යුද්ධය, නුවරකලාවිය, ගැමි ජීවිතය විනිවිදින ධවල දූවිලි

ජර්මානු සංස්කෘතික ආයතනය සහ ඇජෙන්ඩා 14 එක්ව සංවිධානය කරන මාසික සිනමා හමුවේදී පසුගියවර තිරගත වූයේ අනුරුද්ධ ජයසිංහගේ ධවල දූවිලි සිනමා නිර්මාණයයි.
මෙම සිනමා කෘතිය ශාන්ති දිසානායකගේ සංග‍්‍රාමය කෙටි නවකතාව පාදක කොට නිර්මාණය වී ඇති අතර තිරරචනය මහාචාර්ය නිමල් සේනානායකගෙනි.
කෘතිය තිරගත වී අවසන සංවාදයක් පැවති අතර එයට අනුරුද්ධ ජයසිංහ, ශාන්ති දිසානායක, මහාචාර්ය නිමල් සේනානායක සහ චූලානන්ද සමරනායක එක්වූහ. සංවාදය මෙහෙයවූයේ අනෝමා රාජකරුණාය. සංවාදය රාවයට සටහන් කැරෙනුයේ කේ. සංජීව විසිනි.

අනෝමා රාජකරුණා: සාහිත්‍යය සහ සිනමාව කියන්නේ මාධ්‍ය දෙකක්. සාහිත්‍ය කෘතියක් සිනමාවට පෙරළීම දුෂ්කරයි. සාහිත්‍ය කෘතියක් ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට පෙරළීමේදී සාහිත්‍යකරුවා සහ ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාපකයා අතර යම් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවෙනවා. ශාන්ති, ඔබ අනුරුද්ධත් එක්ක දීර්ඝකාලයක සිට නිර්මාණාත්මක සහ සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඔබ හිතනවාද අනුරුද්ධ සිය සිනමා නිර්මාණය හරහා ඔබගේ සාහිත්‍ය කෘතියට සාධාරණයක් කළාය කියලා.

ශාන්ති දිසානායක: මම හිතනවා අනුරුද්ධ මගේ කෘතියට ලොකු සාධාරණයක් ඉෂ්ට කළාය කියලා. මම චිත‍්‍රපටිය නරඹලා ලොකු සතුටක් ලැබුවා. මම කියන්න උත්සාහ කළ දේ අනුරුද්ධ මට වඩා හොඳට කියලා තියෙනවා කියලා මම හිතනවා. කොහොමටත් මම මේ මාධ්‍ය දෙකේ වෙනස හොඳට තේරුම්ගත්ත කෙනෙක්. ඒ නිසාම මම එහෙම ගැටුම් ඇති කරගන්නවා හරිම අඩුයි. සංග‍්‍රාමය කියන්නේ මගේ නිර්මාණය. ධවල දූවිලි කියන්නේ අනුරුද්ධගේ නිර්මාණය. අපි එලෙස තේරුම් ගත යුතුයි.

අනෝමා: මේ තුන්දෙනා අනුරුද්ධ, ඩොක්ටර් නිමල්, ශාන්ති කාලයක් තිස්සේ නිර්මාණාත්මක සහසම්බන්ධයක් පවත්වන තිදෙනෙක්. චූලා, ඔබ මේ සිනමා කෘතියට පරිබාහිර කෙනෙක්. ධවල දූවිලි ඔබ දකින්නේ කොහොමද විචාරකයෙක් විදියට?

චූලානන්ද සමරනායක: මුලින්ම කියන්න ඕනෑ මම ශාන්තිගේ ‘සංග‍්‍රාමය’ කියන මේ පොත කියවලා නැහැ. ඒ නිසා මට කෘතියත් සිනමාවත් අතර සංසන්දනාත්මක කියවීම කියන බාධාව නැහැ. මට මෙතැනදී සාහිත්‍ය කෘතිය අදාළ නැහැ. අදාළ සිනමා කෘතිය පමණයි. මේ චිත‍්‍රපටියේදී කතා කරන්නේ යුද්ධයට මැදිවෙච්ච හමුදා භටයෙක්, ඔහුගේ පවුලේ චරිත කිහිපයක්, හමුදා භටයා යුද්ධයෙන් මියගියාට පස්සේ හැසිරෙන්නේ කොහොමද කියලා. මෙතන මානුෂීය ගැටලූ, ඛේදවාචක ගොඩක් තිබෙනවා. මේ ගැටලූ විග‍්‍රහ කරන්න ගත්ත උත්සාහයක් විදියට තමයි මම මේ කෘතිය දකින්නේ. යුද්ධය නිසා ඇතිවුණ මෙවැනි ගැටලූ මීට වඩා සංකීර්ණව හඳගම වාගේ නිර්මාණකරුවෙක් කතාකරලා තියෙනවා. මෙවැනි සිනමා නිර්මාණයක් අදට ගැළපෙන විදියට නිර්මාණය කරන්න ගියාම නිර්මාණකරුවා අගතීන් ගොඩක පැටළෙනවා අපිට පේනවා. එතකොට සමහරු එල්ටීටීඊ සංවිධානයට දොස් පවරනවා. සමහරු ගුණ ගායනය කරනවා. සමහරු සිංහල ජාතිවාදී වීරත්වයක් ආරෝපණය කරන්න යනවා. මේ කෘතිය ඇතුළේ මේ අගතීන් එකක්වත් නැහැ. ඒක තමයි මම දකින වැදගත්ම දේ.

