රාවය

රැම්පෝසා එනකොට විමල් ආණ්ඩුවෙන් යයිද?

රැම්පෝසා එනකොට විමල් ආණ්ඩුවෙන් යයිද?

 

ආණ්ඩුවේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම ගැන සාකච්ඡුා කිරීමට පැමිණෙන දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රැම්පෝසා මහතාගේ පැමිණීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැ’යි දැනගන්නට ඇත. 

දොළොස් වැදෑරුම් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් බලය බෙදීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කිරීම සඳහා විදේශ මැදිහත්වීමකට ඉඩ නොදිය යුතු බවට වූ කරුණ ආණ්ඩුව කඩකළහොත් ආණ්ඩුවත් සමග තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන තීරණාත්මක කරුණ එය බවට පත්වනු ඇතැ’යි ජාතික නිදහස් පෙරමුණ මීට පෙර සිය පක්ෂ අභ්‍යන්තර සාකච්ඡුාවකදී තීරණයක් ගෙන තිබීම මීට හේතුවය.

ඒ සම්බන්ධයෙන් රාවය කළ විමසීමකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසුවේ, ආණ්ඩුව එකඟ වූ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් හතරවෙනි කරුණ වූ දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රැුම්පෝසා මහතාට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීම එකඟවිය නොහැකි තීරණාත්මක කරුණක් බවත්, ඒ පිළිබඳව සිය දැඩි විරෝධය පළකරන බවත් ඒ සම්බන්ධයෙන් ජූලි 06 වැනිදා පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡුාවකදී සිය පක්ෂයේ ස්ථාවරය රටට ප‍්‍රකාශ කරන බවත්ය.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාට භාර දුන් සිය දොළොස් වැදෑරුම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ හතරවැනි සිංහලයන් දැඩි ජාතිවාදී හා ආගම්වාදී ජාතියක් බවත්ය.

තෙවරප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ, එම ප‍්‍රවෘත්තිය සිංහලයන් කුපිත කිරීමේ අරමුණින් පළකරන ලද අසත්‍ය ප‍්‍රවෘත්තියක් බවත්, තමා සහ ඇමරිකානු තානාපතිනිය අතර වූ සාකච්ඡුාවට කිසිදු මාධ්‍යයක් සහභාගි නොවූ බවත්, අලූත්ගම ප‍්‍රහාරය සහ බොදු බලසේනාවේ කි‍්‍රයා කලාපය පිළිබඳවත් තමාට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳවත් එහිදී සාකච්ඡුා කළ බවත්ය. ‘‘අලූත්ගම සිදුවීම් නිසා සිංහල ජාතිය ම්ලේච්ඡු ජාතියක් හැටියට ලෝකය සලකන්න ඉඩ තිබුණා. ඒත් ඔබ වගේ අය නිසා ඒ තත්ත්වය වැළකුණායැ’යි ඇය මට කිව්වා. ලංකාවේ ආණ්ඩුව විසින් මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ගැටලූ ඇති නමුත් සුන්දර රටක් වන ලංකාව පිළිබඳව තමා ආඩම්බර වන බවත් ඇය මට කිව්වා.’’ තෙවරප්පෙරුම මහතා රාවයට කීවේය. ජාතීන් අතර භේද ඇති වන අන්දමේ අසත්‍ය ප‍්‍රචාර සිදුකරන වෙබ් අඩවිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අංශවලින් ප‍්‍රකාශ කර තිබුණු අතර පාලිත තෙවරප්පෙරුම මහතා පවසන්නේ ලංකා සී නිවුස් ප‍්‍රවෘත්තිය ජාතීන් අතර භේද ඇතිවන අන්දමේ අසත්‍ය ප‍්‍රවෘත්තියක් බවයි.