ඉරාකයට ඇමරිකානු ප‍්‍රහාර

පසුගිය බ‍්‍රහස්පතින්දා (7) ඇමරිකානු හමුදාව ජනාධිපති බරක් ඔබාමාගේ නියමයෙන් සිරියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කළේ ය. පූර්ව දැනුම්දීමක් නොමැතිව ජාතික රූපවාහිනියෙන් පෙනී සිටිමින් ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රකාශ කළේ ය. ‘මා අද ඉරාකයේ මෙහෙයුම් දෙකකට බලය දුන්නා. අපගේ ඇමරිකානු පුද්ගලයන් මුදා ගැනීම සඳහා ඉලක්කගත ප‍්‍රහාර එල්ල කිරීම සහ සින්ජාර් කඳුවැටියේ ආහාර සහ ජලය නොමැති ව උගුල්ගත වී සිටින දහස් ගණන් ඉරාක ජනයා මුදා ගැනීම සඳහායි ඒ.’ ඉන්පසු සෙනසුරාදා ඔහු නිවේදනය කළේ උතුරු ඉරාකයේ ෂීෂී කඳවුරු වෙත ඇමරිකානු හමුදා සාර්ථක ප‍්‍රහාර එල්ල කළ බවයි. ඉසිස් යනු ඉරාකයේ සහ සිරියාවේ සුන්නි ලබ්ධිය ස්ථාපිත කොට ඊට නතු පාලන ක‍්‍රමයක් සඳහා සටන් වදින සුන්නි ඉස්ලාමීය කණ්ඩායමයි. ඔවුන් වනාහි අල්-කයිඩා කණ්ඩායම අස්ථානගත වූ පසු පෙරඹරින් පායා ආ අලූත් ආලෝකයක් ලෙස සුන්නි ඉස්ලාම් ලබ්ධිකයෝ සලකති.

ඉසිස් ප‍්‍රහාර නිසා සින්ජාර් කඳුවැටියේ හිර වී සිටින්නේ පනස් දහසක් පමණ වන යසිඩි ගෝති‍්‍රිකයන් පිරිසකි. සති තුනක් තිස්සේ ඔවුහු මරබියේ කඳුකරයේ නිරාහාරව ම සැ`ගව සිටියෝ ය. එක්සත් ජාතීන් ඔවුන්ගේ උදව්වට ආ අතර ඔවුහු සිරියාව දෙසට පලා යමින් සිටිති. කුර්දි පාලනයක් සහිත කලාපයට ඔවුන්ට ළ`ගා විය හැක්කේ සිරියාව හරහා යාමෙන් පමණි.
විශේෂයෙන් ම ඔවුන්ගේ දරුවෝ සාගින්නෙන් පෙළෙති. පසුගිය සතිය වන විට ඇමරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා කැනඩාව ඔවුන්ට ගුවන් මගින් ආහාර පාර්සල් සහ ජලය බෝතල් හෙළා ඇත. එහෙත් ඒ ප‍්‍රමාණවත් නොවන බව පැවසේ. මග රැුක සිටින ඉසිස් ගරිල්ලෝ සුරක්‍ෂා ස්ථානයකට ළ`ගා වීමට ඔවුන්ට බාධා කරති. මේ ගෝති‍්‍රකයන් ගලවා ගෙන ආරක්ෂා කැර ගැනීමට නම් ඉසිස් ගරිල්ලන්ට ප‍්‍රහාර එල්ල කොට ඔවුන් වනසා දැමිය යුතු බව වොෂින්ටනයේ අදහසයි. ඒ නිසා සින්ජාර් කඳුකර පෙදෙස වෙත ප‍්‍රහාර එල්ල කරන්නට ජනාධිපති ඔබාමා ගත් තීරණයට දොස් පැවරිය නොහැකි ය. ඔවුන්ට ප‍්‍රහාර එල්ල වනුයේ ඔවුන් ශියා ලබ්ධිකයන් නිසා ය. එකම ආගමේ ලබ්ධීන් දෙකක් !

