පැහැසර ඇතුළාන්තයක් සොයන ආලේඛ්‍ය රූපයක් – ප‍්‍රවීණ ඡායාරූප ශිල්පි බර්ටි ගුණසේකර

ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකරගේ ආලේඛ්‍ය ඡායාරූප ප‍්‍රදර්ශනය සැප්. 04, 05, 06, 07 යන දිනයන්හිදී ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වේ. 04දා පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ප‍්‍රණීත් අබේසුන්දර සහ එඞ්වින් ආරියදාස දෙසුම් පැවැත්වීමට නියමිත වන අතර 7 වැනිදා බර්ටි ගුණසේකර විසින් ආලේඛ්‍ය ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

මිනිස් මුහුණ ඔබ තේරුම්  ගත් විදිය මොකක්ද?

ඕනෙම කෙනෙක්ගේ මුහුණ තමයි හැඟීම් ප‍්‍රකාශනය කිරීමේ ප‍්‍රධාන ඒකකය. මුහුණේ මූලික අංග ලක්ෂණ තමයි අපේ ඇස් දෙක, කට, නාසය යන ඒ හැඩතල. සමහර අයගෙ නාසය දෙපැත්තෙන් කැපී පෙනෙන ලෙස දාර දෙකක් පිහිටනවා. සමහරුන්ගෙ නළල උසයි. ඇතැමුන්ගේ නිකට යට හරියෙන් දිගයි. සමහරු එළු රැවුල වවාගෙන ඉන්න කැමතියි. තවත් සමහරු මුහුණ පුරා රැවුල වවනවා. සමහරුන්ගෙ කන්දෙක එළියට ඇරිලා තියෙන්නෙ. සමහරුන්ගේ අයිනෙන් තියෙන්නෙ. හිසකේ හොඳට පීරන අය සහ හිස අවුල් කරගෙන සිටින අය ඉන්නවා. මේ හැම මුහුණකම යම්කිසි චරිතයක් විග‍්‍රහ වෙනවා. මුහුණ දිහා හොඳින් බැලූවිට කිව හැකියි, මුහුණේ හැඩතල හා හැඟීම් ප‍්‍රකාශනයක් තිබෙන බව. ඈත අතීතයේදීත් අංග ලක්ෂණ විද්‍යාවේදී මුහුණ ගැන බෙහෙවින් සාකච්ඡුා කර තිබෙනවා. දිගු නාසය, වක්වූ නාසය, දිගටි ඇස් යනාදී වශයෙන් ගෙන මුහුණේ හැඩතලවලින් පුද්ගලයාගේ හොඳ නරක ගැන යම් මැනීමක් ඇති කරගත හැකියි. මොහු නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පිරුණු පුද්ගලයෙක්, මොහු හොඳ කල්පනා ශක්තියක් තිබෙන පුද්ගලයෙක් ආදී වශයෙන් ඔවුන් වර්ගීකරණයකුත් කළා. මේ වර්ගීකරණය කළේ සතතාභ්‍යාසයක් හරහායි. ඒ සතතාභසාය තුළ අදහස් එකට ගැටිලා හදාගත් පොදු නිර්ණායකයක් තිබෙනවා. මේ නිර්ණායකය හරහා තමයි මුුහුණින් චරිතය ගැන කියන්නෙ. එතකොට මේ අංග ලක්ෂණ දේහ විද්‍යාව ආදී දේවල්වලින් කියනවා වගේම වෛද්‍යවරයකුට රෝගියකු ගැනත් එසේ කිව හැකියි. නිදසුනක් හැටියට මුහුණ දෙස බලා සර්ප දෂ්ටයක් ගැන අදහසක් ඇති කරගත හැකියි. මුලින්ම මේ රූපය හඳුනා ගන්න උත්සාහ කළ පිරිසක් තමයි චිත‍්‍ර ශිල්පීන්. චිත‍්‍ර ශිල්පියාට මේක පොදු තෝතැන්නක් වුණා. ඔවුන් ඒ මුහුණු හරි ලස්සනට අලංකාර කරලා ඔවුන්ගේ ‘රිංකල් එක, තොල් පටවල්, නාසයේ හැඩය, කන්දෙක ආදී සියල්ල ඔවුන් චිත‍්‍රණය කළා. මේ චිත‍්‍ර ජීවමාන ස්වරූපයකින් අඳින්නත් ඔවුන් පෙළඹුණා.

