අලූත්ගම ගැටුමෙන් කැබිනෙට්ටුවේ ගැටුම්

 

ජූනි දහනව වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අලූත්ගම ගැටුම සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡුාවේදී දෙපාර්ශ්වයම වැරදි බවට ජනාධිපතිවරයා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම බහුතර ඇමතිවරුන්ගේ විරෝධයට ලක්වූ බවත් ජනාධිපතිවරයාගේ එම කතාව බහුතර ඇමතිවරුන් අනුමත නොකළ බවත්, කැබිනට් මණ්ඩල සාමාජිකයෙක් රාවයට ප‍්‍රකාශ කළේය.

අලූත්ගම ගැටුම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා වේගවත්ම කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර ඊට විරුද්ධව චම්පික රණවක අමාත්‍යවරයා ප‍්‍රතිඋත්තර ලබාදී ඇත. මෙහිදී රාවුෆ් හකීම් හා අතාවුල්ලා යන අමාත්‍යවරුන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට පක්ෂව කරුණු දක්වා ඇති අතර දෙපාර්ශ්වය වෙනුවෙන් තවත් පිරිසක්ද අදහස් දැක්වීම් සිදුකර ඇත.
එහිදී දෙපාර්ශ්වයේ කතාබහට මැදිහත්වී ඇති ජනාධිපතිවරයා දෙපාර්ශ්ව යේම වැරදි ඇති බව ප‍්‍රකාශ කරමින් සිය පැහැදිලි කිරීම සිදුකර ඇත.

එම අමාත්‍යවරයා රාවයට වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, අලූත්ගම ගැටුම ප‍්‍රචණ්ඩත්වය දක්වා ගෙනයෑම වෙනුවෙන් බොදු බලසේනා සංවිධානය වගකිව යුතු බව බහුතර කැබිනට් අමාත්‍යවරුන්ගේ මතය වූ බවත්, ජනාධිපති

ඒ සම්බන්ධයෙන් කරන ලද පැහැදිලි කිරීමෙන් එම ඇමතිවරුන් විමතියට පත් වූ බවත්ය.
සිය බොලීවියා සංචාරය නිමාකර දිවයිනට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා ජූනි 18 දින අලූත්ගම ප‍්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයන් හා වැසියන් හමුවෙමින් ප‍්‍රකාශ කළේ, ගැටුමට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා ද`ඩුවම් කරන බවයි.