සජීවි ආහාරයක කලාව සහ ජීවිතය

 

රෝ ෆුඞ් කියන වචනයට දෙන්න පුළුවන් සිංහල අර්ථය මොකද්ද? මම කිහිප දෙනෙකුගෙන් ඇසුවා. මා මිත‍්‍ර දොස්තර මහත්මයකුත් කීවා හොඳම සිංහල නම පිරිපහදු නොකළ කියලා. තවත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. අවුරුදු 4ක් විතර රෝ ෆුඞ් ආහාර ගන්න මගේ මිතුරියක් අපූරු නමක් යෝජනා කළා. සජීවි ආහාර, මටත් හිතෙනවා රෝ ෆුඞ් කියන වචනයට සජීවි ආහාර කියන එක ගැලපෙනවා කියලා. ඇත්තටම මොකද්ද මේ රෝ ෆුඞ්. අද ලෝකයේ රෝ ෆුඞ් සංස්කෘතිය ඉතා ඉක්මණින් පැතිරෙමින් යනවා. සමහරු රෝ ෆුඞ් ආහාර සංස්කෘතිය ඉතා ඉක්මනින් ජීවන විලාසිතාවක් කරගෙන. තවත් අයට රෝ ෆුඞ් සංස්කෘතිය ආගමක් වගේ. මේ සියල්ල අතරින් සොයා යමු සජීවි ආහාර වේලක කලාව. ජීවිතය.

සජීවි ආහාර

සජීවි ආහාරයක් නැතිනම් රෝ ෆුඞ් කෑම වේලක් කියල කියන්නේ අංශක 40ට වඩා රත් නොකළ, කිසිම සැකසුමකට ලක් නොකළ, කාබනික ආහාරයකට. සජීවි ආහාර වේලකින් ජීවිතය ජීවත් කරවන කෙනෙක් වැඩිපුරම තමන්ගේ කෑම වේලට එකතු කර ගන්නේ එළවළු නැතිනම් පළතුරු. ඒ ගහෙන් කඩා ගත්ත විලසටම. නැත්නම් රසවත් පානයක් ලෙස. නැතිනම් සලාදයක් ලෙස. කිසිම සැකසීමක් නැතුව කියල කියුවහම සහ අඹ ගෙඩියක් පලතුරු පානයක් ලෙස ගන්න එකයි දෙක සැලකුවහම මූලික නිර්වචනය ටිකක් අවුලට ගියාට රෝ ෆුඞ් සංස්කෘතිය අද අනෙක් ආහාර කලාවන් සමග තරගයේදී යම් සැකසූ මට්ටමකට ළ`ගා වෙලා. ඒ සැකසීම ආහාර රුචිය වර්ධනය කරනවා වගේම ආහාරයේ තිබෙන ආකර්ශනය වැඩි කරනවා. ඒ කොහොම වුණත් රෝ ෆුඞ් ආහාර වේලක නැතිනම් සජීවි ආහාර වේලක තිබිය යුතු මූලික අවශ්‍යතාවල් ඒ ඒ ආහාර වේල සැපිරිය යුතුයි. දැන් සහල් ගනිමු. සහල් බත් ලෙස ආහාරයට ගන්න නම් අංශක 40ට වඩා රත් කළ යුතුයි. එහෙම බැලූවහම බත් සජීවි ආහාරයක් වෙන්නේ නැහැ. එහෙත් සහල් දියේ පො`ගවා පැළකර එම බීජ අංකූර රසවත් පානයක් ලෙස සකසා ගැනීම සජීවි ආහාර රටාවට අයත් වෙනවා. සජීවි ආහාරයන්ට මස් මාංශ කිරි වගේ දේවලූත් අයත්. ජපානයේ සසිමි එක නිදර්ශනයක්. එහෙත් වැඩි දෙනෙක් නිර්මාංශයි.