අනෝමා: සංග‍්‍රාමය කියන්නේ කෙටි නවකතාවක්. මේ කෘතිය හරහා නුවරකලාවියේ ස්තී‍්‍ර ගැටලූ සංකීර්ණ තලයක සාකච්ඡුා වෙනවා. ඔබට මේ කෘතිය තිර නාටකයක් බවට පෙරළීමේදී ඇති වුණ අභියෝග මොන වගේද?

මහාචාර්ය නිමල් සේනානායක: මම 1985 ඉඳලාම ටෙලි නාට්‍ය තිරකතා රචකයකු විදියට ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. මම ගොඩක් වෙලාවට කැමති කුතුහලය දනවන අද්භූත කතාවලට. මම වැඩිපුර රචනා කළෙත් එවැනි කතා. මේ නවකතාව වෙනස් විදියේ කතාවක්. ඒක තමයි පළමු අභියෝගය. එහෙත් මට මේ කෘතිය කියවාගෙන යනවිට ආශාවක් ඇති වුණා. මම අනුරුද්ධත් එක්කත් කතා කළා. නුවරකලාවියේ බස් වහර වුණත් ටිකක් වෙනස්. එහෙත් පොත ළ`ග තිබුණු නිසා ඒ බාධකයත් ජයගන්න පුළුවන් වුණා. අපි මේ සිනමා කෘතිය කළේ 2007 අවුරුද්දේ. යුද්ධය මේ කාලයේ තිබුණා. අද යුද්ධයත් නැහැ. මේ සිනමා කෘතිය රසවිඳින්න ඒක බාධකයක් වෙන එකක් නැහැ. මොකද මේ කතාවේ සදාතනික අගයක් තිබෙනවා. යුද්ධය මේ කතාවට අවශ්‍ය පසුබිම සපයනවා පමණයි. අපේ සමාජ පරිසරයේ තියෙන පොදු ඛේදවාචකයක් තමයි මෙහි අපි කතා කරන්නේ.

අනෝමා : ශාන්ති ඔබ කෘතිය ඇතුළේ කතාකරන නුවරකලාවියේ ඇත්ත තත්ත්වය මේකමද? අයියා මියගියාම අයියාගේ වැන්දඹු බිරිඳ මල්ලී සමග විවාහ වෙන අවස්ථා, නැත්නම් මල්ලි මියගියාම වැන්දඹු බිරිඳ අයියා සමග විවාහ වෙන අවස්ථා නුවරකලාවියේ ඕනෑ තරම් තිබෙනවා. එනිසා ඇත්තටම මේ කෘතිය ඇතුළේ සාකච්ඡුා වෙන විදියේ ගැටලූවක් නුවර කලාවියේ මිනිස්සු අතර තියෙනවාද?

ශාන්ති: ගමේ හෝ නගරයේ කියලා මිනිස්සු ස්තී‍්‍ර- පුරුෂ සම්බන්ධතා වර්ග කරන්න බැහැ. මොකද ඕනෑම තැනක ජීවත්වෙන්නේ ගැහැනුන් සහ මිනිසුන්. එනිසාම මම මේ සාකච්ඡුා කරන විදියේ ගැටුම් මානව සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. මම සංග‍්‍රාමයට පාදක කරගත්තේ යුද්ධයේදී සෙබළාට ජීවිතය අහිමිවීම සහ ඊටපස්සේ එයාගේ බිරිඳට, මවට, පවුලේ අයට ජීවිතය සංග‍්‍රාමයක් බවට පෙරළීම. සංග‍්‍රාමයේ නැන්දම්මා වගේම නුවරකලාවියේ හැම නැන්දම්මා කෙනකුම එහෙමයි කියලා කියන්න බැහැ. මම දන්න සමහර තැන් තියෙනවා ඔබ ඔය කියන ආකාරයේ විවාහයන් සිද්ධ වුණ.