ඩාවින්චි ඇඳපු මොනාලිසා ගන්න. අපි කොයි පැත්තට ගිහින් බැලූවත් ඇය අප දෙස බලාගෙන ඉන්නවා වගේ තමයි දැනෙන්නෙ. අපේ ඇස් එක්ක මේ චිත‍්‍රය ගනුදෙනු කරනවා. මොනාලිසා ගැන කවි ගීත ලියවෙන මට්ටමට ලෝකයම යන්නෙ ඒ චිත‍්‍රයේ ප‍්‍රබලකම නිසයි. මුහුණ සමග අපිට ලොකු ගනුදෙනුවක් තියනවා. ඡායාරූපයක් ගන්න කොට අපි Eye contact කියලා දෙයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ ඇස සමග වූ ගනුදෙනුව. ඔහු අප දෙසා බලා ඉන්නවා වගේ. ඔහු වෙන කල්පනාවක නම් අපිට ඇස සමග සම්බන්ධය තියාගන්න බැහැ. මන්ද ඔහු ඉන්නේ වෙන ඉරියව්වක. අයින්ස්ටයින්ගෙ පින්තූර එක එක ශිල්පීන් අරගෙන තියෙන්නෙ එක එක විදියට. කෙනඩිගෙ පින්තූර අරගෙන තියෙන්නෙ ඒකේ විදියට. අයිසන් හවර්ගෙ අරන් තියෙන්නෙත් වෙනත් ඉරියව්වලින්. එකේක පුද්ගලයන්ගේ ප‍්‍රකාශන විදීන් අනුවයි මේ වැඬේ සිදුවෙලා තියෙන්නේ. මුහුණේ හැඩතල අනුව මෙම විෂය ගැන සිතන  ඕනෑම ඡුායාරූප ශිල්පියකුට අනෙක් පුද්ගලයා ගැන යම් හැඟීමක් ඇතිවෙනවා. ඒ හැඩතල ඔහුට ආවේණික වුණේ කොහොමද කියන කාරණය ශිල්පියා සොයනවා. මාර්ටින් වික‍්‍රමසිංහ ගතහොත් ඔහුගේ රූපය දෙස හොඳින් බලනකොට විශාල නළලක් අපිට දකින්නට ලැබෙනවා. දිගු නාසයක් තියනවා. යමක් ලියනවා නම් ඊට දෙන ප‍්‍රඥාව හා ශක්තිය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මහාචාර්ය සරච්චන්ද්‍ර ගතහොත් ඔහු මිනිසුන් දෙස ගැඹුරින් බලන කෙනෙක්. මිනිසුන්ගේ දුර්වලතා හා මටසිලූටු තැන් ඔහු වචනයෙන් ස්පර්ශ කරනවා. ඔහුගේ මුහුණේ ඒ ලක්ෂණය ගැබ්වෙනවා. එතුමා වේගවත්ව කතා කරන්නේ නැහැ. කතාව බොහොම සරලයි. හැඟීම් ප‍්‍රකාශනයේදී, අදහස් ප‍්‍රකාශනයේදී සියුම් ඉරියව් ඔහු මුහුණින් නිරූපණය කරනවා. හැබැයි ඔහු පහර දෙන්නෙත් මටසිලූටු විදිහට. ඒ ප‍්‍රහාරයෙන් කෙනෙකුට ඔළුව උස්සන්න බැහැ. හැබැයි සෞම්‍ය මුහුණක් සරච්චන්ද්‍රයන්ට තියෙන්නෙ.

