-දකුණ ඇතුළු ජාතික තලයේ ස්වකීය පාලනය පවත්වා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය කෙරෙනු ඇත.

‘සුදු කොඩි සිද්ධියට’ අදාළ නවතම වාර්තා තුළ, මහින්ද, ගෝඨාභය සහ බැසිල් යන සොහොයුරන් තිදෙනාම පැටලී සිටිති. එම තොරතුරු නිවැරදි නම්, සිදුවිණැ යි කියන යුද අපරාධ පිළිබඳ අව්‍යාජ පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂලා මෙතරම් හතුරුව සිටින්නේ මන්දැ යි 

පැහැදිලි වෙයි. එසේ වන්නේ, එවැනි පරීක්ෂණයක් නිසා හමුදාවෙන් මතු විය හැකි ප‍්‍රතිචාරයක් ගැන ඇති බියක් නිසා නොව: යුද්ධය ජය ගත්, අතිශය ජනප‍්‍රිය හමුදාපතිවරයා එවැනි ‘ප‍්‍රතිචාරයක’ අබමල් රේණුවක හෝ බියකින් තොරව දඩයමට ලක්කෙරුණි. එසේම, සාමාන්‍ය සොල්දාදුවන් සහ නිලධාරීන් ආරක්ෂා කිරීමට රාජපක්ෂලා තුළ ඇති කැක්කුමක් නිසා ද නොවේ: මර්වින් සිල්වාගේ පුතා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට පහර දුන් අවස්ථාවේ රාජපක්ෂලා කෙළේ දේශපාලක ගැටයා ආරක්ෂා කොට, යුද විරුවාට දඬුවම් කිරීමයි. නැත, ඕනෑම ස්වාධීන පරීක්ෂණයක් තුළ තමන් පැටලෙන බව රාජපක්ෂලා දන්නා නිසාම එවැනි පරීක්ෂණයකට ඔවුහු හතුරුව සිටිති. ඔවුන් සිතන්නේ, (ඇමරිකාවේ තිබෙන තමන්ගේ දේපළත් ආරක්ෂා කරගෙන එම රටට යෑමට ඒමට ඇති හැකියාවත් ආරක්ෂා කර ගැනීම ඇතුළු* තමන්ගේම අභිවෘද්ධිය මිස, වෙන කිසිවෙකුගේ ආරක්ෂාවක් හෝ ගෞරවයක් ගැන නොවේ.

වැලිවේරියේ මිනීමරුවන්ට කිසි දවසක දඬුවම් නොකෙරෙනු ඇත. යුද්ධයේ අවසාන අදියරේ ඊට සහභාගි වූ සහ එය දුටු අයවලූන් වශයෙන්, සාපරාධී නියෝගවල මූලය ඇතුළු, සිදුවූ සියල්ල ඔවුහු දනිති. ඔවුන්ගේ නිශ්ශබ්දතාව රාජපක්ෂලාට අවශ්‍ය ය.

ජනාධිපති රාජපක්ෂට පිරිනැමෙන, මහාවංශයේ නව වෙළුමක් ලියැවෙමින් තිබේ. ඒ රාජපක්ෂ ඉතිහාසයට අනුව හතරවැනි ඊලාම් යුද්ධය යනු මහින්ද රජු සහ ජෙනරාල් ගෝඨාභය විසින් ජයගත් සුපිරිසුදු පුණ්‍ය ක‍්‍රියාවකි. එම ඉතිහාසය තුළ, නිර්රාජපාක්ෂික හෝ රාජපක්ෂ විරෝධී හමුදාපති සරත් පොන්සේකාට හෝ ඝාතනයට ලක්වුණු යුද සිරකාරිය ඉසිප‍්‍රියාට හෝ තැනක් නැත. කොටි නායකයන්ගේ ඇතැම් තුච්ඡු ක‍්‍රියාවන් ද ඒ ඉතිහාසයට ඇතුළත් නොවනු ඇත.

