රාවය

දමිළ වීම අනාරක්ෂිතය අඳුරු දූපතේ මේ

දමිළ වීම අනාරක්ෂිතය අඳුරු දූපතේ මේ

නිදහසේ හිතන්න, නිදහසේ අධ්‍යයන කටයුතු කරන්න අපට ඉඩක් නැද්ද? අපේ සිසුන්ට බුද්ධිමත්ව හිතන්න ඉඩහැරීම අපේ වගකීමක්. ඒත් යාපනය නමැති අඳුරු අර්ධද්වීපයේ ඒ නිදහස නැතැ’යි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා ජූනි 10 වැනිදා කොළඹ දී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර තිබුණි.

යාපනයට හා යාපනය සරසවියට එසේ වීමට හේතුව එම ප‍්‍රදේශය දෙමළ ජනයා වාසයකරන ප‍්‍රදේශයක් වීමත්, එම සරසවියේ එම ජනයාගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුවීමත්ය. තවදුරටත් සරලව කියන්නේ නම් දෙමළ වීම හෝ දෙමළ භාෂාවෙන් කටයුතු කිරීම මේ සඳහා හේතුවය.

යාපනය නමැති අඳුරු අර්ධද්වීපයේ පමණක් නොව ආලෝකය ඇතැයි අප බොහෝ දෙනා සිතා සිටින රටේ දකුණ හෙවත් අනිකුත් ප‍්‍රදේශවල දෙමළ ජනයාගේ හෝ දෙමළ භාෂාවෙන් කටයුතු කරන ජනයාගේ තත්ත්වයේ වෙනසක් නැති බවට වූ සිදුවීමක් පසුගිය ජූනි 07 දින මීගමුවේදී සිදුවිය.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය විසින් සංවිධානය කරන ලද රටේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ යහපාලනය සම්බන්ධයෙන් වූ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම වාර්තාකරණය සඳහා වූ ජනමාධ්‍යවේදීන් පුහුුණු කිරීමේ වැඩසටහන එම සිදුවීමට මුල්විය.
එම වැඩමුළුව සඳහා සහභාගිවෙමින් සිටියෝ උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ කේන්ද්‍රීයව දෙමළ භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යවේදීහුය. ඔවුහු සියල්ලෝම පිළිගත් මාධ්‍ය ආයතන වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදෙන කර්තෘ මණ්ඩල ප‍්‍රාදේශීය හා නිදහස් මාධ්‍යවේදීහු වූහ.

ඒත් වැඩමුළුව ආරම්භ වී දෙවන දිනයේදී එනම් ජූනි 07 වැනිදා සවස වැඩමුළුව පැවැත්වෙමින් තිබූ මීගමුව ගෝල්ඞ් සෑන්ඞ්ස් හෝටලයට කඩාවැදුණු ජාතික සමගිය ගොඩනැගීමේ සංසදය නමින් තමන් හඳුන්වාගත් සංවිධානාත්මක උද්ඝෝෂකයන් පිරිසක් බලකර ඉල්ලා සිටියේ වැඩමුළුව නවත්වන ලෙසය. වැඩමුළුව නවත්වා සහභාගි වූ පිරිස වහාම හෝටලයෙන් පිටවී යා යුතු බවය.

එම බලකිරීමට හේතු වශයෙන් ඔවුන් කීවේ ජාත්‍යන්තරයට රට පාවාදෙන කටයුත්තක් වැඩමුළුව තුළ සිදුවෙමින් පවතින බවය. වැඩමුළුව සංවිධානය කරන ලද ආයතනයේ නිලධාරීන් සහ පුහුණුකරුවන් වශයෙන් සහභාගි වූ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදීන් ඇමරිකානු ඩොලර්වලට රට පාවාදෙන දේශද්‍රෝහීන් බවය. එය කොතෙක් ද කිවහොත් අදාළ නිලධාරීන්ගේ හා මාධ්‍යවේදීන්ගේ ඡුායාරූප ඩිජිටල් මුද්‍රිත බැනර් ලෙස ප‍්‍රදර්ශනය කරමින් තිබුණේය.

