ආරක්‍ෂාව නැති සිකියුරිටි ජීවිත

ඔහු සිතුවිලි සංවිධානගත කර ගන්න බොහෝ වෙලාවක් තැතනුවේය. අවසානයේ තැනින් තැන ඉතිරි වූ නටබුන් වන් දත් පෙන්නා හඬ පිටකළේය. ‘අපි ගැන ලියනවාට වඩා හොඳම දේ නොලියා ඉන්න එක. මොකද එතකොට අපේ රස්සාව ආරක්ෂා වෙනවා.’
සැමගේ රැුකීරක්්ෂා ආරක්ෂා කරන අයෙක් තමන්ගේ රැුකියාවේ ආරක්ෂාව ගැන එහෙම කියයි.

‘මිනිහෙකුට එක දිගට පැය විසිහතරක් රස්සාව කරන්න බැහැනේ. එතකොට පැය හතළිස් අටක්, පැය හැත්තෑ දෙකක් කළා කිව්වාම ඒක ලොකුම බොරුව වෙනවානේ. හැබැයි මම එහෙම එක දිගට පැය හැත්තෑ දෙකක් ඒ කියන්නේ දවස් තුනක් රස්සාව කරලා තියෙනවා. එතකොට අහන අනෙක් ප‍්‍රශ්නය තමයි නිදාගත්තේ නැද්ද කියන එක. නිදාගන්නවා. හැබැයි ඒක කියන්න බෑ. නිදානොගෙන කොහොමද මිනිහෙක් එක දිගට දවස් තුනක් ඉන්නේ. එහෙම ඉන්න බැහැ කියලා ඕනෑම පොඩි ළමයෙකුත් දන්නවා. නිදා නොගන්න සිකියුරිටිලා නෑ. හැමෝම නිදාගන්නවා. හැබැයි අපේ ඩියුටියේ නිදාගැනීමක් නැහැ. අන්න ඒකයි මම කිව්වේ මේවා ලියනවාට වඩා හොඳම දේ නොලියා ඉන්න එක කියලා.’

මට තිබුණේ කන්දීගෙන ඉන්නටය. ප‍්‍රශ්නත්, උත්තරත් ඔහුම සැපයුවේය. අපේ හමුව සිදුවන්නේ රාත‍්‍රියක. දහවලේ හිනාවෙන්නටවත් ඔහුට විවේකයක් නොවුණි.
‘වාහනයක් පස්සට ගන්නකොට බ්ලොක් වුණොත් ඒකටත් බනින්නේ මට. පාක් කරන්න ඉඩ නැති වුණත් බනින්නේ මට. එන එන හැම කෙනාටම හිනාවෙලා ඔළුව නවන්න ඕනෑ. අපේ රස්සාවේ ගරුත්වය තියෙන්නේ අපිව දාන තැන්වල ලොක්කන්ගේ හොඳකම මතයි. මම තැන් තුනක හිටියා. එක තැනක් අපායක්. කන්න වෙලාවක් නැහැ. කන්න ගිය ටිකට අයිතිකාර නෝනා කෑගහනවා කොහෙද ගියේ කියලා. කන්න මගේ කුටියට ගියාම කෑගහනවා නම් තත්ත්වය මොකක්ද? අපි සල්ලි ගෙවන්නේ මෙතන ඉන්න ඕනෑ හින්දා කියලා ගෑනි අඬු පුප්පලා යනවා. පුදුම දුකක් ඒ කාලේ වින්දා. දැන් හොඳයි. මේකේ ස්වභාවය තීරණය වෙන්නේ අපේ ලොක්කෝ මත නෙවෙයි. අපිට වැඩ ලැබෙන තැන්වල ලොක්කන් මත. ඒක තමයි ඇත්ත.’
ඔහුගේ ආරක්ෂක වෘත්තියෙහි ආයුෂ දස වසරකට කිට්ටුය.
‘මට දැන් අවුරුදු හැත්තෑවක්. අද මම මිනිස්සුන්ට සැලියුට් ගැහැව්වාට ඔළුව වැනුවාට කාලයක් මටත් මිනිස්සු ඔළුව වැනුවා. සැලියුට් ගැහුවා.’ අහිමි වූ දත් අතරින් ඔහුගේ හිනාව මට මතුවී පෙනෙයි. හැත්තෑ හැවිරිදි වුවද ශරීරයේ ශක්තිමත්භාවයක් ඔහුගෙන් දිස්වෙයි. සිකියුරිටි රස්සාවේ ස්වභාවය ගැන යමක් ලියමුයි කතිකා කරගත් විටම කතාව ඇතුළේ තිබුණේ මීට වඩා විධිමත්භාවයකි. ඒත් කතාවට වැටුණු විට අසුවුණේ ඊට වඩා වෙනස් පැත්තකි. නම් ගම්, ආයතනික නම් සඟවන්නට සිදුවන්නේ මොවුන්ගේම ආරක්ෂාවටය.

