ඔත්තු බැලීම අතින් ජර්මනිය අමෙරිකාව කරට කර

 

ඇමෙරිකා එක්සත් ජනපදය සිය මිතුරු රටවල රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු ගැන ඔත්තු බලමින් සිටින බව වසරකට පමණ පෙර එඞ්වඞ් ස්නොඩෙන් නමැති අමෙරිකානුවා අනාවරණය කළේ ය. ජර්මනිය, ප‍්‍රංශය එක්සත් රාජධානිය වැනි අමෙරිකානු හිතවත්තු මින් බොහෝ කැළඹුණෝ ය. විශේෂයෙන් ම ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ පෞද්ගලික දුරකතන සංවාද පවා අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් පටි ගත කරනු ලැබූ බව ස්නෝඩෙන් සාක්‍ෂි සහිත ව ඔප්පු කළේ ය. මර්කෙල් ඒ වේලාවේ කීවේ ‘මිතුරන්ගේ ඔත්තු බැලීම! කිසිසේත් අනුමත කළ නොහැකියි.’ කියා ය.

පසුගිය මාසයේ සිය නිලධාරියකු මගින් තොරතුරු පන්නා ගනිමින් සිටි සීඅයිඒ ඒජන්තයකු අල්ලා ගැනීමට බීඑන්ඞී නම් කෙටි නමින් හැඳින්වෙන ජර්මානු රහස් ඔත්තු සේවාව සමත් විය. කිසිදු පරීක්‍ෂණයක් නොපවත්වා සීඅයිඒ ඒජන්තයාට වහාම ජර්මනියෙන් පිට වන ලෙස නියෝග කරන ලද අතර බීඑන්ඞී නිලධාරියා සම්බන්ධ පරීක්‍ෂණ ඇරැුඹිණි.

එහෙත් තවදුරටත් ‘මිතුරන්ගේ ඔත්තු බැලීම! කිසිසේත් අනුමත කළ නොහැකියි’ යනුවෙන් චාන්සලර්වරියට දැන් කිව නොහැකි ය. මන්දයත් ජර්මනිය ද දැන් රහසින් සවන් දීම ගැන මාට්ටු වී සිටින හෙයිනි. ඔවුන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරුන්ගේ දුරකතන සාකච්ඡුාවලට රහසින් සවන් දී ඇති බව එරට පළවන Süddeutsche Zeitung නමැති පුවත්පත ආවරණය කළේ ය. වර්තමාන රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පලස්තීනය හා ඊස‍්‍රායෙලය අතර සාමයට මැදිහත් කරුවකු ලෙස කටයුතු කිරීමේ දී ඔහුගේ දුරකතන සාකච්ඡුා සියල්ල බීඑන්ඞී විසින් පටිගත කරනු ලැබූ බව සඳහන් ය. එහෙත් ඒවා ඉහළින් ලැබුණු නියෝගයක් මත මේ වනවිට මකා ඇති නමුත් ඊට පෙර රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ ඇමතුම්වල පටිගත කැර ගැනීම් ඔවුන් සන්තකයේ ඇති බව පැවසේ. ඊට හේතුව ක්ලින්ටන්ගේ සාකච්ඡුා ජාතික ආරක්‍ෂක ඒජන්සියේ කුප‍්‍රකට ඔත්තු බලීම් සමග සබැඳියා ඇති හෙයිනි.

වසර ගණනාවක් පුරා බීඑන්ඞී ආයතනය බැවේරියාවේ බද් අයිබ්ලි හි සිය ශ‍්‍රවණ පොලේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හුවමාරු වන දුරකතන ඇමතුම්වලට සවන් දෙමින් සිටියේ ය. ඒ ඉස්ලාමීය ත‍්‍රස්තයන්ගේ වැඩ ගැන අවබෝධයක් ලබා ගන්නට ය. එහෙත් ගුවන් යානා තුළ කෙරෙන සාකච්ඡුා ද පටි ගත කරනු ලැබීමේ දී සීඅයිඒ සබඳතා ද ඊට හසු වූයේ හරියට දැලකින් අල්ලන්නට යන මාලූ වර්ගයට අමතර ව ලැබෙන අතුරු අස්වැන්නක් පරිද්දෙනි.