උද්ඝෝෂකයන් අනුව යමින් පොලීසියද, සාමකාමී පුරවැසියන් වූ වැඩමුළුවට සහභාගි වෙමින් සිටි මාධ්‍යවේදීන්ට ආරක්ෂාව හා වැඩමුළුව ඉදිරියටත් පවත්වාගෙන යෑමට අවස්ථාව සලසාදීම වෙනුවට ප‍්‍රකාශකරනු ලැබුවේ වැඩමුළුව නවත්වන ලෙස හා ඉක්මණින් හෝටලයෙන් පිටවී යන ලෙසය. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් ඉටු නොවුණහොත් ඔවුන් කරන අනතුරු ඇ`ගවීම අනුව විශාල මහජන නොසන්සුන්තාවක් ඇතිවිය හැකි බවත්, එම තත්ත්වය තුළ මාධ්‍යවේදී කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් පොලීසියේ දැඩි අවධාරණය විය.

එසේ වුවද එම මහජන නොසන්සුන්තාවට අදාළ උද්ඝෝෂකයන් මීගමුව ප‍්‍රදේශයේ ජනයා නොවන බවට අපට නිරීක්ෂණය වූ අතර ඔවුන් වෙනත් ප‍්‍රදේශයක සිට එහි ආ පිරිසක් බව තහවුරු විය. මේ බව පොලීසිය කලින් සිටම දැනසිටි බව තවදුරටත් තහවුරු වූයේ උද්ඝෝෂකයන් හෝටල් පරිශ‍්‍රයට පැමිණීමට පෙර සිටම පොලීසිය හෝටල් පරිශ‍්‍රයට පැමිණ සිටීමෙනි. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී පොලීසියේ පිළිතුර වූයේ උද්ඝෝෂකයන් පිළිබඳ තොරතුරු කලින්ම තමන්ට දැනගන්නට ලැබී තිබූ බවය. උද්ඝෝෂකයන් කවුරුන්ද යන්න පොලීසිය දැනසිටි බව ඒ අනුව පෙනේ.

ලියුම්කරුද ඇතුළු පිරිස පොලීසියට කීවේ සාමය පවත්වාගෙන යෑමට අදාළව නීත්‍යනුකූල ක‍්‍රමවේදය නිසියාකාරව කි‍්‍රයාත්මක කරන ලෙසය. අප නීති විරෝධි කටයුතුවල නිරතවන්නේ නම් ඒ බවට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසය. එම පැමිණිල්ල ගැන සොයා බලා මහේස්ත‍්‍රාත්වරයකුට ඒ බව දැනුම්දී වැඩමුළුව නැවැත්වීමට නියෝගයක් ලබාදෙන්නේ නම් එය රැුගෙන එන ලෙසය. එසේ නොමැතිව උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලීම් අනුව පොලීසියේ අපට කරන බලපෑම පිළිගත නොහැකි බවය.

එහෙත් නීත්‍යනුකූල ක‍්‍රමය අනුව කටයුතු නොකරන පොලීසියේ බලපෑම මත වැඩමුළුව නවත්වා හෝටලයෙන් පිටවීම හැර අන් විකල්පයක් අවසානයේ සහභාගිකයන්ට ඉතිරි වී තිබුණේ නැත. මන්ද දෙමළ භාෂාවෙන් කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ගේ හා අපගේ ආරක්ෂාවද පොලීසියේ ම`ගහැරීම නිසා බරපතළ අනතුරකට ඒ වනවිටත් ලක්වී තිබූ නිසාය.

ඒ අනුව අවසන් තීරණය වූයේ පසුවදා ගම්බිම් බලා පිටත්ව යන තෙක් ජනමාධ්‍යවේදී කණ්ඩායම කොළඹට රැුගෙන ගොස් එහි තරු හෝටලයක නවාතැන් ගැනීමට සැලැස්වීමයි. කොළඹ අධිආරක්ෂක කලාපයේ තරු හෝටලයක ආරක්ෂාව ඇතැයි සිතීම ඊට ප‍්‍රධාන හේතුවය.

එහෙත් සිදුවූයේ අනෙකකි. ජනාධිපති මන්දිරය, ආරක්ෂක අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය ඇතුළු රජයේ ඉහළම ආරක්ෂාව ඇති ප‍්‍රදේශයක පිහිටි කොළඹ ගලදාරි හෝටලයේ නවාතැන් ගැනීමෙන් පැයක කාලයක් යන්නටත් මත්තෙන් හෝටලයෙන් පිටවීමේ නියෝග අපට ලැබුණි.
ජාත්‍යන්තර හෝටල් ජාලයකට සම්බන්ධ තරු පන්තියේ හෝටලයක් නිර්නාමික දුරකථන ඇමතුම් අනුව කටයුතු නොකරන බව අප ඔබ දන්නා සත්‍යයකි. හෝටලයකට ද බැහැර කළ නොහැකි රටේ ඉහළම පුද්ගලයකු අප හෝටලයෙන් ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබාදී ඇති බව ඒ අනුව පැහැදිලිය.

