පාකිස්තානය ත‍්‍රස්ත විරෝධී සටනේ

 

පසුගිය සඳුදා පාකිස්තානු රජයේ හමුදාව අන්තවාදී ත‍්‍රස්තයන්ගේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන එරට වයඹ දිග මායිමේ පිහිටි නැගෙනහිර වසිරිස්තානයේ මිරැුන්ෂා ගම්මානය සිය ග‍්‍රහණයට ගන්නට සමත් වූහ. මේ වනාහි දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද කල්බැලීමකින් අනතුරුව පසුගිය 15දා අරඹන ලද ප‍්‍රහාර සාර්ථක වීමක් ලෙස සැලකේ. ස්සාර්බ්-ඉ-අස්බ් කි‍්‍රයාන්විතය ලෙස නම් කොට ඇති මේ මෙහෙයුම වසිරිස්තානය සිය වාසස්ථානය කොටගත් තෙහ්රික්-ඉ-තාලිබාන් පකිස්තාන් (TTP), නැගෙනහිර තුර්කිස්තාන් ඉස්ලාමීය ව්‍යාපාරය, උස්බෙක් ඉස්ලාම් ව්‍යාපාරය මෙන් ම ඇෆ්ගනිස්ථානයේ අල්-හකිනි ජාලය යන ඒවා ඉලක්ක කොට ගත්තේ ය.

ත‍්‍රස්ත සංවිධාන සමග සාකච්ඡුා කරන්නට උත්සාහ කොට එය අසාර්ථක වූ තැන මේ ප‍්‍රහාරය එල්ල කරන්නට අග‍්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් විසින් අණ දෙන ලදැයි පැවසේ. මෙය දේශපාලන කාරණයක් බැවින් රජයේ විධානයකින් තොරව සටනට එළැඹෙන්නට හමුදාව අදහස් නොකරන බව ඊට පෙර පාකිස්තාන හමුදාපතිවරයා පවසා තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇලිය කොතෙක් කීවත් පාකිස්තානු හමුදාව ත‍්‍රස්තයන්ට එරෙහිව මහා සැලසුම් සහගතව පරිමාණ මෙහෙයුමක් මේ දක්වා දියත් නොකළ බව ඇෆ්ගනිස්ථාන  AOP පුවත් වාර්තාවක දැක්වේ. මන්ද යත් වසිරිස්තානයේ භූමිය ගරිල්ලා සටන්වලට මෙන් නොව මහා පරිමාණ රාජ්‍ය හමුදා ප‍්‍රහාරයකට නොසුදුසු හෙයිනි. ලොව සෑම අතින්ම විවිධත්වයක් ඇති ප‍්‍රදේශ කිහිපයෙන් එකක් වන කයිබර් දුර්ගය ඇතුළත් මේ පෙදෙසේ උස් කඳු ද, ප‍්‍රපාතාකාර බෑවුම් ද ඒවායේ පිහිිටි ගුහා ද ගල්කු`ඵ අතර තැනිතලා ද සැ`ගව සිටින්නවුන්ට අභයස්ථාන වෙයි.

පළමුව ගුවන් ප‍්‍රහාර එල්ල කරන ලදි. ඊට පෙර අඩ මිලියනයක් පමණ ජනතාව ප‍්‍රදේශයෙන් ඉවත් කරනු ලැබූහ. එසේ කරන ලද්දේ ඔවුන්ගේ ආරක්‍ෂාව උදෙසාත් ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදා ගනු ලැබීම වළකවනු සඳහාත් ය. ප‍්‍රහාරවලින් ත‍්‍රස්තයන් 400කට වඩා මරණයට පත් වූ බව පාකිස්තානු හමුදා නිවේදනයක දැක්වෙතත් එය නිශ්චිත නොවන බව මාධ්‍ය සඳහන් කරයි. ඒ අතර ත‍්‍රස්ත නායකයකු ද වූ බව පැවසේ. ඇද වැටුණු සොල්දාදුවන් ගණන 17කි. මෙම ප‍්‍රහාරය වාර්තා කිරීමෙන් ජනමාධ්‍ය වළක්වා ඇති හෙයින් මරණයට පත් සිවිල් වැසියන් ගැන තොරතුරු නොමැත.