සෞම්‍ය මුහුණක් සහිත එහෙත් රෞද්‍ර චර්යාවක් සහිත පුද්ගලයෙක් මුහුණින් නිශ්චය කරන්නේ කොහොමද?

ඇල්ෆ‍්‍රඞ් හිච්කොක් චිත‍්‍රපටවලට ගත්තෙ ඇන්තනි පර්කින්ස්. පර්කින්ස්ට තිබුණේ බබෙකුගේ වගේ මුහුණක්. සයිකොවලට ගත්තෙ ඇන්තනි පෙරප්කින්ස්ව. හිච්කොක්ගෙන් වරක් අහපු ප‍්‍රශ්නෙකට ඔහු උත්තර දීලා තිබුණේ Baby face murder කියලයි. ළමා මුහුණක් තියෙන මිනිස්සු තුළ මිනීමරුවකු ඉන්නවා කියලයි ඔහු කියන්නෙ. හිච්කොක්ගෙ අධ්‍යයනය ඒක. ඔහු හැමවිටම එවැනි චරිතවලට ගත්තෙ බබා මුහුණක් තියෙන අය.

එතකොට ඒකෙම අනික් පැත්ත එනම් රෞද්‍ර පෙනුමක් තියන අය සෞම්‍යයද?

ඔව්. ඇන්තනි ක්වීන් ගන්නකො. ක්වීන්ට දීලා තියෙන චරිත ගතහොත් ඒවා පෞරුෂවත් චරිත. ඒත් සමහර දෙබස් නිසා ඉතාම සරල මිනිහෙකුත් ඒ පෞරුෂය ඇතුළෙ ජීවත් වෙනවා කියලා පෙනෙනවා. පීටර් ඔටුල් තෝමස් බෙකට් එකේ ඉන්න විදිය බලන්න. පීටර්ගෙ මුහුණ බේබිෂ්. ඒත් ඇතුළ දරුණු චරිතයක්නෙ ඔහු කරන්නෙ මේ චිත‍්‍රපටයෙදි. සයිමන් නවගත්තේගම බෙහෙවින් ප‍්‍රකාශනය කළේ පීටර් ඔටුල්ගෙ චරිත ලක්ෂණ කියලයි මට හිතෙන්නෙ. සුබ සහ යස එකේ ගතහොත් යසගෙ ශරීරය තුළ වෙන මිනිහෙක් ඉන්නවා. එළියෙ පේන මිනිහයි ඇතුළෙන් පේන මිනිහයි දෙන්නෙක්. ඉතින් මේ ලක්ෂණය මිනිස්සු තුළ තිබෙනවා. මිනිස්සු රැවුළ වැවීමටත් අර්ථයක් තියනවා. රැවුළ කොණ්ඩය පිළිවෙළට තියාගන්න කාලය ගන්නවට වඩා වෙන මහන්සි වෙන්න වැඩ ඒ සමහරුන්ට තියනවා. සුමාන ගණන් රැවුළ වවන් ඉන්නවා. හිටි හැටියෙ ඔළුව නිදහස් වෙච්ච ගමන් රැවුළ, කොණ්ඩෙ කපනවා. ඒ මිනිස්සුන්ගේ තවත් කුමක් හෝ තිබෙන අරමුණ තමයි නම්බර් වන්. රැවුළ කපන එක වැඩක් නෙවෙයි.

ඔබ මේ ප‍්‍රදර්ශනයට පාවිච්චි කරන ආලේඛ්‍ය කිහිපයක් නිදර්ශනවලට ගෙන අභිනය සහ අරමුණ පැහැදිලි කළ හැකිද?

