අතින් වියදම් කර පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසාය

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යෑම සම්බන්ධව තද විවේචනයක් තිබේ. ආණ්ඩුව මෙම ව්‍යාපාර කරන්නේ මහජන යහපතටද යන්න විද්වත්තු ප‍්‍රශ්න කරති. කෝප් වාර්තාවට අනුව අලාභ ලබන රජයේ ආයතන ලෙස හඳුන්වන නමුත් කාලයකට පෙර මෙම ආයතන හැඳින්වූයේ සුදු අලි නඩත්තු කිරීමක් වශයෙන්ය. දැන් සුදු අලි කියන්නේ ද නැත. ආණ්ඩුවේ ඇමැතිවරු ද, ආණ්ඩුවේ වැඩ කර දැන් විශ‍්‍රාම ලබාසිටින වියත්තු ද, පුද්ගලික අංශයේ නිරීක්ෂකයෝ ද මෙම රාජ්‍ය ව්‍යවසාය රාක්ෂසයන් ලෙස අර්ථ දක්වති. මහජන මුදල් ආයෝජනය කර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ම බලා ගන්නා අමාත්‍යාංශවලට අයත් රාජ්‍ය ආයතන රාක්ෂසයන් ලෙස හඳුන්වන්නේ ඇයි? පාත්ෆයින්ඩර් ආයතනය මෑතක දී සංවිධානය කරන ලද රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ සාකච්ඡුා සැසියක දී මෙරට ව්‍යවසාය පවත්වාගෙන යන අරමුණ කුමක් ද යන ප‍්‍රශ්නය බරපතළ ලෙස ප‍්‍රශ්න කිරීමකට ලක්විය.

මෙහිදී අනාවාරණය වූ කරුණු අනුව මෙරට රජයට අයත් පාඩු ලබන රාක්ෂසයන් දොළොස් දෙනෙකු 2013 වසරේ රජයේ බදු ආදායමෙන් සියයට 32.2 ක් විනාශ කර ඇත. මහජනතාව ආණ්ඩුවට රුපියල් සියයක් බදු ගෙවන විට එයින් රුපියල් 32.20 ක් රජයේ ආයතන දොළහක පාඩු පියවන්නට යෙදවීම වාසියක් නොවේ. මහජනතාව මෙම බදු ගෙවන්නේ කැමැත්තක් නැතිවය. ලෝක වෙළ`දපොලේ කිරි පිටි මිල අඩු අවස්ථාවක කිරි පිටි කිලෝවකින් රුපියල් 82 ක බද්දක් අය කරයි. ශ‍්‍රී ලංකාවට ආනයනය කරන අල, ලූණු සහ පරිප්පු යනාදිය කිලෝවකට රුපියල් තිස් පහකට වැඩි බද්දක් අය කෙරේ. සැමන්, හාල් මැස්සන්, කරවල, සීනි යනාදියට අයකරන්නේ ද විශාල බද්දකි. මෙම බදු අයකරන්නේ රජයේ ආදායම වැඩි කරගන්නටය. බදු ඉවත් කළහොත් කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් හතළිහකින් අඩු කර ගත හැකි අතර පරිප්පු කිලෝවක් රුපියල් තිස් පහකින් මිල පහත වැටේ. එයට ඉඩ නොදෙන ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය නඩත්තුවට මහජනතාවගෙන් අය කරන බදු වියදම් කිරීම අපරාධයකි. දැනට ගණන් බලා ඇති අන්දමට රජයේ බදු ආදායමෙන් සියයට 80 ක් වක‍්‍ර බදු වශයෙන් එකතු වෙයි. වක‍්‍ර බදු යනු මහජනතාව තමන් ආණ්ඩුවට බදු ගෙවන බව නොදැන කරන මිලදී ගැනීම්ය.

