කෝන මෑන් ද? කෝළං මෑන්ද?

 

මේ මොහොතේ අප සැමගේ ජීවන විලාසිතාව බවට පත්ව ඇත්තේ විය හැකි දේ අවිශ්වාස කිරීමත් විය නොහැකි දේ විශ්වාස කිරීමත්ය. මේ ජීවන විලාසිතාව තුළින් කී‍්‍රඩාවටද වියුක්ත විය නොහැකිය.

පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේදී අප ලද බංකොළොත්භාවය මෙරට කී‍්‍රඩා බලධාරීන්ගේ සිත් ව්‍යාකූල කොට ඇති අයුරුය. ඒ වෙනුවෙන් අධීක්ෂණයට කමිටු පත්කිරීමටද පටන් ගෙන ඇත. මින් ඉදිරියට එවැනි දේ නොවීමට කි‍්‍රයාකිරීම මේ කමිටුවේ වගකීමය.

එය සිදුකිරීම ඉතාම පහසුය. එනම් තරගාවලිය සඳහා මෙරටින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි නොකර සිටීමම සෑහේ. විසඳුම ටක්කෙට ප‍්‍රතිඵල උපද්දවනවා නියතය. කී‍්‍රඩා බලධාරීන් මේ කරන ව්‍යාජ රංගනය කිසිදු සැලැස්මකින් තොරව ඉතා සුළු පිරිසක් සහභාගි කළ ද ප‍්‍රතිඵලය එමමය. එහිදී සිදුවන එකම වෙනස ගිය ප‍්‍රමාණයට සාපේක්ෂව පදක්කම්හි වටිනාකම ඉහළ යෑමය. සංචාරයන්හි කප්පාදු කළ යුත්තේ කී‍්‍රඩක ප‍්‍රමාණය නොව නිලධාරීන් ප‍්‍රමාණයය. ඒ ගැන සාකච්ඡුාවලදී වගේ වගක් නැතිය. කී‍්‍රඩකයන් අවම වූ කල ඉබේටම නිලධාරීන් අඩු වෙතැයි සිතිය නොහැක්කේ මෙවරද නීත්‍යනුකූලව නිලධාරීහු 44ක් බවට ප‍්‍රසිද්ධ කළ ද සියයකට ආසන්න පිරිසක් නොනිලේ එකතුවත් සමග සහභාගි වූ බැවිනි.

බොක්සිං

මේ සියල්ල අතර අප කතා කළ යුතු කී‍්‍රඩාවේ ලොකුම බොරුවක් ඇත. ඒ බොක්සිං කී‍්‍රඩාවය. දස වසරකට වැඩි ඉතිහාසයක සිට බොක්සිං කී‍්‍රඩාවේ උරුමකරුවකු වී සිටින ඩයන් ගෝමස් මහතා මේ කී‍්‍රඩාව විකාරයක් බවට පත්කොට සම්පූර්ණ විගඩමක් බවට පත්කොට ඇත්තේය. කාලයක සිට සියල්ල සිදුවන්නේ ඔහුගේ මතයටය.

මාස් හෝල්්ඩින්ග්ස් ආයතනය තුළ බොක්සිං කී‍්‍රඩාව ව්‍යාප්ත වන විට සැවොම සිතුවේ එය යහපත් ප‍්‍රවණතාවක් බවයි. එහෙත් ඒ තුළ ඩයන් ගෝමස් කෙරුමෙකු වන විට එකල බොහෝ මාධ්‍ය ඒ ගැන අකුරු කළේ මොහොමඞ් අලි කවුද ඩයන්නේ මිනිසා යන තැන සිටය. මාස් හෝල්ඩින්ග්ස් ආධිපත්‍යයට නතු වූ බොක්සිං කී‍්‍රඩාව ඉන් පිටත බොක්සිං කී‍්‍රඩාවෙහි ව්‍යාප්තියට දැවැන්ත බාධාවක් විය. ඒ නිසාම ඉන් පිටත බොක්සිං කී‍්‍රඩාව අතරමං වූ අතර ති‍්‍රවිධ හමුදාව පවා වල්මත් විය.