එහෙත් ලංකාවේ පොදු ආකල්පයක් තියෙනවා වැන්දඹුවන් කියන්නේ අවාසනාවක් කියලා. ඒ නිසා එවැනි අවාසනාවන්ත ගැහැනියක් තමන්ගේ පුත‍්‍රයා සමග විවාහ වෙන්න හදනකොට ඊට අකමැති වන අම්මාවරුනුත් ඉන්නවා. මම හිතන්නේ ඒක මාතෘත්වය කියලා. අම්මා කෙනෙක් දරුවකුට දක්වන අසීමිත ආදරය තමයි එතැන තිබෙන්නේ. මම කියන මේ කතාවට අනුරුද්ධත් මහාචාර්ය සේනානායකත් ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා.

අනෝමා: ශාන්ති පවසන ඇයගේ සංග‍්‍රාමය නවකතාවේ තිබෙන මේ ස්ත‍්‍රී-පුරුෂ ගැටුම නිසාද ඔබ මේ නවකතාව සිනමා නිර්මාණයක් බවට පත්කරන්නේ?

අනුරුද්ධ: මම කාලයක් තිස්සේ ශාන්තිගේ නිර්මාණ සමග වැඩකරනවා. ‘වරාමල’ තමයි මුලින්ම නිර්මාණයකට තෝරාගත්තේ ශාන්තිගේ නිර්මාණ ගොන්නෙන්. ඒ කතාව තුළිනුත් මම සුවිශේෂත්වයක් දැක්කා. ගැහැනිය ගැහැනියක් වීම නිසාම මේ සමාජය තුළ ඇය ගෙවන දුෂ්කර ජීවිතය ගැන තමයි වරාමල නවකතාව තුළත් කතාකරන්නේ. යුද්ධය නිසා අපේ සමාජයට වෙලා තිබුණ ව්‍යසනය ගමද නගරයද තැනිතලාවද කඳුකරයද කියලා බෙදා වෙන්කරන්න බැහැ. යුද්ධය නිසා ඇතිවුණ අතුරු ප‍්‍රතිඵල මොනවාද? මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ, ළමයින්ගේ අධ්‍යාපනයේ, ආර්ථිකයේ, දේශපාලනයේ ගැටලූ සේරටම යුද්ධය බලපෑවා. යුද්ධය තියෙන කාලයේ අනුරාධපුරේ දුෂ්කර පුංචි ගමක යුද්ධයෙන් බැටකන ගැහැනියක් මුහුණදෙන සංස්කෘතික යුද්ධය තමයි මේ කෘතිය ඇතුළේ මම දැක්කේ. යුද්ධය යසෝ කියන මේ ගැහැනියගේ ජීවිතයට බලපාන ආකාරය ගැන මේ කෙටි නවකතාවේ කතා කරනවා. ඇයගේ සැමියා යුද්ධයෙන් මියයනවා. ඊට පස්සේ ඇයගේ ජීවිතය කියන්නෙත් යුද්ධයක්. සිංහල බෞද්ධකම ඇතුළේ මම මේ ගැන කතා කරනවා. මෙහි එන හැම රූප රාමුවක් තුළම වාගේ පන්සල පෙනෙනවා. මේක සාමාන්‍ය පන්සලක් නෙවෙයි. මේ පෙනෙන්නේ මිහිඳු හිමියන් වැඩි මිහින්තලාව. මිහින්තලාව ඉහළින් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න අතරේ තමයි යසෝට මේ හැම දෙයක්ම වෙන්නේ. ඒ නිසා මේ කෘතිය ඇතුළේ කතාවෙන ලිංගික හැ`ගීම්ද නැන්දම්මාගේ හැසිරීමද මේ සේරම සිද්ධ වෙන්නේ අර ධවල ප‍්‍රතිරූපය ඉහළින් තබාගෙන. ඒක තමයි මම දැක්ක යුද්ධය. පිරිත් අහන, පන්සල් යන භාවනා කරන ගැමි වැඩිහිටි ගැහැනියකගේ හැ`ගීම මොකක්ද වැන්දඹු කාන්තාවක් ගැන. ඇයට තිබෙන හැ`ගීම තමයි කාලකණ්ණි අවාසනාවන්ත ගැහැනියක් කියන එක. මේ සියලූම කුහකකම් හැමදෙයක්ම සිද්ධ වෙන්නේ. බෞද්ධ පරිසරය ඇතුළේ.