මහජනතාවගේ කැමැත්තෙන් බලයට පත්වන ආණ්ඩු තමන්ට අයත් ව්‍යවසාය පවත්වාගෙන යා යුතු මහජනතාවට බරක් නොවන ආකාරයටය. ලෝකයේ නොයෙක් රටවල මෙවැනි ගැටලූ මතු වූ විට එයට විකල්ප ක‍්‍රම අත්හදා බලා තිබේ. බි‍්‍රතාන්‍යය පමණක් නොව ඉන්දියාව ද රජයට අයත් ආයතන වෙළ`දපොළට ගැළපෙන ආකාරයට පරිවර්තනය කර තිබේ. ඒවායේ කාර්යක්්ෂමතාව ප‍්‍රශ්න සහගතවන විට නවීකරණයකට ලක් කර ඇත. වැඩි රටවල් ප‍්‍රමාණයක් කළමනාකරණය පුද්ගලික අංශයට භාර දී ඇති අතර එහි සාර්ථකත්වය මත රජයේ කොටසට ලාභාංශ සහ සාමාන්‍ය බදු අයකරගනිමින් සිටී. හුදෙක් තමන්ම නියැලී ලබන වාසියට වඩා මහජන සේවයක් සහ රටට ආර්ථික වාසියක් එයින් අත්පත් වන බව දැනටමත් ඔප්පු වී ඇත. පසුගිය කාලයේ චීනය වෙළෙ`දපොළ ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියා කරන්නට තීරණය කළේය. එරට ආණ්ඩුව භාරයේ ඇති ව්‍යවසායවලින් අතිවිශාල ප‍්‍රමාණයක් පුද්ගලිකකරණය කළ අතර ධනවාදී ක‍්‍රමයකට වෙනස් රාමුවක් තුළ පවා රජයට අයත් ව්‍යවසාය මහජනතාවට හිතකර ආකාරයට පාලනය වෙනුවෙන් තීන්දු ගැනීමට යම් නිදහසක් ඇති බව එයින් ඔප්පු කර තිබේ.

ශ‍්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු 1950 දී ආණ්ඩුව ව්‍යාපාර කිරීමේ බලය අත්පත් කර ගත්තේය. ඒ වෙනුවෙන් 1957 දී කර්මාන්ත සංස්ථාගත පනත සම්මත කර තිබේ. 1977 විවෘත ආර්ථිකය සමග රජය පමණක් නොව සංවර්ධනයට පුද්ගලික අංශය ද පුළුල්ව සහසම්බන්ධකර ගත යුතුය යන අදහසට අනුව ක‍්‍රියා කර ඇත. ආණ්ඩුවේ පුද්ගලිකකරණ කි‍්‍රයාවලිය ඇරඹෙන්නේ 1989-1994 කාලය තුළ දීය. 1994 දී නැවතත් අලූත් වටයකින් ක‍්‍රියාත්මක වන පුද්ගලිකකරණය දේශපාලන වේදිකාවේ දී විශාල විවාදයකට ලක්වන්නේ රජයේ දේපොළ විකුණාගෙන ආණ්ඩු කිරීමක් වශයෙන්ය. ආණ්ඩුවේ දේපොළ ආරක්ෂා කරන බවට සහ ජනතා සම්පත් කුණු කොල්ලයට නොවිකුණන බවට ශපථ කරන දේශපාලන නායකයෝ එහි දේපොළ විනාශ කරමින් සහ දේශපාලන හිතවතුන් ආයතනවල ප‍්‍රධානීන් බවට පත් කිරීමෙන් පසු බලය පවත්වාගෙන යන යාන්ත‍්‍රණය මෙහෙයවන මූල්‍ය බලවේග බවට ද රජයේ ව්‍යවසාය හරවාගෙන සිටිති.
