යුකේ‍්‍රන අර්බුදය එහෙමමයි

ගාසා තීරයේ ඇවිළෙන ගින්න ගැන අවධානයෙන් සිටින ලෝකයට ඊට පෙර ඇවිළී තවමත් නිවී නොමැති, තවමත් මිනිස් ජීවිත බිලි ගන්නා නැගෙනහිර යුකේ‍්‍රනයේ පවත්නා මහා ගිනි ජාලාව ගැන දැන් නිනව්වක් නැති ගාන ය. එහෙත් එහි තවමත් සිද්ධි වාර්තාවේ. මිනිස්සු මියෙති. ඊටත් වඩා මැරි මැරී ජීවත් වනු පිණිස සරණාගත කඳවුරුවලට ගාල් කෙරෙති. මේ වන විට ඒ තත්ත්වයට පත් ව ඇති සංඛ්‍යාව 230,000 ඉක්මවන බව පැවසේ.

පසුගිය 17දා නැගෙනහිර යුකේ‍්‍රනය හරහා පියාසර කළ මැලේසියානු ගුවන් සේවාවට අයත් MH17 යානය බිම සිට එල්ල කරන ලද ප‍්‍රහාරයක් නිසා කඩා වැටිණි. කාර්ය මණ්ඩලයේ 15ක් සහ මගීහු 283 ඉන් සැණෙකින් ජීවිතක්‍ෂයට පත් වූහ. ප‍්‍රහාරය රුසියානු හිතවාදී ඩොනෙට්ස්ක්හි ගරිල්ලන් විසින් බක් මිසයිලයක් මගින් සිදු කරන ලද බව ස්ථිරව ම අනාවරණය කොට ගෙන ඇත. දැන් සොයන්නේ එසේ ප‍්‍රහාරයක් එල්ල කළේ ඇයි ද යන්න පිළිබඳව ය. එය කවරකු විසින් කවර අරමුණකින් කාට එල්ල කරන ලද ප‍්‍රහාරයක් වුවත් ඉන් විනාශයට පත් වූවෝ ගැටුම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති නිරායුධ අහිංසක සිවිල් වැසියෝ ය. අවසානයේ ඔවුන්ගේ දේහයන්ට පවා නොයෙක් අන්දමින් අගෞරව කැරිණි. යානය කඩා වැටුණු ආකාරය පිළිබඳ අබිරහස මෙතෙක් හෙළිදරව් වී නොමැත.

මේ ගැන චෝදනා මුල සිට ම රුසියාව වෙත එල්ල වූයේ නැගෙනහිර යුකේ‍්‍රනයේ කැරලි ගසමින් සිටින්නේ රුසියානු හිතවාදීන්ට අවි සපයන්නේ රුසියාව වන හෙයිනි. එහෙත් සැලකිය යුතු කාරණය නම් රුසියානු හිතචාදී වුව ද ඔවුන් යුකේ‍්‍රන පුරවැසියන් මිස රුසියානුවන් නොවන බවයි. වාර්තාවන ආකාරයට දැන් මේ කාරණා පදනම් කැර ගනිමින් යුකේ‍්‍රන ආණ්ඩුව රුසියාව කෙරේ බටහිර ප‍්‍රකෝප කිරීමක යෙදී සිටියි.

