තියැංනෑම් සමූලඝාතනයට වසර 25යි.

තියැංනෑම් ව්‍යාපාරය නොඑසේ නම් ජුනි ව්‍යාපාරය ලෙස හැඳින්වෙන චීනයේ මහා මිනිස් ඝාතනයට සිදු වී පසුගිය 04දා වසර 25ක් පිරිණි.
1989 අපේ‍්‍රල් මස 15 දින සිදු වූ එරට කොමියුනිස්ට පක්‍ෂයේ මහ ලේකම්වරයකුව සිටි හු යැඔබෑංගේ මරණයෙන් පසුව උද්ඝෝෂණ ඇරැුඹිණි. හු යැඔබෑං යනු 1981 ජුනි සිට 1982 සැප්තැම්බර් 11 දක්වා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිධුරයත්, එදින සිට 1987 ජනවාරි 15 දින දක්වා මහලේකම් ධුරයත් දැරූ බොහෝ කැපවූ කොමියුනිස්ට්කාරයෙකි.

1987 ජනවාරි මස මුල චීනයේ විද්‍යා හා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ තවත් ඇදුරන් තුන් දෙනෙකුගේ මූලිකත්වයෙන් විරෝධතා ව්‍යාපාරයක් අරඹන ලදි. ඒ ගැන කෝපයට පත් එවක චීන ජනාධිපති ඩෙං ක්ෂියා ඕ පිං ඔවුන් සිව්දෙනා පක්‍ෂයේ දැරූ තනතුරුවලින් නෙරපා හරින ලෙස ඔහුට දැන් වූ අතර ඔහු එය ප‍්‍රතික්‍ෂේප කළේ ය. මෙයින් කිපුණු ඩෙං මහලේකම් ධුරයෙන් ඔහුට ඉල්ලා අස්වන්නට නියම කරන්නැ’යි මධ්‍යම කාරක සභාවට බල කළේ ය. ඒ අනුව යමින් මධ්‍යම කාරක සභාව විසින් සිය තීරණය දැනුම් දෙන ලද අතර ඔහු ඉල්ලා අස්විය. තවදුරටත් පොලිට්බියුරෝවේ සාමාජිකත්වය තිබුණු නමුත් ඔහු ඉන්පසු විශ‍්‍රාම ලැබී ය. ඉතා වැදගත් එමෙන් ම ලිබරල් ප‍්‍රතිසංස්කරණවලට නැඹුරු අධ්‍යාපනය ගැන විශේෂ අවධානයකින් යුතුව කැප වූ ඔහුට සැලකූ ආකාරය ගැන බිම් මට්ටමේ කි‍්‍රයාධරයන්ගේ අප‍්‍රසාදය පක්‍ෂය වෙත එල්ල වී ය. ඒ අතරවාරයේ හෘදයා බාධයකට ගොදුරු වු ඔහු එම අප්‍රේල් 15දා අභාවප‍්‍රාප්ත විය. ඔහුගේ අවමගුල රාජ්‍ය ගෞරවවලින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන්නට තීරණය කරන ලද අතර එය පක්‍ෂයේ පහළ සාමාජිකයන් හා ශිෂ්‍යයන්ගේ විරෝධයට හේතු විණි. ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා ජන ග`ගක් ගැලී ය. එය බෙයිජිං වෙත පිවිසෙන සියලූ මාර්ගවලම සැතපුම් දහයක් බැගින් දිගින් යුතු වූ බව පැවසේ. මෙය චීන බලධාරීන් විස්මය පත් කළේ ය. තියැංනෑම් චතුරස‍්‍රයට රැුස් වූ 50,000 පමණ සිසුහු ඔහු නැවත මහ ලේකම් තනතුරේ පිහිටුවා විධිමත් රාජ්‍ය අවම`ගුල් උත්සවයක් පවත්වන ලෙස රජයට බල කළෝ ය. ශිෂ්‍ය ව්‍යාපාරය බලගතු හෙයින් ඊට සවන් දෙන්නට රජයට සිදුවිය. ඒ අනුව රජය නියම රාජ්‍ය ගෞරව සහිත ජනතා විරු සැමරුම් මෙහෙයක් තියැංනෑම්හි පොදුජන මහා ශාලාවේ පැවිත්වීය. කෙසේවෙතත් ඔහුට සැලකු ආකාරය පිළිබඳව බොහෝ දෙනා තුළ රජය කෙරේ වූ අප‍්‍රසාදය පසුව පොදු ජන උද්ඝෝෂණයක් බවට පරිවර්තනය විය.

