පරාජය සඳහා සියලූ අමුද්‍රව්‍ය දැන් ආණ්ඩුව පැත්තේ

 

මේ සතියේ බෙන් තො ට දී ආ ණ් ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගත ජාතික මැතිවරණයකට සූදානම් වන ලෙස ඔවුන්ට කීවේය. ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ජයගන්නා බව සහතික බැවින් සහයෝගයෙන් වැඩ කරන්නැ’යිද ඔහු කීවේය. මේ කතාවේ පේළි අතර ඇති ඇත්ත නම්, ඊළඟ ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරාවිදැ’යි කුකුසක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් අතරම ඇතිව තිබෙන බවත්, ඒ නිසා ජනාධිපතිවරයාට ඔවුන්ගේ සහාය ලැබේදැ’යි සැකයක් පවතින බවත්, ඔවුන් බෙන්තොටට කැඳවා කතාබහ කළේ ඒ ගැන සහතිකයක් දීමට බවත්ය.

තුන්වැනි ධුර කාලයකට ඉදිරිපත්වීමට ජනාධිපති වරයා සූදානම් වෙමින් සිටින මේ අවස්ථාවේදී මන්ත‍්‍රීවරුන්ගේ සහාය තමාට ලැබේදැ’යි ජනාධිපතිවරයාටද කුකුසක් ඇතිවී තිබීම සාධාරණය. දිනන බවට සහතිකයක් දුන් නමුත්, රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයක් ගැන ඇත්තේ සියයට පනහකටත් අඩු බලාපොරොත්තුවක් බව ශ‍්‍රීලනිපයම දනියි. හාත්පස බැලූවහොත් දේශපාලන කරුණු බොහොමයක් යෙදී තිබෙන්නේ ජනාධි පතිවරණයකදී මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි පැත්තටය. කෙටියෙන් කිවහොත් ඇතුළත් ගැටය. පිටත් ගැටය.

ජනාධිපතිවරයාට තිබෙන එකම සැනසීම විය හැක්කේ තවමත් රාජපක්‍ෂ පවුලේ අය එකට එකතුව සිටීම ගැනය. තිසරණී ගුණසේකර එක් අවස්ථාවකදී කීවේ රාජපක්‍ෂවරුන් පරාජය කිරීමේ අවස්ථාවක් උදාවන්නේ ඔවුන්ගේ පවුල එකිනෙකාට පසමිතුරු වූ දාට බවය. ඒ නිසා පවුල එකටම තියාගන්නට ජනාධිපතිවරයා හැමවිටම උත්සාහ කරන බව පෙනෙන්නට තිබෙන අතර, පවුලේ අයද ජනාධිපතිවරයා එම ධුරයේ සිටීමෙන් තම තමන්ට ඇතිවන වාසිසහගත තත්ත්වයන් සලකා බලා කිසිවිටෙකත් පවුලට සතුරු දෙයක් නොකරති. එහෙත්. තිසරණීගේ අනාවැකිය දුර්වලයැ’යි හිතෙන්නේ, රාජපක්‍ෂ පවුල එක මිටට තිබියදීත් ඊට පිටතින් පරාජයක් සඳහා අවශ්‍ය වන සියලූ අමුද්‍රව්‍ය දැන් එකතුවෙමින් තිබෙන බව දකින විටය. ඒ අමුද්‍රව්‍ය සියල්ල එකතුවී හමාඑන බලවත් සුළඟකට මුවාවෙන්නට කොච්චර එකට හිටියත් රාජපක්‍ෂ පවුලේ ශක්තිය හොඳටම මදි වනු ඇත.

ජනාධිපතිවරයා බෙන් තොටදී තවදුරටත් කීවේ විරුද්ධ පක්‍ෂ විසින් ශ‍්‍රීලනිප සාමාජිකයන් එකිනෙකා කොටවන්නට උපාය යොදන බවත් ඒවාට හසුනොවී පක්‍ෂය දුර්වල වන්නට ඉඩ නොදී සිටිය යුතු බවත්ය. විරුද්ධ පක්‍ෂයට එවැනි හයියක් තිබේයැ’යි ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේ පිළිගැනීමත් එක්තරා පසුබෑමකි.