සජීවි ආහාර කලාවේ මූලිකම තත්ත්වය තමයි අපි ගන්න ආහාරය අපේ ශරීරයට අගුණ නැහැ කියන විශ්වාසය. ඒක තමයි මූලිකම හරය. ආහාරයක් අංශක 40 වඩා රත්කළාම ඒ ආහාරයේ තියෙන ගුණය නැසිලා එය ශරීරයට අහිතකර තත්ත්වයකට පත් වෙනවලූ. පිළිකාකාරකයන් වැනි දේවල් ඇති වෙන්නත් ආහාර වැඩිපුරම රත් කිරීම බලපානවා කියලා සජීවි ආහාර කලාව ඇතුළේ ඉන්න අය විශ්වාස කරනවා.ඔවුන් ශරීරයට අහිතකර කිසිම දෙයක් ආහාර විදිහට ශරීරයට ඇතුළු කර ගන්නේ නැහැ. මේ හින්දා තමයි පාන් පිටි, කි‍්‍රස්ටල් සීනි, බෙහෙත් වර්ග, එන්නත් වර්ග භාවිතා කරන්නේ නැත්තේ?

සජීවි ආහාර ගන්න අයට ලෙඩ නැතිද?

සජීවි ආහාරයන්ට හුරුවෙලා ඒක කාලයක් තිස්සේ කර ගෙන යන බොහෝ රසවතුන් කියන්නේ සජීවි ආහාරයකින් ජීවිතය ජීවත් කරවන අයට ලෙඩ රෝග හැදෙනවා අඩුයි කියලා. ජීවිතය ජීවත් කරවන අයට ලෙඩ රෝග හැදෙනවා අඩුයි කියලා. යන්තම් උණක්, හෙම්බිරිස්සාවක් හැදුණත් ඔවුන් රෝහලකට යන්නේ නෑ. රසායනික ද්‍රව්‍යය බෙහෙත් විදියට ශරීරයට ඇතුල් කර ගන්නෙත් නැහැ. ගොඩක් වෙලාවකට ඇ`ග ඇතුළෙන් එන ශක්තිය මගින් ඒ ලෙඬේ සනීප කර ගන්න උත්සාහ ගන්නවා. සජීවි ආහාර රසවිඳින අය තමන්ට වැළඳුණු රෝගවලදී තම තමන් කි‍්‍රයාත්මක වුණ විදිහ වගේම ඒවාට ලැබුණු ප‍්‍රතිචාරයනුත් නූතන මාධ්‍ය හරහා සන්නිවේදනය කර ගන්නවා. බෙදා ගන්නවා. ඔවුන් සජීවි ආහාර සහ සජීවි ආහාරයන් මිනිස් ශරීරයට කරන බලපෑම ගැන පර්යේෂණ පවා කරනවා. පස්සේ ඒවායින් ලැබෙන ප‍්‍රතිඵල බෙදා හදා ගන්නවා. ඒක මේ සංස්කෘතිය නැතිනම් ව්‍යාපාරය ලෝකය පුරාම විදුලි වේගයෙන් ව්‍යාප්ත කරන්න උදව් වෙලා.

සජීවි ආහාර සංස්කෘතිය

ගොඩක් අය කියන්නේ සජීවි ආහාර සංස්කෘතියක් ලෝකය ඇතුළේ තවම ගොඩනැගිලා නැහැ කියලා. රෝ ෆුඞ් කියලා කියන්නේ දැන් මේ වෙනකොට මූමන්ට් එකක් නැත්නම් ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය දවසක සජීවි ආහාර සංස්කෘතියක් ලෝකයට ඉතුරු කරාවි. රෝ ෆුඞ් කියන්නේ සමහරකුගේ ජීවන විලාසිතාවක්. මේ ජීවන විලාසිතාව හරිම අමුතුයි. මේ ජීවන විලාසිතාවට අනුව ජීවිතය ගෙනියන අය සමහරෙක් තමන්ටම කියලා ආහාර නිපදවා ගන්න කාබනික ගොවිපොළ පවත්වාගෙන යනවා. සමහරුන් ලෝකයෙන් ගොඩක් ඇත්වෙලා ස්වභාවිකත්වයට ළං වෙලා ජීවිතය ගෙනියනවා. භාවනා යෝගි ව්‍යායාම වගේ දේවල් ජීවිතයට එකතු කර ගත්ත අයත් ඉන්නවා. සජීවි ආහාර ජීවන විලාසිතා බවට පෙරළගත්ත අය තමන්ට සහකාරියක් හෝ සහකරුවෙක් සොයා ගැනීමේදී ඔහු නැත්නම් ඇය සජීවි ආහාර රටාව අනුගමනය කරනවාද කියලා විශේෂයෙන්ම සොයා බලනවා. නැත්නම් සජීවි ආහාර විලාසිතාව ජීවිතය කර ගත්තම කෙනකු තමන්ගේ ජීවිතයේ සහකරුවා නැතිනම් සහකාරිය විදිහට තෝර ගන්නවා. ඒක ගොඩක් පහසුයි. අලූතින්ම කෙනෙක් සජීවි ආහාර රටාවට හුරුකර ගැනීම ටිකක් අමාරුයිනේ.