මම මේ ප‍්‍රදර්ශනයට භාවිත කරන අජිත් තිලකසේන මහත්තයගෙ පින්තූරෙ ගනිමු. ඔහු කැමති නැහැ ඡායාරූපවලට පෙනී සිටින්න. ඔහුගේ ඉතා ප‍්‍රසන්න පින්තූරයක් ගන්නත් බැහැ වගේ. මොකද ඔහු එහෙම තියන්න බැහැ. කඩදාසි ටිකක් දීලා මම කිව්වා මේ ටිකත් එක්ක ඔබේ වැඩක් කරන්න කියලා. එයාගෙ ජීවිතේ ඒකනෙ. එයාගෙ පොත් තියන කාමරයට අපි ගියා. මට පේනවා ඉර එළිය වැටෙනවා ජනේලයෙන්. පොඩි නාට්‍යාකාර Irony එකක් හදන්න පුළුවන් කියලා මම කල්පනා කළා. ජනේලය දෙසින් Reflecter එකක් අල්ලලා ආලෝකය දුන්නා. එතකොට එතන වෙනම ආලෝක ප‍්‍රභවයක් මැවුණා. ඒ කියන්නේ Day light කසටයඑ එක සමග මුසුවෙලා. මේකට තව කෘත‍්‍රිම ලයිට් එකක් දුන්නා Warm Filter එකක් ෆ්ලෑෂ් එකට ගහලා. මම කුඩා ඇපචර් එකකට ගියේ. ඊට පස්සෙ මට අවශ්‍ය විදිහට වර්ණ කිහිපයකින් ඡායාරුපය ආලෝකකරණය කරගන්න හැකිවුණා. ඒකෙ ත‍්‍රිමාණ ගතියක් ආවා. ඒ සමගම අජිත් තිලකසේන කියල චරිතය ඡුායාරූපයෙන් පෙනීමයි වැදගත්. ඒක සිදුවුණා. තවත් උදාහරණයක් ලෙස මහානාන්කඩවල පියරතන හිමි ගනිමු. උන්වහන්සේ පොස්පේට් නිධිය බේරගන්න ලොකු සටනක් කළා. උන්වහන්සේ වර්තමානයේ බීජ අයිතිය වෙනුවෙනුත් මැදිහත් වෙනවා. ඒ සමගම උන්වහන්සේ වකුගඩු රෝගය නිවාරණය සම්බන්ධයෙනුත් වැඩ කරනවා. හාමුදුරුවො වටාපත අල්ලගෙන ඉන්න විදියට අල්ලගෙන ඉන්නෙ වී කරල් කීපයක්. බෝගහේ අරටුවට උන්වහන්සේ පිටදීලා ඉන්නෙ. මේක තමයි පියරතන හිමියන් පිළිබඳව මගේ සංකල්පය. හැරිස් විජේසිංහ ගතහොත් රූපලාවන්‍යය විෂය පිළිබඳ ඔහු ලංකාවේ ඉහළම කෙනෙක්. ඒත් වෙඩින් කියලා කරන ජුගුප්සාජනක ක‍්‍රියාවලියට හසුනොවෙච්ච ශිල්පියෙක් ඔහු. මේක වෙනම කලාවක් බවට පත් කළ කෙනෙක් හැරිස්. ඊළඟට තේනුවර නමැති කාන්තාවකගේ ඡුායාරූපයක් මෙහි අඩංගුයි. ඇය තද වර්ණවල සිට ළා වර්ණයන් කරා විවිධ පරාසයන් දක්වා වර්ණ නිර්මාණය කරන කෙනෙක්. අතින් රෙදිපිළි කර්මාන්තයේ යෙදෙන විට වර්ණ ගැන්වීම පිළිබඳ පර්යේෂණයක් කර විෂය පිළිබඳ පර්යේෂණයන් කර ඒ විෂය පිළිබඳ ජර්මනියේ පාසලක උගත් කාන්තාවක් ලෙස තේනුවර මහත්මිය හඳුන්වා දෙන්න පුළුවන්. 70 දශකයේදී අපේ රටේ ලොකු handloom industry එකක් තිබුණා. ඒක වැටුණේ නිදහස් ආර්ථිකය නිසයි.  ඇත්තටම නොවැටී තිබිය යුතු දෙයක් මේක. මේ ඡායාරූපය ගත්තෙ ඉහත සියලූ කරුණු පසුබිම් කරගෙනයි. අපි ආර්පිකෝ සභාපති සේන යද්දෙහිගේ ගනිමු. මෙතුමා පිටරටින් හම්බ කරලා ලංකාවට ධනය ගෙනාපු කෙනෙක්. එහෙම මිනිස්සු විරලයි. මොහු කළමනාකරණයේ විශිෂ්ටයෙක්. ලංකාවේ ආර්පිකෝ සන්නාමය යටතේ සමාගම් 58ක් තියනවා. තවත් රටවල් ගණනාවක ඔහු ව්‍යාපාර කරනවා. ලංකාවේම 50,000කට පමණ ඔහු රැුකියා දී තිබෙනවා. මම ඔහුගේ ආලේඛ්‍යයට චෙස් බෝඞ් එකක් භාවිත කරනවා. චෙස් වගේ වැඩක් මේක. ඔළුවෙන්ම කරන වැඩක් මිසක් වෙන දෙයක් වෙන්න බැහැ මේ බිස්නස් එක. අපි ගුණදාස අමරසේකර ගත්තොත් පෑන සහ පිරිත් නූල වැදගත් සාක්ෂි කියලා මම හිතනවා. ලිවීම සමග දේශීය චින්තනය ඔහුට තිබුණා. ඔහු දේශීයත්වය ගැන ප‍්‍රබල හඬක් නගන මනුස්සයෙක්. වීරවංශලා සමග සෙට් නොවුණා නම් තමයි මගේ පින්තූරයට නිවැරදිම අර්ථය එන්නේ. මීට වසර ගණනකට පෙර ඔහු ලියූ කවිපොත් ටිකයි නවකතා කෙටිකතා ටිකයි ගන්න. ඒ ටිකම ඇති අමරසේකර පිරිත් නූලයි පෑනයි සංකේතයෙන් අර්ථගන්වන්න.