කැනඩාවේ පළවන ‘ද ග්ලෝබ් ඇන්ඞ් මේල්’ පත‍්‍රයේ විශේෂාංග ලේඛක පැටි‍්‍රක් මාටින් පෙන්වා දෙන්නේ ඉසිස් නම් මේ සංවිධානය ගොඩනැගුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ආධාරයෙන් බව ය. ලිබියාවේ ගඩාෆි බලයෙන් පහකැර දමන්නට, අවසානයේ ඔහු ඝාතනය කරන්නට වොෂින්ටනයේ උපාය මාර්ගය එය විය. සිරියාවේ අල්-බසිර් පෙරළා දමන්නටත් ඇමරිකාව ඔවුන්ගේ ආධාර පැතූ බව නොරහසකි. දැන් ඉරාකයේ දී ඔවුන් වනසා දැමීම අවශ්‍ය වී ඇත්තේ ද ඇමරිකාවට ම ය. හරියට තලෙයිබාන් මෙනි.

1979 ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක‍්‍රමණය පළවා හරින්නට ඇමරිකාවට අවශ්‍ය වී තිබුණු අතර ඔවුහු එවිට දේශීය ඉස්ලාම් ලබ්ධිකයන් පොළඹවා සන්නද්ධ මැර කල්ලියක් නිම වූහ. පසුව තාලිබාන් නමින් නම වෙනස් කර ගත්තේ ඇෆ්ගනිස්ථානයේ මුජාහිදීන් ඉස්ලාමීය එකතුව නම් පස්තුන් ගෝති‍්‍රක සුන්නි ඉස්ලාමීයයන්ගෙන් සමන්විත එම කල්ලියයි. 1985 සෝවියට් දේශය බිඳ වැටීම ඇරඹීම නිසා සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ස්වයංක‍්‍රීයව ඉවත්ව ගිය අතර තලෙයිබාන් ඉතිරි විය. දැන් ඔවුන් ඇෆ්ගනිස්ථානයට මතු නොව පාකිස්තානයටත්, සමස්ත ආසියාවටත් ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිරටත් එනයින් මු`ඵ මහත් පෘථිවියටත් මහා වින්නැහියක් වි පවතින බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉසිස් විසින් අල්ලා ගනු ලැබ පවතින සීමාව ආසන්නයේ ඉබ්රිල් නම් නගරයේ ඇමරිකා එක්සත් ජනපදයේ කොන්සියුලේට් කාර්යාලයක් පිහිටා තිබේ. ඇමරිකානුවෝ 30ක් පමණ එහි සේවය කරති. කිසියම් ආකාරයකින් එම කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සහ එයින් ජීවිත හානි සිදු වුවහොත් යන බියෙන් පූර්ව ප‍්‍රහාරයක් ලෙස මෙම ගුවන් ප‍්‍රහාර එල්ල කරන බව ජනාධිපතිවරයා සිය කථාවේ දී පවසා ඇත.

දැන් ඉසිස් ඉරාක රජයේ හමුදාව අබිබවා යන්නට සමත් ව සිටියි. ඒ නිසා ඉරාක රජය ඇමරිකාවෙන් යුද්ධාධාර ඉල්ලා තිබේ. ඇමරිකා එක්සත් ජනපදයට ඔවුන් වනසා දමන්නට අවශ්‍ය වී තිබෙන්නේ ඒ අනුව ය. ඉදින් වොෂින්ටනය ඇමරිකානුවන්ගේ මුදලූත් ඉරාකීයයන්ගේ ජීවිතත් පරදුවට තබා මේ සූදුව පවත්වා ගෙන යයි. 2003 වසරේ ඇමරිකාව ඉරාකය ආක‍්‍රමණය කළ දා පටන් 2011 ඔවුන් එරටින් නික්ම ගිය දා දක්වා ජීවිතක්‍ෂයට පත් වූ ඉරාකීයයන්ගේ සංඛ්‍යාව අවිනිශ්චිත වන අතර විවිධ ආයතනවල දත්ත අනුව 103,200 සිට 601,200 පරාසයක වේ. සොල්දාදුවන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ වෙනත් අය යනාදී වශයෙන් ඇමරිකානුවෝ 20,500 පමණ දෙනා එහි දී දිවි පිදූහ. වැය කොට ඇති මුදල ඇඩො බිලියන 825ක් පමණ ය.
මෙලෙස කොන්ග‍්‍රස් මණ්ඩලයෙන් නොවිමසා විදෙස් රටවලට ප‍්‍රහාර එල්ල කොට ඇමරිකානු ජාතික ධනය නාස්ති කරන්නට ජනාධිපතිවරයාට බලය දුන්නේ කවුරුන් ද කියා විමතියකි. කිසිවෙක් නොදනිති. එහෙත් ධවල මන්දිරයේ නිවේදනයක දැක්වෙන්නේ 2011 සැප්තැම්බර් 14 දින (9/11 සිද්ධියෙන් දින තුනකට පසු) උභය මන්තී‍්‍ර මණ්ඩලය විසින් ම සම්මත කරන ලද සන්නද්ධ හමුදා යෙදැවීමේ බලාධිකාරිය ්ඹඵත්‍ පනත මගින් සිය අභිමතය පරිදි කටයුතු කරන්නට ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.