අතීතයේ මුරකරුවාගේ භූමිකාව පරිණාමය වී සිකියුරිටි දක්වා ඉංග‍්‍රීසිකරණය වීමත් සමග එය වෙනම අනන්‍යතාවක් ඉසිලූවාය කීවොත් නිවැරදිය. විශ‍්‍රාම යන පොලිස්, හමුදා නිලධාරීහු විශ‍්‍රාම දිවියෙහි කළහැකි යමක් ඇත්නම් එය ආරක්ෂක සේවා ස්ථානයක් ආරම්භ කිරීම බව ඉවෙන් මෙන් අවබෝධ කරගත්තෝය. අද මෙරට ඇති සෑම සිකියුරිටි ආයතනයකම ප‍්‍රධානීහු විශ‍්‍රාමික පොලිස් හමුදා නිලධාරීහුය. විශ‍්‍රාමිකයන්ගෙන් ඇරඹෙන රැුකියා ස්ථානයේ වැඩිපුරම ඉඩ වෙන්වූයේද තවත් විශ‍්‍රාමිකයන්ටමය. කොටින්ම මෙය රැුකියාවක අවසන ආරම්භ වන තවත් රැුකියාවක් විය. මලලසේකර ශබ්දකෝෂය ීැජමරසඑහ යන්නට දෙන අර්ථ බොහෝය. ඒ සුරක්ෂිතභාවය; ආරක්ෂාව; ආරක්ෂා සේවය; ඇපය; ඇප ඔප්පුව; කොටස් ඔප්පුව (පත‍්‍රය) ව්‍යාපාර වස්තුව යනාදියයි. එයින් අපට වඩා සමීප වනුයේ ආරක්ෂාව නොහොත් ආරක්ෂිත තත්ත්වයය.

මේ කාගේ ආරක්ෂාවද? සිකියුරිටි සේවය ලබාගනුයේ ව්‍යාපාරික ස්ථානයක් නිවසක්, ඉඩමක්, පාසලක් එකී නොකී කුමක් හෝ ආරක්ෂාවටය. එහෙත් එය එසේමද? සැබැවින්ම ලක්ෂ ගණන් කෝටි ගණන් වටිනා දේපළ භාණ්ඩ මේ තනි මිනිස් සිරුරකට සුරැුකිය හැකිද? එකකු හෝ දෙදෙනකුට මේ සෑම දෙයකම ආරක්ෂාවට වගකිව හැකිද? ප‍්‍රායෝගිකව එය එසේ නොවන බව සෑම කෙනෙක්ම දනිති. එහෙත් ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් සැමට අවැසිය. එකී විශ්වාසය සිකිියුරිටි සේවාව හරහා තහවුරු වේ.

අපි ආරක්ෂක නිලධාරීන් අටදෙනකු හා කතාබහක යෙදුණෙමු. ඔවුහු විවිධ ආයතනයන්හි නියැලි එකිනෙකට වෙනස් සිකියුරිටි ආයතනවලින් ආ අයය. එහෙත් පොදුවේ මේ සැම එකකි. රැුකියා ස්වභාවය එකය. එහි සියලූ හැඩතල සම ය. මේ හැමදෙනාම කිහිපවිටක්ම හමුවී කළ කතාබහ අවසන එළැඹි තැන අප මුලින් ගොනුකළ තැනය. එනම් මොවුහු සැබැවින්ම ආරක්ෂාව පිළිබඳ විශ්වාසය විනා සම්පූර්ණ ආරක්ෂාව නොවන බවය.