ජන්දයෙන් බලයට පත්වන ඇමැතිවරුන් තමන්ගේ අමාත්‍යාංශයට අයත් ආයතන ගණන විනා අමාත්‍යංශයක ප‍්‍රතිපත්ති සම්පාදනය ගැන උනන්දු නොවන තත්ත්වයක් අද උදාවී තිබේ. අමාත්‍යාංශයකට පත් වූ වහා එයට අයත් ආයතනවල නිල තනතුරුවලට තමන්ගේ හිතවතුන් පත් කරගන්නා අතර වෘත්තීය සුදුසුකම් නැති ඔවුන්ගේ එකම අරමුණ පත්වූ දා පටන් ඇමතිවරයාගේ ආසනයේ දේශපාලන කටයුතු සංවිධානයයි. රජයට අයත් ව්‍යාපාරයක් ලෙස සාර්ථකව පවත්වාගෙන යෑම හෝ එයින් මහජනතාවට සේවයක් සැපයීම ගැන මෙම දේශපාලන පත්වීම් ලබන්නන් තකන්නේ නැත. එහි අවසානය ආණ්ඩු මාරු වන විට පමණක් නොව ඇමතිවරයා මාරුවෙන විට පවා රාජ්‍ය ආයතනවල නිලධාරීන් වෙනස් වෙමින් රටට රාක්ෂසයන් බෝ කිරීමයි.
දැනට දක්වන ආකාරයට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව, මිහින් එයාර්, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ගමනාගමන මණ්ඩලය, කෘෂිකර්ම සහ කෘෂි රක්ෂණ මණ්ඩලය, රජයේ වැවිලි සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, ගුවන් විදුලිය සංස්ථාව, මිල්කෝ, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ලංකා ධීවර වරාය සංස්ථාව යන ආයතන අධිකවම පාඩු ලබන ආයතන බව සඳහන් වෙයි. 2013 වසරේ වැට් ආදායමෙන් රුපියල් මිලියන 250,529 ක් උපයා ගන්නා විට එයින් මිලියන 66,135 ක් නොඑසේ නම් සියයට 24.6 ක් රජයට අයත් ප‍්‍රධාන ව්‍යාපාර දොළහක පාඩු පියැවීම වශයෙන් වැය කරන්නට ආණ්ඩුවට සිදුව තිබේ. මෙය මෙරට ප‍්‍රධාන පෙළේ අමාත්‍යාංශ නවයක වැය ශීර්ෂවල එකතුවට සමාන බව පාත්ෆයින්ඩර් ආයතනය පැවැත්වූ වැඩමුළුවේදී අනාවරණය විය. මිහින් ලංකා ගුවන් යානා තුනක් සහිත සේවාව නතර කර දැමුවහොත් මෙරට අධ්‍යාපන වියදම් සියයට 25 කින් වැඩි කරන්නට හැකියාව ඇත. සාම්පූර් බලාගාරය ඉදිකිරීමට යන වියදමට වඩා වැඩි වියදමක් මුලින් ස`දහන් කළ රාජ්‍ය ආයතන 12 වෙනුවෙන් අවුරුද්දකට ගෙවයි. පාඩුව නතර කළහොත් අවුරුද්කට බලාගාරයක් බැගින් කිසිම ණයක් නොගෙන අපටම ඉදි කරන්නට හැකියාව ඇත. ලර්න් ඒෂියා ආයතනය පවත්වන ලද ගණන් බැලීමකට අනුව මෙරට සෑම පුරවැසියකුම අවුරුද්දකට රුපියල් දහස බැගින් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවාව පවත්වාගෙන යන්නට වන්දි වශයෙන් ගෙවයි. එමිරේට්ස් පාලනය යටතේ තිබිය දී රටට බරක් නොවූ මෙම සේවාව යළි මෙරටට මිල දී ගැනීමට ලංකා බැංකුව මුදල් යෙදවූ අතර මෙවර අලූතෙන් ගුවන් යානා මිලදී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 175 ක ණයක් අවුරුද්දකට සියයට හයකට ආසන්න පොලියකට මැද පෙරදිග රටවල ෂරියා බැංකු කිහිපයකින් ණයට ගෙන තිබේ. ඉස්ලාම් බැංකුවලින් ණයට ගෙන ශ‍්‍රී ලන්කන් නඩත්තු කරන මෙරට ලාංකිකයන්ගෙන් යම් පිරිසක් මුස්ලිම් ආගම් භේද මතු කරන අතර මෙරට කුඩා වෙළෙ`දසැල්වලට අභියෝග කරන නමුත් ආණ්ඩුව ඉස්ලාම් බැංකුවලින් ණය ගෙන සෑම පුරවැසියකුම ඒ වෙනුවෙන් පොලී ගෙවන මට්ටමට පත් කිරීම ප‍්‍රශ්න කරන්නේ නැත.