රාජපක්‍ෂවරු ශ‍්‍රීලනිපය කෑවා

රාජපක්‍ෂ ආධිපත්‍යයට එරෙහිව පෙරමුණු කිහිපයකින් දැන් සුළං හමා එයි. පළමුව ලංකා නිදහස් පක්‍ෂයෙනි. රාජපක්‍ෂ පවුල ගැන දැන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සියලූ දෙනාම පාහේ ඉන්නේ බලවත් කේන්තියකිනි. දුර කථනයෙන් කතාකරන විට, ප‍්‍රසිද්ධ රැුස්වීම්වලදී ජනාධි පතිතුමාත් රාජපක්‍ෂ පවුලත් කට පුරා වර්ණනා කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සියයට අනූපහක් පමණ තනිව මුහුණට මුහුණ හමුවූ විට රාජපක්‍ෂ පවුල ‘වර්ණනා’ කරන හැටි ඒ ගැන අත්දැකීම් ඇති හැමෝම දනිති. ඒ සියල්ලන්ගේම පොදු අවලාදය නම්, ‘රාජපක්‍ෂවරු ශ‍්‍රීලනිපය කෑවා’ කියාය. පළමුවැන්න, හැම තැනටම රාජපක්‍ෂ පෙළපතේ සාමාජිකයන් රිංගවාගැනීම මගිනි. සිය ගණනක් රාජපක්‍ෂවරු, සමීප ඥාතියෝ, හෙංචයියෝ රටේ හා විදේශවල වැදගත් තැන් රාශියක තනතුරු දරති. දෙවැන්න, ශ‍්‍රීලනිපයේම තමන්ගේ හෙංචයියන්ට, තමන්ට ආර්ථික හෝ වෙනත් වාසි ගෙන දෙන්නන්ට සියලූ බලතල දී සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකාකාරයන් කුණුකූඩයට දැමීම මගිනි. පසුගිය සතියක කොළඹ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ‍්‍රයේදී පැවැති ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැුස්වීම්වලදී සම්පූර්ණ යෙන්ම එළියට ආවේ මේ අවලාදයයි. දඹුල්ල ආසනය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡුාවේදී මධ්‍යම පළාතේ ඇමැති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ කනගාටුදායක තත්ත්වය නිර්දය ලෙස කියාපෑවේය. ඔහු කීවේ දැන් ශ‍්‍රීලනිපයට එදා හිට දරදිය ඇද්ද කවිකොළකාර තෙන්න කෝන්ලා එපාවී පාදඩ ආර්ථිකයෙන් මල්ල පුරවාගත් එතනෝල්ලා ලොකුවී තිබෙන බවය. ඔහු එයින් අදහස් කළේ මාතලේ අලූත් සල්ලිකාරයන්නේ බලවත්වීම ගැනය. ආණ්ඩුව මතට තිත තියද්දී ස්කාගාර කර්මාන්තයෙන් සල්ලි උපයන මාතලේ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා ජනාධිපතිවරයා තමාගේ සමීප මිත‍්‍රයකු බව හැමතැනම කියයි. ජනාධිපතිවරයාගේ හැසිරීමෙන්ම සාමාන්‍ය ශ‍්‍රී ලංකාකාරයන්ට එය ඇත්තක් බවද පෙනීගොස් තිබේ. අනෙක් අතට, චමල් රාජපක්‍ෂගේ ලේලිය හෙවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂගේ බිරිඳද ලක්‍ෂ්මන් වසන්තගේ ස්කාගාර සමාගමේ අධ්‍යක්‍ෂවරියක බව වාර්තාවෙයි. ප‍්‍රමිත තෙන්නකෝන්ගේ උද් වේගකර චෝදනාත්මක කතාව අසාගෙන සිටිය නොහැකිව ඇමති බැසිල් රාජපක්‍ෂට රැුස්වීමෙන් නැගිට යන්නට සිදුවිය. දඹුල්ල ආසනයේ තරමටම මහනුවර ආසන රැුස්වීමේදීද තවත් තෙන්නකෝන් කෙනකු වූ තිළිණ බණ්ඩාර තෙන්නකෝන්ද පක්‍ෂ නායකත්වයට දොස් තැබුවේය. අනෙක් ආසන රැුස්වීම්වලදී ද අඩු වැඩි වශයෙන් මේ චෝදනාවම රාජපක්‍ෂවරුන්ට එල්ලවිය.

‘රාජපක්‍ෂවරු ශ‍්‍රීලනිපය කෑවා’ යන චෝදනාව එල්ල කිරීමට බලපාන තුන්වැනි හේතුව, ශ‍්‍රීලනිපයට එජාපයෙන් හා වෙනත් පක්‍ෂවලින් ආ පිරිසට වැඩි බලතල හා වරදාන, හොඳ ඇමතිකම් දී ඔවුන් ළඟින් හිඳුවාගෙන පරණ ශ‍්‍රී ලංකාකාරයන් පිටතට විසිකිරීමයි. කවුරුත් දන්නා පරිදි ආණ්ඩුවේ වැදගත් හැමතැනකම ඉන්නේ එජාපයෙන් වැට පැන ආ අයය.