පැටි‍්‍රක් මාටින් පෙන්වා දෙන්නේ මේ වනාහි සුපිරි ඇමරිකානු අධිරාජ්‍යවාදය බවයි. සිය කන්සියුලේට් කාර්යාලයේ ජීවිත රැුක ගැනීමට වොෂින්ටනයට ඇවැසි නම් කළ යුත්තේ එම කාර්යාලය වසා එහි කාර්ය මණ්ඩලය බැග්ඩෑඞ් වෙත ගෙන්වා ගැනීම විනා ආරක්ෂාව තර කොට ප‍්‍රහාර එල්ල කිරීම නොවන බව ඔහු පෙන්වා දෙයි. ඒ නිසා ප‍්‍රහාර එල්ල කිරීමේ පළමු හේතුව ලෙස ජනාධිපතිවරයා පෙන්වා දෙන තමන්ගේ පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම යන්න අර්ථ ශුන්‍ය එකකි. දෙවැනි කාරණය නම් පිළිගත හැකි ය. එහෙත් එක්සත් ජාතීන් මේ වන විටත් මැදිහත් වී ප‍්‍රහාරයට පත් ජනතාව බේරා ගන්නට කටයුතු කරමින් සිටින හෙයින් වොෂින්ටනය කළ යුත්තේ ඔවුන්ට සහාය වීමයි. අතිරේක වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ වොෂින්ටනය මෙවැනි රටවල තානාපති කාර්යාලවලට අමතරව විවිධ හේතු ඉදිරිපත් කරමින් කන්සියුලේට් කාර්යාල පිහිටුවන බවයි.

පලස්තින අර්බුදය දිග්ගැසෙමින් පවතී. එය වළකා ලන්නට කිසිදු යහපත් කි‍්‍රයා මාර්ගයක් ඇමරිකා එක්සත් ජනපදය පැත්තෙන් ගැනුණේ නැත. ජනාධිපති ඔබාමා සහ රාජ්‍ය ලේකම් කෙරී පලස්තීනයට තදින් තරවටු කරන සෙයක් පෙනුණ ද විකිලීක්ස් අනාවරණකරු එඞ්වඞ් ස්නොඩෙන් පෙන්වා දුන්නේ පෙර අවස්ථාවල එබඳු තරවටු හුදෙක් නමට පමණක් ඒවා බවට ඇමරිකාව හා ඊශ‍්‍රායලය අතර හුවමාරු වූ කේබල් ඇති බවයි.

ඉරාකය යනු ඔපෙක් තෙල් සපයන්නන් අතරින් දෙවැනි තැනට එන නිෂ්පාදකයා ය. ඉරාකය යටත් කර ගැනීමේ දීර්ඝකාලීන සැලසුම් ඇමරිකා එක්සත් ජනපදය සතුව තිබී ඇති බව අනාවරණය වී තිබේ. ඇමරිකාව තමන්ට අවනත නොවූ සදාම් හුසෙයින් බලයෙන් පහ කොට අන්තිමේ මරණ ද`ඩුවම දුන්නේ ප‍්‍රවේශයක් වශයෙනි. තවමත් එය සාර්ථක නොමැත. ඔවුන් ලිබියාවේ කළේත් එය ම ය. දැන් ඉසිස් ද තෙල් සම්පත අත්පත් කැර ගැනීමේ අපේක්‍ෂාවෙන් කටයුතු කරයි. එනිසා ඉසිස් පරාජය කිරීම අනිවාර්ය ය. ඇමරිකාව ඉරාකයේ කඳුකර ගෝති‍්‍රක ජනයාට ලීලේ පාන්නේ ඒ නිසා මිස අනෙකක් නොවන බව වටහා ගත් යුත්තේ ඒ අරුතිනි.