මාවන්

යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය යනුවෙන් බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවැසූ බැව් අප දන්නේ හුණුවටයේ කතාව කරලියට පිවිසීමෙන් අනතුරුව ය. එතෙක් එවැනි දෙයක් ගැන දැන සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් අප තූළ තිබෙන්නට නැත. එමෙන් ම අප අපට වාසි ලෙස සිතන තාක් කල් එවැනි දේක වැදගත්කමක් ගැන සිතන්නේ ද නැත.

ශ‍්‍රී ලංකාවේ දී නම් මේ කියමන වඩාත් ගෝචර වන්නේ ගෝචර නොවන මාතෘකාවක් අරබයාම ය. ඒ ක‍්‍රීඩාව ය. තම ශක්තිය ගැන වඩාත් විශ්වාසවන්ත වන ක‍්‍රීඩකයාට පවා ඇතැම් තැනක දී තමන්ට හිමිවිය යුතු තැන පවා අහිමිවන අවස්ථා ඇත. අහිමි වූ අවස්ථා ද ඇත. එවැනි පසුබිමක මාවන් අතපත්තුට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාර තනතුර ලැබීම ද පුදුම සහගත ය.
මාවන් අතපත්තු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත්වන්නේ ඒ වෙනුවෙන් ම පත්කළ විශේෂ කමිටු නිර්දේශයක් මත ය. එය මාවන්ට හිමිවිය යුතු ය. එහි වරදක් තිබිය නොහැකි ය. ඒ අයැදුම් කරන ලද ශ‍්‍රී ලාංකිකයන් අතුරින් වඩාත් සුදුස්සා ඔහු වන බැවිනි. ආරංචිය පරිදි නම් මෙම තනතුර ස`දහා 19 දෙනෙකු තරග කර තිබේ. ඉන් 9 දෙනෙකු කෙරෙහි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි වඩාත් අවධානය යොමුව ඇත. කෙසේ අවධානය යොමුවුව ද තරගය තිබී ඇත්තේ මාවන් හා තවත් විශේෂ වූ විදෙස් පුහුණුකරුවෙකු කෙරෙහි ය යන්න දැන් දැන් කතාව ය. මාවන්ට සේ ම විදෙස් පුහුණුකරුවාට ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි විවිධ පාර්ශ්වයන් කරුණු කාරණා දක්වමින් කරලියට ගෙන ඒමට උත්සාහ කළ බවක් ද කියැවේ. එහෙත් ජයග‍්‍රහණය හිමි වූයේ මාවන්ට ය.
අවසානයේ ඒ නිසා ම තනතුරු හැරගිය අය ද වෙත්. ඥාති සම්බන්ධතා හේතුවෙන් මාවන්ට මේ තනතුර හිමි වූ බවක් ද පැවැසෙති. ඒ නිසා තනතුරේ හෑල්ලූවක් ද වේ. එහෙත් මේ සියල්ල පසෙක දා බැලූව ද මාවන් සියලූ සුදුසුකම් සපුරාලූවේ ය යන්න ද විශ්වාස ය.

මාවන් අතපත්තු තමන් මෙවර මෙම තනතුරට වඩාත් සුදුස්සා බවට අඟවන්නේ පසුගිය ජුනි මාසයේ එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලිය, එක්දින තරගාවලිය සහ විස්සයි/20 තරගාවලිය යන තරගාවලි ත‍්‍රිත්වයේ ම ජයග‍්‍රාහී කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසිනි. එමෙන් ම දකුණු අප‍්‍රිකාවට එරෙහිවත් සහ පාකිස්තානයට එරෙහිවත් මෙරට දී සාර්ථකව තරගමාලා නිමා කිරීමට පුහුණු උපදෙස් දුන් පුහුණුකරුවා ද ලෙස ය. වසර දශක එකහමාරක් තිස්සේ විදෙස් පුහුණුකරුවන්ට නතුව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු ධුරයට මාවන් පත්වන්නේ මෙරට සහාය පුහුණුකරුවාගේ භූමිකාවේ වැඩිම කාලයක් රැුඳී සිටි දේශීය පුහුණුකරුවා ද ලෙසිනි.

ඒ අනුව ද බලන කල මෙම තනතුරට වඩාත් ම සුදුස්සා වන්නේ මාවන් ම ය. ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා මාවන් ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකාර ධුරයක් පළමුවරට භාර ගන්නේ 2011 වසරේ දී ය. ඒ පිතිකරුවන් පුහුණුකිරීමේ පුහුණුකරු ලෙස ය. අනතුරුව ඔහු ග‍්‍රැහැම් ෆෝඞ් යටතේ කණ්ඩායමේ සහාය පුහුණුකරුවාද වන්නේ ය. මාවන්ට ප‍්‍රථම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාර ධුරය 1999 වසරේ දී රෝයි ඩයස් දරා ඇති අතර ඊට අමතරව තාවකාලික පුහුණුකාර ධුරයේ දුලිප් මෙන්ඩිස් හා රොමේෂ් රත්නායක ද කටයුතු කර ඇත.

මාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතැම් තැන්වල ලියැවුණේ එතරම් සුබදායි දේ නොවන බැව් ද මේ අවස්ථාවේ සිහිපත් වේ. විශේෂයෙන් ම මාවන් මේ තනතුරෙහි නුසුදුස්සෙකු කිරීමට ‘ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් අවනත නොවේ ය’ යන ලේබලය ද කරලියට පිවිසියේ ය. එය වඩාත් විශ්වාසී කාරණයක් බැව් ඒත්තු ගැන්වීමට ඒ කැරලිකරුවන්ට නොහැකි විය.
කෙසේ නමුත් මාවන් වඩාත් විශ්වාසී පිතිකරු පුහුණුකරුවෙක් ය යන්න පසුගිය කාලයේ ඔප්පු කිරීමට නොහැකි වීම කෙරෙහි දෙවරක් සිතිය යුතුව තිබේ. එක දිගට පිතිකරණයේ අසාර්ථක වූ ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් වැන්නෝ ඊට උදාහරණයෝ ය. එතැන දී මාවන්ගේ රැුකියාව කෙරෙහි ඇත්තේ හිඩැසකි. එහෙත් තුරුම්පු පමණක් නොව වල්කොළ පවා දිනුම් ගසන අවස්ථා ද ඇත. එබැවින් එහි සියලූ වරද මාවන් මත ම තැබීම යුක්ති යුක්ත නොවේ.

මාවන් මේ තනතුරට පත් කිරීමේ ශ‍්‍රී ලංකා සැලැස්ම වී ඇත්තේ විදෙස් පුහුණුකරුවකුට ගෙවිය යුතු මුදල දරා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්ට නොහැකි නිසා ය කියමින් තනතුර හෑල්ලූ කිරීමේ උත්සාහයක් ද තැන් තැන්වල තිබෙයි. දැන් ඉතිං ඒ සියල්ලට ම පිළිතුරු බැ`දිය යුත්තේ මාවන් ය.