උතුවනට එන්න… සියවසක් අරං සරදියෙල් ඇවිත්…

 

මීට අවුරුදු 20කට විතර කලින් ඇලෝසියස් පෙරේරා කියලා උණ රෝගියෙක් ආව මගෙන් බෙහෙත් ගන්න. මම එයාට බෙහෙත් කළා. මිනිහට සනීප වුණා ඒත් මම ලෙඩ වුණා. ඩොක්ටර් ආරියසේන යූ.ගමගේ මහත්තයාට හැදුන ලෙඬේ මොකක් වෙන්න ඇතිද? මාවනැල්ල නගරයට ගියාම උතුවන්කන්ද පේනවා. ඒකට සුද්දෝ කීවේ කාසලර් රොක් කියලා. ඒ කන්ද ළ`ගින්ම තවත් කන්දක් තියෙනවා. ඒ කන්දට මොකද්ද කියන්නේ. නමක් නැති මේ කන්දට ගියාම දොස්තර මහත්තයාට මීට අවුරුදු 20කට කලින් හැදිච්ච ලෙඬේ මොකක්ද කියලා කියන්න පුළුවන්. ලෙඬේ නම තමයි සරදියෙල් උණ. දැන් මේ කන්දට නමක් දාලා. නම තමයි සරදියෙල් ගම්මානය. 18 වැනි සියවසේ වීරයෙක් වෙලා හිටිය ලංකාවේ රොබින් හුඞ් කියලා සුද්දෝ පවා කට පුරා කීව සූර සරදියෙල් මුණ ගැහෙන්න එයත් එක්ක කතාකරන්න විතරක් නොවෙයි 18 වැනි සියවසේ මිහිරියාවක් එක්ක ආහාර වේලක රස විඳලා සරදියෙල්ගේ සුරුවිරුකම් දැකලා සිත සතුටු කර ගන්නත් මේ කන්දට නගින ඕනම කෙනකුට පුළුවන්. සරදියෙල් ගම්මානයට
කොළඹ නුවර පාරේ මාවනැල්ල නගරයට ළ`ගින් තියෙන උකුවන්කන්ද පාරේ සුන්දර වෙල්යායක් මැදින් රටා ඇඳලා. ගම තනන්න කියලා කොක්කී‍්‍රට් කළ පාර තැනින් තැන ගැලවිලා ගල් විසිරිලා. ඩොක්ටර් පාර හරි නෑ නේද? මේකනේ පුතා මම හදලා තියෙන ගම්මානය අයිති වෙන්නේ 18 වැනි සියවසට. එතකොට 18 වැනි සියවසේ කාපට් පාරවල් නැහැනේ. සිනා හ`ඩත් එක්ක වළ ගොඩැලි මතින් උඩ පනින වාහනය සරදියෙල් කන්දට යනවා.

මෙන්න සරදියෙල් ගම්මානය. වාහනය නතර කළ ගමන් කොහේදෝ සිට ආව බල්ලන් තුන් දෙනෙක් අපිව පිළිගත්තා. මේ බල්ලන් ගැනත් දොස්තර මහත්තයාට ලස්සන කතාවක් තියෙනවා. දැන් ඔය බ්‍රේකස් කියන සුද්දා නුවරඑළියට එනකොට හොඳ බලූ රංචුවක්ම ගෙනාවලූ. මිනිහාගේ ෆාම් එකේ වැඩට. උන් ඉස්තරම් බල්ලෝ. මමත් මේ ඉඩම අරගෙන මුලින්ම මෙහාට ආවේ මෙයාලත් එක්ක තමයි. හැබැයි මම මෙයාලා කොළඹ ඉඳල එනකොට පාරෙන් ඇහිද ගත්තේ.