මීට දෙසතියකට පෙර යුකේ‍්‍රනය සිය හමුදාව තර කිරීම සඳහා තරුණයන් බලයෙන් බඳවා ගත් බව වාර්තාවෙයි. ඒ සඳහා වියදම් දැරීමට එරට පාර්ලිමේන්තුව හෙවත් වෙර්කොව්නා රාදා ආදායම් බදු 1.5කින් ඉහළ නැංවී ය. මේ සඳහා ජනතාවගෙන් එල්ල වන විරෝධය යටපත් කරන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ රුසියානු ආක‍්‍රමණයක් මවා පෑමයි. බදු වැඩි කරන්නට අනුමැතිය නොදෙන්නේ නම් තමා ඇතු`ඵ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වන බවට අගමැති ආර්සෙනෙයි යැට්සෙන්යුක් කළ තර්ජනය නිසා ඔහුගේ ඉල්ලා අස්වීම වෙනුවට බදු වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් පිළිගන්නා ලදැයි ද පැවසේ. කෙසේ වෙතත් මේ වනාහි යුද්ධයෙන් බැට කන සාමාන්‍ය සිවිල් වැසියන් මත අතිරේක බරක් පැටවීම බව අමුතුවෙන් කිව යුතු නැත.
යුකේ‍්‍රනයේ වර්තමාන ජනාධිපති පෙට්රෝ පොරෙශන්කො බිලියනපතියෙකි. ඔහු එරට අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සමග එක්ව සාමූහික ව කටයුතු කරමින් සිටියි. වර්තමාන පාර්ලිමේන්තුව මැද පෙළ වාමාංශික හෙයින් ඔහුගේ අවශ්‍යතා එලෙසින් ම ඉටු කැර ගැනීම තරමක් අසීරු ය. එළැඹෙන ඔක්තෝබර් මස පැවැත්වෙන මහ මැතිවරණයේ දී වඩාත් නම්‍යශීලි දක්ෂිණාංශික පාර්ලිමේන්තුවක් පත් වනු ඇතැ’යි ඔහු අපේක්ෂා කරයි. එවිට යුරෝපා සංගමය හා ලෝක බැංකුව සමග පහසුවෙන් ගනුදෙනු කළ හැකිවෙයි.

යුකේ‍්‍රනයේ පවත්නා අර්බුදයට මුල හිටපු ජනාධිපති වික්ටර් යෙනුකොවිච්ගේ රුසියානු පක්‍ෂපාතීත්වය බව ප‍්‍රකට ය. ඔහු යුරෝපා සංගමය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබන්නට එක`ග වී සිට අවසාන මොහොතේ රුසියාවේ ඉල්ලීම අනුව එය මග හැරියේ ය. මේ සියලූ අර්බුද ඇරඹුණේ එයිනි. රුසියාව ප‍්‍රතික්‍ෂෙප කරන යුකේ‍්‍රන ජනයා වීදි බැස යෙනුකොවිච්ට එරෙහි විරෝධතා පවත්වන්නට වූ කල ඔහු රුසියාවට පලා ගියේ ය. ඉන්පසු යුකේ‍්‍රනයේ උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය උපයෝගී කැර ගනිමින් රුසියාව යුකේ‍්‍රනයට භට කණ්ඩායම් එවූ අතර පසුව කි‍්‍රමියාව අල්ලා ගත්තේ ය.

කීව් අගනුවර සහ තදාසන්න පෙදෙස්වල ජනතාව රුසියාවට එරෙහි වුවත් කි‍්‍රමියාවේ පැවැති ජනමත විචාරණයේ දී ප‍්‍රකට වූයේ රුසියාවට පක්ෂපාත ජන කණ්ඩායමක් ද යුකේ‍්‍රනයේ සිටිනා බවයි. ඔවුහු එහි වෙසෙන රුසියානුවෝ පමණක් ම නොවෙති.

හොඳම උදාහරණය වනුයේ නැගෙන හිර යුකේ‍්‍රනයේ ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් යන පළාත් දෙකයි. මේ වනවිටත් ඒවා ස්වයංනිර්ණ පාලනාධිකාරි පිහිටුවා ගෙන සිටින අතර තමන්ගේ ‘රාජ්‍යයන්’ ද රුසියාවට ඈ ගන්නා ලෙස රුසියාවෙන් ඉල්ලා සිටිති. ඒ පෙදෙස්වල රුසියාවට පක්ෂපාත කැරලිකරුවන් සිටින්නේ එහෙයිනි.

