රාවය

සචිත‍්‍රට ප‍්‍රශ්න දෙකක්

සචිත‍්‍රට ප‍්‍රශ්න දෙකක්

එංගලන්ත – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ ජය 3-2ක් ලෙස සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනාගැනීමත් සමග ජයග‍්‍රාහී කණ්ඩායම ද`ඩුකෙ`ද් ගසන තත්ත්වයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇත. සිදුවීම් දෙකක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති අතර එම සිද්ධීන් දෙකට ම 29 හැවිරිදි දකුණතින් පිට ද`ග පන්දු යවන සචිත‍්‍ර සේනානායක හේතුවී ඇත.

පළමු සිදුවීම

29 හැවිරිදි පිට ද`ග පන්දුයවන සචිත‍්‍ර මේ වනවිට ජාත්‍යන්තර එක්දින තරග 34කට සහ ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එක්ව සිටින්නේ වසර තුනක පමණ කාලයක සිට ය. මෙම කාලය තුළ පන්දු යවන්නකු මෙන් ම පසුපෙළ ප‍්‍රවේගවත් පිතිකරුවකු ලෙස ද තම භූමිකාවන්හි දක්ෂතා දක්වන්නට සචිත‍්‍ර සමත් වන්නේය. එංගලන්ත එක්දින තරගාවලිය නිමාවත් සමග සචිත‍්‍ර ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේදී 13 වැනි ස්ථානය දක්වා පැමිණීමටද සමත් වන්නේය.
එකී ක‍්‍රීඩකයා, එංගලන්තය සමග පැවැති සිවුවැනි එක්දින තරගය නිමාවත් සමග පන්දුව දමා ගසන්නේය, යන චෝදනාව හමුවේ ගාල් කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් බලධාරීහු කටයුතු කරති. මීට ප‍්‍රථම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ම සචිත‍්‍රගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බවට වූ සහතිකයක් ද දී තිබිය දීය. ඒ සචිත‍්‍ර ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත සංචාරයකට එක්ව සිටිය දීය.

මේ චෝදනාවම, මුත්තයියා මුරලිදරන් වෙතද පැමිණෙද්දී ඔහු ද සිටියේ පන්දුයවන්නන් අතර හිනි පෙත්තේ ය. එකල මුරලිට එරෙහිව පැමිණෙන්නේ ඔස්ටේ‍්‍රලියානුවන් ය. එකී චෝදනාවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයම සසැලීමට ලක් විය.

දෙවැනි සිදුවීම

පළමු සිදුවීමෙන් අනතුරුව පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයේ දී සචිත‍්‍ර එංගලන්ත යොවුන් පිතිකරු ජොස් බට්ලර් ‘මංකාඞ්’ කිරීමකින් දවා ගැනීම දෙවැනි සිදුවීම වේ. එම තත්ත්වය වෙනත් කෙනෙකුගෙන් සිදුවූව ද සචිත‍්‍රගෙන් සිදුවෙනු ඇතැ’යි ඇතැම්විට එංගලන්ත ක‍්‍රීඩකයන් සිතන්නට නැත. ඒ පළමු සිදුවීම නිසා සචිත‍්‍ර තරමක් හෝ සසලව සිටිනු ඇත යන සිතුවිල්ල නිසා ය. එහෙත් එවැන්නක් සිදු කිරීමට තරම් සචිත‍්‍රට ආත්ම ශක්තියක් තිබුණි.

ක‍්‍රිකට් නීති පොතේ නිත්‍ය දැවී යෑමක් ලෙස එය හුවා දක්වා තිබුණ ද, එම දවා ගැනීම මහත්මා ක‍්‍රීඩාවේ පැවැත්මට තරමක් පටහැනි ලෙසය බොහෝ දෙනෙක් සැලකුවේ. එහෙත් සචිත‍්‍ර ඊට පෙර අවස්ථා දෙකක දී ම මේ සම්බන්ධව බට්ලර් දැනුවත් කර ඇත. ඔහු එකී දැනුම් දීම ගණනකට නොගත් බව මේ සිදුවීම මගින් පෙනේ. ඒ අනුව අපට සිතිය හැක්කේ බට්ලර් ද නාහෙට අහන්නැති හිතුවක්කාරයකු සේ එම අවස්ථාවේ කටයුතු කළ බවකි. එසේ ම බට්ලර් අවස්ථා කිහිපයකදීම ඇන්ජලෝ සමග ආරවුල් ඇතිකර ගැනීමට ගත් උත්සාහයන් ද අපි දුටුවෙමු. එකී දේවලින් බට්ලර් හිතුවක්කාරයකුමැ’යි අපට තවත් ඒත්තු ගන්වන්නේ ය. ඊට සචිත‍්‍ර දුන්නේ නිවැරදි ද`ඩුවමකි. එය එතැනින් අවසන් ය.
එහෙත් එය අවසානයක් නොමැති ආරම්භයක් බවට පත්ව ඇති බවක් දිස්වේ. දැන් දෙබරයට ගල වැදී හමාරය. තරගයෙන් අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් මේ සම්බන්ධයෙන් සචිත‍්‍ර කරනු ලැබූ ක‍්‍රියාවත් තමන් සිටි ස්ථාවරයත් පිළිබ`ද කිසිදු පැකිළීමකින් තොරව ප‍්‍රකාශ කිරීම ද ඇතැමුන්ට දෙබර විසටත් වඩා විස වූ බවට කිසිදු සැකයක් නැත.