අනෝමා: සංග‍්‍රාමය නවකතාවේ ගැටුම නිර්මාණය කරන්නේ මව හරහා. මව තමයි මේ කෘතිය ඇතුළේ කතාවෙන බොහෝ කරුණුවල වාහකය. චූලා ඔබ කොහොමද මේ මව දකින්නේ.

චූලානන්ද: අපේ අම්මාවරුන් මෙවැනි ප‍්‍රශ්න දිහා බලන්නේ කොහොමද? උදාහරණයකට කියුවොත් දියණියක් වැඩිවිය පැමිණුණාම සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් කියන කතාව මොකක්ද? මේ කතාව මගේ අම්මාත් කියලා තියෙනවා. දුවේ කොල්ලෙක් කොහේ ගිහිල්ලා මොනවා කරලා ආවත් සෝදලා ගෙට ගන්න පුළුවන්. හැබැයි කෙල්ලෙක් එහෙම බෑ. ඒක තමයි අපේ අම්මලා අපේ අක්කලාට නංගිලාට කියුවේ. මේක තමයි පොදු ආකල්පය. අනුරුද්ධගේ මේ සිනමා කෘතිය ඇතුළෙත් මේ කතාව මතු කරනවා. මේ චිත‍්‍රපටිය ඇතුළේ මම දකින තවත් කාරණයක් තියෙනවා. මේ රූප රාමු අස්සේ ඈතින් පේන මිහින්තලාව සුදට සුදේ බබළනවා. පහළින් තියෙන ජීවිත නායයනවා. මේක තමයි අපි අද දවසේ ලංකාවේ අත්දකිමින් ඉන්න යථාර්ථය. එහෙත් මේක අද සමාජය කතා කරන්නේ නැහැ. මේ ගැටලූව මම හිතන්නේ මේ කෘතිය ඇතුළේ සංකේතාත්මකව විග‍්‍රහ කරලා තිබෙනවා. හැබැයි චිත‍්‍රපටියේ අවසානයට මම එච්චර කැමති නැහැ. සිනමාකෘතිය අවසානයේ අපිට පේන්නේ මිහින්තලය. ඒකෙන් හ`ගවන්නේ මේ හැම ප‍්‍රශ්නයකටම ගැටලූවකටම විසඳුම තිබෙන්නේ බෞද්ධකම ඇතුළත කියන එකද?

අනෝමා: ධවල දූවිලි සිනමා කෘතිය ගෝවා අන්තර්ජාතික සිනමා උළෙලේ තිරගත වෙන්නේ 2008 අවුරුද්දේ. මේ වෙනකොට මේ කෘතියට ප‍්‍රස්තුත සපයන සංග‍්‍රාමයත් ඉවරයි. එහෙත් ඔබට තවමත් මේ කෘතිය ලංකාවේ පෙන්වන්න බැරි වුණා.

අනුරුද්ධ: ඔව් චිත‍්‍රපටියක් කරනවා වගේම ඒක කළාට පස්සේ තිරගත කරගන්න එකත් සංග‍්‍රාමයක්. චිත‍්‍රපටිය කලාත්මක වුණත් වාණිජ වුණත් ඒකට ප‍්‍රචාරණයක් අවශ්‍යයි. ඒ ප‍්‍රචාරණයට සමහර වෙලාවට නිෂ්පාදන පිරිවැයට වැඩි වියදමක් දරන්න වෙනවා.

අනික අපි මේ ෆිල්ම් එක කරන කාලේ පිටපත් 16ක් 20ක් ප‍්‍රදර්ශනයට නිදහස් කරන්න පුළුවන්. දැන් පිටපත් 35ක් 55ක් ගහන්න ඕනෑය කියනකොට එක පාරට නිෂ්පාදකයෝ කොහොමද මේකට මුහුණ දෙන්නේ. මේ විදියට බලනකොට ෆිල්ම් එකේ සම්පූර්ණ වියදම කවර් වෙන්න ලක්ෂ 500ක් විතර ෆිල්ම් එක දුවන්න ඕනෑ. ෆිල්ම් එකක් ලක්ෂ 500ක් උපයන්න දුවන්න නම් තව ලක්ෂ 250ක් විතර වියදම් කරන්න ඕනෑ. මෙහෙම බලනකොට ප‍්‍රයෝගිකව ගොඩදාන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි තියෙන්නේ. එහෙත් ඩිජිටල් සිනෙමා ආවොත් මේ කොස්ට් එක අඩකින් විතර අඩුවෙනවා. අපි ඉතින් ඩිජිටල් එනකම් අර මොකාද පස්සේ ගියා වගේ බලාගෙන ඉන්නවා. නැතුව මිලිමීටර් 35න් පෙන්නලා කවදාවත් අපිට මේ දැන් තියෙන තත්ත්වයෙන් ගොඩදාන්න බැහැ.