මෙරට රාජ්‍ය ව්‍යවසාය මහජනතාව සතු සම්පත් බව මෙරට දුගී දුප්පත් ජනතාව දන්නේ නැත. මෙම සම්පත් පරිහරණය කර මැති ඇමැතිවරුන් ද, ඔවුන් පත් කරන නිලධාරීන්ද යෙහෙන් වැජඹෙන බව මහජනතාවට අ`ගවන්නේ නැත. මෙම ව්‍යවසාය පහසුවෙන්ම ලාභ උපයන තත්ත්වයට පත් කළ හැකිය. ඒ වෙනුවෙන් විනිවිද පෙනෙන සැලසුමක් සකස් කර සියලූ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පුද්ගලිකකරණය කළ හැකිය. එවිට ඒවා ලාභ ලබන තත්ත්වයට පත්වෙයි. එම ලාභ ආණ්ඩුවට ලැබෙන විට දැන් කරන පාඩු පියැවීමේ වියදම් ද අත්හැර දැමෙන පසුබිමක රජයේ ආදායම සංවර්ධනයට යොමු කිරීමට ඉඩක් ලැබේ. මෙම ආයතනවල පාඩුව ආණ්ඩුවෙන් ගෙවා එය බද්දක් වශයෙන් මහජනතාවගෙන් අය කරනවාට වඩා විදුලියට, ඛනිජ තෙල්වලට හෝ වෙනත් මේ සඳහන් කළ රාජ්‍ය ආයතනයක සේවාවට කෙලින්ම නිසි පිරි වැය ගෙවා දැමීම මහජනතාවට වාසිදායකය. රාක්ෂසයන් නඩත්තු කරන ආණ්ඩුව ඒ බව ජනතාවට පෙන්වන්නේ නැත. පුද්ගලිකකරණය මහා ජාතික අපරාධයක් බව දක්වන නමුත් හැබෑ ඇත්ත එය නොවේ. මහජනතාව නොමග යවමින් ජනතාවට සේවයක් බව දක්වන නමුත් නිලධාරීන්ද ආණ්ඩුව ද නඩත්තු කරන අතර සේවයට ද ගෙවන්නේ දුප්පත් පොදු ජනතාවයි.

බටහිරට ධනවාදයට ද, චීනය ඇතුළු වාමාංශික ක`දවුරට ද සාක්ෂාත් ව ඇති ආණ්ඩුව ව්‍යවසාය මෙහෙයවීමේ දී තරගකාරීව කි‍්‍රයා කරන්නට නොහැකි බව හා එය ඉදිරියේ අසාර්ථක වන බව පිළිගන්නට ශ‍්‍රී ලංකාවේ දේශපාලනය සූදානම් නැත. මේවා මහාර්ඝ සම්පත් ලෙස දක්වා මහජනතාව රවටමින් ඔවුන් යැපෙමින් සිටින අතර මහජනතාවගෙන් අය කරගන්නා බදු වියදම් කරමින් දේශපාලකයෝ ද යහතින් වැජඹෙමින් සිටිති. මෙම කරුණු සම්බන්ධ අ්‍යන්තරය සියුම් ව සාකච්ඡුා කරන්නට ඉඩනොදීම මෙරට දේශපාලන පක්ෂ සහ අන්තවාදී සංවිධාන කරන තවත් බරපතළ අපරාධයකි.