2012 අගෝස්තු මාසයේ දිනෙක හිලරි ක්ලින්ටන් හසු වූයේ එලෙසිනි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටි එවකට සිරියානු අර්බුදය සඳහා වූ එක්සත් ජාතින්ගේ සහ අරාබි සංගමයේ හවුලේ විශේෂ දුතයා වූ කොෆි අනන් සමග ඇය කළ සාකච්ඡුා එලෙස පටිගත කැරිණි. අගෝස්තු පළමුවන දා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විවේචනය කරමින් අනන් සිය ¥ත මෙහෙවරින් ඉවත් වූ අතර රාජ්‍ය ලේකම්වරිය සමග කටයුතු කොට අවසානයක් දකින්නට අපේක්‍ෂා කළේ ය.

පටිගත කිරීම් කළ බීඑන්ඞී සේවකයෝ නියමිත පරිදි වාර්තාවක් සකස් කොට ඉහළට යොමු කළහ. වාර්තාව චාන්සලර් කාර්යාලය දක්වා නොගිය අතර විනාශ කරන ලෙස උපදෙස් දෙමින් පහළට ම හරවා එවිණි. එය එම කාර්යාලයේ සේවයේ නියුතු ව සිටි මාර්කස් ආර්. නම් අයෙකු අත පත් විය.

මාර්කස් ආර්. යනු බීඑන්ඞී හි අවුරුදු 10ක පළ පුරුද්දක් සහිත ඕනෑම ආයතනයකට නිදහසේ ඇතුළුවීමේ අවසර පතක් හිමි ‘වෝක්-ඉන්-ඒජන්ට්‘ කෙනෙක් විය. එහෙත් ඔහු තම ආයතනයට රහසින් සීඅයිඒ සමග සබඳකම් පවත්වමින් සිටියේ ය. ඒ නිසා ඔහු කළේ ඉහත කී ලේඛනය පිටපත් කොට ගෙදර ගෙනයාම ය. ගෙදර දී ඔහු එය විද්‍යුත් තැපැල් මගින් සීඅයිඒ වෙත යොමු කළේ ය. මේ සඳහා ඔහු ලබාගත් මුදල යුරෝ 25,000ක් බව රොයිටර් වාර්තා කරයි.

මාර්කස් ආර්. හසු වන්නේ ද අමුතු ආකාරයකට ය. මෙයින් අමතර ආදායම් රස ලොබ බැඳි ඔහු කළේ සිය තොරතුරු විකිණීමේ ව්‍යාපාරය ප‍්‍රසාරණය කරගනු සඳහා ජර්මනියේ රුසියානු තානාපති කාර්යාලයට විද්‍යුත් ලිපියක් යොමු කිරීම ය. ඔහුගේ ලිපිය සීඅයිඒ අත පත් වන්නේ ඔවුන් ඒ වනවිට රුසියානු තානාපති කාර්යාලයේ ඔත්තු බලමින් සිටි හෙයිනි. එවිට සීඅයිඒ කරන්නේ රහස් ඒජන්තයකු මගින් අනාවරකයා කොටු කැර ගැනීම ය. සියල්ල හෙළිදරව් වන්නේ එවිට ය. මාර්කස් ආර්. හැර තවත් නිලධාරියකු ද මේ කාරණයට ම අත්අඩංගුවට ගෙන ඇති අතර චාන්සලර්වරිය කියා ඇත්තේ දැන් ඔය හොඳටම ඇති බවයි. මින්පසු පුද්ගලයන් පසුපස පැන්නීම නවත්වා සිදුරු වසා දමන ලෙස ඇය බීඑන්ඞී ඉහළ පෙළට නියම කොට ඇත. වාර්තාවල දැක්වෙන්නේ තම රට සීතල යුද්ධයේ දෙපාර්ශ්වයටම තොරතුරු විකුණන රටක් බවට පත් වීම ඇගේ බලවත් කෝපයට හේතු වූ බවයි. එහෙත් රූපවාහිනි නාලිකාවක් විසින් අය කොපමණ කෝප වූවාද කියා ඇසූ කල ඈ කීවේ, එය තමාගේ කෝපය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවයි. තමාට සිතෙන්නේ මේ රහස් ඔත්තු සේවාවල කි‍්‍රයාන්විතවල පවත්නා ප‍්‍රතිවිරෝධතා කියා බවයි. ‘අප දැන් ජීවත් වන්නේ සීතල යුද සමයේ නොවේ. මෙයින් අප වටහා ගත යුත්තේ අප නොසිතන තර්ජනවලට මුහුණ පා සිටින බවයි’