කෙසේවෙතත් මිරැුන්ෂා වෙත හමුදාව එළැඹෙන විට ත‍්‍රස්තයන් කිසිවකු එහි නොසිටි බවත්, ඒ ප‍්‍රදේශය පා`ඵවට ගොස් තිබූ බවත් වාර්තා වෙයි. ඒ කියන්නේ සියලූ ත‍්‍රස්තයන් මොලොවින් තුරන් වූ බව නොවෙනු ඇතැ’යි පකිස්තාන යුද හමුදාවේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක ජනරාල් අතර් අබ්බාස් උපුටා දක්වන ඒ ඕපි පෙන්වා දෙයි. කිසියම් ප‍්‍රමාණයක් මිය ගිය බව සැබෑවක් විය හැකි නමුත් ඒ සියල්ලම ලෙස ගතයුතු නැත. මන්ද යත් ප‍්‍රදේශයේ භෞමික විවිධත්වය අනුව ප‍්‍රහාර මගහැර සිටින්නට ඔවුන්ට ඉඩප‍්‍රස්ථා බහුල හෙයිනි. එහෙත් ඉන් මේ ප‍්‍රහාරයේ අගය අඩු නොවන බව ද සැලකිය යුතු ය. හමුදාවට මිරැුන්ෂා අල්ලා ගන්නට ලැබීම විශාල දිනුමක් වන හෙයිනි.

බීබීසී වාර්තා කරන්නේ හමුදාව ලබාදෙන වාර්තා නිශ්චිත මෙන් ම පැහැදිලි ද නැති බව ය. ත‍්‍රස්තයන් කිහිප දෙනෙකු අල්ලා ගත් බවත්, 400ට අධික පිරිසක් මරා දැමූ බවත්, බෝම්බ හා වෙනත් මර උගුල් නිෂ්පාදන ‘කම්හල්’ කිහිපයක් විනාශ කරන ලද බව කියතත් මේ පෙදෙසේ සිටි ත‍්‍රස්ත කල්ලි ගැන ඔවුන්ගේ පුවත් නිකුතුවේ සඳහනක් නොමැත. වසිරිස්තානය පුරා අණසක පවත්වාගෙන සිටි ඉහත සඳහන් කණ්ඩායම් මෙන් ම උපදේශකයන් ලෙස ඔවුන් හා එක් ව සිටි විදේශිකයන් ගැන ද ඒ ප‍්‍රදේශයට සීමාවූ අන්තවාදී කල්ලි ගැන ද මිලිටරි වාර්තාවල නොකියැවේ. මෙයට හේතු විය හැක්කේ ගුවන් ප‍්‍රහාර ඇරැුඹීමත් සමග ඔවුුන් පෙදෙස අත්හැර යෑම විය යුතු ය.

ත‍්‍රස්තයන් අතුරින් වැදගත් ම කණ්ඩායම ලෙස සැලකෙන්නේ ප‍්‍රහාරයක් සඳහා තීරණය ගැනීමට නවාස් ෂරිෆ් පොළඹවා ලූ ජුනි 07 කරච්චි ගුවන් තොටට පහර දීමේ වගකීම භාරගත් ටීටීපී සහ උස්බෙක් ඉස්ලාමීය ව්‍යාපාරයයි. ඔවුන් වසිරිස්තානය මෙන්ම සුරක්‍ෂිත පෙදෙසක් වන දේශ සීමාවෙන් ඔබ ඇෆ්ගනිස්ථානයේ ක්හොස්ට් වෙත පලා ගියා වන්නට ඇත. අල්-හකිනි ජාලය පාකිස්තානයේ මෙන් ම ඇෆ්ගනිස්ථානයේ ද එක සේ කි‍්‍රයාත්මක වන්නකි. බීබීසි වාර්තාවේ දැක්වෙන පරිදි අවිගත් පාකිස්-ඇෆ්ගන් තලේබාන්නු මිරැුන්ෂා හැර අනෙක් පෙදෙස්වල කිසි බාධාවකින් තොරව සැරිසරති.