කොටි නායකයෝ යටත් නොවීමේ ශීලයක් සමාදන් වී සිටියහ. එම ශීලය බින්දේයැ’යි සැක කෙරුණු දෙමළ සිවිල් වැසියන් සේම සංවිධානයේ සාමාන්‍ය සාමාජිකයෝද කොටි සංවිධානයෙන් ඝාතනය කෙරුණාහ. එසේ තිබියදී සංවිධානයේ ඉහළම නායකත්වයෙන් විශාල පිරිසක් තමන්ගේ සහ තමන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සතුරා සමග සාංගම් දැමීමට තැත් කළහ. අවසානයේ දී, කොටි සංවිධාන ධුරාවලියේ ඉහළම පෙළේ බොහොමයක් දෙනා, තමන්ගේ සාමාන්‍ය සාමාජිකයන් සහ තම ජනතාවගේ ජීවිත ගැන තඹේකට නොතැකූ තරමටම, තමන්ගේ ජීවිතවල ආරක්ෂාව ගැන උදක්ම තකන්නට පෙළඹුණහ.

එහෙත් එවැනි කොටි නායකයන්ගේ කුහකත්වය සහ බියසුලූකම, අර කියන නිල ඉතිහාසයේ කොටසක් වන්නේ නැත. යටත් වූ සිරකරුවන් ඝාතනය කිරීමේ කතාවට විශ්වසනීයත්වයක් නොයන සේ, බැගෑපත්ව ජීවිත බේරාගත් නායකයන්ගේ සැබෑ කතාන්තරය කීමට පුළුවන්කමක් නැත. ඒ නිසා, කොටි නායකයන්ගේ ව්‍යාජ මහාවීර කීර්තියට මහින්දගේ මහාවංශයෙන් හානියක් නොවනු ඇත.

මේ රාජපක්ෂ ඉතිහාසය තුළ වාර්ගික ප‍්‍රශ්නයක් ද නොතිබෙනු ඇත.
2005 ජනාධිපතිවරණය අබියස, ‘මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය’ මෙසේ කීවේය: ‘‘බැහැර කිරීමේ ප‍්‍රවේශයක් සරසන වාගාලාපයක අනතුරක් පෙනෙන්ට තිබේ. උත්තරයක් අපේක්ෂා නොකොට එක දිගටම ප‍්‍රශ්නයක් අසන සිංහල ජන කොටසට මේ වාගාලාපයෙන් ආමන්ත‍්‍රණය කෙරේ. ‘‘අපිට තේරෙන්නේ නැහැ. කරුණාකරලා අපිට කියලා දෙන්න, මොකක්ද ඔය කියන දෙමළ ප‍්‍රශ්නය කියලා..’’ එම ප‍්‍රශ්නය දැන් රාජපක්ෂ විසින් ප‍්‍රධාන ප‍්‍රවාහයට රැුගෙන විත් ඇත.’’
ඔව්, යුද්ධයට කලින් හෝ යුද්ධය අතරතුරේ හෝ යුද්ධයෙන් පසුව හෝ දෙමළ ජනතාවට ප‍්‍රශ්නයක් නොතිබුණු බව රාජපක්ෂ ඉතිහාසය තුළ ලියැවෙනු ඇත. යුද්ධයට මත්තෙන් සහ යුද්ධයට පසුව දෙමළ ජනතාව සතුටින් සිටි බවත්, යුද්ධය තුළ ඔවුන් නොමග ගොස් සිටි බවත් එහි ලියැවෙනු ඇත.

