රාවය

පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සූදුව

 

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගමාලා අන් කවරදාටත් වඩා සූදුවක් බවට පත් කර ගැනීමට බොහෝ ජනප‍්‍රිය පාසල් කටයුතු කර ඇති අයුරක් පෙනෙන්නට තිබේ. ඒ කුඩා පාසල්වලින් ක‍්‍රිකට් පිටියට දායාද වන දක්ෂ ක‍්‍රීඩකයන් ඔවුන් විසින් ‘පහසුකම්’ පෙන්වා තම ඔඩොක්කුවට දා ගැනීමේ මෙහෙයුම් දියත් කරමිනි. පසුගිය වසරවල දී ද මේ තත්ත්වය පැවැතිය ද මෙවර මේ තත්ත්වය වඩාත් උත්සන්නව ඇතැ’යි ක්ෂේත‍්‍රයේ මතයයි.

මේ වනවිට එළැඹෙන වයස අවුරුදු 19න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඇතැම් පාසල්, ක‍්‍රීඩකයන් විශාල ලෙස වෙනත් පාසල්වලින් බ`දවා ගැනීමේ ක‍්‍රියාන්විතය ආරම්භ කර ඇත. ඒ අතුරින් කොළඹ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක් මේ වනවිට අලූතෙන් බ`දවා ගෙන ඇති ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 14ක් බැව් පැවැසේ. ඉන් නොනැවතුණ ඔවුන් කඩුලූ රකින්නකු සොයා ගැනීම ස`දහා ද මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ. තවත් ජනප‍්‍රිය පාසලක් කොළඹ ප‍්‍රදේශයේ ම ජනප‍්‍රිය පාසලක දක්ෂ ක‍්‍රීඩකයන් දෙපළක් ද මෙසේ බ`දවා ගෙන ඇත. ආරංචිය පරිදි ඒ, පාසල් කාලයෙන් පසු ඔවුන් දෙදෙනාට විධායක මට්ටමේ රැුකියාවන් ලබා දීමේ පොරොන්දුව මත ය. කෙසේ වෙතත් මේ බ`දවා ගැනීම දැනට පාසල් දෙක අතර විරසකයකට මුල් වී ඇත. වාර්ෂික තරග කාලසටහන් අතර මේ පාසල් දෙක දැනට වසර ගණනාවක සිට සුහද තරගයකට මුහුණ දෙන අතර දැනට පවතින තත්ත්වය ඊට ද බලපා ඇති බැව් ද පැවැසේ. මීට අමතරව කොළඹ ප‍්‍රදේශයේ තවත් සුපිරි පාසල් ගණනාවක් ද අඩු වැඩි වශයෙන් මේ පිළිවෙතම කිසිදු හිරිකිතයකින් තොරව කරගෙන යයි. මේ අතර සැතපුම් සිය ගණන් දුර විතැන් වීම් ද ආරංචි වේ. එපමණක් නොව දැන් දැන් පිට පළාත්වල පිහිටි ඇති හැකි පාසල් ද මේ පිළිවෙත ම අනුගමනය කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටීම ද දැකිය හැකි ය.

මේ පිල් මාරු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ නීතිමය රාමුව කුමක්දැ’යි අපි එහි ප‍්‍රධාන ලේකම් ඩිල්ශාන් ද සිල්වා මහතාගෙන් විමසුවෙමු. ‘නීතිය අනුව ශිෂ්‍යත්වය මගින් සහ අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව, සිටින පාසලින් වෙනත් පාසලකට යෑමේ දී විරුද්ධ වීමේ හැකියාවක් කිසිවෙක්ට නැහැ. ඒක එම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකමක් හැටියටයි සැලකෙන්නෙ. 1994 ක‍්‍රීඩා විෂය සම්බන්ධ චක‍්‍රලේඛයට අනුව වෙනත් ශ්‍රේණීන් සම්බන්ධයෙන් පාසල් මාරු වීමකදී වසරක් යන තුරු නව පාසලේ ක‍්‍රීඩාවන්ට සම්බන්ධ වීමේ හැකියාව එම ක‍්‍රීඩකයාට ලැබෙන්නේ නැහැ…’

වර්තමානයේ රැුඳී සිටින පාසලේ විදුහල්පතිගේ විරෝධයක් නොපවතින්නේ නම් පමණක් එම වසරේ සිට ම නව පාසල් කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට අවස්ථාව හිමිකර දීමට ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය ක‍්‍රියා කරයි. ‘අපි නිතර ම ක‍්‍රියා කරන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන්. එතැනදි අපි ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් සාදාචාරත්මක ව කටයුතු කරනවා. ඒ වෙනුවෙන් දෙපාර්ශ්වයෙන් ම එක`ගතාවක් අපිට ලැබිය යුතුයි. අදාළ පාසලේ විදුහල්පති විසින් එම ක‍්‍රීඩකයා නව පාසලේ ක‍්‍රීඩා කරනවාට විරුද්ධත්වයක් නොමැති බවට අප වෙත ලිඛිතව දැනුම් දෙනවා නම් එම ක‍්‍රීඩකයා ඉහත නීති රාමුවෙන් නිදහස් කරනවා. එය කිසිසේත්ම මේ තත්ත්වය අවුල් කිරීමට කරන දෙයක් නොවේ. ක‍්‍රීඩකයන්ගේ යහපත සම්බන්ධයෙන් ගන්නා වූ තීරණයක්…’ ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවැසුවේ ය.