මේ ප‍්‍රහාර සඳහා වසිරිස්තානය ජන මුක්ත කිරීමේ දී හමුදා නියෝගය පරිදි තමන් සන්තක සියල්ල හැරපියා ආ 500,000 ජනයා මේ වනවිට සිටින්නේ මහත් අසරණ අඩියක ය. අභ්‍යන්තර සරණාගතයන් බවට පත්වූ ඔවුන් ගැන කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් ආරම්භයේ දී ආණ්ඩුවට හෝ හමුදාවට නොතිබූ හෙයින් ඔවුන් පත්ව සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකට ය. සහන කටයුතුවල නිරත පාකිස්තාන රාජ්‍ය ආයතනය වන ෆාටා ආපදා කළමණාකරණ ඒජන්සියට සම්පත් හි`ගය තදින් ම බලපායි. අවතැන් වුවන් අතර 100,000 ඉක්මවන ළමුන් හා 5,000 පමණ ගැබිනියන් සිටින අතර ඔවුන්ගේ පවුල් සුරක්‍ෂිත ස්ථාන කරා ගෙනයාමත් එම ආයතනය මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූව ය. එසේ ම ඔවුන්ට නිවස්න, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාරපාන ද ඖෂධ සහ ප‍්‍රතිකාර ද ලබා දීම ද එම ආයතනයට අසීරු කටයුත්තක් බවට පත්ව තිබේ. මෙය ත‍්‍රස්ත කණ්ඩායම් සිය වාසියට යොදාගෙන ඇති අයුරු දක්නට ලැබෙන්නේ යැ’යි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

මේ අතර ප‍්‍රමුඛත්වයක් ගන්නේ 166 දෙනෙකුට මරු කැඳවූ 2008 මුම්බායි ප‍්‍රහාරයට වගකිව යුතු යැ’යි පසුගිය ජුනි 06දා ඇමරිකා එක්සත් ජනපදය විසින් ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන ලද ජමාත්-උද්-දාවා නම් සංවිධානයේ පුණ්‍යාධාර අංශය වන ෆාලාහ්-ඉ- ඉන්සාතියාෆ් පදනම (FIF) ය. එම මුලකුරු සඳහන් දිලිසෙන කොළ පැහැ ජැකට් සිය ඇඳුමට උඩින් දමාගෙන සිටින තරුණයෝ කඩිසර ලීලාවෙන් අවතැන් කඳවුරුවල සේවාවල නිරත වෙති. රාජකාරි ගිනි අවි සහ යෂ්ඨි අත දරා සිටින පොලිස් භටයන් අතරින් ඇවිද යමින් ඔවුහු අවතැන්වූවන්ගේ දුක සැප සොයා බලති. එෆ්අයිඑෆ් යනු තහනම් සංවිධානයක් බව සමහරවිට පොලීසිය නොදන්නවා ද විය හැකි ය. ඔවුන්ට ගිලන්රථ 25ක් සහ තවත් වාහන ද වෙනත් උපකරණ ද ඇති අතර ස්වේච්ඡුා සේවකයෝ 2,000 ද වෙති. අවතැන්වූවන් තුළ අල්ලා කෙරේ ඇති විශ්වාසය නොබිඳ පවත්වා ගෙනයෑම සිය අරමුණ බව එහි සංවිධායකයකු වන මොහමඞ් සර්ෆාරාස් පැවසු බව සඳහන් ය. ‘අප මේ සියල්ල කරන්නේ අල්ලා වෙනුවෙනි. රජය එයට අපොහොසත් ය.’

කෙසේවෙතත් ඔවුන් මේ අතර ජිහාඞ් ප‍්‍රචාරණ කටයුතුවල නිරත වන්නෝයැ’යි කයිබර් දුර්ගයේ සංවර්ධන ගැටලූ අධ්‍යයනය කරන බැචා ඛාන් අධ්‍යාපන භාරය පදනමේ ප‍්‍රධානී ආචාර්ය ඛඩිම් හුසෙයින් කනස්සල්ල පළ කරන බව ඩෝන් වෙබ් අඩවියේ සඳහන් ය.

මේ අතර ජමාත්-උද්-දාවා ත‍්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව සහ ඉන්දියාව විසින් නම් කිරීමෙන් පසු සැ`ගව සිටින එම සංවිධානයේ නායක ශෆිස් සයිඞ් ඔහු සොයා ගිය බීබිසි කණ්ඩායම සමග ඇමරිකා එක්සත් ජනපදය දැඩි ව විවේචනය කොට ඇති අතර ඇමරිකාවට වුවමනා වී ඇත්තේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක පුණ්‍යාධාර වළක්වාලීම බව පවසා ඇත.