අවසානයේ සිදුවූයේ මැදියම් රැුයේ කොළඹ අධිආරක්ෂක කලාපයෙන් අනාරක්ෂිතව පිටවී ආරක්ෂාව සම්බන්ධයෙන් කිව නොහැකි තරම් අනතුරක් අත දරාගෙන පසුවදා පාන්දර වනතුරු නිදිවර්ජිතව යම් ස්ථානයක රාති‍්‍රය ගතකර මාධ්‍යවේදී කණ්ඩායමට විසිරී යෑමටය.

මේ සිදුවීමෙන් අපට නැවත නැවතත් කරුණු කිහිපයක්ම ඒත්තු ගන්වන්නේය. එකක් රටේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වෙනසක් සිදුවී නැති බව හා ජනමාධ්‍ය නිදහසක් ලබාදෙන්නට ආණ්ඩුව සූදානම් නැති බවය. සාමකාමී මහජනයාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බැඳී සිටින පොලීසිය එය ඉටුනොකරමින් මහජන සාමය කඩාකප්පල් කරන උද්ඝෝෂකයන්යැ’යි කියා ගන්නා නීතිය අතට ගත් කණ්ඩායම් වෙනුවෙන් පෙනීසිටින බවය. තරු පන්තියේ හෝටල්වලට ද දුරකථනය ඔස්සේ නියෝග ලබාදී ඒවා කි‍්‍රයාත්මක තත්ත්වයකට පත්කර ගැනීමේ හැකියාවක් ඇති නීතියේ පාලනයෙන් පිටස්තරව කි‍්‍රයාත්මක වන පුද්ගලයන් සිටින බවය. අනෙක් වඩාත්ම වැදගත් කාරණය වන්නේ දෙමළ වීමත්, දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමත් නැතහොත් දෙමළ හෝ දෙමළ භාෂාවෙන් කටයුතු කරන්නන් සමග කටයුතු කිරීමත් දේශද්‍රෝහිවීමට හා අනතුරකට හේතුවක් බවය.
එදින මීගමුව ගෝල්ඞ් සෑන්ඞ්ස් හෝටලයේ දී පැවැත්වූයේ ඊට පෙර එවැනිම සිදුවීමක් නිසා අතරම`ග නවතා දමන්නට සිදුවූ වැඩසටහනය. දෙමළ මාධ්‍යයෙන් මාධ්‍යකරණයේ යෙදෙන එම ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුව මුලින්ම පවත්වනු ලැබුයේ පොළොන්නරුව ගිරිතලේ ඩියර් පාර්ක් හෝටලයේදී මැයි මස 22 වැනි දිනදීය. එදින රාති‍්‍රයේම යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශ ප‍්‍රධානි මේජර් ජෙනරාල් ලාල් පෙරේරා විසින් අදාළ හෝටලයට කරන ලද දැනුම්දීමක් අනුව එම වැඩමුළුව නවත්වන්නට සිදුවිය.

ඊට පසු සතියේම සිංහල මාධ්‍යයෙන් මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් සඳහා වූ එම වැඩමුළුවක් කළුතර වස්කඩුව ප‍්‍රදේශයේදී පවත්වන්නට යෙදුණි. ඊට ප‍්‍රහාර එල්ල වූයේ නැත. රට බෙදන, රට පාවාදෙන වැඩමුළුයැ’යි එයට මෙන්ම ඊට පෙර පොළොන්නරුව ඩියර්පාක් හෝටලයේම පැවැති සිංහල මාධ්‍ය වැඩමුළුවට චෝදනා එල්ල වූයේ නැත. චෝදනා එල්ල වීම හා බලපෑම් නැවතත් සිදුවන්නේ බලපෑම් හේතුවෙන් අතරම`ග නවත්වන්නට සිදුවූ දෙමළ මාධ්‍ය වැඩමුළුව නැවතත් ආරම්භ කිරීම හේතුවෙන්ය.
ඒ අනුව ලියුම්කරුට හැෙ`ගන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් කී දෙයට යමක් එකතු කරමින් දෙමළ ජනයාට හෝ දෙමළ භාෂාවෙන් කටයුතු කරන ජනයාට නිදහසේ සිතන්න, නිදහසේ කටයුතු කරන්න ශී‍්‍ර ලංකාව නැමති අඳුරු දූපතේද ඉඩක් නොමැති බවය.