ජල දරු උපත්

සජීවි ආහාර රටාවට හුරු වූ කෙනෙක් සාමාන්‍යයෙන් ඖෂධ භාවිතා කරන්නේ නැහැ. සජීවි ආහාරයන්ට හුරු වූ කාන්තාවක් මවක් වෙන්නට යෑමේදී ඇයගේ සිතුවිලි හැසිරෙන්නේ මොන වගේද? ඔවුන් විටමින, බෙහෙත් වර්ග ගන්නේ නැහැ. එහෙත් දරුවාගේ වර්ධනයට ඒ ඒ කාලවලදී ලැබිය යුතු පෝෂණය ගැන සිතා ඊට සරිලන එළවළු පලතුරු ආහාරයට ගන්නවා. දරුවා බිහිකිරීමට රෝහල් තුළට යන්නේ නැහැ. දොස්තර කෙනකුගේ මැදිහත් වීම බොහෝ වෙලාවට ඔවුන් ප‍්‍රතික්ෂේප කරනවා. දරු උපතත් කෘතී‍්‍රම තත්ත්වයන් ගෙන් ගලවාගෙන ස්වභාවික තත්ත්වයටම පත්කර ගැනීමට උත්සාහ කරනවා. සජීවි ආහාර රටාවට හුරු වෙච්චි ගොඩක් අය මේ නිසා ජල දරු උපත් තම දරුවන්ගේ උපත සඳහා යොදා ගන්නවා. දරුවෙක් මවගේ කුස ඇතුළතදී තරලයක දිවි ගෙවීම නිසා ඒ දරුවා ජලය මත ඉපදීම වඩාත් ස්වභාවිකයි කියලා තමයි ඔවුන් කල්පනා කරන්නේ. කෘති‍්‍රමව ගොඩනැගූ රෝහලක කලබලය පිරි සූතිකාගාරයක කෘති‍්‍රම විදුලිපහන් එළි යටතේ කතුරු වැනි උපාංග ගැටෙන චංචල පරිසරයක දරුවකු මෙළොව එළිය දකිනවාට වඩා සුමියුරු සංගීතයක් මැද හොඳ හිරු එළියක නැවුම් වාතලයක් ඇතුළත දරුවකු ඉපදීම ඒ දරුවාගේ මානසික සෞඛ්‍යයට සුවදායක නැතිදැයි ඔවුන් ප‍්‍රශ්න කරනවා. සන්ඩාන්ස් කියල කියන්නේ මේ විදිහට ස්වභාවිකත්වයට ළං වෙලා දරුවන් පස්දෙනකුම සැදූ කෙනෙක්. ලොකුම දරුවාගේ දැන් වයස අවුරුදු 15ක්.

අපූරු රෝහල

ඇමරිකාවල ඇරිසෝනා ප‍්‍රාන්තයේ මේ ජීවන විලාසිතාවට හුරු වුණ අයට වෙන් වෙච්ච හරිම අපූරු රෝහලක් තියෙනවා. මේ රෝහලේ නම තමයි ටී‍්‍ර ධෆ් ලයිෆ්. මූලිකත්වය අරගෙන වෛද්‍ය ප‍්‍රතිකාර කරන්නේ ග්‍රෙබියල් කාෂින් කියන දොස්තර මහත්මයා. එයාල දියවැඩියාව වගේ රෝගවලට සායන පවත්වාගෙන යනවා. හැම රෝගයකටම ප‍්‍රතිකාරය විදිහට ඔවුන් පාවිච්චි කරන්නේ සජීවි ආහාර නැතිනම් රෝ ෆුඞ්. සමහර රෝගවලට ඒ ඒ රෝගය ඒ ඒ පුද්ගලයාගේ ඇ`ග ඇතුළේ වැඩකරලා තියෙන ප‍්‍රමාණයට මේ රෝහලේ ඉන්න වෙනවා කියල තමයි කියන්නේ. දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධික තරබාරුව වගේ රෝගවලට වගේම දරුණු පිළිකා රෝගවලටත් පිළිතුරු මේ රෝහලේ තියෙනවා. ගොඩක් ප‍්‍රතිකාර සාර්ථකයි. රෝග සුව වෙනවා කියලත් කියනවා. සජීවි ආහාර සංස්කෘතියට හුරු වුණ මේ පිළිබඳව සංවේදි අය කියන කතාවක් තමයි අපි ලෙඩ වෙන්නේ අපි කන ආහාර වර්ග නිසා කියලා. අපි අද වැඩිපුරම කන්නේ විෂ සහිත ආහාර. අවුරුද්දක් සාමාන්‍ය ක‍්‍රමයට ආහාර ගත්ත අයගේ ඇ`ගට එකතුවෙලා තියෙන විස ඇෙ`ගන් අයින් කරන්න මාසයක් සජිවි ආහාර ගන්න ඕන කියලා ඔවුන් කියනවා.