වෙලාව ආවාම තීරණයක්

මේ සියලූ හේතු මත පරණ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් රාජපක්‍ෂ පවුල සමග ඉන්නේ බලවත් විරසකයකිනි. ‘වෙලාව ආවාම තීරණයක් ගන්නවා.’ මේ ඔවුන්ගේ සමූහ අදහසයි. ඒ ‘වෙලාව’ මීළඟ ජනාධිපතිවරණය වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාට අත්වන ඉරණම කනගාටුදායක වනු ඇත. මේ අදහස නැතිව, තවමත් කොන්දේසි විරහිතව රාජපක්‍ෂවරුන් වෙනුවෙන් කැපවී සිටින්නේ මුළු පාර්ලිමේන්තුවේම මන්ත‍්‍රීවරුන් අතරින් 15කට අඩු ගණනක් බව ගණන් ඇතිවම කිව හැකිය.

මේ අව්අස්සේ ගෝඨාභය රාජපක්‍ෂද දේශපාලනයට ආ විට, තවත් රාජපක්‍ෂ කෙනකුට ඉඩදෙන්නට පක්‍ෂයට සිදුවන්නේය. මෙතෙක් කල් ජ්‍යෙෂ්ඨ ශ‍්‍රීලනිප සාමාජිකයන්ට පවා සිය බලය පෙන්වමින් ඔවුන් තුට්ටු දෙකට ලා සැලකූ, ඔවුන් විවේචනය කළ ගෝඨාභය රාජපක්‍ෂ සමග එකට ඉඳගන්නට වූ කල ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් තුළින් ඇතිවිය හැකි ප‍්‍රතිචාරය දැනටම සිතාගත හැකිය.

ඉදිරියේදී ශ‍්‍රීලනිපයේ මේ අභ්‍යන්තර මැසිවිලි වලට ඇමතිය හැකි චරිතය වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. ඇය දැනටමත් පක්‍ෂය තුළ සිය මිතුරු සන්ධානයක් බලවත් ලෙස ගොඩනගා ඇති බව වාර්තාවෙයි. ‘රාජපක්‍ෂ වරුන් පක්‍ෂය කන’ විට ඉන් පීඩාවට පත්වන්නවුන්ට යාහැකි තැන බවට පත්වී තිබෙන්නේ බණ්ඩාරනායක කඳවුරයි. ඉදිරි ජනාධිපති වරණයකදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අපේක්‍ෂිකාවක නොවුණද, ඇයට ප‍්‍රසිද්ධියේ සහාය දෙන තැනකට මේ පීඩිත ශ‍්‍රී ලංකාකාරයන්ද හවුල්වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. ඒ ඊළඟ බලපෙරළියකදී තමන්ගේ දේශපාලන ආරක්‍ෂාව ගැනද සහතිකයක් සහිතවය.

හවුල් පක්‍ෂ

රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල් පක්‍ෂද එකිනෙකාට සාධාරණ වන හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ ඉන්නේ ආණ්ඩු නායකත්වය සමග අවුලක බව රටට පැහැදිලිය. මේ මොහොතේ තවදුරටත් රාජපක්‍ෂ බලය පවතින නිසා එක්ව සිටින නමුත්, බලය පිළිබඳ තීරණාත්මක මංසන්ධියකදී ඔවුන්ගේ තීරණය වෙනස්විය හැකි බවට සැකයක් නැත. මුස්ලිම් කොන්ග‍්‍රසය ඉන්නේ කොයි මොහොතේ හෝ ආණ්ඩුවෙන් කැඞී යෑමේ ස්ථාවරයකය. වර්ධනය වන සිදුවීම් සමග ඒ වේලාව තීරණය වනු ඇත. එවැනි තීරණාත්මක මොහොතකදී පක්‍ෂ නායක රවුෆ් හකීම්ගේ මතයට වුවද බලවත් ඉඩක් නැති බවත්, මුස්ලිම් ප‍්‍රජාවේ පීඩනය ඊට වඩා බොහෝ වැඩි බවත් සලකනු වටියි. ජාතික හෙළ උරුමය දීර්ඝ කාලයක් තිස්සේ සිටින්නේ නොරිස්සුමෙනි. ආණ්ඩුව සමග ඉන්නා බව පෙන්වුවත් ඇමතිධුරවලදී තමන්ට නොසැලකුවාය යන්න ගැන ඇමති චම්පික රණවකගේ ඇති පෞද්ගලික නොරිස්සුමද අඩුවක් නැතිව පවතියි. එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම සම්බන්ධයෙන් හා මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් ආණ්ඩුවත් සමග එකට සිටින බව පෙන්වූවත් ජාතික නිදහස් පෙරමුණ පසුගිය දිනවල එළියට ඒම සඳහා මුට්ටිය දමා බැලූ බවත්, සිය යෝජනා සඳහා ආණ්ඩුවෙන් සහනශීලී පිළිතුරක් නොලද්දේ නම් නියත වශයෙන්ම පිටතට යෑමේ සැලසුමකින් සිටි බවත් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. ආණ්ඩුවේ හවුල්කාර වාමාංශික පක්‍ෂද, කම්කරු කොන්ග‍්‍රසයද ආණ්ඩුවෙන් කැඞීයෑමක් ගැන තවමත් කිසිවක් කියා නැත.