ඇ`ගලූම් කර්මාන්තයේ කළමනාකරුවකු වූ ඩයන් ගෝමස් බෝක්සිං කී‍්‍රඩාවට හඳුන්වා දුන්නේ ටාර්ගට් න්‍යායය. පැයක් තුළ මෙපමණ ප‍්‍රමාණයක් මැසිය යුතු යැයි ඇ`ගළුම් සේවිකාවන්ට කරන වක‍්‍රාකාර බලපෑම බොක්සිං කී‍්‍රඩාව තුළ සෘජුවම කළ යුතු වූයේ ජයග‍්‍රහණයක් නොලද ක‍්‍රීඩකයන්ගෙන් වැඩක් නැහැ යන නියමය තුළ පිහිටාය. එබැවින් මෙරට බොක්සිං කී‍්‍රඩකයෝ රට වෙනුවෙන් ජයක් ලබනවාට වඩා ඩයන් වෙනුවෙන් ජයක් ලබන්නට මරාගෙන මැරෙන්නට වුව සූදානම් වූහ. එහෙත් සියල්ල පත බෑවුණේ සෙසු රටවල කී‍්‍රඩකයන් අමතක නොවන්නට මෙරට කී‍්‍රඩකයන්ට ගුටි දීම නිසාය.

නිවැරදි ක‍්‍රමවේදයකට ගමන් නොකර ගමේ චණ්ඩින් සේ කී‍්‍රඩා කිරීමට යෑම නිසා මෙරට බොක්සිං කී‍්‍රඩාව ආගාධයටම ගියේය. නියම කී‍්‍රඩකයකු ලෙස ජයග‍්‍රහණය ලබනවා වෙනුවට ප‍්‍රතිවාදියාට ඇදගෙන වැටෙන්නට ගැසීමේ න්‍යාය සෘජුවම ගෙන ඒමය. ඇ`ගළුම් සේවකයන් හාම්පුතුන්ගේ ඇත්ත වෙනුවෙන් සේවයේ යෙදෙන්නා සේම බොක්සිං කී‍්‍රඩකයෝද තමාගේ විනාශය ඩයන්ගේ පැවැත්ම වෙනුවෙන් කැප කළෝය. එහි අනිටු පල මේ වනවිට අපි ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු.

ඩයන් ගෝමස් න්‍යායට අනුව මෙරටට බොක්සිං පදක්කමක් දිනිය හැකි යැයි සිතිය නොහැකිය. මේ හරහා සිදුවන්නේ ඩයන් ගෝමස්ගේ නම මතුවී කී‍්‍රඩකයන්ගේ හම යෑමය. මේ තත්ත්වය මීට පෙර පාපන්දුව තුළ ද අපි අත්විඳ ඇත්තෙමු. එහි දෙවැනි පියවර ලෙස ඩයන් ගෝමස් හැඳින්විය හැකිය.

අනුරුද්ධ රත්නායක, මංජු වන්නිආරච්චි වැනි කී‍්‍රඩකයන්ට දැරිය නොහැකි තරම් ඉලක්කයක් කර ගැසූ ඩයන් ගෝමස් ඒ හරහා ලැබූ අවසන් ප‍්‍රතිඵලය කුමක්ද? ඔවුහු නිරපරාදේ තහනම් උත්තේජකවලටද ලක්වූහ. ඒ සියල්ල සිදුවූයේ උගුරට හොරා නොවන බව කිව යුතුය ඒ සියල්ල හරහා ඩයන් උත්සාහ කළේ තමාගේ කළමනාකාරීත්වයට තමාගේ පුහුණුකාරීත්වයට පිං සිදුවන්නට මෙරට පදක්කමක් දිනූ බව ඒත්තු ගන්වන්නටය. එහෙත් දස වසරකට වැඩි ඉතිහාසය තුළ එවැනි කිසිවක් කළ නොහැකි බව නැවත නැවත තහවුරු විය. එහෙත් ඩයන් එම තනතුරු අත නොහරියි. එහි ඇති පුදුමය ඔහු බොක්සිං සංගමයේ ඉහළ තනතුරුවල නොහිටිය ද ඉහළම පුද්ගලයා ඔහු වීමය. සෙසු සියල්ල රූකඩ වීමය.
අනුරුද්ධ මෙන්ම මංජු ද හෙට දිනයේ බොක්සිංවලින් සමුගනු ඇත. එහෙත් එවැනි සමුගැනීමක් ගෝමස්ලාගෙන් සිදුනොවනු ඇත.

