ගූගල් ළමා අපයෝජකයන්ට වැට බඳියි

 

සිය ජීමේල් විද්‍යුත් ලිපිනය උප යෝගි කැර ගනිමින් සිය මිතුරන්ට ළමයින්ගේ කාමාසක්ත සේයා රූ යැවූ අමෙරිකානුවකු නීතියේ රැහැනට හසු කැර ගන්නට එරට ‘අතුරුදන් වූ සහ අපයෝජනයට ලක් වූ දරුවන් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය’ (එන්සීඑම්ඊසී)පසුගිය සතියේ සමත් විය.

ජෝන් හෙන්රි ස්කීලර්ස් නමැත් 41 හැවිරිදි හුස්ටන් වැසියකු වන මොහු ළමා අපචාර සම්බන්ධයෙන් ලැයිස්තුගත අපරාධ කරුවෙකි.
සාමාන්‍ය තැපෑලෙන් මෙන් ම විද්‍යුත් තැපෑලෙන් යවන ලිපියක් ද අතිශය පෞද්ගලික හා රහසිගත ලෙස සැලකුණත් මෙයින් අනාවරණය වනුයේ විද්‍යුත් තැපෑල තවදුරටත් පෞද්ගලික හා රහසිගත නොවන බවයි. මන්දයත් මේ පුද්ගලයා නීතියේ රැුහැනට හසු කැර ගන්නට එම ආයතනය වෙත ඔත්තුව සපයා ඇත්තේ ගූග්ල් වන හෙයිනි.

දැන් මෙය මත භේදයකට තුඩු දී තිබේ. ගූගල් ආයතනය පුද්ගලයන්ගේ ලියුම් රහසිගත ව කියවන්නේ ද? ඒ ගැන විමසූ විට තමන් ඒ ගැන කිසිත් නොදන්නා බව ගූගල් පැවසූ බව බීබීසි සඳහන් කරයි. එහෙත් ගූගල් සමාගමේ නිලධාරියකු පවසා ඇත්තේ ගූගල් විද්‍යුත් තැපෑලෙන් යැවෙන ලේඛනයක් තුන්වන පාර්ශ්වයක් ද බෙදා හදා ගන්නේ නම් පෞද්ගලිකත්වය පිළිබඳ නීති එවිට අදාළ නොවන බවයි.

එන්සීඑම්ඊසී හි රහස් පරීක්‍ෂක ඬේවිඞ් නෙට්ල්ස් පවසන්නේ ‘මට තොරතුරු ලබා ගත නොහැකියි. මට ඡායාරූප බැලිය නොහැකියි. එහෙත් ගූගල්ට හැකියි.’ ගූගල් ආයතනයෙන් ලද ඔත්තුවට අනුව කි‍්‍රයාත්මක වූ එන්සීඑම්ඊසී නිලධාරීහු උසාවි නියෝගයක් ලබා ගෙන ස්කීලර්ස්ගේ පුද්ගලික පරිගණකය පරීක්‍ෂා කළ විට අදාළ පින්තූර එහි තිබී සොයා ගෙන ඇත. චූදිතයා අවන්හලක කෝකියෙකි. ඔහු සිය ජංගම දුරකතනය මගින් ලබා ගන්නා ඡුායාරූප අපචාරී ලෙස සකසා මිතුරන් වෙත බෙදා හැර ඇතැ’යි පැවසේ.

ස්කීලර් ප‍්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඇඩො 200,000 ඇප මත මුදා හැර තිබේ.

ළමා අපරාධ පිළිබඳ සෝදිසියෙන් සිටිනා ‘ලොකු සහෝදරයා මුරකාය’ (Big Brother Watch) නම් සංවිධානයේ (ලොකු සහෝදරයා යනු ජෝර්ජ් ඔවෙල්ගේ 1984 නවකතාවේ එන පාලකයා ය.) එමා කාර් පෙන්වා දෙන්නේ එක්සත් ජනපදයේ සියලූ සමාගම් රටේ පවත්නා නීතිය අනුගමනය කරන්නට බැඳී සිටින බවයි. නීති උල්ලංඝනය කරන්නකු වෙතොත් ඒ අය ගැන බලධාරීන් දැනුවත් කරන්නට ද සමාගම් බැඳී සිටිති. එසේ ම ඔවුන් විසින් පරීක්‍ෂා කරන විද්‍යුත් තැපෑලේ ගිණුම් සංඛ්‍යාව ගැන සලකා බැලූ විට මෙවැන්නක් අනාවරණය වීම පුදුමයක් නොවේ.’
එහෙත් බීබීසි පවසන්නේ ගූගල් ආයතනය අනෙක් ආකාරවල අනීතික කටයුතු ගැන එවැනි පාලනයක් පවත්වාගෙන යන බවක් තමන්ට අනාවරණය නොවූ බවයි.

නම හෙළි නොකළ ගූගල්හි නීති නිලධාරියෙකු පවසා ඇත්තේ තම ආයතනය 2008 වසරේ සිට අන්තර්ජාල මුරකා පදනමට මූල්‍යමය දායකත්වය සපයන බවයි. ඒ අනුව ළමා අපචාර සම්බන්ධයෙන් අවදියන් සිටීම තම යුතුකමක් ලෙස සලකන බව ද ඔහු පවසා තිබේ.

පසුගිය අපේ‍්‍රල් මාසයේ ගූගල් සිය පාරිභෝගිකයන්ගේ පහසුව පිණිස සේවාවල තත්ත්වය උසස් කළේ ය. ඒ අනුව ජීමේල් ද ඇතුළත් පාරිභෝගිකයා පරිහරණය දෑ විශ්ලේෂණය කරන අතර අහිතකර දෑ ඉවත් කොට සහාය සලසනු ඇත.

මෙලෙස ජීමේල් ගිණුම් රහසිගතව ස්කෑන් කිරීම පිළිබඳ ව ගූගල්ට එරෙහිව පසුගිය අපේ‍්‍රල් මාසයේ ම නඩුවක් පවරන ලද අතර ඉන්පසු ගූගල් පැමිණිලිකාර ආයතනයේ විද්‍යුත් ගිණුම් මිලියන 30ක් පමණ සෝදිසි කිරීම අත්හිටුවන ලදැයි වාර්තාවෙයි. අමෙරිකානු නීතිය යටතේ පෞද්ගලික දෑවලට අධිකරණ අවසරයකින් තොරව ඇගිලි ගැසිය නොහැකි ය.
ෆේස්බුක් ගිණුම්වලට අදාළව ද ගූගල් මේ ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් ද අමෙරිකානු ආයතනයක් අධිකරණය හමුවට ගොස් සිටියි.