තවද, වැලිවේරියේ වින්දිතයන් හුදෙක් ආර්ථික කුමන්ත‍්‍රණකරුවන්ගේ ඉත්තන් බවත් එහි සටහන් වෙනු ඇත.
කොළඹ උන්හිටි තැන්වලින් සාමූහිකව ඉවත් කළ පිරිස් ගැන ‘විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය’ මෙසේ කියයි: ‘‘විශේෂයෙන් ප‍්‍රශ්නකාරී කාරණය වන්නේ, හමුදාවෙන් පාලනය වන ‘නගර සංවර්ධන අධිකාරියේ’ ක‍්‍රියාකලාපයයි. එම ඉවත් කිරීම් සම්බන්ධයෙන් ඔවුන් යොදාගත් මාදිලි, උතුරු නැගෙනහිර පෙදෙස්වල යොදාගත් මාදිලිවලට සමාන ය. ඇතැම් ඇස්තමේන්තුවලට අනුව, එහි බරපතළකම සම්බන්ධයෙන් ගත්තොත්, යුද්ධයේ අවසාන දෙවසර තුළ උතුරේ අවතැන් වීම්, කොළඹ අවතැන් වීම් ඉදිරියේ අඟුටුමිට්ටන්ගේ ගානට වැටෙයි.’’ උන්හිටි තැන්වලින් බලහත්කාරයෙන් ඉවත් කරන ලද මේ පන්ලක්ෂයක් ජනතාව, සෞඛ්‍ය තර්ජනයක් හෝ ආරක්ෂක තර්ජනයක් වශයෙන් මිස වෙනත් ආකාරයකින් රාජපක්ෂ ඉතිහාසය තුළ සඳහන් නොකෙරෙනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රීයකරණ දිසාවට ගිය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කටුගා, රාජවංශික ව්‍යාපෘතිය ආරක්ෂා කර ගනු වස් ඒකාධිපති 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවක් රාජපක්ෂ ඉතිහාසය තුළ නිකමටවත් සඳහන් නොවෙනු ඇත. කල්තියා සංවිධානය කෙරෙන සංදර්ශන තත්ත්වයට මැතිවරණ බාල්දු කිරීම ගැන, සෑම සීමා ඉරක්ම හිතාමතා උල්ලංඝනය කරමින්/මකා දමමින් රාජ්‍ය යන්ත‍්‍රය පවුලේ රක්ෂිතයක් බවට පත්කිරීම ගැන, එම රාජපක්ෂ ඉතිහාසය තුළ කිසිවක් නොලියැවෙනු ඇත.
දෝෂාභියෝගයේ විගඩම ඉදිරිපත් කෙරෙනු ඇත්තේ, යුක්ති ධර්මයේ සත්ක‍්‍රියාවක් වශයෙනි. මාධ්‍ය සුළඟටත් වඩා නිදහස්යැ’යි වැණෙනු ඇත. රාජපක්ෂ ඉතිහාසය තුළ මේ පරම්පරාවේ සාමූහික මතකය විකෘති කොට ඊළඟ පරම්පරාවේ සාමූහික මතකය තම අභිමතය පරිදි වාත්තු කෙරෙනු ඇත.

රොබට් ජී. ඉන්ගර්සොල් ‘මහා මිසදිටුවෝ’ නැමැති සිය කෘතිය අවසන් කරන්නේ රූපකාත්මක ප‍්‍රශ්නයක් මතු කරමිනි: ‘‘මිසදිටුවන් නොවිණි නම් ලෝකය කෙසේ වනු ඇත් ද?’’ සමහර විට, එය බයිබලයේ පැනෙන ආකාරයේ, භූකේන්ද්‍රීය, ක්ෂුද්‍ර, අපරිණාම ලෝකධාතුවක් වන්නට පිළිවන.

ග‍්‍රීක මූලය තුළ ‘ඉතිහාසය’ යන්නෙන් අදහස් වන්නේ, ගවේෂණය සහ විමර්ශනය ඔස්සේ, ඉගෙනීමයි. එහෙත් ඉතිහාසය ඇදහිල්ලක් වන විට, එහි ප‍්‍රථම පාදය වන්නේ ‘විමර්ශනය’ නොව, අන්ධ විශ්වාසයයි. මහාවංශය එවැනි ඉතිහාසයකි. රාජපක්ෂ ඉතිහාස වෙළුම් තුළ, සැකකරන්නා වෙනුවෙන් වෙන් කෙරෙන ‘ද්‍රෝහී’ ලේබලයක් ද සහිතව, එය ඊටත් වඩා අන්ධ විශ්වාසයට යට වෙනු ඇත.
මිසදිටුවන්ගෙන් තොරව, ඇදහිලි පහ කළ නොහේ. රාජපක්ෂ ඉතිහාසයේ නූල් ලිහා, අවුල් අරින්නට මිසදිටු මනෝකායක් අවශ්‍ය කෙරේ.

(පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)