මෙතෙක් කාලයක් කයිවාරුවල තරමට කිසිවක්ම කර ගන්නට නොහැකි වීම ගැන ලැජ්ජාවට ඉවත්විය යුත්තේ ඩයන්ලාය. එහෙත් එවැන්නක් සිදු නොවන්නේ මෙරට විය යුත්තට වඩා නොවිය යුත්ත අප විශ්වාස කරන බැවිනි. ඩයන් ගෝමස් බොහෝ අයට වැටෙන්නට ගහන්නට උපදෙස් දෙන මුත් තමන් අඩියටම වැඞී ඇති බව නොසිතයි. සැබැවින්ම අනුරුද්ධ මංජු නොව ගුටි කන්නේ ඩයන්ය. එහෙත් අභාග්‍යය එයින් රිදෙනුයේ මංජුලාට වීමය. බොක්සිං කී‍්‍රඩාවේ බිලි බෝයිලා නිර්මාණය කරන යුගය අවසන් කළ යුතුයි. ඊට මේ නිල බාලධාරිහු පන්නා දැමිය යුතුය. ඊට අවැසි බොක්සිං දැනුම එළියේ ඕනෑතරම් ඇති බව ස්ථිරය.

එහෙත් ඩයන් ගෝමස්ලා සිටිනතාක් එය ඇතුළට නොඑන බවද ස්ථිරය. මේවා තම යහළු මිත‍්‍රයන් කමිටුවලට දමා විසඳිය නොහැකි බව කී‍්‍රඩා ඇමැත්තන් කවදා හෝ වටහා ගත යුතුය. ඊට පෙර ඔහුද කී‍්‍රඩා ඇමතිකමෙන් ඉවත් කිරීමට ජනාධිපති කි‍්‍රයා කළ යුත්තේ කී‍්‍රඩාව ගැන සිතා මිස අප ගැන සිතා නොවේය. කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට ආ නරකම කී‍්‍රඩා ඇමති ලෙස මහින්දානන්ද ඇමතිවරයා බව අප කල්තබාම නම් කරනුයේ මේ සියලූ විනාශයන්ට ඉතා සූක්ෂ්ම ලෙස කී‍්‍රඩා ඇමතිවරයා අනුබල දෙන බැවිනි. ඒ කිසිවක් නිකරුණේ නොවන බවද අපි වගකීමෙන් දැනුම් දෙමු. කී‍්‍රඩා අ්ැමැති ධුරය ලැබීමත් සමග අලූත්ගමගේ අමාත්‍යවරයා සම්පූර්ණ යෙන්ම රූපාන්තරණය වූ බව කිව යුතුය. ඔහුට මෙය දරාගෙන සිටිය නොහැකි තරම් වී ඇත. එහි නරක ප‍්‍රතිඵලය අත්විඳිනුයේ කී‍්‍රඩකයන්ය. සංගම් නිලධාරීන්ට මෙන්ම කී‍්‍රඩා ඇමතිටද කී‍්‍රඩාව සෙල්ලමක් වී ඇත. මෙය සෙල්ලමක් නොවන වන බව ජනධිපතිවරයා හෝ වටහා ගත යුතුය.