ajith

පියරත්න හේවාබැට්ටගේ වැනි කෙනකුගේ ආලේඛ්‍යය ගනිමු. ඔහුගේ හැම වැඩකම දේශීය ලකුණ තිබුණා. ඔහු පිට දුන් සමාජ පදනම ඒ පසුබිමෙහි තිබුණා. සාෆ් ලෝගෝ එක මතකද?

පොරපොල් ගහන මනුස්සයානෙ ඔහු ඇන්දෙ. මම හිතන්නෙ නැහැ වෙන කිසිම කෙනෙක් සාෆ් ලෝගෝ එකට පොරපොල් ගහන මනුස්සයෙක් අඳියි කියලා. ජනාධිපතිවරුන් කාටත් වගේ කොඩි නිර්මාණය කළේ ඔහු. ලියවැල කොළ වර්ණය ඉදිරියට ගත් ශිල්පියා ඔහු. ඒවා සමගයි මමත් තෝරා ගැනීම් කර තිබෙන්නේ. ඊළඟට රවීන්ද්‍ර ගුරුගේ මෙහි ඉන්නවා. ඔහු නෙගටිව් එකෙන් ඩිජිටල්කරණයට බොහොම අර්ථවත් ලෙස මාරු වෙච්ච කෙනෙක්. එමෙන්ම සංස්කරණය විෂය ඉතා සියුම්ව ස්පර්ශ කළ කෙනෙක්. මම ගත් ඡුායාරූපයෙන් පෙන්වන්න හදන්නේ ඒක.
ඊළඟට ඉන්නෙ වික‍්‍රමබාහු. මට ඔහු දේශපාලනඥයෙක් නෙවෙයි. ඊට වඩා දුරගිය දාර්ශනිකයෙක්. මම බාහුගෙ සේයාරුව ගත්තෙ අයින්ස්ටයින්ව පින්තූර ගන්නවා කියන අර්ථයෙන්. මේ ඉන්නෙ දේශපාලන  බාහු නෙවෙයි. ඉංජිනියරින් ෆස්ට් ක්ලාස් එකක් තියෙන ආචාර්ය උපාධිය ලත් මම හිතන ප‍්‍රාඥයාගෙ පින්තූරයයි මෙතන තියෙන්නෙ. අමරසේකරගේ පසුකාලීන ප‍්‍රශ්නෙ වගේම රැුල්ලකට අහුවෙච්ච බාහු නෙවෙයි මම අපේක්ෂා කරන්නේ. පුංචි තැනකදී පීල්ල පැන්න නිසා ලොකු අවුලක් වෙච්ච මිනිස්සු මේ. අවුල වුණේ ඒ අයටත් වඩා අපටයි.
ජයලත් මනෝරත්නගෙ පින්තූරෙ ඇඟිලි දෙකක් දිගු කරවලා ගන්නේ අර එකමත් එක රටක කියන අදහස එන්න. ඔහු ජනශ‍්‍රැතිය, ජන සාහිත්‍ය ඇසුරු කළ නළුවෙක්. ඒවා මතින් තමයි ඔහු අති දක්ෂ රංගධරයෙක් වෙන්නේ. එමෙන්ම සේයාරුවේදී මට අවශ්‍ය තාත්වික අභිණය මම ගත්තා. මොකද නළුවා ප‍්‍රබල විදියට ගේන්න මට අවශ්‍ය වුණා.