1832

හරි අපි 1832 අවුරුද්දෙන් පටන් ගනිමු. 1815 සුද්දා කන්ද උඩරට යටත්කර ගත්තට පස්සෙන් පහු වෙල්ලෝරයට පිටුවහල් කළ සිංහලේ අන්තිම රජතුමා ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ මරණයට පත් වෙන්නේ 1832 අවුරුද්දේ. කොළඹ – නුවර පාර තනන්න මහ වැඩ කොටසක් කළ මැලේරියාවෙන් මැරුණ ඩෝසන් මහත්තයා සිහිවෙන්න හදපු ඩෝසන් කුලූන විවෘත වෙන්නෙත් 1832 අවුරුද්දේ. ලංකාවට සුද්දෝ අශ්ව කොච්චිය හඳුන්වා දෙන්නෙත් 1832 අවුරුද්දේ. මේ සේරමත් හරි උතුවන් කන්දට සුවිශේෂ වුණ සූර සරදියෙල් උපදින්නෙත් 1832 අවුරුද්දේ. සරදියෙල් ගම්මානයට ඇතුළුවන තැනම එක් පසෙක ඩෝසන් කුලූන. අශ්ව කෝච්චිය. අදාසි අප්පුගේ කරත්ත ගාල. දොස්තර මහත්තයාගේ මේ සිහින කන්දේ ප‍්‍රමාණය අක්කර හයයි.

සිහිනය ගැන තවත්…

මේ මුළු කන්ද ගැනම මට මගේ හිතේ ඇඳිච්ච රූපයක් තියෙනවා. මේකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැහැ. මුළු අදහසම මගේ. මූලික සැලැස්මක් නැහැ. තියෙන්නේ රෝලින් ප්ලෑන් එකක් විතරයි. මගේ සිහිනයෙන් සියයට 65ක් දැන් සාර්ථකව ඉටුකරලා තියෙනවා. 18 වැනි සියවසේ සරදියෙල් විසූ ගම ප‍්‍රතිනිර්මාණය කරලා ඉවරයි. ඒ ගමේ නිර්මාණ වැඩ මූර්ති නෙළීම කළේ මිල්ටන් ජයපාල කියන ශිල්පියා. තව නිර්මාණය වෙන්න තියෙනවා මොල්ලිගොඩ වලව්ව, කාසල් රොක් කියන බලකොටුවක් වගේ තැනෙන පරිසර හිතකාමී හෝටල පද්ධතිය. අවන්හල් පද්ධතිය, දැනට අපි කඳු මුදුනේ පිහිනුම් තටාකය සහ පරිසර හිතකාමී කාමර පද්ධතියක් විවෘත කරලා තියෙනවා. දැනට මේ ස්ථානය ආදායම් උපයා ගනිමිනුයි ඉන්නේ. ඉදිරියේදී මේ ස්ථානය දියුණු වෙන්නේ මෙතනින් උපයන මුදලින්ම තමයි. සිහිනයේ විසිතුර අසමින්ම අපි කඳු මුදුනේ තටාකය ළ`ගට ආවා. සරදියෙල් සැ`ගවිලා හිටිය ගල මිහිදුම් සේලයක දැවටිලා. මම මෙතන ඉඳල ඔය සරදියෙල් ගලට කේබල් කාර් එකක් දාන්න සැලසුම් කරලයි තියෙන්නේ. කේබල් කාර් එකක නැ`ගලා ගිහින් මමත් සරදියෙල් ගුහාව නැරඹුවා. හැබැයි තව ටික කලකින් ඇත්තටම කේබල් කාර් අත්දැකීම ගන්න පුළුවන් වෙයි. සරදියෙල් ගම්මානයට ආවොත්.

පාරිසරික සංචරණය

පාරිසරික සංචාරය, ග‍්‍රාමීය සංචාරය වැනි සංකල්ප ගෙඩි පිිටින් වමාරා කමින් සිටින ජාතියක් අපි. අපි කතා කරන තරමට ඒ සංකල්ප තුළින් වැඩ අරගෙන තියෙනවද කියන එක ප‍්‍රශ්නයක්. සරදියෙල් ගම්මානය මේ හැම තත්ත්වයක්ම ජය අරගෙන. සරදියෙල් ගම්මානයට අවශ්‍ය ශ‍්‍රම දායකත්වය ඩොක්ටර් සොයාගෙන තියෙන්නේ අවට ගමෙන්මයි. සරදියෙල් ගම්මානයට අවශ්‍ය එළවළු පළතුරු වගේ දේවලූත් සපයා ගන්නේ අවටින්මයි.