ඉන්පසු සිසුන් සමග එක් වූ සාමාන්‍ය ජනතාව කරුණු කිහිපයක් මුල් කර ගනිමින් පාලනයට එරෙහි උද්ඝෝෂණයක නිරත වූහ. ආර්ථිකයේ පිරිහීම, අධ්‍යාපනයට ප‍්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම, උද්ධමනය, ඩෙං ක්ෂියා ඕ පිං සහ අට දෙනාගේ කල්ලියේ ඥාති සංග‍්‍රහ සහ දූෂණ ඔවුන්ගේ විරෝධතාවේ ප‍්‍රධාන සටන් පාඨ විය. තියැංනෑම්වලින් ඇරැුඹි එම ව්‍යාපාරයට පසුව ප‍්‍රධාන නගර 400ක මිලියන දෙකක පමණ ජනයා එක් වූහ’යි පැවසේ. මෙය ජුනි මාසය දක්වා පැවැතිණි. උද්ඝෝෂකයන් රජයේ ඉල්ලීම්වලට සවන් නොදී දිගට ම සිය ව්‍යාපාරයේ නිරත වූ හෙයින් ‘අවම බලය’ දැවීමට රජය තීරණය කළේ ය. ඒ අනුව 1989 ජුනි 03දා සවස යුධ ටැංකි සිය ගණනක් විසින් තියැංනෑම් චතුරස‍්‍රය වටලන ලද අතර මහජන විප්ලවකාරී හමුදාව ඉවක් බවක් නොමැතිව ජීවී උණ්ඩ භාවිතයෙන් ශිෂ්‍යයන් වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කරන ලදී. එම ප‍්‍රහාර ජුනි 05දා සවස තෙක් පැවැතිණි. (ඒ වනවිට චීන හමුදාව සතුව අජීව උණ්ඩ නොතිබූ බව පැවසේ.)

එයින් මළ සංඛ්‍යාව පිළිබඳ චීන රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 241ක් වන අතර තුවාල ලද සංඛ්‍යාව 700කි. එහෙත් නියම සංඛ්‍යා එමෙන් දහ ගුණයක් තරම් විශාල බව පැවසේ.

මෙලෙස උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට වේගයෙන් එන සන්නද්ධ වාහන පේළියක් ඉදිරියට අවුත් එය නවත්වන ‘ටැංකි මිනිසා’ 20වන සියවසේ නිර්භීත මිනිසුන්ගේ ප‍්‍රතිමූර්තියකැ’යිි ටයිම් වාර්තා කළේ ය. ඇසොසියේටඞ් ප්‍රෙස් පුවත් සේවාවේ ජෙෆ් වයිඞ්නර් විසින් ගන්නා ඔහුගේ ඡුායාරූපය අදත් තියැංනෑම් සැමරුම්වල දී පළ කෙරේ. අඥාත පුද්ගලයකු වූ ටැංකි මිනිසා පසුව හමුදාව විසින් ඝාතනය කරන්නට ඇතැ’යි සැලකේ.

ඝාතනයෙන් පසුව 1602ක් අත්අඩංගුවට ගෙන නඩු පවරා ද`ඩුවම් කරන ලදහ. අවම ද`ඩුවම වසර හතකි. 2012 වන විට හත් දෙනෙක් තවදුරටත් ද`ඩුවම් විඳිමින් පසුවූවෝ ය. ඔවුන් සියලූ දෙනා බරපතළ මානසික ආතතිවලට ගොදුරු වී උමතු ව සිටි බව වාර්තාගත ය.