berty-01

ආලේඛ්‍යය ප‍්‍රදර්ශනයකට අන්තර්ගතය තෝරා ගැනීම වෙනම සිතිය යුතු කටයුත්තක්. මේ විෂය පිළිබඳ ඔබට ඇති දෙස් විදෙස් අත්දැකීම් කෙබඳුද?

මම යුසුෆ් කාෂ් කියන Portrait විෂය පිළිබඳ ඉහළම ශිල්පියා තදින් හැදෑරුවා. ඔහු තමයි මේ විෂයේ නිර්මාතෘ. එයා චරිත තෝරා ගත්තේ වෙනමම සිතීමක් සමගයි. හොඳම උදාහරණය තමයි චර්චිල්ගෙ පින්තූරය ගත්තු යුසුෆ් කාෂ් නේරුගෙ පින්තූරය අරන් තියෙන හැටි බලන්න. නේරු පැත්තට ඔහු අරන් තියෙන්නෙ. නේරු යනු දේශපාලනඥයො අබිබවා ගිය දාර්ශනිකයෙක්. නේරු දේශපාලනඥයෙක් හැටියට විග‍්‍රහ කරන්න ගියොත් අපි අමාරුවෙ වැටෙනවා. එයා ඉන්දියාවෙ අනාගතය දුටුවා. ජාතික ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන්නෙ ඔහු. බය නැතුව ආර්ථිකය විෂයෙදි ගාන්ධි සමග හැපුණා. අන්තිමට ගාන්ධිත් යම්තාක් දුරකට හරි ඒක අනුමත කළා. ඉතින් අත් බැඳගෙන පැත්තෙන් ගත්තු පින්තූරයක් වීම තුළ නේරුගෙ ඔය ගති ලක්ෂණ කියවුණා.

යුසුෆ් කාෆ් චර්චිල්ගෙ පින්තූරෙ ගත්තෙ කොහොමද?