මේ සියලූම තත්ත්වයත් එක්ක සරදියෙල් ගම්මානය වටේ තිබෙන ගම්මාන පොකුරම පිබිදිලා කිව්වොත් ඒක හරියටම හරි. මේ නිසා ගම්මුන්ගෙන් එන ප‍්‍රශ්නයකුත් නොමැති තරම්.

කොහොමද මේ අදහස ආවේ

මගේ විනෝදාංශයක් තමයි ලෝකයේ රට රටවල්වල සංචාරය කිරීම. මම එක ගමනක් ඇලස්කාවට ගියා. ඇලස්කාවලදී මම දැක්කා කල්චරල් විලේජ් එකක්. ඒක ඇක්ස්කිමෝවරුන්ගේ ගමක්. තව මට මේ සරදියෙල් ගම්මානය හදන්න ගොඩක් බලපෑ තැන තමයි ඉන්දියාවේ ඇන්සෙන්ට‍්‍රරි ගොවා කියන තැන. එතන තිබුණේ පෘතුගීසිකාරයෝ ගෝව වෙනස් කළ ආකාරය. එතන ලොකු කතාවක් තිබුණා. හැබැයි එයාල පාවිච්චි කරලා තිබුණේ පිළිම ගෝවට සිද්ධවෙලා තිබුණ විපර්යාසය එයාල ඒ පිළිම, මාර්ගයෙන් ලස්සනට මතු කරලා තිබුණා. මමත් සරදියෙල් ගම්මානය ඇතුළේ කළේ ඒක තමයි. මෙතනින් ඉගෙනගන්න දරුවන්ට ලොකු දැනුමක් ලබාගත හැකියි. දැනුම ලබා ගැනීමෙන් නවතින් නැතුව දැනුම අත්විඳින්න ඉඩ හසර මම මෙතනදි හදනවා.

දැනුම අත්විඳිමු

දී කිරි කෑවගේ අදාසි අප්පු කියන්නේ සරදියෙල්ගේ තාත්තා. සරදියෙල්ගේ මව තමයි පිචෝ හාමි. සරදියෙල් ගම්මානයට ඇතුළු වන තැනම දකුණු පස ඉහළ කෙළවරේ පිචෝහාමි ගෙමිදුල අතුගාන ගමන් ඉන්නවා. පහළ අදාසි අප්පුගේ කරත්ත ගාල. මෙතනින් පටන් ගන්න චාරිකාව කුරුඳු ගස්, පුවක් අරඹවල් අතරින් බෝගම්බර සිපිරි ගෙදරටම එනවා. බෝගම්බර පෝරකය සරදියෙල් සහ මම්මලේ එල්ලන්න ම`ග බලා ඉන්නවා. 1932 අශ්වකෝච්චිය ළ`ගින් පටන් ගන්න චාරිකාව පෝරකය ළ`ගින් කෙළවරකට එනකොට සියවසක් ගත කළ ලංකාවක ෆොටෝ එකක් සිත් කොනක සැ`ගවුණේ නැත්නම් ඒක පුදුමයක්. තැනක ජා සෙබලූන්ට පස්සා පැත්ත පෙන්වන සරදියෙල් තැනෙක තොටියකු වෙලා ගෝන්දිවෙල ආරච්චිලාට පයින් ගසා ග`ගට විසිකරන අපූරුව අපූරුයි.

සරදියෙල් ගම්මානයේ වටයක් ගහපු මට ‘‘එදා හෙළ දිව’’ පොත චිත‍්‍ර කළා වගේ හැ`ගීමක් හිතට ආවා. එදා ගමේ ගොඬේ විචිත‍්‍රත්වය වගේම ඒ සෝබනයට යටින් තිබෙන සමාජ දේශපාලන කතා බහක් හරිම අපූරුයි. ඒ අපූරත්වය විඳගන්න සරදියෙල් කන්දට නගින්නම වෙනවා. සරදියෙල් කියන්නේ සදාතනික චරිතයක්. සරදියෙල් කියන්නේ සුරසරදියෙල් … ඒකේ ආයේ දෙකක් නැහැ.