‘වෙලේ ඉන්න පඹයාට මුකුත් කරන්න බැහැනේ. පණක් නැහැ. හැබැයි වෙළේ ආරක්ෂාව පඹයාගෙ අතේ. කුරුල්ලෝ බයට එන්නේ නැහැනේ. මේක හාස්‍යයක් වගේ පෙනුණාට ඕක තමයි ඇත්ත. සිකියුරිටි කෙනෙක් ඉන්න කොට එතැන ආරක්ෂාව තියෙනවා.’

ඒ කතාව සැබෑය. එහි නියත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් තිබේ. අප මුලින්ම නතර කළ කතාවේ ඉතිරිය වෙනකකු සමග කියවමු.
‘අපේ ඩියුටිය අනිවාර්ය පැය 12යි. උදේ හතට ආවාම හවස හතට ඕෆ් වෙන්න ඕනෑ. මම වැඩ කරන තැනට ඉන්නේ දෙන්නයි. ඒ හින්දා ගොඩක් වෙලාවට වෙන්නේ පැය විසිහතරම මම ඇදලා. පහුවදාට අනෙක් කෙනා අදිනවා. මේ රස්සාවේ මිත‍්‍රකම හරිම වටිනවා. ඕනෑම කෙනෙක්ගේ රැුකියාවේ නිදහස තීරණය වන්නේ මේ බෙදාගැනීම මත. මම ඔහු වෙනුවෙන් දවස් දෙක එකපිට අදිනවා. ඔහුත් එහෙමයි. අපි වැඩ කරන ප‍්‍රමාණය තීන්දු කරන්න පුළුවන් අපේ ආයතනයට වඩා අපිටමයි. නිකං හරි මම උදේ හතට ඉඳලා ? හතට ඕෆ් වෙනවා නම් මගේ ඩියුටිය අනෙක් කෙනා භාරගන්න ඕනෑ. එයා ආවේ නැත්නම් අපි අපේ ආයතනයට කිව්වා කියලා විකල්ප නෑ. ඒ මොකද මේකේ ස්ටෑන්ඞ්බයි කට්ටිය නෑ. බැරිවෙලාවත් ඔහු ඊළඟ දවසේ උදේ ආවේ නැත්නම් ඒත් විකල්පයක් නැහැ. ඔහු එනකම්ම ඉන්න වෙනවා.’

‘?ට නින්ද යනවා. හැබැයි කවදාවත් ඒ සම්පූර්ණ නින්දක් නෙමෙයි. පුටුවක නිදාගන්න පුළුවන්ද? මම මුලින් හිටපු තැන ?ටවත් සපත්තු ගලවන්න බෑ. විසිට් එකට ආවාම සපත්තු ගලවලා නම් රුපියල් 100ක් දඩගහනවා. නින්ද නැතිව හරි ඉන්න පුළුවන්. දවස් දෙක තුනක් එකම ඇඳුම ඇඳගෙන ඉන්න එක තමයි එපාම කරපු වැඬේ. දවල්ට ¥විල්ල. ?ට පින්න. සමහර වෙලාවට දවසට සිගරැුට් දහයක් විතර පෙවෙනවා. මගේ ළමයි බැඳලා වෙනම ඉන්නේ. කරදර කරන්න බැරි හින්දා මම මේක කරනවා. දැන් අවුරුදු අටක් වෙනවා. තනිකරම ජීවිතේ මේක. ගෙදර ගියහම නාගෙන නිදාගන්නවා. ආයේ වැඩට එනවා. ගෙදර ඉන්නකම් කරන්නේ නිදාගන්න එක. ඇත්තටම නින්ද කොච්චර වටිනවාද කියලා දැනගන්න ඕනෑනම් කෙනෙක් මාසෙකට හරි සිකියුරිටි කෙනෙක් වෙන්න ඕනෑ.’

