දමා ගැසීමේ කලාව

 

මුත්තයියා මුරලිදරන්ගෙන් මතුවූ පන්දුව දමා ගැසීමේ චෝදනාව සචිත‍්‍ර සේනානායකගෙන් පුපුරා ගියේ ය. පළමු ව සෑම කෙනෙකු ම සිතුවේ මෙය පුස්වෙඩිල්ලක් වනු ඇත කියා ය. එහෙත් එය සැබැවින් ම සිදුවූයේ ය. මේ කාලයේ දී තවත් බොහෝ දෙනෙක් මීට ගොදුරු වූහ. ඒ අතරට ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක‍්‍රීඩකයෙක් ද ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක් ද වෙති. ඒ කිසිවෙකු මුරලි හෝ සචිත‍්‍ර තරමට කරලියට පැමිණියේ නැත.
එහෙත් ලැබෙන්නේත් සහ අසන්නට ලැබෙන්නේත් මේ හා සම්බන්ධ දේ ම ය.
ආසන්නතම උදාහරණය මීට සති දෙකකට ඉහත දී ප‍්‍රධාන පෙළේ ක‍්‍රිකට් තරගාවලියක දී ක‍්‍රීඩකයන්ගේ මාපියන් විසින් විනිසුරුගේ කලිසම ගලවන බවට කරනු ලැබූ තර්ජනයක් ය. මේ තරගයේ ක‍්‍රීඩා කළෝ දිවයිනේ ජනප‍්‍රිය පාසල්වල ක‍්‍රීඩකයෝ ය. ඔවුන් මෙරට ප‍්‍රධාන පෙළේ ක‍්‍රිකට් ඇකඩමි ක‍්‍රීඩකයෝ ය. ඇකඩමියේ පුහුණුකරු මෙරට කීර්තිමත් පුහුණුකරුවෙකි.
අන් උදාහරණය, විනිසුරු තීරණයක් සම්බන්ධයෙන් තරමක මතභේදාත්මකව සිටි පාසල් පුහුණුකරුවෙකු විනිසුරු විවේකාගාරයට ගොස් ඉදිරි කාලයේ දී තම පාසලේ කිසිදු තරගයට ඔහු සහභාගි නොකර ගන්නා බවට කරනු ලැබූ තර්ජනයකි. මේ සිදුවීම් දෙක ම සිදුවන්නේ පන්දුව දමා ගැසීමේ චෝදනාව ලත් තැන ය.
‘ගොඩක් පුහුණුකරුවන්ට අවශ්‍ය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා හදන්න නෙවේ. ඔවුන්ව ජයග‍්‍රහණ කරා ගෙන යන්න. ඒ මගින් ඔවුන්ගේ රැුකියාව සුරක්ෂිත කර ගන්න. මේ නිසා ක‍්‍රිකට් පිටියේ වැරැුදි කරන පිරිස් වැඩි වෙලා. මොකද පුහුණුකරුවන්ට පන්දු යවන්නන්ගෙන් අවශ්‍ය කෙසේ හෝ කඩුලූ දවාගැනීම්. පිතිකරුවන්ගෙන් අවශ්‍ය ලකුණු. මේ දෙක කොහොම හරි සිද්ධ වෙනවා නම් ඔවුන්ට ඇති. අනිත් එක මේ තත්ත්වයට ඇතැම් කණ්ඩායම් ප‍්‍රධානීන් මෙන් ම මාපියන් ද වගකිව යුතු වෙනවා. මොකද පුහුණුකරුවන් මේ තත්ත්වයට ඇද දමන්නේ ඔවුන් නිසා. ඔවුන්ට ද අවශ්‍ය තරගවල ජයග‍්‍රහණය පමණයි…’ මේ පාසල් ක‍්‍රිකට් පුහුණුකරුවකුගේ අද දවසේ ක‍්‍රිකට් පිටියේ දැක්ම ය.
මේ කතාවේ කතාකළ යුතු බොහෝ කාරණා ඇති බැව් අපට ද වැටහේ. ඒ අන් කවරදාටත් වඩා ක‍්‍රිකට් පිටිය දූෂණය වී ඇති අයුරක් දක්නට ලැබෙන බැවිනි. විශේෂයෙන් ම පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේදීත් ඉන් පිටස්තරදීත් අප දකින සහ අහන දෑ ඉතා අප‍්‍රසන්න වන නිසා ය.
මේ තත්ත්වයන් සමග දැනට පාසල් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ මෙන් ම ක‍්‍රීඩා සමාජ ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේත් ඔඩුදුවා ඇති ප‍්‍රමුඛතම ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ පන්දුව දමා ගැසීමේ චෝදනාවන් ය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ම පවසන පරිදි පසුගිය දා නිමා වූ වයස අවුරුදු 23න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දී පන්දුව දමා ගැසීමේ චෝදනා ලත් පන්දු යවන්නෝ 25 දෙනෙකි. ඒ අතරට පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ද කිහිප දෙනෙක් ම වෙති.