වැදගත් කාරණය වන්නේ, මේ සියලූ ප‍්‍රවණතා එක්වීමෙන් ආණ්ඩුව සැදී තිබෙනවා සේම, ඒවා එකිනෙක ලිහී යන විට ආණ්ඩුව විනාශවීමද ඇරඹෙන බවයි. මේ සියලූ පාර්ශ්වවලට දැන් රාජපක්‍ෂ ආණ්ඩුව සමග ඇත්තේ සෙළැවෙන දතක වැනි සම්බන්ධයකි. හැමදෙනාම ඉන්නේ ඇතුළත දෙස නොව පිටත දෙස බලමිනි. පිටතින් එන තීරණාත්මක බලපෑමකදී මේ සියලූ බලවේග ගැලවී යෑමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

පොදු අපේක්‍ෂකයා අනිවාර්යයි

ඉදිරි ජනාධිපති වරණයකදී විරුද්ධ පක්‍ෂ සියල්ල එකට එකතුවීමට තිබෙන ඉඩකඩද දැන් වර්ධනය වෙමින් තිබේ. ජනාධිපතිවරණයක් නියම කොට නැති තත්ත්වයකදී ඒ ඒ පක්‍ෂ වෙන වෙනම තම තමන්ගේ අපේක්‍ෂකයන් ගැන කියන කතාත් අනෙක් පක්‍ෂ ගැන කරන විවේචනත් ඉතාම සාධාරණ හා තර්කානුකූලය. එහෙත්, ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ යට පත්වූ විට මේ තත්ත්වය මුළුමනින්ම කනපිට හැරෙන බවට දැන්ම උපකල්පනය කළ හැකිය. ඒ අනුව, දැන් කවුරු කෙසේ කීවත් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්වීම අනිවාර්යයැ’යි කිව හැකිය. ආණ්ඩුවත් ආණ්ඩුවට ගැති මාධ්‍යත් පෙනෙන තෙක් මානයේ පොදු අපේක්‍ෂකයකු නැතැ’යි කියමින් සරදම් කළත්, පොදු අපේක්‍ෂකයකු සඳහා වන පොදු සමාජ අනුමැතියක් දේශපාලන සමාජය යටින් ගලායමින් තිබෙන බව පැහැදිලිව සඳහන් කළ යුතුය. අවසන් මොහොතේ පුද්ගලයා කවරකු වුවද ඔහුට හෝ ඇයට පොදු අනුමැතියක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන සමාජ හා දේශපාලනික බලවේග දැන් යහමින් එකතුවෙමින් තිබේ. ඒ බලවේග සියල්ලේ සාධනීය පොදු ගුණාකාරය නම්, පුද්ගලයා මත නොරැුඳී පොදු වැඩපිළිවෙලක් ජයග‍්‍රහණය කරවාගැනීම සඳහා දක්වන කැමැත්තයි. එය ලංකා දේශපාලන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