ඇන්ජෙලා මර්කෙල්ගේ කතා සීඅයිඒ සවන් දීමත් හිලරි ක්ලින්ටන්ගේ කතා බීඑන්ඞී සවන් දීමත් අනාවරණය වූ කල අමෙරිකාව කරන්නේ දොස ජර්මන් ඔත්තු සේවාවට ම පැවරීම ය. ජර්මන් විදේශාමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ ඕනෑම ඔත්තු සේවාවක වෝක්-ඉන්- ඒජන්තලා සිටිය හැකි බවයි. එහෙත් මිතුරු ඇලියේ රටක් එබන්දන් යොදාගෙන රහසේ ඔත්තු බැලීම තරම් සතුරු කි‍්‍රයාවක් තවත් නැත.

මාර්කස් ආර්. විසින් සීඅයිඒ වෙත ලබා දී ඇති ලියකියවිලි අතර 2009 – 2013 බීඑන්ඞී අනුපිළිවෙල ව්‍යුහ සැකැස්ම ද වේ. සිව් අවුරුද්දකට වරක් අලූත් කරන මෙය ඉතා රහසිගත ලියැවිල්ලකි. 2013 සිට ඉදිරියට තවමත් සකසා නැත්තේ ස්නෝඩෙන්ගේ අනාවරණයන්ට මුහුණ දෙන්නට වූ නිසා බව පැවසේ. ඔහු විසින් ලබා දී ඇති තවත් ලියැවිල්ලකට අනුව බීඑන්ඞී, නැටෝහි ඇතැම් සාමාජික රටවල් ගැන ඔත්තු බලා ඇත. එම රටවල් මොනවාදැයි ජර්මානු මාධ්‍ය අනාවරණය නොකරයි. තවත් කාන්දු වී ඇති කාරණයක් නම් තුර්කිය ගැන අමෙරිකාව ඔත්තු බැලූ ආකාරයයි. මෙය තුර්කි රජයේ බලවත් කැළඹිල්ලට හේතු වී ඇති බව පැවසේ.

ස්නෝඩෙන්ගේ අනාවරණ ලොවට විවෘත වූ දවස්වල අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පැවසුවේ හිත මිතුරන්ගේ ඔත්තු බලන්නේ ඔවුන්ගේ ආරක්‍ෂාවට බව ය. එහෙත් ස්නොඩෙන් ඒ දිනවල ම එය ප‍්‍රතික්‍ෂෙප කළා මතක ය. අමෙරිකාව තමා ලෝක පොලිස්කාරයා බව සිතයි. ඔත්තු බලන්නේ ඒ අදහසිනි.

මෙයට පෙර රහස් තොරතුරු අනාවරණය කළ බ‍්‍රැඞ්ලි මෑනිං, ජුලියන් අසාංෂෙ සහ එඞ්වඞ් ස්නෝඩෙන් යන තිදෙනාම ඒවා කළේ මුදල් බලාගෙන නොවේ. බ‍්‍රැඞ්ලි මෑනිං දැන් සිර ද`ඩුවම් විඳින අතර අනෙක් දෙදෙනාම පිටුවහල්ව දැඩි පීඩන තත්ත්ව යටතේ විදෙස්වල කල් ගෙවති. එහෙත් ඒ කවරකු හෝ තොරතුරු මුදලට වෙනත් ඔත්තු සේවාවකට විකුණුවෝ නොවෙති. ඔවුන් තිදෙනාම කීවේ තමන් මේ හෙළිදරව් කරන්නේ අමෙරිකානු රජයේ කුප‍්‍රකට අනිසි කි‍්‍රයා තමන්ට දරා ගත නොහැකි නිසා බව ය. මාර්කස් ආර්. ඊට වෙනස් ය. ඔහු සියල්ල කළේ මුදලට ම පමණි.