සැබැවින්ම ඔහු කතා සාප්පුවකි. තනියට ඔහු අත පොතකි.
‘මට නින්ද යනවා අඩුයි. මම සමහර අවස්ථාවල එළිවෙනකොට පොත ඉවර කරනවා. මම වෝටර් බෝඞ් එකේ හොඳ රස්සාවක් කළේ. රිටයර් වෙලා මේකට ආවා.’
විශ‍්‍රාමිකයකුට සිය විවේකය මේ රස්සාවට කැප කළහැක්කේ කැමැත්තෙන්මයැ’යි කිසිවිටකත් උපකල්පනය කළ නොහැකිය. එහෙත් මේ සඳහා ඉල්ලූම වැඩිපුර ඇත්තේ විශ‍්‍රාමිකයන්ටය. එයින්ද පොලිසියේ සහ හමුදාවේ සේවය කොට විශ‍්‍රාමලත් යන වදන සහිත ඇබෑර්තු ඉරිදා පුවත්පත්වල එමටය. එයින් අපේක්ෂිත අරමුණ විශ‍්‍රාමිකයන්ට ඒ සඳහා කැපවිය හැකි සම්පූර්ණ ඉඩ විවර වී ඇති බවද? තාරුණ්‍යයට වැඩ එමටය. ඔවුන් පැය 24, පැය 72ක් එක දිගට සේවය කිරීම ජීවිතයම උගසට තැබීමකි. එහෙත් එහෙව් අයද ඕනෑතරම්ය.

‘මම අවුරුදු 23දී බැඳුණේ. දැන් අවුරුදු 35ක්. මේක දැන් හුරුවෙලා. වෙන රස්සාවක් කරන්න හිතෙන්නෙත් නැහැ. අපි මහා ලොකු ඉතිරියක් කරලා නැහැ. කොටින්ම මම ගෙදර යනකොට මගේ නෝනා වැඩට යනවා. එයා ගෙදර එනකොට මම වැඩට යනවා. සති ගණන් මම එයාගේ මුහුණ දැකපු නැති දවස් තියෙනවා. මේවා සමහරු හිතයි විහිළු කියලා. මගේ දරුවා මට ඒතරම් එකතු නෑ. ඇයි ළමයාගේ කිසිම දෙයක් කරන්න මම නෑ. අපි ඔක්කොම එකට කොහේවත් ගිහිල්ලා නෑ. කාලෙකින්. මම මේ රස්සාවට ආවේ බැන්දාට පස්සේ ජීවත් වෙන්න ඕනෑ හින්දා. එතකොට වැඩි මුදලක් ඕනෑවෙන හින්දා වැඩිපුර අනෙක් අයගේ කාලය පවා ඉල්ලගෙන කවර් කරනවා. එහෙම කරලා මාසෙට ඕටී 50ක් 60ක් කරගන්නවා. සමහර ආයතනවලිනුත් අවුරුද්දට, නත්තලට අපිට සලකනවා. කොහොමහරි නිදි මරලා දවස් ගණන් ගෙදර නොගිහින් හම්බ කළා. ඒත් දැන් හිතනකොට ජීවිතයක් නෑ නේද කියලා. අපි අපේ ආරක්ෂාව ගැන හිතලාම නෑ. මම කොටුවේ ඉන්න කොට වයසක කෙනෙක් ආවා. ඇවිල්ලා මාස දෙකයි. එක දවසක් එනකොට පුටුවෙම මැරිලා. සතපහක් ලැබුණේ නැහැ. සේවා ස්ථිර කරන්න ඉස්සර මාස හයයි. දැන් අවුරුද්දක් ගන්නවා. විශ‍්‍රාම අය ගන්න හින්දා ඊපීඑෆ්, ඊටීඑෆ් කපනවා හොරයි. ඒ අය කැමතිත් නැහැ කපනවාට. ඒකෙන් පාර වදින්නේ අපිට. ඇයි අපේ ඒවාත් පඩියෙන් කැපුවාට ඒවාට දාන්නෙත් නැහැ. මේවාටම දියවෙලා හැරිලා බලනකොට අන්තිමට මුකුත් ඉතිරි නැහැ. මම මුලින් හිටපු තැන එහෙම තැනක්. මේ තැන හොඳයි. මට හම්බ වුණු ආයතනත් හොඳයි. හොඳ මහත්තුරු ඉන්නේ. අපේ සෞඛ්‍යය බලා ඉද්දී පිරිහෙනවා. අනික් අය ආරක්ෂා කරන්න අපි හොඳ සෞඛ්‍යයෙන් ඉන්න එපැයි. ඒවා මුකුත් නැහැ.’
‘ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සිකියුරිටි එකේ කොහොමද කියන්න දන්නේ නැහැ. මම දෙකක හිටියා. කවදාවත් කිසිම පුහුණුවක් අපිට දීලා නෑ. මම පොතේ සටහන් දාන්නත් ඉගෙන ගත්තේ පරණ අයගෙන් අහගෙන.’