විරුද්ධ පක්‍ෂ වෙන වෙනම තරග කළහොත් ඇතිවිය හැකි පසුබෑමත්, එක් පෙරමුණක සටන්කර ජයගතහොත් ඇතිවන නව නිදහස් දේශපාලන අවකාශයත්, ඒ තුළ තම තමන්ගේ දේශපාලන මතවාදයන්ට ක‍්‍රියාත්මක වීමට ඇතිවන පහසුවත් සලකා බලන විට සියලූ විරුද්ධ පක්‍ෂ හා සංවිධාන එක් පෙරමුණක සිටීමේ වැදගත්කම දැන් සෑම පාර්ශ්වයකින්ම අවධාරණය කෙරෙමින් බවද දැනගන්නට තිබේ. පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්‍ෂට තරගයක් දිය හැකි තනි පුද්ගලයකු නැති නිසා බව ආණ්ඩුව කියන විට, අර්ධ සත්‍යයක් වුවද එය නිහතමානීව පිළිගත යුතුය. එය අර්ධ සත්‍යයක් වන්නේ, තරගයට එන්නේ මහින්ද රාජපක්‍ෂ නමැති තනි පුද්ගලයකු නොව, ඔහු ඉදිරියට දමාගෙන තනිකර ආණ්ඩුවක් සහ රාජ්‍ය බලය සහිත පිරිසක් බව හිතන විටය. මේ බලවත් පිරිස ජයගැනීමට නම් අනෙක් පාර්ශ්වයේද පොදු පෙරමුණක් අවශ්‍ය වෙයි. පොදු අපේක්‍ෂකයා ඒ පොදු පෙරමුණේ තරගකරුවාය. ඔහු/ඇයද එනිසා තනි පුද්ගලයෙක් නොවේ. ව්‍යවස්ථාදායක ඒකාධි පතිත්වයට එරෙහිව සිටින විශාල පොදු පෙරමුණක නියෝජිතයෙකි.

එවැනි පොදු අපේක්‍ෂකයකු විසින් දැනටමත් තම පෙරමුණේම බලය වුවද ගිලිහෙමින් තිබෙන මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි එල්ලකරනු ඇති පීඩනය සුළුපටු එකක් නොවනු ඇත. එය කිසිසේත් 2010දී සරත් ෆොන්සේකාගේ වැඩ පිළිවෙල සමග සැසඳිය නොහැකිය. අනිවාර්ය යෙන්ම එය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි එකකි. ජනාධිපතිවරයාත්, ආණ් ඩුවත් පොදු අපේක්‍ෂකයකු පිළිබඳ අදහසට මෙතරම් බියක් දක්වන්නේත්, ඊට සරදම් කරන්නේත් ඒ බිය නිසාය. ඒ අතර, ජනාධිපති රාජපක්‍ෂ තමාගේ සුළු ජාතික ඡුන්ද පදනම ස්වයං පිරිහීමකට ලක්කරගනිමින් සිටියි. දෙමළ, මුස්ලිම් වාර්ගික පදනමකින් යුත් ඡුන්ද දැන් ඔහුගේ ග‍්‍රහණයෙන් බොහෝ දුරට ගිලිහී තිබේ. අනාගතයේ ඔහු බලාපොරොත්තු තබනු ඇත්තේ සිංහල බෞද්ධ ඡුන්ද පදනම මත පමණකි. එහෙත්, ඒ පදනම ලංකාවේ ජනාධිපතිවරණයක් ජය ග‍්‍රහණය සඳහා ප‍්‍රමාණවත් නොවන බව මීළඟ ජනාධිපතිවරණයකදී නැවතත් පැහැදිලි වනු ඇත. සිංහල බෞද්ධ ඡුන්දවලින් සැලකිය යතු කොටසක්ද, දෙමළ, මුස්ලිම් හා අනෙක් ආගමික කොටස්ද සහිත ඡුන්ද ස්ථරයකට ඇමතිය හැකි පොදු අපේක්‍ෂකයකු හා වැඩපිළිවෙලක් ඉදිරියට පැමිණියහොත් රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි ධුර කාලය සිහිනයකට සීමාවිය හැකිය.

ජාත්‍යන්තර පීඩනය

අනෙක් අතට, රට කෙරෙහි වන ජාත්‍යන්තර පීඩනය දැන් රාජක්‍ෂවරුනටද දරාගත නොහැකි වන තරමටම දැඩිය. ලංකාව කෙතරම් විරුද්ධ වුවත් ජාත්‍යන්තර විමර්ශනය පැවැත්වෙනු ඇත. එය උපරිම ආකාරයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් බව ලෝකයාට ඒත්තු ගන්වන්නට අවශ්‍ය සියලූ වෘත්තීයමය ආරක්‍ෂණයන් එම කමිටුවේ විශේෂඥයන් විසින් ගනු ලබමින් තිබේ. අවසානයේදී සිදුවිය හැක්කේ කුමක්ද? ඔවුන්ගේ ස්වාධීන විමර්ශන වාර්තාව පිළිගන්නට එක්සත් ජාතීන්ට සිදුවීමයි. ඒ තත්ත්වය මත ලංකාවේ ඉදිරි දේශපාලන අනාගතය අඳුරේ මිසක ආලෝකයේ නොවන බව පැහැදිලි වෙයි. මේ තත්ත්වයට රට ඇදදැමීමේ වගකීම ද රාජපක්‍ෂවරුන් පිට පැටවෙන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.