තියැංනෑම්හි සිදු වූ මේ ජන ඝාතනය නිසා කොමියුනිස්ට් චීනය ලොව නන්දෙස ජනයාගේ පිළිකුළට බඳුන් විය. ඒ නිසා චීනය ඒ ගැන කිසිදු ආකාරයකින් සඳහන් කරන්නට කිසිදා ඉඩක් දෙන්නේ නැත. ‘ජුනි 04 ව්‍යාපාරය’ සහ ‘ හු යැඔබෑං’ යන ඒවා චීනයේ සදාකාලික තහනම් වචන ය. ඒ ගැන ලියැවුණු පත පොත විශාල සංඛ්‍යාවක් වාරණය කරන ලද අතර මාධ්‍යයේ කිසිදු සඳහනකට අවසර නොවී ය. අද දක්වාත් මේ තහංචි එලෙස ම පැවැත්වෙයි.

මෙවර අනුස්මරණ හේතුවෙන් චීන රජය පසුගිය 30 වන සිකුරාදා සිට ගූගල් සෙවුම් යන්ත‍්‍රයට බාධා පමුණුවා ඇතැ’යි රොයිටර් වාර්තාවක දැක්වේ. එය සතියක් පුරා පැවැත්වෙනු ඇතැ’යි අපේක්‍ෂිත ය. ඒ අනුව ගූගල් භාවිතයෙන් කෙරෙන විද්‍යුත් තැපෑල, ෆේස්බුක්, ට්වීටර් වැනි සමාජ සත්කාරක වෙබ් අඩවි මෙන් ම යූ ටියුබ් ද මේ දිනවල චිනයේ අක‍්‍රිය ය. ඒ පිළිබඳව ගූගල් සමාගම පවසා ඇත්තේ සිය පාර්ශ්වයෙන් කිසිදු වෙනසක් නොමැති ව සේවා සැපයීම පවත්වාගෙන යන බවයි. 2010 වසරේ ගූගල් සමාගමට චීනයෙන් බැහැරවන ලෙස එරට රජය දැනුම් දෙන ලද අතර ඒ අනුව එතැන් පටන් ගූගල් කි‍්‍රයාත්මක වූයේ හොංකොං සිට ය.

චීනයේ උපත ලැබූ දැනට ඕස්ටෙ‍්‍රලියාවේ පුරවැසියකු වන ගු ඕ ජිඈං විසින් සෝස් ගන්වන ලද සහල් කිලෝග‍්‍රෑම් 160කින් නිර්මාණය කරන ලද තියැංනෑම් සිද්ධියේ නිරූපණ චිත‍්‍රයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා රැුඳවුම් භාරයට ගෙන ඇතැ’යි ද ගාඩියන් වාර්තාවක දැක්වේ. ඔහු නිදහස් කෙරෙනු ඇත්තේ දින පහළොවකින් පසුව වනු ඇතැ’යි තමාට දැන ගන්නට ලැබුණු බව ඔහුගේ මිතුරියක වන චිත‍්‍රශිල්පිනී මෙලනී වෑං පවසා ඇත. ගු ඕ තියැංනෑම් සිද්ධියට දායක වූ සොල්දාදුවෙකි. ඒ අවස්ථාවේ හමුදාව හැසිරුණු ආකාරය ඉතා පිළිකුල් සහගත බව ඔහු මාධ්‍යයට පවසා තිබිණි. ඕස්ටෙ‍්‍රලියානු රජය සිය පුරවැසියා සම්බන්ධව අවධානයෙන් සිටින බව චීන රජයට දන්වා ඇත. එම වාර්තාවේ ම සඳහන් වන පරිදි මේ වනවිට චීනුන් 50කට වැඩි සංඛ්‍යාවක් තියැංනෑම් සැමරුම් සංවිධානය කිරීම් නිසා එක්කෝ රැුඳවුම් භාරයට ගෙන ඇත, නැත්නම් අතුරුදහන් කොට ඇත. මොවුහු වනාහි සිද්ධියේ දී ඝාතනයට ලක්වූ සිසුන්ගේ ඥාතීහු වෙති.

සැම වසරකම තියැංනෑම් සැමරුම ගැටුම් ඇති කරවන්නකි. මෙවර තත්ත්වය වඩාත් උග‍්‍ර බවට පත් ව ඇත්තේ මේ 25වන සංවත්සරය නිසා ය.