ආණ්ඩුවේ වැටුප් ක‍්‍රමවේදයට අනුව මොවුන් පවසන ආකාරයට මොවුන්ට හිමි මාසික වැටුප රුපියල් 8200කි. එයට ආරක්ෂිත දීමනාවක් ලෙස රුපියල් 1000ක් එකතු වී සම්පූර්ණ මුදල රුපියල් 9200කි. එහෙත් මොවුන් මාසිකව උපයන මුදල රුපියල් 25,000කට කිට්ටු වේ. ඒ අනුව මොවුන් කොතරම් අතිකාල පැය ගණනක් සේවයේ යෙදෙනවාදැ’යි නිශ්චිය කළ හැකිය. මෙම වැටුප් තල ආයතනයෙන් ආයතනයට වෙනස් වේ.

‘අපි යුනිෆෝම් දෙකක් අරගෙන තියෙනවා. ඒකට රුපියල් (1500-2000) අතර කැපෙනවා. සපත්තුවලට වෙනම කැපෙනවා. අපේ ඩියුටි චෙක් කරන්න එන වෙලාවට පොඩි අඩුවක් හරි දැක්කොත් රුපියල් 100-200ක් කපනවා. අපි වැඩ කරන තැන්වල ප‍්‍රධානීන් අපේ වැරදි ගොඩගහගෙන ඉඳලා අපේ ලොක්කන්ට කියනවා. එතකොට අරවා මේවා කියලා රුපියල් 500-700 කපපු වෙලාවල් තියෙනවා. පැය 24ම යුනිෆෝම් එක ඇඳගෙන ඉඳලා ගොඩක් වෙලාවට කුෂ්ඨ එනවා. එහෙම අය ඕනතරම් ඉන්නවා.’

‘අපිව මේ තැන්වලට දාලා අපේ ආයතන ලොකු ගාණක් ගන්නවා. සිකියුරිටි කරනවා නම් හොඳම ‘ඔන් සිකියුරිටි’ කරන එක. ආයතනයෙන්ම යොදන සිකියුරිටි කෙනාට කියන්නේ ඔන් සිකියුරිටි කියලා. ඔහුත් අනෙක් සේවකයන් වගේම ආයතනයේ සේවකයෙක්. ඒ ආයතනයේ සියලූ දේ ඔහුටත් අයිතිියි. ඒක තමයි හොඳම සිකියුරිටි සේවය. ඒත් සිකියුරිටි ආයතනවලින් ගත්තාම අපි යටත් ඔවුන්ට. හැබැයි අපි බලාගන්න ආයතනයේ යමක් වුණොත් ඒ වගකීම එදාට ඩියුටි කරන අය තනිව බාරගත යුතුයි. ආරක්ෂාව ලබාදෙනවා කිව්වට අන්තිමට ඔක්කෝම අපේ ඇඟට දාලා අත පිහදා ගන්නවා. සිකියුරිටි කෙනෙක් කියන්නේ කොයි වෙලේ ප‍්‍රශ්නයක් වෙයිද කියන්න බැරි රස්සාවක්.’

කප්පරක් ලෙඩ රෝග, සොර සතුරු බිය, හැම දෙයකම අවසානය මේ මිනිසුන් ලබාදෙන සහතිකය කීදෙනකුගේ සුවදායක නින්දකට මග සාදනු ඇත්ද? මොවුන් නිදිකිරා වැටෙමින් රකිනුයේ අනෙකුන්ගේ නින්ද නොවේද? අනෙක් අයගේ දේපළ නොවේද? එයින් යන්තමින් හෝ මේ ජීවිතත් රැුකෙන බව සැබෑය. එහෙත් ඒ වෙනුවෙන් මොවුන් අප‍්‍රමාණ දුක් නොවළඳන්නේද? රැුකියාව ‘සිකියුරිටි’ නම් ඒ අප‍්‍රමාණ දුක් ගොඩකි. අනාරක්ෂිත රැුකියාවකි. මේ මනුස්සයාද මනුස්සයෙකි. ඊට එහා රැුකවරණයක් ඇද්ද? මින්පසු ඔවුන් දෙස වෙනස් විදියකට බලන්න. සුරක්ෂිතව ඇත්තේ කාගේ ජීවිතද?