Untitled-1

Untitled-1

මෛත්‍රී-මහින්ද හමුවකට සාකච්ඡා


leed

තරිඳු උඩුවරගෙදර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කිරීමෙන් ඉදිරියේදී සිදුවිය හැකි පරාජයන් වළක්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර ඉක්මන් සාකච්ඡාවක් පැවැත්වීමට දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.

මහින්ද මෛත්‍රී හමුවක් සංවිධානය කිරීමට ආසන්න හේතුව වී ඇත්තේ ජී.එල්. පීරිස්ගේ සහභාගිත්වයෙන් යුතු නව පක්‍ෂයක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ විසින් පිහිටුවීම වන අතර ලංකා පොදුජන පෙරමුණ නම් එම පක්‍ෂය පසුගිය 17 වැනිදා මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරණ කටයුතු සඳහා වන බත්තරමුල්ල නෙළුම් මාවතේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එම මාධ්‍ය හමුව සඳහා යොදා තිබුණු පසුබිම් බැනරයේ මහින්ද රාජපක්‍ෂගේ රූපය යොදා තිබීම හා එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරාධනා කරන ලද ලිපි ශීර්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහින්ද රාජපක්‍ෂගේ රුව මුද්‍රණය කර තිබීම මෙම සාකච්ඡා තවදුරටත් ඉක්මන් කිරීමට හේතුවී ඇත.
අප සමඟ අදහස් දක්වමින් ශ්‍රීලනිපයේ ජෙෂ්ඨ උපසභාපතිවරයකු පැවසුවේ මහින්ද – මෛත්‍රී සාකච්ඡාවක් සඳහා තවමත් දින යෝජනා වී නැති බවයි. ශ්‍රීලනිපයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස මෙවන් සාකච්ඡාවක් පැවැත්වීම බවත් බහුතරයේ අදහසට නායකයන් දෙදෙනා කැමතිවනු ඇති බවත් ඔහු කීය. ■