අනෝමා: දැන් පිටපත් 55ක් මදි කියලා සංග‍්‍රාමයක් කරන නිෂ්පාදකයෝ අපි අතරේ ඉන්නවා. අපිට 35ත් බැහැ අපි 15ක් පෙන්වන්නම් කියන සංග‍්‍රාමය ඇයි ඔබ වැනි නිර්මාණකරුවන් පටන් ගන්නේ නැත්තේ. චිත‍්‍රපටියක් නිෂ්පාදනය කළාට පස්සේ මේ වගේ ගණන් ඉලක්කම් මත රැුඳෙන්නේ නැතුව තමන්ට පෙන්වන්න පුළුවන් පිටපත් 10නම් ඒ 10 පෙන්වීම සඳහා යම් කි‍්‍රයාවලියක් සකස් කර ගන්න ඇයි උත්සාහ නොගන්නේ.

අනුරුද්ධ: මෙතන ප‍්‍රායෝගික ගැටලූවක් තියෙනවා. චිත‍්‍රපටියක් කළාම ලංකාවේ ඒක තිරගත කරන්න මණ්ඩල දෙකයි තියෙන්නේ. ඒක සීඊඑල් එක. අනිත් එක ඊඒපී එක. එතකොට මේ මණ්ඩල දෙකේ පිටපත් 15ක් දානවා කියන එක අපිට කතාකරන්න බැහැ. මොකද අපි පිටපත් 15ක් දානවා කියනකොට පිටපත් 55, 60 තියෙන නිර්මාණ පෝලිමක් තියෙනවා. එතනදි අපේ නිර්මාණය මොනතරම් හොඳ වුණත් ඒක ප‍්‍රතික්ෂේප වෙනවා. මම නම් මේ ගැටලූවට විසඳුම විදියට දකින්නේ තව විකල්ප මණ්ඩලක් ප‍්‍රදර්ශනය සඳහා විවෘත කළ යුතුයි කියන එක.

අනෝමා: මේ ප‍්‍රදර්ශන මණ්ඩල ගැටලූව අපිට විතරක් පොදුවුණ ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ වෙනකොට මේ ගැටලූව ඉන්දියාවේ සිනමාකරුවන්ටත් එංගලන්තයේ සිනමාකරුවන්ටත් තිබෙනවා. එහෙත් ඔවුන් තමන්ගේ චිත‍්‍රපටි පේ‍්‍රක්ෂකාගාරයට මුදාහැරීම සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. අරගල කරනවා. ඒ නිසාම අද වෙනකොට ලන්ඩනයේ උදෑසන විතරක් පෙන්වන චිත‍්‍රපට තිබෙනවා. ඇයි අපිට නිර්මාණකරුවන් විදියට එකතු වෙලා මෙතනට යන්න බැරි.

අනුරුද්ධ: සිනමාකරුවන් හඩක් නැගුවාම ඒ හඩට කන්දෙන පිරිසක් රටේ සිටිය යුතුයි. ලංකාවේ එහෙම ඉන්නවාද? ජාතික චිත‍්‍රපටි සංස්ථාවට චිත‍්‍රපටි සම්බන්ධයෙන් තිබෙන පනත වෙනස් කර ගන්න බැරි නම් මේ වගේ දේවල් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ලෝකයේ අද හැම රටක්ම ඩිජිටල්වලට ගිහින් තියෙනවා. යමින් ඉන්නවා. එහෙත් ලංකාවේ තත්ත්වය මොකද්ද? අද ලංකාවේ නිර්මාණකරුවන්ට සිනමා ශාලා ඩිජිටල් කරන්න කියලා පිකට් කරන්න වෙලා. අනික් පැත්තෙන් ලිප්ටන් වටරවුමට ගිහින් පිකට් එකක් කළා කියමු. ඔය නිලධාරියෝ කියන කිසිකෙනෙක් ඔතනින් යන්නේ නැහැ. ඒ නිසා එයාලාට මේක පෙනෙන්නේ නැහැ. මේ හින්දා මට නම් අහන්න තියෙන්නේ බිහිරන් ඉන්න සමාජයක හ`ඩට තිබෙන වටිනාකම කුමක්ද කියන එක.