මේ සොයා ගැනීම ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ද මේ චෝදනාවට ම වරදකරු වී නිවැරදි වීමට උත්සාහ දරන අවස්ථාවක වීම ඉතා දෛවෝපගත ය. 29 හැවිරිදි පිට ද`ග පන්දු යවන සචිත‍්‍රගේ පන්දු යැවීම සැකසහිත බැව් නිවැරදි කර ගැනීමට කරනු ලබන උත්සාහයන් අතර ය. ඉයන් ගෝල්ඞ් සහ මරායිස් එරස්මස් විනිසුරුවන් මීට මාස කිහිපයකට ඉහත දී ජාත්‍යන්තර ක‍්‍රිකට් සමු`ඵවට කරනු ලැබූ දැනුම් දීමත් සමග සචිත‍්‍රගේ ඉරියව් නිරීක්ෂණයට අවස්ථා දෙකක් ම යොදා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයන්ට සිදුවුණි. පළමුවෙන් චෝදනා ලත් එංගලන්තයේ දී ම කරනු ලැබූ පරීක්ෂණයේ දී ප‍්‍රතිඵලය වූයේ සචිත‍්‍ර පන්දුව දමා ගසන්නේ ය යන චෝදනාව නිවැරදි බවයි.
පසුගිය වසර කිහිපය තුළ සචිත‍්‍රට එරෙහිව කිසිදු චෝදනාවක් නොවීම නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයන් මේ මතය පිළිගැනීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එනිසා ම ඔවුහු සචිත‍්‍ර වෙනුවෙන් පෙනී සිටින්නට වූ හ. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සමග අභියෝගයකට නොයා පළමුව සිටි මතයෙන් දුරස් වෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයෝ සචිත‍්‍ර ඕස්ටේ‍්‍රලියාවේ ඩැරල් ෆොස්ටර් යටතේ පන්දු යැවීමේ ඉරියව් නිරීක්ෂණයට යොමු කරන්නෝ ය. එහි දී සචිත‍්‍රට එරෙහිව ඇති චෝදනා සනාථ වන්නේ ය. ඉන් පසුව ෆොස්ටර් යටතේ පුහුණුව ලබන සචිත‍්‍ර මේ වන විට පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කරගෙන ඇති බවට වාර්තාවේ. එහෙත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය තවමත් නිල වශයෙන් කිසිවක් ම ප‍්‍රකාශ කර නොමැත.
මේ කෙතරම් නම් වෙහෙසක් ද? කාලය කා දැමීමක් ද?
මේ ප‍්‍රශ්නයේ දී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ද මේ වන විට වැටී ඇත්තේ ආගාධයක ය. ඔවුහු පාකිස්තානයට එරෙහිවත් බංග්ලාදේශයට එරෙහිවත් මේ වන විට චෝදනා එල්ල කරමින් සිටිති.
කෙසේ වෙතත් සචිත‍්‍රයේ පන්දු යැවීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වැටුප් ලබන පුහුණුකරුවකු පැවැසුවේ සචිත‍්‍ර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය සමග එක`ගව කටයුතු කිරීමට ගත් තීරණය ඉතා වැදගත් බවයි. ඒ වගේ ම මෙම සිදුවීම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව නිසි මගට ගැනීමට ලැබුණ විශේෂ අවස්ථාවක් බැව් ය.
‘සචිත‍්‍ර අපේ කණ්ඩායමට අවශ්‍ය ක‍්‍රීඩකයෙක්. ඒ නිසා මේ අවස්ථාවේ කණ්ඩායම වෙනුවෙන් ගත යුතු ඉතා හො`දම තීරණය ඔවුන් ගත්තා. මේ තීරණයත් සමග තවත් බොහෝ දේ වෙනස් විය යුතුයි කියන මතයේ මම සිටිනවා. විශේෂයෙන් ම මෙවැනි හෝ දේශීය මට්ටමේ දී චෝදනාවන්ට ලක්වන පන්දු යවන්නන් නිවැරදි කිරීමේ වගකීම පුහුණුකරුවන් වෙත පැවැරිය යුතුයි. විනිසුරුවන්ට චෝදනා කිරීමට ඉඩ නොතබා ක‍්‍රීඩකයෙක් නිවැරදි මාවතට යොමු කිරීම පුහුණුකරුවෙකුගේ යුතුකමක්…’ යැයි ද ඔහු ප‍්‍රකාශ කළේ ය.
එමෙන් ම දැනට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවිධානය කරන සෑම ක‍්‍රිකට් තරගාවලියක දී ම පන්දු යවන්නන්ගේ ඉරියව් නිරීක්ෂණය කර වාර්තාවක් ලබා දීම විනිසුරුවන්ට පැවැරීම ද ඉතා වැදගත් බව ඔහුගේ මතයයි.
මේ සම්බන්ධයෙන් පළමු පෙළ විනිසුරුවරයෙකු ප‍්‍රකාශ කළේ ඇල්මැරුණ අදහසකි. ‘අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගට ම කටයුතු කළා. ඒත් පාලකයෝ ම ඇතැම් ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් අපේ චෝදනා පිළිගත්තේ නැහැ. දැන් ඒක ඒ අයට ම පාරාවළල්ලක් වෙලා. මේ තීරණ අලූත් දේවල් නෙවේ. මෙතෙක් මේ දේවල් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළ එකයි සිදුවුණේ…’
ඒ චෝදනාව ද ලෙහෙසියෙන් බැහැර කළ හැකි නොවේ. කෙසේ වෙතත් අපගේ මතය වන්නේ ප‍්‍රමාද වී හෝ මේ සම්බන්ධයෙන් සීරුමාරුව සිටීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තීරණය කිරීම කාලෝචිත බැව් ය. ඒ සෑම වෙඩිල්ලක් ම පුස් වෙඩිල්ලක් නොවන බැව් සචිත‍්‍රගේ ප‍්‍රශ්නයේ දී තේරුම් ගිය බැවිනි.