සජීවි තරු

රෝ ෆුඞ් නැත්නම් සජීවි ආහාර සංස්කෘතියක් කියලා කියන්න පුළුවන් නැත්නම් මේක ව්‍යාපාරයක් මූමන්ට් එකක් කියලා කියන්නත් පුළුවන්. දැන් රස්තා මූමන්ට් එක ගත්තොත් ඒකට තරු ඉන්නවා. බොබ් මාලේ වගේ. හිපි මූමන්ට් එක ගත්තත් එහෙමයි. මේ වගේ රෝ ෆුඞ් මූවන්ට් එකටත් තරු ඉන්නවා. ඬේවිස් වුල්ෆහාර් කියන්නේ ඒ වගේ තරුවක්. මැතිව් කෙනී යුවලත් ඒ වගේ. එයාලගේ රෝ ෆුඞ් ආහාර ගොඩක් ජනපි‍්‍රයයි. මේ තරු අතරින් සමහරෙක් සුපිරි පන්තියේ සූපවේදීන්. ඔවුන් රෝ ආහාර නැතිනම් සජිවි ආහාර ලෝකය පුරාම ජනපි‍්‍රය කරන්න උත්සාහ ගන්න අය. ගොඩක් අය පරිසරයට ආදරය කරන අය. පරිසර හිතකාමියෝ.

සජීවි ආහාර තරගය

සජීවි ආහාර පාන වර්ග සුපිරි අවන්හල් අද ලෝකයේ දියුණු නගරවල ගොඩක් තියෙනවා. ඔවුන් සාමාන්‍ය තලයේ ආහාරයන්ට ළං විය හැකි සජීවි ආහාර හඳුන්වා දීම කරනවා. සජීවි පලතුරුවලින් පිට්සා හැදීම. අයිස්කී‍්‍රම්, චොකලට් වැනි ආහාර නිර්මාණය ඔවුන් කරනවා. කි‍්‍රස්ටල් ෂුගර් ඔවුන් තමන්ගේ ආහාර සඳහා යොදා නොගත්තාට ඔවුන් නිපදවන අයිස්කී‍්‍රම් වැනි ආහාර සුමිහිරියි. කෘති‍්‍රම වර්ණක රසකාරක මොකුත්ම ඔවුන්ගේ ආහාර වට්ටෝරු තුළ නැහැ. ස්වභාවික දූරියම් මදුලක කහ පැහැයට වඩා කෘති‍්‍රම කහ පැහැය ලස්සන වෙන්නේ කොහොම ද කියලා ඔවුන් ප‍්‍රශ්න කරනවා. ස්වභාවික පේර ගෙඩියක තිබෙන සුවඳට වඩා කෘති‍්‍රම සුවඳ සුමියුරු දැයි ඔවුන් නැවත විමසනවා.

මේ හැම දේකින්ම ඔවුන් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ශරීරය වස විස වලින් රැුකගැනීම. ඒවගේම අප ජීවත්වෙන ලෝකයේ ස්වභාවික පරිසරය රැුක ගැනීම. මේ සියලූ දෙයක්ම එක මිටට ගෙනල්ලා කල්පනා කරනකොට රෝ ෆුඞ් නැත්නම් සජීවි ආහාර සංස්කෘතිය කියලා කියන්නේ කෘති‍්‍රම වුණ ලෝකයට නැවත ස්වභාවිකත්වය කැඳවීම වගේ කියලයි මට නම් හිතෙන්නේ.