ඉන් වඩාත් කිපී සිටියේ එංගලන්ත හිටපු ද`ග පන්දුයවන්නෙකු වූ ෆීල් ටෆ්නල් ය. ඔහු විදෙස් මාධ්‍යයට පැවසුවේ එය ඉතා ම පහත් පෙළේ ක‍්‍රියාවක් බව ය. එසේ ම එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයකු වන මයිකල් වෝන් පැවසුවේ මේ සම්බන්ධයෙන් මැතිව්ස් වඩාත් විචක්ෂණශීලී පිළිවෙතකට යායුතුව තිබූ බවය. ඔහු එළිපිට නොකියා කියන්නේ එම දැවීයෑමේ වාසිය එංගලන්තයට ලබාදිය යුතුව තිබූ බවය. මේ කිසිවකු සචිත‍්‍ර විසින් අවස්ථා දෙකක දී ඔහුට නිවැරැුදි වීමට ඉඩ ලබාදීම පිළිබ`දව පවසා තිබුණේ නැත.
ඊට කදිම අදහසක් හිටපු නායක මහේල ජයවර්ධන එක්කර තිබුණි. ඒ ‘අපි සැමවිටම ක‍්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරගනිමින් ක‍්‍රීඩා කිරීමට උත්සාහ කරනවා. ඊට ප‍්‍රතිවාදීන් ද සහයෝගය දැක්විය යුතුයි. එසේ නොවන අවස්ථාවල දී අපිට වුව වඩාත් සුදුසු තීරණයන් කරා යායුතු වෙනවා’ කියා ය.

කෙසේ වෙතත් මේ සිදුවීමට මුහුණ දුන් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පවසන්නේ ‘මෙම තත්ත්වය එළැඹෙන ටෙස්ට් තරගාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව’යි. ඔහු පවසන ‘අහිතකර බලපෑම්’ යන්න ඇතැම්විට යම් පහරදීමක් හෝ වෙනත් ඕනෑම දෙයක් ලෙස අපට සිතිය හැකි ය. එවැන්නක් හෝ වෙනත් ආකාරයකින් හෝ යම් සිදුවීමක් වන්නේ නම් එය කුක් පවසන ‘අහිතකර බලපෑම’ ද විය හැකි බවට අපට අනුමාන කළ හැකි ය.

එය නායකයකුට තරම් වේදැයි මේ දක්වා කිසිවකුගේ අවධානයට ලක් ව නොමැත. අඩුම තරමින් එරට සිටින ප‍්‍රතිවාදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන්ගේ අවධානයට ද ලක් ව නොමැත. එපමණක් නොව තරගයකින් අනතුරුව නායකකාරකාදීන් කරන කියන දෑ පිළිබ`ද ව විශේෂ සෙවිල්ලෙන් සිටින ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ මහත්වරුන් කිසිවකුගේ ද අවධානයට මේ කියමන ලක් ව නොමැත. එසේ වී ඇත්තේ ඇයි?

කෙසේ වෙතත් කුක්ගේ මේ ප‍්‍රකාශය ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපගේ සිත් යම් තිගැස්මකට ලක් කළ ද එය ඔහු පරාජයෙන් බේරීමට කියන කතා ලෙස ඇතැම් එංගලන්ත විචාරකයෝ පවසති. එහිදී එංගලන්ත හිටපු නායක මයිකල් ඇතර්ටන් සචිත‍්‍ර විසින් කළ මෙම සිදුවීම අනුමත කරමින් කියා තිබුණේ ‘එක් සිදුවීමකින් පමණක් තම කණ්ඩායමේ පරාජය වසා ගැනීමට කුක් ගන්නා වූ උත්සාහය නායකයෙකුට උචිත නොවන බව’යි. එසේ ම ඇලෙක්ස් ස්ටුවට් ද මෙම සිදුවීමට අදහස් දක්වමින් කියා සිටියේ ‘දැන් කළ යුත්තේ පරාජයට හේතු සෙවීම මිස ප‍්‍රතිවාදීන්ගේ පිළිවෙත් විවේචනය නොකිරීම’ බව යි.

යම් සිදුවීමක් සම්බන්ධයෙන් සුදු සහ ක`ඵ දෙපැත්තක් ඇතිවාක් මෙන් ම ඒ සම්බන්ධයෙන් එක් එක් අන්තයට වාසිසහගත වන අයුරින් පෙනී සිටීමට පුද්ගලයෝ ද බොහෝ වෙති. ක‍්‍රිකට්වලට ද මෙය සාධනීය ය.