චර්චිල් ඒ වෙලාවෙ යුරෝපයේ බලවතා. යුරෝපයට ජපානයෙන් ලොකු තර්ජනයක් ආවා ලෝක යුද්ධය වෙලාවෙ. ඒ වනවිට කැනඩාවෙ අගමැති මැකිනොන්. කැනඩාවෙ අගමැතිනි සහ යුසුෆ් කාෂ් මිතුරන්. යුසුෆ් ඇමරිකාවේ ඉපදුණාට පදිංචි වෙලා හිටියෙ කැනඩාවෙ. මැකිනොන් වතාවක් චර්චිල්ට ආරාධනා කළා කැනඩා පාර්ලිමේන්තුවෙ ‘ඉතිහාස පිළිබඳ දේශනයක්’ කරන්න. චර්චිල් ගියා. මැකිනන් කියලා තියනවා යුසුෆ්ට මේ දවසෙදි චර්චිල්ගෙ පින්තූරයක් ගන්න ලෑස්ති වෙන්න කියලා. යුසුෆ් කළමනා අරගෙන ගියා. කැනඩාවෙ කතානායකගෙ කාමරය තමයි තැන. එතන ආලෝක ප‍්‍රභව ලෑස්ති කරගෙන හිටියා. චර්චිල් මේක දන්නෙ නැහැ. චර්චිල් කාමරයට ආපු ගමන් බොහෝ සැරෙන් whats it. whats it කියලා අහලා තියෙනවා. අඩුම තරමින් මැකිනන්වත් මොකුත් කියලා නැහැ. යුසුෆ් කාෂ් කාරණය කියලා අනාගතයට වැදගත් වන ඓතිහාසික පින්තූරයක් ගන්න අපේ අවශ්‍යතාවක් තියනවා කියලා කිව්වලූ. බලන්න යුසුෆ් පොටෝග‍්‍රැෆර් කෙනෙක් හැටියට කොච්චර බලවත්ද, ධෛර්යය සම්පන්නද කියලා. චර්චිල් වුණත් වැඬේ තේරුම් අරන් පුටුවෙ ඉඳගත්තා. ඒත් මේ වැඬේ තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැල්ලූ. සුරුට්ටුවක් කටේ තියාගත්තලූ. සුරුට්ටුව සමග පින්තූරය ගන්න බැහැ. සුරුට්ටුව ඈෂර් එකට දාන්න සර් කියලා යුසුෆ් කිව්වම චර්චිල් බැහැ කිව්වලූ. යුසුෆ් චර්චිල් ළඟට ඇවිත් කැමරාව එක අතකින් ඇරලා වහන ගමන් චර්චිල්ගෙ සුරුට්ටුව කටින් ඇදලා. දත්මිටි කාගෙන චර්චිල් නැගිට්ටා. එතකොට පින්තූරෙ ගහලා ඉවරයි. ඒක තමයි අද අපි දකින චර්චිල්ගෙ ජනප‍්‍රිය පින්තූරය. ඊට පස්සෙ මිනිහාටත් හිනා. යුසුෆ් ඒකත් පින්තූර අරන්. ජපානයට විරුද්ධව ඇටෑක් කරන ශෛලියක් පින්තූරෙ තියෙන්නේ. ඒ පින්තූරෙත් වෙන විදියකින් යුද්ධය නිම කිරීමට ලොකු දායකත්වයක් දීලා තියනවා. මොකද පොටෝ එකෙන් දෙන පණිවුඩය හරි බලවත් එකක් වුණා. චර්චිල්ගෙ නොසැලෙන ශක්තිය තමයි ඒකෙන් ප‍්‍රකාශ වුණේ. 1974දී යුසුෆ් අපූරු ප‍්‍රකාශයක් කළා. ඒ ඔහුගේ ඡුායාරූප ශාලාව වහන දවස. 1939දී තමයි ස්ටුඩියෝ එක ඇරියෙ. කවුරුහරි ජර්නලිස්ට් කෙනෙක් ඇහුවා ඇයි ස්ටුඩියෝ එක වහන්නෙ කියලා, යුසුෆ් කිව්වලූ මට ඡායාරූප ගතකරන්න තරම් ප‍්‍රබල චරිත දැන් නැහැ කියලා. හරිනෙ කතාව. ඇන්, ඇම්, කොල්වින්, ජේ.ආර්., පීටර් කෙනමන්, එස්.ඒ. වික‍්‍රමසිංහ සමග මේ මොක්කුද? නිකම් පාංකාරයොනෙ. එක මූණක හැඟීමක් තියනවද බලන්න. නැහැනෙ.