මේ තත්ත්වය දඩමීමා කර ගන්නා ජනප‍්‍රිය සහ ප‍්‍රධාන පෙළේ පාසල් තම හැකියාවන් මත පහසුකම් අඩු පාසල්වල දක්ෂ ක‍්‍රීඩකයන් තම කණ්ඩායමට එකතු කර ගනිති.
පාසල් මාරුව සම්බන්ධයෙන් වඩාත් ම අර්බුදයට මෙන් ම නිර්දය විවේචනයට ලක් වන්නේ මේ අඩු පහසුකම් සහිත පාසල් පුහුණුකරුවෝ ය. ඔවුන් තම හැකි පහසුකම් යටතේ කරලියට ගෙනෙන ක‍්‍රීඩකයා වඩාත් ම වැදගත් අවස්ථාවේ දී ඔවුන්ගෙන් ගිලිහෙන්නේ ය. ඊට කළ හැකි පිළියමක් ද නැත. එම අර්බුදය ඉවසිය හැකිය, එහෙත් දක්ෂයන් ද ඩැහැගනිමින් එම පුහුණුකරුවන් නිර්දය ලෙස තැන තැන විවේචනය කරමින් කරනු ලබන ආකල්පයමය පහරදීම් ද ඉවසීමට මේ පුහුණුකරුවන්ට සිදුව තිබීම කෙතරම් නම් ඛේදවාචකයක් ද?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෑත ඉතිහාසය ඊට උදාහරණ සපයති. ඒ අනුව ගාල්ල විද්‍යාලෝකයෙන් මහින්ද විද්‍යාලයට යන ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් වෙද්දී ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් නුවන් කුලසේකර ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පිවිසේ. එසේ ම දෙබරවැව ජාතික පාසලෙන් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට පිවිසෙන සුරංග ලක්මාල් ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙද්දී බලපිටිය රේවත විද්‍යාලයෙන් සීක්කුගේ ප‍්‍රසන්න ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිවිසේ. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උපුල් තරංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙද්දී ධර්මාශෝකයෙන් ම කොළඹ ආනන්දයට ගිය දිනේෂ් චන්දිමාල් ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් වන්නේ ය. එසේ ම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරංග පරණවිතාන එක් වෙද්දී කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට පිවිසෙන කුසල් ජනිත් පෙරේරා ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කරන්නේ ය. රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට තරි`දු කෞෂාල් එක් වෙද්දී බලංගොඩ ආනන්ද මෛත‍්‍රී විද්‍යාලයෙන් කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයට පිවිසෙන ඉසුරු උදාන ද ශ‍්‍රී ලංකා ඒ හරහා ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ ය. එමෙන් ම අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ධර්මාශෝක විද්‍යාලයට පිවිස ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට රමේෂ් මෙන්ඩිස් වරම් ලබා ගනිද්දී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් ඒ.කේ. ටිරෝන් ද මාතර රාහුල විද්‍යාලයෙන් හර්ෂ රාජපක්ෂ ද එම තරගාවලිය ම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගනිති. මේ ලැයිස්තුව මීට වඩා දිගු ය. මේ නම් කිහිපය ම පමණක් කොතැනක ක‍්‍රිකට් ක‍්‍රීඩා කළත් තම දක්ෂතාවන් තිබේ නම් ඊට අවස්ථාව ලැබෙන බවට උදාහරණයක් වන්නේ ය.

කෙසේ වෙතත් සෑම ක‍්‍රීඩකයකුගේ ම බලාපොරොත්තුව ක‍්‍රීඩාවෙන් ඉහළට යෑම බැවින් බංකර් දමා ක‍්‍රීඩකයන් තම කණ්ඩායමේ ම ර`දවා ගැනීම ද කළ නොහැකි බැව් ඇතැම්හු දනිති. මේ තත්ත්වය ඔවුන්ගේ කර්තව්‍යයට වඩා වැදගත් ය. එබැවින් මේ පහසුකම් සහිත පාසල් ප‍්‍රජාවන් ඉහත ක‍්‍රියාදාමයේ කිසිදු හිරිකිතයකින් තොරව නිරත වෙති. ඔවුන්ට හෙණ ගෙඩි පහත් වෙන්නේ තම පාසලේ ක‍්‍රීඩකයන් ඊටත් වඩා පහසුකම් සහිත පාසලකින් ඩැහැ ගැනීමේ දී ය. අද ඒ තත්ත්වය ද උදා වී ඇත. එවිටය එම ක‍්‍රියාදාමය වැරැුදි බැව් ඔවුන් දකින්නේ. අෙ`දා්මැයි… කුමක් පවසන්න ද?