ඒ කැරලිකරුවන්ට රුසියාව ආධාර කරයි. මැලේසියානු යානය බිම හෙළීමේ චෝදනාව රුසියාවට එල්ල වනුයේ ඒ අනුව මිස එය රුසියන් හමුදාව විසින් කළ නිසා නොවේ. එහෙත් අමෙරිකානු රාජ්‍ය ලේකම් යානය අනතුරට පත්වී පැය කිහිපයක් තුළ හරියට ඇහින් දුටුවා සේ නැතහොත් ඇසින් දුටු සාක්‍ෂි ඇතිවා සේ කීවේ යානය බිම හෙ`ඵවේ රුසියාව බවයි.
මේ අතර රුසියාවට සම්පූර්ණයෙන් ම සම්බාධක පැනවීමට ද යුරෝපා සංගමයේ සියලූ රටවල එක`ගත්වයක් නැත. ඒ නිසා නිශේධනාත්මක ලෙස රුසියාව කොන් කිරීම බොහෝදුරට අපහසු ව පවතී.

මිලියනයක පමණ ජනයා ජීවත්වන අතීතයේ බොහෝ සාමකාමී කඳුකර පළාතක් වූ ඩොනෙට්ස්ක්, යුකේ‍්‍රන රජයේ හමුදා විසින් නිරන්තරයෙන් එල්ල කරනු ලබන ෂෙල් ප‍්‍රහාරවලට බඳුන් වෙයි. 400,000 පමණ ජනයා නිවසන අතීතයේ එබඳුව ම පැවැති ලූහාන්ස්ක් ද රජයේ හමුදා විසින් මු`ඵමනින් ම වට කරනු ලැබ ජලය සහ විදුලිය පහසුකම් පවා නොමැතිව පවතියි.
සිද්ධීන් පිළිබඳව වාර්තා නැති නමුත් එක්සත් ජාතීන් විශ්වාස කරන්නේ රජයේ හමුදාවල ප‍්‍රහාර නිසා අඩු තරමින් 1,600ක් පමණ මේ වනවිට ඝාතනය වී ඇති බවයි. අනතුරුවලට භාජනය වූ සංඛ්‍යාව 3,500 පමණ විය හැකි අතර 40,000ක් අනාථ වී ඇත. එහෙත් ඇතැම් වාර්තාවක දැක්වෙන පරිදි ඒ ප‍්‍රමාණය ඊට වඩා බොහෝ සෙයින් වැඩි ය. දරුවන් හැකිතාක් දුරට ගෙනයන ලෙස රජයේ හමුදා නිරතුරු නිවේදනය කරමින් සිටියි. ඒ කියන්නේ කොයි වේලාවේ ප‍්‍රහාර එල්ල විය හැකි ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවයි.

එරට හමුදා ප‍්‍රධානි වැලේරි ගැලිටි ජාතික රූපවාහිනියෙන් පෙනී සිටිමින් ජනතාවට උපදෙස් දෙන්නේ හැකිතාක් රුසියාව දෙසට යන ලෙසයි. රුසියාව ඔබ සාදරයෙන් පිළිිගන්නවා ඇත. අනෙක එහි ගැටුම් ද නොමැත. පලා යන මිනිසුන් තමන්ට පලා යන්නට උදව් කරන්නැ’යි දුරකතන ඇමතුම් දෙමින් හමුදාවෙන් ඉල්ලීම් කරන්නේ යැ’යි ද ඔහු ස`ගවා ගත් උද්දාමයෙන් යුතුව පැවසී යැ’යි ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවිය වාර්තා කරයි.

එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ රුසියාවට එරෙහි වීම් ලෙස අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය සහ බි‍්‍රතාන්‍යය යුකේ‍්‍රන ආණ්ඩුවට අවි සහ මූල්‍යාධාර සැපයීමෙන් රහසිගත ආධාර කරන බවයි. බර අවි, සන්නද්ධ රිය, යනාදිය යුකේ‍්‍රන කම්හල්වලම නිපැයෙන අතර බටහිර හිතවතුන් විසින් මිලියන ගණනින් ඩොලර් පොම්ප කරනු ලැබේ. ඊට අමතරව ආහාර පැකේජ, ශරීරාවරණ සහ රාත‍්‍රි පෙනෙන කණ්නාඩි ද සැපයේ. ඔවුන් කැරලිකරුවන්ට රුසියාව අවි සපයතැ’යි චෝදනා කරන්නේ එවැනි පසුබිමක් ඇති ව ය.